panitan/stock.adobe.com
යේසුස් දුප්පත්කමට තිත තියයි!
යේසුස්ට මිනිස්සු ගැන ලොකු ආදරයක් තියෙනවා. ඔහු පොළොවේ ඉද්දී දුප්පත්, අසරණ අය ගැන ගොඩක් සැලකිලිමත් වුණා. (මතෙව් 9:36) ඔහු අනිත් අය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පවා පූජා කළා. (මතෙව් 20:28; යොහන් 15:13) මිනිස්සු ගැන තියෙන ආදරය නිසා ඔහු ළඟදීම තවත් දෙයක් කරනවා. දේවරාජ්‍යයේ රජ විදිහට ඔහුට තියෙන බලය පාවිච්චි කරලා ඔහු ලෝකේ පුරාම පැතිරිලා තියෙන දුප්පත්කමට තිත තියනවා.
යේසුස් කරන්න යන දේවල් ගැන බයිබලයේ කියන දේ බලන්න:
“සෙනඟ අතරේ සිටින පීඩිතවූවන්ට ඔහු යුක්තිය ඉටු කර දෙයි. දුගී දුප්පත් අයව බේරාගනියි.”—ගීතාවලිය 72:4.
යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන සහ කරන්න යන හැම දේකටම අගය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? එක විදිහක් තමයි ඔහු දේශනා කරපු “දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” ගැන තවත් ඉගෙනගන්න එක. (ලූක් 4:43) ඒ ගැන දැනගන්න “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.