ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwex 32 ලිපිය
  • “එයා හිතන්නේ අනිත් අය ගැනමයි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “එයා හිතන්නේ අනිත් අය ගැනමයි”
  • අද්දැකීම්
  • සමාන තොරතුරු
  • පීඩා විඳදරාගන්න අයට ආශීර්වාදවලින් අඩුවක් නැහැ
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සතුන් සමඟ සැමදා සතුටින්
    2004 පිබිදෙව්!
  • දෙවියන් බිහිරි අයට ආදරෙයි
    තවත් ලිපි
  • බිහිරි සහෝදර සහෝදරියන්ට ප්‍රේමය පෙන්වමු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
අද්දැකීම්
ijwex 32 ලිපිය
මරියා ලුසියා ලියුමක් ලියනවා.

“එයා හිතන්නේ අනිත් අය ගැනමයි”

මරියා ලුසියා කියන්නේ බ්‍රසීලයේ ඉන්න සහෝදරියක්. එයාට “අෂර්ස් සින්ඩ්‍රෝම්” කියලා ලෙඩක් තියෙනවා. මේ ලෙඩේ තියෙන හුඟක් අයට කන් ඇහෙනවා අඩුයි. එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම බිහිරියි. ඒ වගේම ටිකෙන් ටික ඇස් පෙනීමත් නැති වෙනවා. මරියා ලුසියා උපතින්ම බිහිරි කෙනෙක්. ඒ නිසා පුංචි කාලෙම එයා සංඥා භාෂාව ඉගෙනගත්තා. ඊටපස්සේ වයස අවුරුදු 30ක් විතර වුණාම එයාගේ ඇස් පෙනීමත් ටිකෙන් ටික අඩු වෙන්න ගත්තා. ඒ කොච්චර අභියෝග තිබුණත් මරියා ලුසියා අනිත් අයගෙන් වෙන් වෙලා ඔහේ පැත්තකට වෙලා හිටියේ නැහැ. දැන් එයාට අවුරුදු 70ටත් වඩා වැඩියි. ඒත් තාමත් එයාගේ ජීවිතේ නම් හරිම එළියයි.

මරියා ලුසියාට මුලින්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හම්බ වුණේ 1977දී. ඒ එයාගේ ඇස් පෙනීම අඩු වෙන්න පටන්ගන්න කලින්. එයා මෙහෙම කියනවා. “දවසක් මට ඒඩ්‍රියානෝ කියලා මගේ ඉස්කෝලේ පරණ යාළුවෙක්ව හම්බ වුණා. ඒ වෙද්දී එයා සාක්ෂිකරුවෙක් වෙලා වැඩි දවසක් ගිහින් තිබුණේ නැහැ. එයා තමයි මට ඉස්සෙල්ලාම පාරාදීස පොළොව ගැන කිව්වේ. හැමෝටම කිසි ලෙඩක් දුකක් නැතුව, හැමදාටම සතුටින් ජීවත් වෙන්න දෙවියන් අවස්ථාව දෙනවා කියලා දැනගත්තාම මට පුදුම ආසාවක් දැනුණා. ඒ කොච්චරද කියනවා නම් මං ඒ වෙලාවෙම බයිබල් පාඩමකට කැමති වුණා. වැඩි දවසක් යන්න කලින් මං රියෝ ඩි ජැනිරෝවල රැස්වීම්වලට ගියා. මොකද එහේ රැස්වීම්වල සමහර කොටස් සංඥා භාෂාවට පරිවර්තනය කළා. කොහොමහරි යෙහෝවාගේ උදව්වෙන් මං ටිකෙන් ටික සත්‍යයේ දියුණු වෙලා 1978 ජූලි මාසේදී බව්තීස්ම වුණා.”

පස්සේ කාලෙක මරියා ලුසියා පදිංචිය මාරු කරලා වෙන සභාවකට ගියා. හැබැයි ඒ පැත්තේ සංඥා භාෂාව කතා කරන සාක්ෂිකරුවන් කවුරුත් හිටියේ නැහැ. මුලදී මරියා ලුසියාට ඒක ලොකු අභියෝගයක් වුණා. මොකද එයාට රැස්වීම්වල කියන කිසිම දෙයක් තේරුණේ නැහැ. හැබැයි සහෝදරියන් දෙන්නෙක් එයාට උදව් කළා. එයාලා මරියා ලුසියා එක්කම ඉඳලා රැස්වීමේ කියන දේවල් කොළවල ලියලා එයාට දුන්නා. ඒ ගැන මරියා ලුසියා කියන දේ බලන්න. “මං ගෙදර ගිහින් ඒවා ආයේ ආයේ කියවනවා. එතකොට තමයි රැස්වීමේ කියපු දේවල් මට තේරුම්ගන්න පුළුවන් වුණේ. පස්සේ අනේ ඒ සහෝදරියන් දෙන්නා මං හින්දාම සංඥා භාෂාවත් ඉගෙනගත්තා. එයාලා තමයි මගේ පරිවර්තකයන් වුණේ.”

ඔහොම කාලයක් යද්දී මරියා ලුසියාගේ ඇස් පෙනීම හොඳටම දුර්වල වුණා. ඒ නිසා එයාත් එක්ක සංඥා භාෂාවෙන් කතා කරන අය කියන්නේ මොනවාද කියලා එයාට හරියට පෙනුණේ නැහැ. ඉතින් මරියා ලුසියා මොකද කළේ? එයා අතින් අල්ලලා කරන සංඥා භාෂාව පාවිච්චි කරන්න පටන්ගත්තා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “සංඥා භාෂාවෙන් කතා කරන කෙනාගේ අත් දෙක මමත් අල්ලගන්නවා. එතකොට එයා අතින් කියන්නේ මොනවාද කියලා මට තේරුම්ගන්න පුළුවන්.”

