ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwhf 32 ලිපිය
  • දරුවාට මැරෙන්න හිතෙනවා නම් . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දරුවාට මැරෙන්න හිතෙනවා නම් . . .
  • පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙමව්පියන් ඇස් කන් ඇරන් ඉන්න ඕනෙ ඇයි?
  • ඔයාගේ දරුවාත් අනතුරේද කියලා දැනගන්නේ කොහොමද?
  • දරුවාට මැරෙන්න හිතෙනවා නම් එයාට උදව් කරන්නේ කොහොමද?
  • මරණය ගැන දරුවා ප්‍රශ්න ඇහුවොත්?
    2015 පිබිදෙව්!
  • ඔබේ දරුවාව ආරක්ෂා කරගත හැකි අයුරු
    2007 පිබිදෙව්!
  • වියෝ දුකින් පෙළෙන ඔබේ දරුවාට සැනසිල්ල
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ළදරු කාලයේ සිට දරුවන් පුහුණු කිරීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
තව තොරතුරු
පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
ijwhf 32 ලිපිය
යෞවනියක් ජීවිතේ එපා වෙලා වගේ ඔහේ බිම බලන් ඉන්නවා.

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

දරුවාට මැරෙන්න හිතෙනවා නම් . . .

ගොඩක් රටවල්වල ජීවිතය නැති කරගන්න හදන යෞවන දරුවන්ගේ ගාණ පහුගිය අවුරුදු කීපයේදී හොඳටම වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද? ඔයාගේ දරුවාත් ඉන්නේ අනතුරේද?

මේ ලිපියෙන්

  • දෙමව්පියන් ඇස් කන් ඇරන් ඉන්න ඕනෙ ඇයි?

  • ඔයාගේ දරුවාත් අනතුරේද කියලා දැනගන්නේ කොහොමද?

  • දරුවාට මැරෙන්න හිතෙනවා නම් එයාට උදව් කරන්නේ කොහොමද?

දෙමව්පියන් ඇස් කන් ඇරන් ඉන්න ඕනෙ ඇයි?

2009 ඉඳලා 2019 වෙන කල් ගත වුණ අවුරුදු දහයේ ඇමරිකාවේ විතරක් විෂාදයේ (ඩිප්‍රෙෂන්) රෝග ලක්ෂණ තියෙන ඒලෙවල් වයසේ දරුවන්ගේ ගාණ දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ කාලේ අතරතුර සිය දිවි හානි කරගත්ත දරුවන්ගේ ගාණත් ගොඩක් වැඩි වෙලා.a

“අද ඉන්න යොවුන් දරුවෝ මූණ දෙන්නේ වෙන කිසිමදාක නොතිබුණ විදිහේ අභියෝගවලට. ඒක එයාලාගේ මානසික සෞඛ්‍යයටත් දරුණු විදිහට බලපාලා තියෙනවා.”—එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍ය ජෙනරාල් විවේක් මූර්ති.

බයිබල් ප්‍රතිපත්තිය: “බිඳුණු සිතක් ඇට වියළවයි.”—හිතෝපදේශ 17:22.

ඔයාගේ දරුවාත් අනතුරේද කියලා දැනගන්නේ කොහොමද?

මේ ගැන හිතලා බලන්න.

  • සිදු වුණ දේවල්. ඔයාගේ දරුවා ඉන්නේ දරාගන්න බැරි වේදනාවකින්ද? හිතේ හිටපු කෙනා එයාට කැමති නැහැ කියලාද? ආදර සම්බන්ධේ කැඩිලාද? විභාගයක් ෆේල් වෙලාද? ආදරේ කරපු කෙනෙක් මැරිලාද? එහෙමනම් ඔයා හිතනවාට වඩා ඒක දුවගේb හිතට තදින් බලපාන්න පුළුවන්.

  • හැසිරෙන විදිහ. යාළුවෝ එක්ක, පවුලේ අය එක්ක ඉස්සර තරම් එකට කාලේ ගත කරන්න දුව දැන් කැමති නැද්ද? ඉස්සර ගොඩක් ආසාවෙන් කරපු දේවල් දැන් එයාට එපා වෙලාද? එයා පුදුම ආදරේකින් තියාගත්ත දේවල් දැන් දැන් අනිත් අයට දීලා දානවාද?

  • කියන දේවල්. ඔයාගේ දුව මැරෙන එක ගැන කතා කරනවාද? එහෙම නැත්නම් “මීට වඩා හොඳයි ඉපදුන්නැත්තං” වගේ කතා කියනවාද? “ඔයාට බරක් වෙන්න කැමති නැහැ” වගේ දේවල් කියනවාද?

