ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 අගෝස්තු 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • දෙවිගේ රාජ්‍යයට විරුද්ධ වෙන අය විනාශ වෙයි
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • අනාගතේදී යෙහෝවා කරන විනිශ්චයන් ගැන අපි දන්නේ මොනවාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හර්–මගෙදොන් යුද්ධය එන කල් ආසාවෙන් බලාගෙන ඉන්න!
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘මහත් පීඩාව’ අතරතුරේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 අගෝස්තු 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ශුභාරංචිය දේශනා කරන එක අවසන් වෙන්නේ කවදාද?

යේසුස් කිව්වා “රාජ්‍යය ගැන ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් විදිහට පොළොව පුරාම මිනිස්සු ජීවත් වෙන හැම තැනකම දේශනා කරයි. ඊටපස්සේ අවසානය එයි” කියලා. (මතෙ. 24:14) ඒ පදෙයි, 6වෙනි සහ 13වෙනි පදවලයි අවසානය විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ “ටෙලොස්” කියන ග්‍රීක වචනය. ඒකෙන් අදහස් කරන්නේ අර්මගෙදොන්වලදී සාතන්ගේ දුෂ්ට සමාජය අවසන් වෙන එකයි. (එළි. 16:14, 16) ඒ කියන්නේ අර්මගෙදොන් යුද්දේ කිට්ටු වෙන කල්ම අපි රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරනවා. ඒකත් එක්ක ඒ ගැන අපිට කලින් තිබුණ අවබෝධය තව පැහැදිලි වුණා.

කලින් අපි හිතුවේ මහ බැබිලෝනියේ විනාශයත් එක්කම මහත් පීඩාව පටන්ගද්දී ශුභාරංචිය දේශනා කරන එක නවතිනවා කියලා. (එළි. 17:3, 5, 15, 16) අපි හිතුවා මහත් පීඩාව පටන්ගද්දී යෙහෝවා “නිහතමානී අයට දයාව පෙන්නන කාලය” ඉවර වෙනවා කියලා. (යෙසා. 61:2) මහත් පීඩාවෙන් බේරෙන්නේ ඒ වෙද්දීත් යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරන අය කියලත් අපි හිතුවා. මොකද අපි එයාලව ක්‍රි.පූ. 607 යෙරුසලමේ විනාශයෙන් බේරුණ යුදෙව්වන්ට සමාන කළා. එයාලට ගැලවෙන්න ලකුණ හම්බ වුණේ ඒ වෙද්දීත් එයාලා දුෂ්ට දේවල් පිළිකුල් කරලා යෙහෝවාට නමස්කාර කරපු නිසයි. (එස. 5:11; 9:4) හැබැයි අපි කරපු ඒ සමාන කිරීම මතෙව් 24:14 යේසුස් කියපු දේ එක්ක ගැලපෙන්නේ නැහැ. මොකද යේසුස් කියපු දෙයින් පේනවා අර්මගෙදොන් යුද්දේ කිට්ටු වෙන කල්ම මිනිස්සුන්ට ශුභාරංචිය පිළිගන්න අවස්ථාවක් තියෙයි කියලා.

මතෙව් 24:14 ගැන අපිට තිබුණ අවබෝධය තව වැඩි වුණ නිසා එළිදරව් 16:21 අපි තේරුම්ගත්ත විදිහෙත් වෙනසක් වෙන්න ඕනේ. එතන අපේ පණිවිඩේ හිම කැට වැස්සකට සමාන කරනවා. ඒ පද දෙක තවත් අධ්‍යයනය කරද්දී තේරෙනවා ඒ දෙකේම කතා කරන්නේ එකම දේ ගැන කියලා. එහෙම කියන්නේ ඇයි? පාවුල් කිව්වා “ගැලවීම ලබන්න යන අයට” අපි කියන පණිවිඩේ ශුභාරංචියක් කියලා. එයාලට ඒක දැනෙන්නේ “ජීවනයේ සුවඳක් වගේ.” හැබැයි දෙවියන්ගේ හතුරන්ට ඒක නරක ආරංචියක්. එයාලට ඒක දැනෙන්නේ “මරණයේ සුවඳක් වගේ.” (2 කොරි. 2:15, 16) මොකද ඒ පණිවිඩෙන් හෙළි වෙනවා එයාලා ආස කරන මේ ලෝකේ දුෂ්ටයි, ඒක පාලනය කරන්නේ සාතන් කියලා. ඒ වගේම ඒක ළඟදීම විනාශ වෙනවා කියලා.—යොහ. 7:7; 1 යොහ. 2:17; 5:19.