සංඥා භාෂාවට පරිවර්තනය කරන්න ගොඩක් මහන්සි වුණ ඒ සහෝදරියන් ගැන මරියා ලුසියාගේ හිතේ තියෙන්නේ ලොකු අගයක්. “ඇත්තටම එයාලා යෙහෝවාගෙන් ලැබුණ තෑගි. එයාලා නිසා තමයි මට රැස්වීම්වලින්, සමුළුවලින් ප්‍රයෝජන ගන්න පුළුවන් වුණේ” කියලා එයා කියනවා.

අතින් අල්ලලා කරන සංඥා භාෂාවෙන් සහෝදරියක් මරියා ලුසියාට දේශනයක් පරිවර්තනය කරනවා.

මරියා ලුසියා සේවේ කරන්නත් හරිම ආසයි. අතින් අල්ලලා කරන සංඥා භාෂාව පාවිච්චි කරලා එයා බිහිරි අයට සාක්ෂි දරනවා. කොච්චර අභියෝග මැද්දේ වුණත් එයාලට ශුභාරංචිය කියන්න මරියා ලුසියා වෙන මහන්සිය දැකලා ඒ බිහිරි අය ගොඩක් පුදුම වෙනවා. කොරෝනා වසංගත කාලේ මරියා ලුසියා සේවේ කොහොමද කළේ? එයාට ඉන්නවා ජෝසේ ඇන්ටෝනියෝ කියලා මල්ලි කෙනෙක්. එයාටත් ඇස් පේන්නේ නැහැ. කන් ඇහෙන්නෙත් නැහැ.a හැබැයි ජෝසේ ඇන්ටෝනියෝගේ උදව්වෙන් මරියා ලුසියා බිහිරි අයට ලියුම් සිය ගාණක්ම ලිව්වා.

ජෝසේ ඇන්ටෝනියෝ මරියා ලුසියාගේ වම් අතට දැනෙන්න සංඥා භාෂාවෙන් කතා කරද්දී මරියා ලුසියා දකුණු අතින් ලියුමක් ලියනවා.

හැබැයි කොහොමද එයා ඒක කරන්නේ? එයා ඒ ගැන මෙහෙම කියනවා. “මං ඒකට ඉංග්‍රීසි L අකුරේ හැඩේ තියෙන ප්ලාස්ටික් රූලක් වගේ දෙයක් පාවිච්චි කරනවා. ඒකේ උදව්වෙන් මට කෙළින් ලියන්න පුළුවන්. ඒ වගේම ඡේදයක් විදිහට පිළිවෙලකට ලියන්නත් පුළුවන්. අපේ මල්ලිට බයිබල් පද හොඳට මතකයි. ඒ වගේම හොඳ හොඳ විෂයන් ගැන එයා මට අදහස් දෙනවා. ඉතිං ඒවා පාවිච්චි කරලා මං බිහිරි අයට ලියුම් ලියනවා. ඒත් හුඟක් බිහිරි අයට දෙයක් කියවලා තේරුම්ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා මං පුළුවන් තරම් සරල විදිහට තමයි ලියන්නේ.”

දැන් අපේ සහෝදරීට පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. හැබැයි එහෙම වුණා කියලා එයා වැඩ අතගගා ඉන්න කෙනෙක් නෙවෙයි. හරිම කඩිසරයි. එයාට පරිවර්තනය කරන්න උදව් කරන සහෝදරි කැරොලයින් මෙහෙම කියනවා. “මරියා ලුසියා වැඩ කරන්න ගියාම කඩියා වගේ. ගෙදර වැඩ ඔක්කොම කරන්නේ එයා තනියෙන්මයි. එයා කොච්චර පිරිසිදුද කියනවා නං ගෙදර දූවිලි පොදක් නෑ. අනික එයා කටට රහට උයලා යාළුවන්ට කන්න දෙන්නත් හරිම ආසයි.”

මරියා ලුසියා එයා හදපු කෑම යාළුවෙක්ට බෙදලා දෙනවා.

මරියා ලුසියාගේ සභාවේ වැඩිමහල්ලෙක් වන සහෝදර ජෙෆර්සන් එයා ගැන මෙහෙම කියනවා. “මරියා ලුසියාට යෙහෝවා ගැන පුදුම ආදරයක් තියෙන්නේ. අනිත් අයටත් එයා හරිම ආදරෙයි. කොයි වෙලෙත් හදන්නේ අනිත් අයට උදව් කරන්න. තමන් ගැනම හිතනවාට වඩා එයා හිතන්නේ අනිත් අය ගැනමයි.”—ෆිලිප්පි 2:4.

a ජෝසේ ඇන්ටෝනියෝ සාක්ෂිකරුවෙක් වුණේ මරියා ලුසියාට පස්සේ. එයා බව්තීස්ම වුණේ 2003දී. එයාත් මරියා ලුසියා වගේ උපතින්ම බිහිරියි. පස්සේ කාලෙක එයාගේ ඇස් පෙනීමත් සම්පූර්ණයෙන්ම නැතුව ගියා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න