ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 නොවැම්බර් 11 පි.
  • ගැලවීම ගැන ස්ථිර විශ්වාසෙන් ඉන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගැලවීම ගැන ස්ථිර විශ්වාසෙන් ඉන්න!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘මහත් පීඩාව’ අතරතුරේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිගේ රාජ්‍යයට විරුද්ධ වෙන අය විනාශ වෙයි
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • හර්–මගෙදොන් යුද්ධය එන කල් ආසාවෙන් බලාගෙන ඉන්න!
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාරාදීසයට ඇතුල් වීමට පෙර
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 නොවැම්බර් 11 පි.
සහෝදරයෙක් එසකියෙල් පොත අධ්‍යයනය කරන ගමන් හර්මගෙදොන්වලදී දේවදූතයෙක් සහෝදරයන් කණ්ඩායමක් ආරක්ෂා කරන විදිහ හිතින් මවාගන්නවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගැලවීම ගැන ස්ථිර විශ්වාසෙන් ඉන්න!

යෙහෝවා දෙවියන්ගේ ඉවසීමට සීමාවක් තියෙනවා. ළඟදීම බොරු ආගම් විනාශ වෙනවා. ජාතීන්ගේ එකතුවක් දෙවියන්ගේ සෙනඟට ප්‍රහාරයක් එල්ල කරනවා. හර්–මගෙදොන් යුද්ධයේදී යෙහෝවා දුෂ්ටයන්ව පොළොවෙන් අතුගාලා දානවා. අපි මේ දේවල් වෙන තුරු බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්.

මහත් පීඩාව කාලේදී සිද්ධ වෙන හැම දෙයක් ගැනම අපි දන්නේ නැහැ. උදාහරණෙකට ඒක පටන්ගන්නේ කවදාද? බොරු ආගම්වලට පහර දෙන්න ආණ්ඩු ඉදිරිපත් කරන්නේ මොන වගේ හේතුද? යෙහෝවාගේ සෙනඟට ජාතීන් කොච්චර කාලයක් පහර දෙයිද? කොයි විදිහට පහර දෙයිද? හර්–මගෙදොන් යුද්ධයේදී දුෂ්ටයන්ව යෙහෝවා විනාශ කරන්න පාවිච්චි කරන්නේ මොන ක්‍රමද? මේ ගැන අපි දන්නේ නැහැ.

හැබැයි අනාගතේට විශ්වාසෙන් සහ ධෛර්යයෙන් මූණ දෙන්න අපිට ඕනෙ කරන හැම තොරතුරක්ම බයිබලයේ තියෙනවා. උදාහරණෙකට අපි දන්නවා අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” අග්ගිස්සේ කියලා. (2තිමෝ 3:1) බොරු ආගම්වලට පහර දෙන කාලය යෙහෝවා “කෙටි කරනවා” කියලත්, ඒ නිසා සැබෑ ආගම විනාශ වෙන්නේ නැහැ කියලත් අපි දන්නවා. (මතෙ 24:22) යෙහෝවා ඔහුගේ සෙනඟව ගලවාගන්නවා කියලත් අපි දන්නවා. (2පේතෘ 2:9) ඒ වගේම අපි දන්නවා දුෂ්ටයන්ව විනාශ කරලා මහත් සමූහයව බේරගන්න යෙහෝවා තෝරගෙන තියෙන්නේ ධර්මිෂ්ඨ වගේම බලවත් කෙනෙක්ව කියලා.—එළි 19:11, 15, 16.

ඉස්සරහට වෙන දේවල් දකින මිනිස්සු ‘බයෙන් ක්ලාන්ත වෙලා ඇද වැටෙයි.’ ඒත් අපි යෙහෝවා අතීතයේදී ඔහුගේ සෙනඟව බේරගත්ත විදි ගැන වගේම ඔහු අනාගතය ගැන කියලා තියෙන දේවල් කියවලා ගැඹුරින් කල්පනා කරන එක අත්‍යවශ්‍යයි. එහෙම කෙරුවොත් ‘ධෛර්යය උපදවාගෙන නැඟිටින්නත් අපේ හිස් ඔසවන්නත්’ අපිට පුළුවන්. මොකද අපේ ගැලවීම අත ළඟයි!—ලූක් 21:26, 28.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න