    සමහරවිට ඒවා එක එක වෙලාවට එයාගේ හිතට එන පිස්සු අදහස් වෙන්න පුළුවන්. (යෝබ් 6:3) ඒත් එයා මේ ඔයාට නොකියා කියන්න හදන්නේ “අනේ මට උදව් කරන්න” කියලා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ”මැරෙන්න ඕනේ” කියලා දරුවාගේ කටින් පිට වෙන කිසිම අවස්ථාවක් සැහැල්ලුවට ගන්න එපා!

මෙහෙම කරලා බලන්න. එයාගෙන් මෙහෙම අහන්න බය වෙන්න එපා. “දුවේ, ඔයා හිතුවේ ජීවිතේ නැති කරගන්නද?” එහෙම ඇහුවා කියලා දරුවාගේ හිතේ නොතිබුණ අදහසක් ඔයා එයාගේ ඔළුවට දානවා කියලා හිතන්න එපා. හොඳම දේ තමයි එයා එක්ක විවෘතව කතා කරන එක.

ඒ ප්‍රශ්නෙට ඔව් කියලා දුව කිව්වොත් මෙහෙමත් අහන්න. “ඒක කරන්න හිතුවේ කවද්ද? කොහොමද?” තත්වේ කොච්චර බරපතළද කියලත් ඔයා කොච්චර ඉක්මනින් පියවර ගන්න ඕනෙද කියලත් එයා දෙන උත්තරවලින් ඔයාට තේරුම්ගන්න පුළුවන් වෙයි.

“දෙමව්පියෝ විදිහට අපි, දරුවෝ මොනවා කියයිද කියලා තියෙන බයට එයාලාගෙන් ප්‍රශ්න අහන්න අදිමදි කරනවා. ඒත් එයාලා කියන්නේ ඇත්තටම එයාලට දැනෙන දේ නම් විවෘතව කතා කරන එක තමයි හොඳම දේ.”—සැන්ඩ්‍රා.

බයිබල් ප්‍රතිපත්තිය: “මිනිසෙකුගේ සිතේ කල්පනාව ගැඹුරු ජලය මෙනි. එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා එය ඇදගනියි.”—හිතෝපදේශ 20:5.

දරුවාට මැරෙන්න හිතෙනවා නම් එයාට උදව් කරන්නේ කොහොමද?

  • ඉවසීමෙන් දරුවාගේ හිතේ තියෙන දේ එළියට ගන්න. හංගන්නේ නැතුව, ඇත්තම කියපු එක ගැන මුලින්ම දරුවාව අගය කරන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. “දුවේ, ඔයාට එහෙම හිතෙන්නේ ඇයි කියන්න පුළුවන්ද? මං දන්නැති මොනාම හරි දෙයක් ළඟකදී ඔයාට උනාද?” නැත්නම් මෙහෙම අහන්න පුළුවන්. “ඔයාට දැනෙන හැම දෙයක්ම මට කියන්න පුළුවන්ද?”

    අම්මා කෙනෙක් මානසිකව වැටිලා ඉන්න එයාගේ දුවව සනසනවා.

    දරුවා කතා කරද්දී ඉවසීමෙන් අහන් ඉන්න. එයාට හිතෙන විදිහ එච්චර ගණන් ගන්න ඕනෙ දෙයක් නෙමෙයි කියලා කියන්න හිතුණත් එහෙම කියන්න එපා. “විසඳුම් දෙන්න” ඉක්මන් වෙන්නත් එපා.

    බයිබල් ප්‍රතිපත්තිය: “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.”—යාකොබ් 1:19.

  • ආරක්ෂාවට සැලැස්මක් හදාගන්න. පහළින් කියලා තියෙන දේවල් අඳුරගන්නත් ඒවාට විසඳුම් ලියාගන්නත් දරුවාට උදව් කරන්න.

    රතු එළි. ජීවිතේ නැති කරගන්න හිතෙන්නේ එයා මොන වගේ දේවල් කරද්දීද? එහෙම නැත්නම් මොන වගේ දේවල් ගැන හිතද්දීද?

    කරන්න පුළුවන් දේවල්. මැරෙන්න හිතෙද්දී ඒ සිතුවිලි වෙන අතකට හරවලා, දැනෙන පීඩනය අඩු කරගන්න පුළුවන් මොන වගේ දේවල් කෙරුවොත්ද?

