ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 මාර්තු 30 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ජලගැල්මේ සිට ඊජිප්තුවෙන් ගැළවීම දක්වා
    මගේ බයිබල් කතන්දර පොත
  • මෝසෙස් ඇත්තටම ජීවත් වූවාද?
    2004 පිබිදෙව්!
  • පවුල ඊජිප්තුවේ පදිංචි වෙන්න යනවා
    මගේ බයිබල් කතන්දර පොත
  • නපුරු රජෙක් ඊජිප්තුව පාලනය කරයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 මාර්තු 30 පි.
ඊජිප්තු දේශයට යන මිදියන්වරු එක්ක යෝසෙප් ගමන් කරමින්.

ඔබ දැන සිටියාද?

ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහලුන් වෙලා හිටියා කියන්න බයිබලේ සඳහන් වාර්තාවලට අමතරව තියෙන වෙනත් සාක්ෂි මොනවාද?

මිදියන්වරු යෝසෙප්ව ඊජිප්තුවට අරන් ගියාට පස්සේ යාකොබ් එයාගේ පවුලේ අයත් එක්ක කානාන් දේශයේ ඉඳන් ඊජිප්තුවේ පදිංචියට ගියා කියලා බයිබලේ වාර්තා වෙනවා. එයාලා පදිංචි වුණේ නයිල් ඩෙල්ටාව අසල ගෝෂෙන් කියන ප්‍රදේශයේ. (උත්. 47:1, 6) ඊශ්‍රායෙල්වරු “ගණනින් වැඩි වී බලවත් වුණ” නිසා ඊජිප්තු ජාතිකයන් බය වෙලා එයාලව වහලුන් කරගත්තා.—නික්. 1:7-14.

සමහර විවේචකයන් කියන්නේ බයිබලේ සඳහන් ඒ වාර්තාව ප්‍රබන්ධයක් කියලයි. ඒ වුණත් සෙමිටික්වරුa ඊජිප්තුවේ වහලුන් විදිහට ජීවත් වුණා කියන්න පැහැදිලි සාක්ෂි තියෙනවා.

උදාහරණෙකට උතුරු ඊජිප්තුවේ පැරණි ජනපදවල නටඹුන් පුරාවිද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ආචාර්ය ජෝන් බිම්සන් කියනවා ඒ ප්‍රදේශයේ සෙමිටික් ජනපද 20ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබුණා කියන්න සාක්ෂි තියෙනවා කියලා. ඒ වගේම ඊජිප්තු ඉතිහාසය ගැන හදාරන පුරාවිද්‍යාඥයෙක් වන ජේම්ස් කේ. හොෆ්මයර් මෙහෙම කියනවා. “ක්‍රි.පූ. 1800 සිට 1540 දක්වා කාලේදී බටහිර ආසියාවේ හිටපු සෙමිටික්වරුන් ඊජිප්තුවේ පදිංචියට යන්න වැඩි කැමැත්තක් දක්වලා තියෙනවා. ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් ජීවත් වුණෙත් ඒ කාලෙදීමයි. ඒ නිසා බයිබලේ උත්පත්ති වාර්තාවේ සඳහන් සිද්ධීන් නිවැරදියි කියලා කියන්න පුළුවන්.”

තව සාක්ෂියක් දකුණු ඊජිප්තුවෙන් හම්බ වුණා. මධ්‍යම රාජධානියට (ක්‍රි.පූ. 2000–1600 විතර) අයත් පැපිරස් ලියවිල්ලක් ඒ ප්‍රදේශයෙන් හොයාගත්තා. ඒකේ තිබුණේ දකුණු ඊජිප්තුවේ නිවසක වැඩ කරපු දාසයන්ගේ නම් ලැයිස්තුවක්. ඒ නම්වලින් 40කට වඩා වැඩි ප්‍රමාණයක් සෙමිටික්වරුන්ගේ නම්. එයාලා කෝකියන්, වියන්නන් සහ කම්කරුවන් විදිහට වැඩ කරපු අය. හොෆ්මයර් ඒ ගැන මෙහෙම කියනවා. “සෙමිටික්වරු 40දෙනෙක්ට වඩා වැඩිදෙනෙක් දකුණු ඊජිප්තුවේ තිබුණ එක නිවසක සේවය කළා නම් මුළු ඊජිප්තුව පුරාම විශේෂයෙන්ම ඩෙල්ටාව අවට සෙමිටික්වරු හුඟදෙනෙක් ඉන්න ඇති.”

ඒ ලියවිල්ලේ සඳහන් සමහර දාසයන්ගේ නම් “බයිබලේ සඳහන් නම්වලට ගොඩක් දුරට සමානයි” කියලා පුරාවිද්‍යාඥයෙක් වන ඩේවිඩ් රෝල් සඳහන් කරනවා. උදාහරණෙකට ඉසකාර්, ආෂෙර්, ෂිප්රා වගේ නම්වලට කිට්ටු නම් ඒ ලියවිල්ලේ කොටස්වලින් හොයාගන්න පුළුවන්. (නික්. 1:3, 4, 15) “ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහලුන් විදිහට හිටියා කියන්න ඒක හොඳ සාක්ෂියක්” කියලා ඩේවිඩ් රෝල් කියනවා.

ආචාර්ය බිම්සන් කියන්නේ “බයිබලේ සඳහන් වෙන විදිහට ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහලුන් විදිහට හිටියා කියන්නත් ඒකෙන් නිදහස් වුණා කියන්නත් ස්ථිර සාක්ෂි පුරාවිද්‍යාවෙන් හොයාගෙන තියෙනවා” කියලයි.

a සෙමිටික් කියන නම ඇවිත් තියෙන්නේ නෝවාගේ පුතෙක් වුණ ෂෙම්ගෙන්. බොහෝදුරට ෂෙම්ගෙන් පැවත ආපු අයට ඒලාම්වරු, ඇසිරියානුවන්, පුරාණ කල්දිවරුන්, හෙබ්‍රෙව්වරුන්, සිරියන්වරුන් සහ අරාබි ගෝත්‍ර කීපයක් ඇතුළත් වුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න