ජෝර්ජියාව
මගේ සැමියා එක හුස්මට ඒක කියෙව්වා
මරිනා කොපලියානි
ඉපදුණේ 1957
බව්තීස්ම වුණේ 1990
තොරතුරු පුතාලා දෙන්නෙක් ඉන්න මරිනා සහ ඇගේ සැමියා වන බැඩ්රි කඩිසරව සේවයේ හවුල් වුණු යුවළක්. පස්සේ කාලෙක දේශීය කමිටු සාමාජිකයෙක් විදිහටත් සේවය කළ බැඩ්රි 2010 මිය යන කල්ම විශ්වාසවන්තව සේවය කළා.
1989 අසල්වැසියෙක්ගේ ගෙදරකදී තමයි අපිට මුලින්ම සාක්ෂිකරුවන්ව මුණගැහුණේ. අපිට පාඩම කෙරුවේ සහෝදර ගිවි බාර්නාඩ්සේ. ඒත් සහෝදර බාර්නාඩ්සේ ළඟ බයිබලයක් තිබුණේ නැහැ. මොකද ඒ කාලේ ජෝර්ජියන් භාෂාවෙන් බයිබල් පිටපත් හොයාගන්න අමාරුයි.
බයිබලයෙන් දැනගත්ත දේවල් නිසා අපිටම කියලා බයිබලයක් ගන්න ලොකු ආසාවක් ඇති වුණා. දවසක් මගේ මහත්තයා එයාගේ අයියාට කිව්වා බයිබලයක් ගන්න ඕනෙ කියලා. එතකොට අයියා කිව්වා එයා ළඟදි අලුත්ම බයිබලයක් ගත්තා, ඒක අපිට දෙන්නම් කියලා.
බයිබලය හම්බ වුණු දවසේ මගේ මහත්තයා රෑ වෙන කල්ම ඒක කියෙව්වා. ඊළඟ දවසේ උදේ නැඟිටලාත් කියෙව්වා. මම වැඩට ගිහින් ගෙදර එද්දීත් එයා ඒක කියවනවා. එයාට බයිබලය කියවන්න පුදුම ආසාවක් තිබුණේ. ඉතිං මං කිව්වා දවස් කිහිපයක් නිවාඩු අරන් මුළු බයිබලයම කියවන්න කියලා. ඒ විදිහට එයා මුළු බයිබලයම කියවලා ඉවර කළා.
අපි පාඩම කෙරුවේ ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ කියන පොතෙන්. අපිටම කියලා පොතක් තිබුණේ නැහැ. ඒත් සහෝදර බාර්නාඩ්සේ ගාව ඒ පොත තිබුණා. අපිත් ඒකෙන් තමයි බැලුවේ. හැබැයි එයා ළඟ බයිබලයක් තිබුණේ නැහැ. අපි ගාව බයිබලයක් තිබුණා. ඒ නිසා අපිට පාඩම කරන්න කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අවුරුද්දකට විතර පස්සේ මායි බැඩ්රියි බව්තීස්ම වුණා.