    උදව් ගන්න පුළුවන් අය. උදව් ඕන වෙද්දී උදව් ගන්න පුළුවන් යාළුවෝ ඔයාගේ දරුවාට ඉන්නවාද? සමහරවිට ඒ ඔයා වෙන්න පුළුවන්. නැත්නම් විශ්වාසවන්ත වැඩිහිටියෙක්, මානසික සෞඛ්‍යය ගැන උපදෙස් දෙන කෙනෙක්, සිය දිවි හානි කරගන්න පෙලඹෙන අයට ඒකෙන් ගොඩ එන්න උදව් කරන්න පුහුණු කරපු ආයතනයක් වෙන්නත් පුළුවන්.

    දුව කතා කරද්දී දෙමව්පියන් හොඳ අවධානෙන් ඇහුම්කන් දෙනවා.

    ආරක්ෂාවට සැලැස්මක් හදාගන්න

    බල්බ් එකක්.

    යෝජනාවක්: දරුවා ජීවිතයට හානියක් කරගන්න පාවිච්චි කරයි කියලා හිතෙන මොනාමහරි දෙයක් ගෙදර තියෙනවා නම් ඒක එයාට අහු වෙන්නේ නැති තැනකින් තියන්න, නැත්නම් අයින් කරලා දාන්න. ඒක වෛද්‍යවරයෙක් නිර්දේශ කරපු බෙහෙතක් වෙන්නත් පුළුවන්.

    බයිබල් ප්‍රතිපත්තිය: “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.”—හිතෝපදේශ 21:5.

  • විමසිල්ලෙන් ඉන්න. හිටියට වඩා දැන් හොඳයි වගේ පේන්න තිබුණත් ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න.

    “දැන් කලින් වගේ මැරෙන්න හිතෙන්නේ නෑ කියලා පුතා කිව්වාම මට දැනුණේ ඔළුවේ තිබුණ මහ බරක් බිමින් තිබ්බා වගේ. ඒත් ඒක ලොකු වැරදීමක්. ඒ වගේ කෙනෙක්ට තව පොඩි දෙයක් ඇති අර වගේ සිතුවිලි ආයෙත් හිතට ගලං එන්න. ඒකට මහ වෙලාවක් යන්නෙත් නෑ.”—ඩැනියෙල්.

    කාර් එකේ කණ්ණාඩියෙන් අම්මා කෙනෙක් දකිනවා එයාගේ දුවගේ මූණ හොඳටම අවුල් කියලා.

    හිතට එන අදහස් ගැන, හරි විදිහට හිතන්න ඔයාගේ යෞවන දරුවාට උදව් කරන්න. ඒ තමයි, අපේ සිතුවිලි තාවකාලිකයි, නිතරම වෙනස් වෙනවා කියන දේ. ඒ ගැන එක පොතක කියන්නේ “සිතුවිලි හරියට කාලගුණය වගේ” කියලා. හැබැයි ඒ වගේ සිතුවිලි ආවාම එහෙම සිතුවිල්ලක් ආවේ නැහැ වගේ ඉන්න හොඳත් නැහැ. ඒ සිතුවිලි කවදාවත් නැති වෙලා යන්නේ නැහැ කියලා හිතන්න හොඳත් නැහැ. කලින් කියපු පොතේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “වැස්ස කියන්නේ ඇත්ත දෙයක්. කෙනෙක් මහ වැස්සකට තෙමිතෙමි වහින්නේ නැහැ කියලා හිතන එකත් මෝඩකමක්. වහිනකොට ආයෙත් ඉර පායන්නේ නැහැ කියලා හිතන එකත් මෝඩකමක්.”—The Whole-Brain Child.

  • බය සැක දුරු කරන්න. ඔයා දුවට ගොඩක් ආදරෙයි කියලත් ඕන වෙලාවක එයාගේ උදව්වට ඔයා ඉන්නවා කියලත් එයාට කියන්න. “මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ඔයා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න මං ලෑස්තියි” කියලා කියන්නත් පුළුවන්.

    බයිබල් ප්‍රතිපත්තිය: “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.

a ඩිප්‍රෙෂන් තියෙන හැමෝම සිය දිවි හානි කරගන්නේ නැහැ. හැබැයි සිය දිවි හානි කරගත්ත හුඟදෙනෙක්ට, එහෙම කරගත්ත වෙලාවේ ඩිප්‍රෙෂන් තිබිලා තියෙනවා.

b මේ ලිපියේ කතා කරන්නේ දුවලාට වුණත් මේකේ තියෙන මඟ පෙන්වීම් පුතාලටත් අදාළයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න