ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwbr23 ජනවාරි 1-2 පි.
  • ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුර

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුර
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
  • උපමාතෘකා
  • ජනවාරි 16-22
  • පෙබරවාරි 6-12
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
mwbr23 ජනවාරි 1-2 පි.

‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

ජනවාරි 16-22

දේවවචනය නිධානයක් | 1 ලේකම් 1-3

දේවවචනයෙන් මැණික්

it-1-E 911 3-4¶

පෙළපත් වාර්තාව

කාන්තාවන්ගේ නම්. කාන්තාවකගේ නමක් බයිබල් ඉතිහාසයේ යම් සිද්ධියකට සම්බන්ධයි නම් ඒ නම පෙළපත් වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. උදාහරණයකට උත්පත්ති 11:29, 30 සාරයිව (සාරා) සඳහන් කරනවා. එයාගේ නම සඳහන් කරලා තියෙන්නේ පොරොන්දු වුණ ගැලවුම්කරු එන්නේ ආබ්‍රහම්ගේ අනිත් භාර්යාවන්ගෙන් නෙමෙයි සාරාගෙන් කියලා පෙන්නන්න වෙන්න ඇති. ඒ කොටසේම මිල්කාගේ නම සඳහන් කරලා තියෙන්නේ එයා රෙබෙකාගේ (ඊසාක්ගේ බිරිඳගේ) ආච්චි නිසා, ඊසාක් විවාහ වුණේ ආබ්‍රහම්ගේම නෑදෑයෙක් එක්ක කියලා පෙන්නන්න වෙන්න ඇති. මොකද වෙනත් ජාතියකට අයිති කෙනෙක්ව ඊසාක් බඳිනවාට ආබ්‍රහම් කැමති වුණේ නැහැ. (උත් 22:20-23; 24:2-4) උත්පත්ති 25:1 කෙටූරාගේ නම සඳහන් වෙනවා. සාරා මැරුණාට පස්සේ ආබ්‍රහම් කෙටූරා එක්ක විවාහ වුණා. යෙහෝවා ආශ්චර්යයකින් ආබ්‍රහම්ගේ ප්‍රජනන හැකියාව ප්‍රාණවත් කරලා අවුරුදු 40ක් ගියාට පස්සෙත් ඒ හැකියාව තිබුණා කියලා ඒකෙන් පේනවා. (රෝම 4:19; උත් 24:67; 25:20) ඒ වගේම මිදියන් සහ අනිත් අරාබි ගෝත්‍ර ඊශ්‍රායෙල් ජාතිය එක්ක සම්බන්ධ වුණ විදිහත් ඒකෙන් පැහැදිලි වෙනවා.

යාකොබ්ගේ භාර්යාවන් වුණ ලෙයා, රාකෙල් සහ උපභාර්යාවන්ගේ නම් වගේම එයාලගේ පුතාලගේ නමුත් වාර්තා කරලා තියෙනවා. (උත් 35:21-26) ඒ පුතාලා එක්ක යෙහෝවා පස්සේ කාලේ වැඩ කරපු විදිහ තේරුම්ගන්න ඒක අපිට උදව් වෙනවා. ඒ වගේම කාන්තාවකට උරුමයක් ලැබෙන අවස්ථාවලදිත් එයාලගේ නම් සඳහන් වෙලා තියෙනවා. (ගණන් 26:33) තාමර්, රාහබ් සහ රූත් වගේ කාන්තාවන් අනිත් අයට වඩා කැපිලා පේනවා. එයාලා ගැන තියෙන වාර්තාවලින් පේනවා එයාලා ගැලවුම්කරුගේ පෙළපතට සම්බන්ධ වුණේ විශේෂ විදිහකට කියලා. (උත් 38; රූත් 1:3-5; 4:13-15; මතෙ 1:1-5) කාන්තාවන්ගේ නම් පෙළපත් වාර්තාවලට ඇතුළත් කරපු තවත් අවස්ථා 1 ලේකම් 2:35, 48, 49; 3:1-3, 5 දකින්න පුළුවන්.

පෙබරවාරි 6-12

දේවවචනය නිධානයක් | 1 ලේකම් 10-12

දේවවචනයෙන් මැණික්

it-1-E 1058 5-6¶

හදවත

“මුළු හදවතින්ම” සේවය කරන්න. හදවත කියන්නේ කෙනෙක්ගේ ඇතුළාන්තයට. ඒක බෙදෙන්න පුළුවන්. ඒ නිසයි දාවිත් මෙහෙම යාච්ඤා කෙරුවේ. “මාගේ මුළු සිතින්ම ඔබේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව සිටීමට මට උපකාර කරන්න.” (ගීතා 86:11) ඒකෙන් තේරෙනවා ආසාවන් නිසා, දැනෙන බය නිසා හදවත බෙදෙන්න පුළුවන් කියලා. ඒ වගේ කෙනෙක් ඉන්නේ “දෙගිඩියාවෙන්” එහෙම නැත්නම් ඒ කෙනා දෙවියන්ට සේවය කරන්නේ හරියට ඇල්මැරිලා වගේ. (ගීතා 119:113; එළි 3:16) කෙනෙක් “දෙසිතකින්” ඉන්නවා වෙන්නත් පුළුවන්. සමහරවිට එයා ස්වාමිවරු දෙන්නෙක්ට සේවය කරන්න උත්සාහ කරනවා ඇති. එහෙම නැත්නම් හිතේ එකක් තියාගෙන වෙන එකක් කියනවා ඇති. (1ලේක 12:33, පාදසටහන; ගීතා 12:2) දෙබිඩි ජීවිතයක් ගත කරපු අයව යේසුස් හැඳින්නුවේ කුහකයන් කියලා.—මතෙ 15:7, 8.

දෙවියන්ව සතුටු කරන්න කැමති කෙනෙක් දෙගිඩියාවෙන් ඉන්නවත් දෙසිතකින් ඉන්නවත් බැහැ. ඒ වෙනුවට එයා දෙවියන්ට සේවය කරන්න ඕනෙ මුළු හදවතින්ම. (1ලේක 28:9) ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. රැවටිලිකාර හිත අපිව පොලඹවන්නේ කොහොමහරි අපේ ආශාව ඉටු කරගන්න. හිත නිතරම ඇදිලා යන්නේ නපුරු දේවල්වලට කියලා අපි මතක තියාගන්න ඕනේ. (යෙරෙ 17:9, 10; උත් 8:21) එහෙමනම් මුළු හදවතින්ම දෙවියන්ට සේවය කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද? හදවතින්ම යාච්ඤා කරන එක. (ගීතා 119:145; විලා 3:41) නිතිපතා දේවවචනය අධ්‍යයනය කරන එක. (එස්රා 7:10; හිතෝ 15:28) උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරන එක. (යෙරෙ 20:9) ඒ වගේම මුළු හිතින් යෙහෝවාට නමස්කාර කරන අයව ආශ්‍රය කරන එක.—2රාජා 10:15, 16.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න