ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මැයි 9 පි.
  • මේ අවසාන දවස්වල දිගටම සූදානමින් ඉන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ අවසාන දවස්වල දිගටම සූදානමින් ඉන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔයා සූදානම්ද?
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • කලබලකාරී තත්වයකට මුහුණ දෙන්න ඔයා ලෑස්තිද?
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ආර්ථික අර්බුදයකට මූණ දෙන්න ඔයා ලෑස්තිද?
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ස්වාභාවික විපතකට මුහුණ දීමට ඔබ සූදානම්ද?
    2007 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මැයි 9 පි.
පවුලක් හදිස්සි අවස්ථාවකදි පාවිච්චියට ගන්න කෑම, වතුර සහ අනිත් දේවල් ලෑස්ති කරගන්නවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මේ අවසාන දවස්වල දිගටම සූදානමින් ඉන්න

අපි ඉන්නේ “අවසාන කාලයේ” අන්තිම දවස්වල නිසා එන්න එන්නම ප්‍රශ්න ගැටලු වැඩි වෙනවා කියලා අපි දන්නවා. (2තිමෝ 3:1; nwtsty මතෙ 24:8 “දරුණු විපත්” සටහන) විපතකට මුහුණ දෙද්දී ඒ තත්වෙට ගැළපෙන, ජීවිතය බේරගන්න උදව් වෙන මඟ පෙන්වීම් අපිට ලැබෙනවා. විපතකට මුහුණ දෙන වෙලාවකදි අපේ ජීවිතය බේරෙන්නේ යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් අවශ්‍ය දේවල් සූදානම් කරගන්නත් අපිට ලැබෙන මඟ පෙන්වීම්වලට දැන් අපි කීකරු වුණොත් විතරයි.—ලූක් 16:10.

  • දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න. බයිබලය කියවන එක, පෞද්ගලික අධ්‍යයනය පුරුද්දක් කරගන්න. එක එක ක්‍රමවලින් සාක්ෂි දරන්න ඉගෙනගන්න. ටික කාලෙකට සභාවේ අයගෙන් වෙන් වෙන්න වුණොත් කලබල වෙන්න එපා. (යෙසා 30:15) මොකද ඔයාව යෙහෝවා දෙවියන්ගෙන්, යේසුස්ගෙන් වෙන් කරන්න කිසිම දේකට බැහැ.—od 175 15-17¶

  • අවශ්‍ය දේවල් සූදානම් කරගන්න. ආපදා මල්ලක් ලෑස්ති කරගන්නවාට අමතරව කෑම, වතුර, බෙහෙත් වගේ දේවල් ටිකක් වැඩිපුර ගෙනත් තියාගන්න. හදිස්සියේවත් ඔයාට එක තැනකට කොටු වෙලා ටික කාලෙකට ඉන්න වුණොත් ඒවා ප්‍රයෝජනවත් වෙයි.—හිතෝ 22:3; g17.5 4, 6

‘ස්වාභාවික විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘ස්වාභාවික විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. සහෝදරයෙක් බයිබලය කියවනවා.

    විපතකදී දෙවියන් එක්ක තියෙන බැඳීම අපිට උදව් වෙන්නේ කොහොමද?

  • ‘ස්වාභාවික විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. අපදා මල්ල, දුරකථන අංක ලැයිස්තුව, හදිස්සියකදි පවුලේ අය හම්බ වෙන තැන පෙන්වන සිතියම.

    අපි මේ දේවල් කරන්න ඕනෙ ඇයි?

    • වැඩිමහල්ලන් එක්ක හොඳ අදහස් හුවමාරුවක් තියාගන්න එක

    • ආපදා මල්ල ලෑස්ති කරගන්න එක

    • ඇති වෙන්න පුළුවන් විපත් ගැනත් එහෙම වුණොත් කරන්න ඕන දේවල් ගැනත් කලින්ම කතා කරගන්න එක

  • ‘ස්වාභාවික විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. පින්තූරවල අදහස: විපතකට මුහුණ දෙන අයට උදව් කරන්න පුළුවන් විදි. 1. සහෝදරයෙක් එයාලා වෙනුවෙන් යාච්ඤා කරනවා. 2. සහෝදරයන් සහන සේවා වැඩවලට උදව් කරනවා. 3. සහෝදරයෙක් ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම් කරනවා.

    විපතකදී අනිත් අයට උදව් කරන්න පුළුවන් ක්‍රම තුනක් මොනවාද?

මේ ගැන හිතන්න. ‘විපතකට සූදානම් වෙලා ඉන්න එක ගැන කොරෝනා වසංගතයෙන් මං ඉගෙනගත්තේ මොනවාද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න