ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 සැප්තැම්බර් 27 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ‘මළාහු නැඟිටුවනු ලබන්නෝය’
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නැවත නැඟිටීම අපිට ස්ථිරයි
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නැවත නැඟිටීමේ බලාපොරොත්තුවට බලයක් තිබේ
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අලුත් උපතක් ලබනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 සැප්තැම්බර් 27 පි.
තද ආලෝකයක් නිසා සාවුල්ගේ ඇස් අන්ධ වෙලා එයා බිම වැටිලා ඉන්නවා. තවත් යුදෙව්වන් එයා වටේ ඉන්නවා.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාවුල් එයාව “අඩු මාසයෙන් උපන් දරුවෙක්ට” සමාන කළේ ඇයි? (1 කොරින්ති 15:8)

පාවුල් මෙහෙම කිව්වා. “අවසන් වශයෙන් ඔහු පෙනී සිටියේ මා ඉදිරියෙහිය. ඒ අවස්ථාවේදී මා අඩු මාසයෙන් උපන් දරුවෙකු හා සමාන විය.” පාවුල් කතා කරන්නේ යේසුස් ස්වර්ගයේ ඉන්න විදිහ දැකපු අවස්ථාව ගැනයි. හරි නම් යේසුස්ව එයා ඒ විදිහට දකින්න ඕනෙ ඊට සියවස් ගාණකට පස්සේ ස්වර්ගයට ගියාම. අපි මුලින් හිතුවේ “මා අඩු මාසෙන් උපන් දරුවෙක්” කියලා පාවුල් කිව්වේ ඒ වරප්‍රසාදය එයාට කලින්ම ලැබුණ නිසා කියලයි. හැබැයි තවත් අධ්‍යයනය කරද්දී අපේ අවබෝධයේ වෙනසක් වෙන්න ඕනෙ කියලා අපිට තේරුණා.

මේ සිද්ධිය වුණේ පාවුල් ක්‍රිස්තියානියෙක් වුණ අවස්ථාවේදී. හැබැයි “මා අඩු මාසයෙන් උපන් දරුවෙක්” කියලා එයා කිව්වේ ඇයි? ඒකට මේ හේතුවලින් එකක් හරි කීපයක් හරි බලපාන්න ඇති.

පාවුල් ක්‍රිස්තියානියෙක් වුණේ හදිස්සියේ. ඒ වෙලාවේ එයාට ලොකු පීඩනයක් දැනුණා. සාමාන්‍යයෙන් අඩු මාසෙන් දරුවෙක් ඉපදෙන්නේ හදිස්සියේම. මෙතනදීත් වුණේ ඒ වගේ දෙයක්. ක්‍රිස්තියානීන්ට පීඩා කරන්න එදා සාවුල් (පාවුල්) දමස්කයට යන ගමන් හිටියේ. එයා කවදාවත් හිතුවේ නැහැ නැවත නැඟිටපු යේසුස්ව දර්ශනය වෙයි කියලා. වුණ දේ නිසා එයා විතරක් නෙවෙයි දමස්කයේ හිටපු ක්‍රිස්තියානීනුත් පුදුම වුණා. ඒ වගේම ඒ සිද්ධිය නිසා පාවුල්ට කොච්චර පීඩනයක් දැනුණාද කියනවා නම් ටික දවසකට එයාගේ ඇසුත් අන්ධ වුණා.—ක්‍රියා 9:1-9, 17-19.

පාවුල් ක්‍රිස්තියානියෙක් වුණේ “හිතපු නැති වෙලාවක.” “අඩු මාසයෙන් උපන්” කියන ග්‍රීක යෙදුම “හිතපු නැති වෙලාවක” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. එක බයිබලයක ඒක තියෙන්නේ “කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණ වෙලාවක” කියලයි. (The Jerusalem Bible) පාවුල් ක්‍රිස්තියානියෙක් වෙද්දී යේසුස් ස්වර්ගෙට ගිහින් තිබුණේ. 1 කොරින්ති 15:8ට කලින් පද බැලුවොත් පාවුල් කියනවා හුඟක් අයට නැවත නැඟිටුණු යේසුස්ව දැකගන්න පුළුවන් වුණත් එයාට ඒ අවස්ථාව ලැබුණේ නැහැ කියලා. (1 කොරි. 15:4-8) හැබැයි පස්සේ “හිතපු නැති වෙලාවක” යේසුස් පාවුල්ට ඒ අවස්ථාව ලබා දුන්නා.

පාවුල් තමන් ගැන නිහතමානීව කතා කළා. සමහර විශාරදයන් කියන විදිහට පාවුල් මේ වෙලාවේ එයාවම අඩු තක්සේරු කරගත්තා. එහෙමනම් එයා හිතන්න ඇති යේසුස්ගේ නියෝජිතයෙක් වෙන්න තරම් තමන් වටින්නේ නැහැ කියලා. ඒ නිසයි එයා මෙහෙම කිව්වේ. “යේසුස්ගේ නියෝජිතයන් අතරින් සුළුම තැනැත්තා මමය. මා දෙවිගේ සභාවට පීඩා කළ නිසා නියෝජිතයෙකු කියා හැඳින්වීමටවත් මා වටින්නේ නැත. නමුත් අද මා මේ තත්වයේ සිටින්නේ දෙවිගේ මහත් කරුණාව නිසාය.”—1 කොරි. 15:9, 10.

පාවුල් “අඩු මාසයෙන් උපන් දරුවෙක්” වගෙයි කියලා කියන්න හේතු වෙන්න ඇත්තේ මොනවාද කියලා අපිට පැහැදිලියි. සමහරවිට කවුරුත් හිතපු නැති විදිහට යේසුස් දර්ශනය වුණ නිසා, හිතපු නැති වෙලාවක එයා ක්‍රිස්තියානියෙක් වුණ නිසා, තමන් යේසුස්ගේ නියෝජිතයෙක් වෙන්න තරම් වටින්නේ නැහැ කියලා හිතපු නිසා එයා එහෙම කියන්න ඇති. හැබැයි ඒ කොහොම වුණත් පාවුල් ඒ අවස්ථාව ගොඩක් වටින දෙයක් විදිහට සැලකුවා. මොකද ඒ නිසා යේසුස් අනිවාර්යයෙන්ම නැවත නැඟිටුණා කියලා එයාට සහතිකයක් ලැබුණා. ඉතින් ඒ ගැන කතා කරද්දී මේ අද්දැකීම ගැනත් පාවුල් අනිත් අයට කියපු එක පුදුමයක් නෙවෙයි.—ක්‍රියා 22:6-11; 26:13-18.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න