ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwhf 34 ලිපිය
  • බඳින්න කලින් එකට ජීවත් වෙන එක හරිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බඳින්න කලින් එකට ජීවත් වෙන එක හරිද?
  • පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
  • එකට ජීවත් වෙන එක විවාහයට ඔයාව සූදානම් කරනවාද?
  • පවුල් බර කරට ගන්න රෙඩි නැත්නම් ඒක හොඳ විසඳුමක්ද?
  • ගැළපෙනම කෙනා හොයාගන්න ඒක හොඳ විදිහක්ද?
  • ඊට වඩා හොඳ ක්‍රමයක් නැද්ද?
  • විවාහ වීමට පෙර එකට ජීවත් වීම සුදුසුද?
    2009 පිබිදෙව්!
  • විවාහ නොවී එකට ජීවත් වීම වැරදිද?
    බයිබලයෙන් උත්තර
  • විවාහය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • විවාහය රැකගන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
තව තොරතුරු
පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
ijwhf 34 ලිපිය
තමන්ගේ බඩු අරගෙන එක ගෙදරක ජීවත් වෙන්න යන දෙන්නෙක්.

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | සැමියාට සහ බිරිඳට

බඳින්න කලින් එකට ජීවත් වෙන එක හරිද?

විවාහ වෙන්න කලින් එකට ජීවත් වෙන එක (Living together) දැන් දැන් සාමාන්‍ය දෙයක් වෙලා. විවාහයට අඩිය තියන්න කලින් දෙන්නාට දෙන්නා ගැළපෙනවාද කියලා බලන්නත් විවාහය සාර්ථක කරගන්නත් ඒක හොඳ ක්‍රමයක් කියලයි එයාලා හිතන්නේ. කසාද බඳින්න කලින් එකට පවුල් කන එක ඇත්තටම ඥානවන්ත දෙයක්ද?

මේ ලිපියෙන්

  • ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

  • එකට ජීවත් වෙන එක විවාහයට ඔයාව සූදානම් කරනවාද?

  • පවුල් බර කරට ගන්න රෙඩි නැත්නම් ඒක හොඳ විසඳුමක්ද?

  • ගැළපෙනම කෙනා හොයාගන්න ඒක හොඳ විදිහක්ද?

  • ඊට වඩා හොඳ ක්‍රමයක් නැද්ද?

ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

  • බයිබලයේ කියන්නේ “වේශ්‍යාකමින් වැළකී සිටිය යුතුයි” කියලයි. (1 තෙසලෝනික 4:3; 1 කොරින්ති 6:18) විවාහ නොවී එකට ජීවත් වෙන දෙන්නෙක් අතර සිද්ධ වෙන ලිංගික සම්බන්ධකමුත් අයිති වෙන්නේ ඒ ගොඩට. එයාලා පස්සේ කාලෙක විවාහ වෙන අදහසින් එකට ජීවත් වුණත් ඒක වෙනස් වෙන්නේ නැහැ.a හැබැයි යුවළක් බයිබලයේ තියෙන දේවල් අදාළ කරගන්නවා නම් බඳින්න කලින් දරුවෙක් ලැබෙන්න ඉන්න එක වගේ අනවශ්‍ය ප්‍රශ්න වළක්වගන්න පුළුවන්.

  • විවාහය කියන සැලැස්ම ඇති කළේ දෙවියන්. මුල්ම විවාහය කරද්දී ඔහු මෙහෙම කිව්වා. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.” (උත්පත්ති 2:24) විවාහ බැඳීම ඇතුළේ තියෙන ආදරය සහ සුරක්ෂිතභාවය මිනිස්සු හදපු වෙන කිසිම සැලැස්මකින් ලැබෙන්නේ නැහැ.

එකට ජීවත් වෙන එක විවාහයට ඔයාව සූදානම් කරනවාද?

සමහරු ඒක පිළිගන්නවා. එයාලා කියන්නේ ගෙදරදොරේ වැඩ එකතු වෙලා කරද්දී ඒකෙන් දෙන්නාට දෙන්නා අඳුරගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා කියලයි. ඒත් විවාහ බැඳීම ඇතුළේ තියෙන බාරදූර වගකීම පිළිගන්නේ නැතුව දෙන්නෙක් සාර්ථක පවුලක් ගොඩනඟන්න මොන දේ කළත් වැඩක් නැහැ.

දුක සතුට මැද ජීවිත ගමන එකට ඉස්සරහට යන්න යුවළකට ඉගෙනගන්න පුළුවන් කොහොමද? ඒකට “පරීක්ෂණ අවධියකට” ඇතුල් වෙනවා වගේ එකට ජීවත් වෙන එක හරියන්නේ නැහැ. මොකද එහෙම ජීවත් වෙන දෙන්නෙක් ඒ බැඳීම දිහා බලන්නේ ඕනෙ වෙලාවක දමලා ගහලා යන්න පුළුවන් දෙයක් විදිහට. විවාහ වෙලා එකට ප්‍රශ්නවලට මුහුණ දෙද්දී තමයි යුවළක් අතර ඇත්තටම ශක්තිමත් බැඳීමක් ඇති වෙන්නේ.

මේක මතක තියාගන්න: එකට ජීවත් වෙන අය අත වනන්නේ වෙන් වීමකට මිසක් සාර්ථක විවාහයකට නෙමෙයි.

බයිබල් ප්‍රතිපත්තිය: “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.”—ගලාති 6:7.

පවුල් බර කරට ගන්න රෙඩි නැත්නම් ඒක හොඳ විසඳුමක්ද?

