ජෝර්ජියාව
ප්‍රේමය සීමා බාධක ජයගනියි
පුංචි සනෙල් ඉපදෙන්න කලින් වෛද්‍යවරු එයාගේ දෙමව්පියන්ට කිව්වේ දරුවාගේ ජීවිතේ ගැන බලාපොරොත්තුවක් තියාගන්න බැහැ කියලයි. ඉපදුණත් එයා නිරෝගී දරුවෙක් වෙන එකක් නැහැ කියලත් එයාලා කිව්වා. දරුවා ඉපදුණ දවසෙම වෛද්‍යවරු තීරණය කළා දරුවාට සැත්කමක් කරන්න ඕනෙ කියලා. සනෙල්ගේ දෙමව්පියන් ජීවත් වුණු ඇබ්කාසියාවේ, ලේ නැතුව සැත්කම් කරන වෛද්‍යවරයෙක්ව හොයාගන්න බැරි වුණා.
දෙමව්පියන් රෝහල් සබඳතා කමිටුවේ සහෝදරයන්ට කතා කළා.a ඒ සහෝදරයන්ට පුළුවන් වුණා ලේ නැතුව සැත්කම කරන්න කැමති වුණු වෛද්‍යවරයෙක්ව ටිබිලිසි නගරයෙන් හොයාගන්න. ඒ වෙද්දී සනෙල්ව ලැබිලා වැඩි දවසක් ගිහින් තිබුණේ නැති නිසා එයාගේ අම්මා හිටියේ අසනීපෙන්. දරුවාව අරන් ටිබිලිසිවලට ගියේ එයාගේ ආච්චිලා දෙන්නා. ඒ දෙන්නාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියන්.
අමාරු වුණත් සැත්කම සාර්ථක වුණා. ඒ කාලයේ සහෝදරයන් පෙන්නපු ප්‍රේමය ගැන ආච්චිලා දෙන්නා මෙහෙම ලියලා තිබුණා. “අපි දවස් 20කට වඩා ඉස්පිරිතාලේ නැවතිලා හිටියා. ඒ කාලයේ සහෝදරයන් අපිව බලන්න ඇවිත් ගොඩක් උදව් කළා. සහෝදරයන් අතර ප්‍රේමය තියෙනවා කියලා දැනන් හිටියත් ඉස්පිරිතාලේ හිටපු දවස්වල තමයි අපි ඒ ප්‍රේමය පෞද්ගලිකව අද්දැක්කේ.”
a රුධිරය නැතුව සැත්කම් කරන වෛද්‍යවරු 250කට වඩා වැඩිදෙනෙක්ව හොයාගන්න ජෝර්ජියාවේ රෝහල් සබඳතා කමිටුවේ සහෝදරයන්ට පුළුවන් වෙලා තියෙනවා.