සියරා ලියොන් සහ ගිනියාව
අමුතුම පාස්පොට් එකක්!
“1987දී ගිනියාවේ තිබුණු ‘දිව්‍ය සාමය’ කියන සමුළුවට 1,000කට වඩා ආවා. ඒක තිබ්බේ ගිනියාවේ ග්වෙක්කෙඩො නගරයේ. ඒ නගරය තිබුණේ සියරා ලියොන් හා ලයිබීරියාවේ දේශ සීමාව ළඟ. ඒ නිසා ඒ රටවල අය උදේ හවා දේශ සීමාව හරහා සමුළුවට යන්න එන්න තීරණය කළා. ඒත් එයාලට ගිනියාවට ඇතුල් වෙන්න අවශ්‍ය ලියකියවිලි තිබුණේ නෑ. පස්සේ සහෝදරයෝ බලධාරීන් එක්ක කතා කරලා, සමුළු බැජ් කාඩ් එක ගිනියාවට ඇතුල් වෙන්න අවසර පතක් හැටියට පාවිච්චි කරන්න අනුමැතිය ගත්තා. දේශ සීමාවේ හිටිය පොලිස් නිලධාරීන්, කවුරුහරි කෙනෙක් තැඹිලි පාට බැජ් කාඩ් එක පැළඳගෙන ඉන්නවා දැක්ක ගමන්ම යන්න ඉඩ දුන්නා.”—මිෂනාරිවරයෙක් හැටියට සේවය කළ එව්රට් බෙරි.
සහෝදරයන් සමුළුවේදී ආහාර ගැනීමෙනුත් සතුටක් ලැබුවා