සමහරු එහෙම හිතනවා. එක්සත් ජනපදයේ කරපු සමීක්ෂණයකට අනුව විවාහ වෙන්නේ නැතුව එකට ජීවත් වෙන අයගෙන් දහයෙන් හතරක්ම එහෙම කරන්නේ පවුල් බර කරට ගන්න තරම් එයාගේ ආර්ථිකය ශක්තිමත් නැති නිසයි. ඒත් කාලයක් එකට ජීවත් වුණාට පස්සෙත් සමහරු ඒ හේතුවම කියලා විවාහ වෙන එක පස්සට දානවා.

බඳින්නේ නැතුව එකට ජීවත් වෙන එකෙන් විශේෂයෙන්ම කාන්තාවන්ට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. උදාහරණයකට සම්බන්ධය නතර කරන්න තීරණය කළොත් අම්මාට තමයි හුඟක් වෙලාවට දරුවන්ගේ වගකීම පැටවෙන්නේ.

ඒ ගෑනු කෙනා අඬන බබාවත් වඩාගෙන ඔළුවේ අත ගහගෙන ඉන්නවා. පිරිමි කෙනා බඩු ටිකත් අරගෙන ගෙදරින් යනවා.

මේක මතක තියාගන්න: වාසියි කියලා පේන දේවල්වලට වඩා එකට ජීවත් වෙන එකේ අවාසි වැඩියි.

බයිබල් ප්‍රතිපත්තිය: “යෙහෝවා වන මමයි ඔබේ දෙවියන්. ඔබේම යහපත වෙනුවෙන් ඔබට උගන්වන්නේ මමයි”—යෙසායා 48:17.

ගැළපෙනම කෙනා හොයාගන්න ඒක හොඳ විදිහක්ද?

සමහරු එහෙම හිතනවා. “විවාහ වෙන්නේ නැතුව එකට ජීවත් වෙද්දී ඕනෙ වෙලාවක වෙන් වෙලා යන්න පුළුවන් කියලා හිතුවත් ඒක හිතන තරම් ලේසි නැහැ” කියලා එක පොතක කියනවා. මොකද එකට ජීවත් වෙන කාලේ දෙන්නා ණය වෙන්න පුළුවන්. දරුවෝ ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් හදාගන්න ගත්ත හුරතල් සතාව භාර දෙන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා කොච්චර නොගැළපීම් තිබුණත් වෙනසක් නොකර ඉන්න විදිහටම ඉන්න යුවළකට සිද්ධ වෙන්න පුළුවන්. “නොගැළපෙනවා නම් අයින් වෙනවා කියලා හිතලා පටන්ගත්තාට අන්තිමේදී වෙන්නේ නොගැළපෙන කෙනෙක්වම අකමැත්තෙන් වුණත් බැඳගන්න සිද්ධ වෙන එකයි.”—Fighting for Your Marriage.

මේක මතක තියාගන්න: එකට ජීවත් වෙන එකෙන් ඇත්තටම වෙන්නේ මෝඩ තීරණයක ප්‍රතිඵල ජීවිතාන්තය දක්වාම විඳින්න වෙන එකයි.

බයිබල් ප්‍රතිපත්තිය: “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝපදේශ 22:3.

ඊට වඩා හොඳ ක්‍රමයක් නැද්ද?

ඔයා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් සතුටින් පිරුණු විවාහයක් හීනයක් නෙමෙයි. එහෙම කළොත් විවාහ වෙන්න කලින් එකට ජීවත් වෙන එකෙන් ඇති වෙන නරක ප්‍රතිඵලවලින් ඔයා ආරක්ෂා වෙනවා. ඔයා බඳින්න හිතාගෙන ඉන්න කෙනාව අඳුරගන්න හොඳට කාලය ගන්න. ඒක කරන්න එයාත් එක්ක එකට ජීවත් වෙන්න ඕනෙම නැහැ. සාර්ථක විවාහ ජීවිතයක් කියන්නේ නිදි යහනට සීමා වුණ දෙයක් නෙමෙයි. ඒක තීරණය වෙන්නේ එකිනෙකාව කොච්චර දුරට තේරුම්ගන්නවාද එකිනෙකා ගැන කොච්චර අවබෝධයක් තියෙනවාද කියන එක මතයි.

සොඳුරු කැදැල්ලකට අඩිතාලම දාන්න ඕනෙ මඟ පෙන්වීම් බයිබලේ තියෙනවා.b බයිබලයේ තියෙන මඟ පෙන්වීම් මේ දේවල් කරන්න ඔයාට උදව් වෙයි.

  • සහකරුට විශ්වාසවන්තව ඉන්න

  • හොඳ සැමියෙක් බිරිඳක් වෙන්න

  • ආදරයෙන් අන්ධ නොවී හරි තීරණයක් ගන්න

මේ වගේ තවත් ලිපි බලන්න jw.org වෙබ් අඩවියේ “විවාහය සහ පවුල් ජීවිතය” කියන කොටසට යන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමට . . . ප්‍රයෝජනවත්ය.”—2 තිමෝති 3:16.

a “ආදරය නිසා අඹු සැමියන් ලෙස හැසිරීම සුදුසුද?” කියන ලිපිය බලන්න.

b සමහර රටවල දෙමාපියන් තමයි දරුවන්ට විවාහ වෙන්න කෙනෙක්ව හොයලා දෙන්නේ. හොයන්න ඕනෙ මොන වගේ කෙනෙක්වද කියලා තේරුම්ගන්න බයිබලයේ තියෙන තොරතුරු දෙමාපියන්ට උදව් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න