ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwex 14 ලිපිය
  • අපි අපේ ජීවිතේ සරල කරගත්තා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි අපේ ජීවිතේ සරල කරගත්තා
  • අද්දැකීම්
  • සමාන තොරතුරු
  • නසරීතවරුන්ගෙන් ඉගෙනගන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබේ ජීවිතය සරලද?
    2010 අපගේ රාජ්‍ය සේවාව
  • පූර්ණකාලීන සේවකයන්ව අගයමු
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැඩිපුර සේවයක් කරන්න පුළුවන් ක්‍රම
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
තව තොරතුරු
අද්දැකීම්
ijwex 14 ලිපිය
මෝටර් සයිකලය විකුණන කෙනා මිල දී ගන්න කෙනාට යතුර භාර දෙනවා. පසුබිමේ මෝටර් සයිකලය තියෙනවා.

අපි අපේ ජීවිතේ සරල කරගත්තා

කොලොම්බියාවේ මෙඩලින්වල ජීවත් වුණු මේඩියාන් සහ මාර්සෙලාට කිසි දේකින් අඩුවක් තිබුණේ නැහැ. මොකද මේඩියාන්ට හොඳ රස්සාවක් තිබුණා. එයාලා ජීවත් වුණේ ලස්සන ලොකු ගෙදරක. හැබැයි සමුළුවකට ගියාට පස්සේ යෙහෝවා දෙවියන්ගේ සේවකයන් හැටියට එයාලා ජීවිතය ගත කරන විදිහ ගැන හිතලා බලන්න එයාලා පෙලඹුණා. ඒ ගැන එයාලා මෙහෙම කියනවා. “2006දී ‘ඔබේ ඇස සරලව තබාගන්න’ කියන චාරිකා සමුළුවට අපි ගියා. ඒකේ හැම කතාවකින්ම වගේ දිරිගැන්නුවේ ජීවිතේ සරල කරගෙන දෙවියන්ට කරන සේවය තව වැඩි කරන්න කියලයි. සමුළුවෙන් පස්සේ අපිට තේරුණා අපි අපේ ජීවිතේ හුඟක් සරල කරගන්න ඕනෙ කියලා. මොකද අපි හිතන්නේ බලන්නේ නැතුව දකින දකින දේ ගන්න පුරුදු වෙලා හිටියා. ඒක හින්දා අපි ගොඩක් ණය වෙලයි හිටියේ.”

මේඩියාන් සහ මාර්සෙලා එයාලගේ ජීවිතේ සරල කරගත්ත විදිහ ගැන මෙහෙම කියනවා. “අපි අපේ වියදම් අඩු කරගන්න හැම දේම කළා. අපි පුංචි ගෙදරක පදිංචියට ගියා. කාර් එක විකුණලා මෝටර් සයිකලයක් ගත්තා.” ඒ විතරක් නෙවෙයි දකින දකින දේ ගන්න පෙලඹෙන නිසා ලොකු සාප්පුවලට යන එකත් එයාලා නැවැත්තුවා. අනිත් අයට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න එයාලා වැඩි කාලයක් වැය කරන්න පටන් ගත්තා. ඒ වගේම විශේෂ පුරෝගාමීන් හැටියට යෙහෝවා දෙවියන්ට උද්‍යෝගයෙන් සේවය කරපු අයව කිට්ටුවෙන් ආශ්‍රය කරන්නත් පටන්ගත්තා.a

මාර්සෙලා සහ මේඩියාන්.

වැඩි කල් යන්න කලින් මේඩියානුයි, මාර්සෙලායි අවශ්‍යතාව වැඩියෙන් තිබුණු පිටිසර පළාතක සේවය කරන්න යන්න තීරණය කළා. ඒකට මේඩියාන් රස්සාවෙන් අයින් වෙන්න තීරණය කළාම ඒක මහ මෝඩ දෙයක් කියලා එයාගේ බොස් කිව්වා. එතකොට මේඩියාන් මෙහෙම ඇහුවා. “ඔයා සල්ලි ගොඩක් හම්බ කරනවා. ඒත් ඔයා ඉන්නේ සතුටින්ද?” ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න හින්දා එයා ඉන්නේ සතුටින් නෙවෙයි කියලා බොස් පිළිගත්තා. එතකොට මේඩියාන් කිව්වේ මෙහෙමයි. “ජීවිතේ වැඩියෙන් වටින්නේ සල්ලි නෙවෙයි, සතුටයි. අනිත් අයට දෙවියන් ගැන කියලා දෙන එකෙන් මායි, මගේ බිරිඳයි ලොකු සතුටක් ලබනවා. ඒ වැඩේ තවත් වැඩියෙන් කරලා අපේ සතුට තවත් වැඩි කරගන්නයි අපිට ඕනේ.”

දෙවියන්ට සේවය කරන එකට මුල් තැන දෙන නිසා මේඩියානුයි, මාර්සෙලායි තෘප්තිමත් වගේම සතුටින් පිරි ජීවිතයක් ගත කරනවා. කොලොම්බියාවේ වයඹ දිග ප්‍රදේශයේ අවශ්‍යතාව තිබුණු සභා කිහිපයකම එයාලා පහුගිය අවුරුදු 13 පුරා සේවය කරලා තියෙනවා. දැන් එයාලා විශේෂ පුරෝගාමීන් හැටියට සතුටින් සේවය කරමින් ඉන්නවා.

ගම්බද පළාතක මිනිසෙක් එක්ක මාර්සෙලා සහ මේඩියාන් කතා කරනවා. එයාලා ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම් ගනිමු’ කියන පොත එයාට පෙන්වනවා.

a විවිධ ප්‍රදේශවල පූර්ණකාලීන සේවකයන් විදිහට ශුභාරංචිය ප්‍රකාශ කරන්න විශේෂ පුරෝගාමීන්ව පත් කරන්නේ ඒ ඒ රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවලිනුයි. එයාලගේ මූලික අවශ්‍යතා පිරිමහගන්න සුළු දීමනාවක් එයාලට ලබා දෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න