හිංසනයට ලක් වුණ කාන්තාවන්ට සහනයක්
“ කාන්තා හිංසනය ලෝකේ අස්සක් මුල්ලක් නෑර තියෙන ප්‍රශ්නයක්. ඔයාත් ඒකෙන් බැට කන කෙනෙක්ද? ඇත්තටම ඔයාගේ ආරක්ෂාව ගැන දෙවියන් ගොඩක් හිතනවා. එහෙම කියන්නේ ඇයි? ඒ වගේම කාන්තා හිංසනය නවත්තන්න ඔහු පියවර ගන්නවා. ඒ කොහොමද?”
jw.org එකේ තියෙන “කාන්තාවන්ගේ ආරක්ෂාව - ඒ ගැන බයිබලයේ කියන දේ” කියන ලිපිය පටන්ගන්නේ ඒ වචනවලින්. ඒකේ අන්තිමට තියෙන ලින්ක් එකෙන් ඒක PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගෙන ඒක පිටු හතරක පත්‍රිකාවක් විදිහට ප්‍රින්ට් කරගන්න පුළුවන්. බලන්න එක්සත් ජනපදයේ ඉන්න සහෝදරි ස්ටේසි කියන දේ. “මායි, තව සහෝදරියකුයි මේ ලිපියේ කොපි කීපයක්ම ප්‍රින්ට් කරගෙන අපේ පැත්තේ තියෙන හිංසනයට ලක් වුණ කාන්තාවන් ඉන්න මධ්‍යස්ථානයකට ගියා.”
ඒ මධ්‍යස්ථානයේ හිටපු කෙනෙක් එයාලාගෙන් ඇහුවා එතන ඉන්න අනිත් අයටත් දෙන්න ඒකේ තව කොපි ගන්න පුළුවන්ද කියලා. ඒ නිසා එයාලා ඒ පත්‍රිකාවේ කොපි 40කුත් එක්ක jw.org කන්ටැක්ට් කාඩ් 30ක් ඒ කෙනාට දුන්නා. පස්සේ දවසක එයාලා ආයේ එහෙට ගියාම ඒකේ මැනේජර් කිව්වා බයිබල් පාඩමක් කරන විදිහ එහේ නැවතිලා ඉන්න අයට පෙන්නන්න කියලා.
සහෝදරි ස්ටේසි තව සහෝදරියෝ දෙන්නෙක් එක්ක ඒ වගේ තවත් මධ්‍යස්ථානයකට ගියා. එහේ හිටපු අය ඒකේ කොපි පහක් ගත්තා. තව ගෙනත් දෙන්න කියලත් කිව්වා. එතන හිටපු කෙනෙක් මෙහෙම කිව්වා. “මේ පත්‍රිකාව නං මෙහේ ඉන්න කාන්තාවන්ට ලොකු සහනයක්. අපිට මේක ඕනම කරපු එකක්.” පස්සේ දවසක අපේ සහෝදරියෝ ආයේ එහෙට ගියාම බයිබල් පාඩමක් කරන විදිහ බලන්න එහේ හිටපු කීපදෙනෙක්ම ආවා. එයාලාගෙන් දෙන්නෙක් ඊළඟ සති අන්ත රැස්වීමට එන්නත් ආස වුණා.
ස්ටේසි මෙහෙම කියනවා. “මේ ලිපිය කියවලා එයාලාගේ මූණු එළිය වෙනවා දකිද්දී අපිට පුදුම හිතුණා. හිංසනයට ලක් වුණ කාන්තාවන් ළඟට ශුභාරංචිය ගෙනියන්න මේ පත්‍රිකාව කියාපු එකක්. එයාලා සතුටින් මේක ගන්නවා දකිද්දී ඒක අපේ හදවතට තදින් වැදුණා. මේ වගේ කාන්තාවන්ට ශුභාරංචිය කියන්න අපි ගන්න මහන්සියට යෙහෝවා ඉස්සරහට කොහොම ආශීර්වාද කරයිද කියලා අපි බලන් ඉන්නවා.”