ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 පෙබරවාරි 25-27 පි.
  • ඔයා ගැනම මහ ඉහළින් හිතන්න එපා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා ගැනම මහ ඉහළින් හිතන්න එපා!
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අපි ගැනම ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?
  • ඔයා ගැන ඕනෑවට වඩා හිතන්න එපා
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යටහත්පහත් සේවකයන්ව යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යටහත් පහත්කම වර්ධනය කරගන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා සිය තේජස හෙළි කරන්නේ යටහත් අයටයි
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 පෙබරවාරි 25-27 පි.
ටිකක් කේන්තියෙන් ඉන්න කෙනෙක් හෝටෙල් එකක පිළිගැනීමේ නිලධාරිනියට අගෞරවනීය විදිහට කතා කරනවා. එයාගේ පිටිපස්සේ පෝළිමේ තව අය බලන් ඉන්නවා.

ඔයා ගැනම මහ ඉහළින් හිතන්න එපා!

අද හුඟක් අය හිතන්නේ තමන්ට මීට වඩා වරප්‍රසාද, අයිතිවාසිකම්, සැලකිලි ලැබෙන්න ඕනෙ කියලා. කොච්චර දේවල් තිබුණත් එයාලා හිතනවා එයාලා තව දේවල් ලබන්න වටිනවා කියලා. ඒකයි අන්තිම කාලේ ඉන්න මිනිස්සු එයාලා ගැන මහ ඉහළින් හිතන, කිසිම දෙයක් ගැන අගයක් නැති අය වෙලා තියෙන්නේ.—2 තිමෝ. 3:2.

ඇත්ත, තමන් ගැන විතරක් හිතන එක කවදත් තිබුණ දෙයක්. හරි වැරැද්ද මොකක්ද කියලා තීරණේ කරන්න තියෙන අයිතිය ආදම් සහ ඒව එයාලාගේ අතට ගන්න හදපු නිසයි අපි හැමෝම දුක් විඳින්නේ. ඊට සියවස් ගාණකට පස්සේ උසියා රජ හිතුවා ශුද්ධස්ථානයට ගිහින් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න එයාට අයිතිය තියෙනවා කියලා. හැබැයි එයාට වැරදුණා. (2 ලේක. 26:18, 19) පරිසිවරු සහ සද්දුසිවරු හිතුවා එයාලා ආබ්‍රහම්ගෙන් පැවතෙන අය නිසා දෙවියන්ගෙන් විශේෂ අනුමැතියක් ලබන්න එයාලා සුදුසුයි කියලා.—මතෙ. 3:9.

අපි වට වෙලා ඉන්නේ තමන් ගැනම හිතන, මහන්තත්වයෙන් ඉදිමුණ මිනිස්සුන්ගෙන්. එයාලා හිතන විදිහ අපිටත් බෝ වෙන්න පුළුවන්. (ගලා. 5:26) අපිට හිතෙයි ‘සමහර වරප්‍රසාද, විශේෂ සැලකිලි අපිටත් ලැබෙන්න ඕනෙ’ කියලා. එහෙම හිතන්නේ නැතුව ඉන්න නම් අපි යෙහෝවා කාරණා දිහා බලන විදිහට බලන්න ඕනේ. ඒක කරන්න අපිට බයිබල් ප්‍රතිපත්ති දෙකක් උදව් වෙනවා.

අපිට ලැබෙන්න ඕනෙ මොනවාද කියලා තීරණේ කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවාට. මේ උදාහරණ බලන්න.

  • පවුලක ස්වාමිපුරුෂයාට භාර්යාවගේ ගෞරවය ලැබෙන්න ඕනෙ කියලත් භාර්යාවට ස්වාමිපුරුෂයාගේ ආදරේ ලැබෙන්න ඕනෙ කියලත් යෙහෝවා බලාපොරොත්තු වෙනවා. (එෆී. 5:33) යෙහෝවා කියනවා විවාහ වුණ දෙන්නෙක් එයාලාගේ ආදර හැඟීම් පෙන්නන්න ඕනෙ එකිනෙකාට විතරයි, ඒවා වෙන කෙනෙක්ට පෙන්නන එක වැරදියි කියලා. (1 කොරි. 7:3) දරුවන් දෙමාපියන්ට කීකරු වෙයි කියලත් දෙමාපියන්ගේ උදව්, ආදරේ දරුවන්ට ලැබෙයි කියලත් යෙහෝවා බලාපොරොත්තු වෙනවා.—2 කොරි. 12:14; එෆී. 6:2.

  • සභාවේදී වෙහෙස මහන්සි වෙලා සේවේ කරන අපේ වැඩිමහල්ලන් අපේ ගෞරවය ලබන්න වටිනවා. (1 තෙස. 5:12) හැබැයි සහෝදර සහෝදරියන් කරන්න ඕනෙ දේවල් පාලනය කරන්න එයාලට අයිතිය නැහැ.—1 පේතෘ. 5:2, 3.

  • බදු අය කරන්නත් පුරවැසියන්ගේ ගෞරවය ලබන්නත් දෙවියන් ආණ්ඩුවල බලධාරීන්ට අවස්ථාව දීලා තියෙනවා.—රෝම 13:1, 6, 7.