එළිදරව් 16:21 කතා කරන හිම කැට වැස්ස “හිතාගන්නවත් බැරි තරම් දරුණු එකක්.” ඒකේ අදහස මහත් පීඩාවේදී දේවරාජ්‍යය ගැන කියන පණිවිඩේ මිනිස්සුන්ට වෙනදාටත් වඩා තදින් දැනෙයි, ඒක තව වැඩිදෙනෙක් අතරට යයි කියන එක වෙන්න පුළුවන්. ඒ නිසා වෙන කවදාටත් වඩා වැඩියෙන් යෙහෝවාගේ නම ගැන මිනිස්සු දැනගනියි. (එස. 39:7) ඒ කාලේදී, ඒ කියන්නේ මහ බැබිලෝනිය විනාශ වුණාට පස්සේ මිහිරි සුවඳකට ඇදිලා එනවා වගේ සමහරු දේවරාජ්‍යයේ පණිවිඩේට ඇදිලා එයිද? වෙන්න පුළුවන්. සමහරවිට එයාලට මතක් වෙයි නැත්නම් එයාලා තේරුම්ගනියි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවුරුදු ගාණක් තිස්සේ බොරු ආගම්වල විනාශය ගැන කිව්වා කියලා.

ඒක ඊජිප්තුවරුන්ට විරුද්ධව පීඩා දහය ගෙනාවාට පස්සේ වුණ දේට සමානයි. යෙහෝවා ‘ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන් හැමෝටම විරුද්ධව විනිශ්චයක්’ ගෙනාවාට පස්සේ “වෙනත් ජාතීන්ට අයිති විශාල සෙනඟක්” දෙවියන්ගේ සෙනඟට එකතු වුණා. (නික්. 12:12, 37, 38) පේන විදිහට එයාලා දෙවියන්ගේ සෙනඟ එක්ක යන්න තීරණේ කළේ පීඩා දහය ගැන මෝසෙස් කියපු හැම දෙයක්ම ඉටු වෙනවා දැක්කාට පස්සේ.

මහ බැබිලෝනියේ විනාශයෙන් පස්සේ දෙවියන්ගේ පැත්තට එන අයට අවස්ථාව තියෙනවා ඒ වෙද්දීත් පොළොවේ ඉන්න යේසුස්ගේ සහෝදරයන් වෙනුවෙන් යහපත් දේවල් කරන්න. (මතෙ. 25:34-36, 40) ඒත් අර්මගෙදොන් යුද්දේ කිට්ටුවටම ඇවිත් තියෙද්දී ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් හැමෝවම ස්වර්ගෙට ගන්නවා. ඒත් එක්කම එයාලා වෙනුවෙන් යහපත් දේවල් කරලා බැටළුවෙක් විදිහට විනිශ්චයක් ලබන්න තියෙන අවස්ථාවත් ඉවර වෙනවා.

අපිට තිබුණ අවබෝධය තව පැහැදිලි වුණ එකෙන් යෙහෝවා කොච්චර ආදරණීය, දයාවන්ත දෙවි කෙනෙක්ද කියලා තේරෙනවා. “ඔහු කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්නයි.”—2 පේතෘ. 3:9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න