අපිට ලැබෙන්න ඕන දේවලටත් වඩා යෙහෝවා දේවල් අපිට දීලා තියෙනවා. අපි පව්කාරයන් නිසා හරි නම් අපිට ලැබෙන්න ඕනෙ මරණය. (රෝම 6:23) හැබැයි යෙහෝවාට අපි ගැන තියෙන නොසැලෙන ආදරේ නිසා ඔහු අපිට ගොඩක් ආශීර්වාද දීලා තියෙනවා. (ගීතා. 103:10, 11) ඒ හැම ආශීර්වාදයක්ම, වරප්‍රසාදයක්ම අපිට ලැබිලා තියෙන්නේ ඔහුගේ මහත් කරුණාව නිසයි.—රෝම 12:6-8; එෆී. 2:8.

අපි ගැනම ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?

මේ ලෝකේ අය වගේ හිතන්න එපා. අපිටත් නොදැනීම අපිට හිතෙන්න පුළුවන් අපි අනිත් අයට වඩා දේවල් ලබන්න වටිනවා කියලා. ඒ වගේ සිතුවිල්ලක් කොච්චර ඉක්මනට අපේ හිතට ඇතුල් වෙන්න පුළුවන්ද කියලා පෙන්නන්න යේසුස් මිදි වත්තක කුලීකරුවන් ගැන උදාහරණයක් කිව්වා. සමහර කුලීකරුවන් උදේ පාන්දරින්ම වැඩ පටන් අරන් ගිනි අව්වේ දවස පුරාම වැඩ කළා. හැබැයි තවත් අය වැඩ කළේ පැයක් විතරයි. ඒ නිසා උදේ ඉඳලා වැඩ කරපු අය කිව්වා එයාලට අනිත් අයට වඩා වැඩි වැටුපක් ලැබෙන්න ඕනෙ කියලා. (මතෙ. 20:1-16) මේ උදාහරණේ පාවිච්චි කරලා යේසුස් මතක් කළා දෙවියන් අපිට දෙන්නේ මොනවාද, අපි ඒ දෙයින් සතුටු වෙන්න ඕනෙ කියලා.

යේසුස්ගේ උදාහරණේ හිටපු සමහර කුලීකරුවන් ස්වාමියාට දොස් කියනවා.

මුළු දවසම වැඩ කරපු කුලීකරුවන් හිතුවා එයාලට මීට වඩා වැටුපක් ලැබෙන්න ඕනෙ කියලා

ස්තුතිවන්ත වෙන්න. අනිත් අයගෙන් ඕනෑවට වඩා බලාපොරොත්තු වෙන්න එපා. (1 තෙස. 5:18) පාවුල්ට වියහියදම් පියවගන්න කොරින්ති සභාවේ සහෝදරයන්ගෙන් උදව් ගන්න අයිතිය තිබුණත් එයා එහෙම කළේ නැහැ. (1 කොරි. 9:11-14) අපිත් දැනටමත් අපි ගාව තියන දේවල් අගය කරන්න ඕනේ. අපි අනිත් අයගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න නරකයි.

පාවුලුයි, තව දෙන්නෙකුයි කූඩාරම් මහනවා.

වියහියදම් පියවගන්න අනිත් අය උදව් කරයි කියලා පාවුල් බලාපොරොත්තු වුණේ නැහැ

නිහතමානී වෙන්න. කෙනෙක් තමන් ගැනම ගොඩක් හිතන්න ගත්තාම එයාට හිතෙනවා එයාට මීට වඩා දේවල් ලැබෙන්න ඕනෙ කියලා. ඒ වගේ විස පිරුණ සිතුවිලි නසන්න පුළුවන් හොඳම බෙහෙත තමයි නිහතමානිකම.

පින්තූරවල අදහස: 1. දානියෙල් මහලු වයසේදී. 2. අතීතයේ බැබිලෝනිය නගරය. 3. යෞවන වයසේ ඉන්න දානියෙල් එයාගේ හෙබ්‍රෙව් යාළුවෝ තුන්දෙනාත් එක්ක.

නිහතමානිකම නිසයි යෙහෝවා ඉස්සරහා දානියෙල් ගොඩක් වටින කෙනෙක් වුණේ

නිහතමානී වෙන එක ගැන දානියෙල් හොඳ ආදර්ශයක්. එයාගේ පවුල් පසුබිම, පෙනුම, දැනුම සහ එයාගේ හැකියාවන් නිසා ඕනෙ නම් එයාටත් හිතන්න තිබුණා ‘මීට වඩා මට අනිත් අයගේ සැලකිල්ල, වරප්‍රසාද ලැබෙන්න ඕනෙ’ කියලා. (දානි. 1:3, 4, 19, 20) හැබැයි දානියෙල් එහෙම හිතුවේ නැහැ. එයා දිගටම නිහතමානී වුණා. අන්න ඒකයි යෙහෝවාට එයාව ගොඩක් වටින කෙනෙක් වුණේ.—දානි. 2:30; 10:11, 12.

ඉතින් මේ ලෝකේ මිනිස්සු වගේ තමන් ගැනම මහ ලොකුවට හිතන්නේ නැතුව ඉන්න අපි උත්සාහ කරමු. ඒ වෙනුවට යෙහෝවා පෙන්නලා තියෙන මහත් කරුණාව නිසා අපිට මේ වෙද්දීත් ලැබිලා තියෙන ආශීර්වාද ගැන තියෙන අගය දිගටම රැකගමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න