ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 19 ලිපිය
  • ඇයි මට මාවම කපාගන්න හිතෙන්නේ?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇයි මට මාවම කපාගන්න හිතෙන්නේ?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සමහරු ඒක කරගන්නේ කොහොමද?
  • එහෙම කරගන්නේ ඇයි?
  • ඔයාත් ඒක කරන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒකෙන් ගොඩ එන්නේ කොහොමද?
  • ඇයි මම මටම රිදවගන්නේ?
    2006 පිබිදෙව්!
  • මා ගායනයෙන් සමුගත් හේතුව
    2010 පිබිදෙව්!
  • මම මටම රිදවගන්න එක නතර කරන්නේ කොහොමද?
    2006 පිබිදෙව්!
  • යොවුන් දරුවා එයාටම හානි කරගන්නවා නම් . . .
    2013 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 19 ලිපිය

යොවුන් සිතේ ගැටලු

ඇයි මට මාවම කපාගන්න හිතෙන්නේ?

  • සමහරු ඒක කරගන්නේ කොහොමද?

  • එහෙම කරගන්නේ ඇයි?

  • ඔයාත් ඒක කරන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒකෙන් ගොඩ එන්නේ කොහොමද?

  • යෞවනයන්ගේ අදහස්

  • මේ ගැන හිතුවද?

  • මතක තියාගන්න ඕන බයිබල් පද

සමහරු ඒක කරගන්නේ කොහොමද?

තමන්ටම තුවාල කරගන්න අය හුඟක් වෙලාවට කරන්නේ මොකක් හරි දේකින් එයාලගේ ශරීරය කපාගන්න එකයි. හැබැයි තමන්වම පුච්චගන්න අයත්, තමන්ටම ගහගෙන තුවාල කරගන්න අයත් ඉන්නවා. මේ ලිපියේ මූලිකවම කතා කරන්නේ කපාගන්න එක ගැන වුණත් මේකේ තියෙන තොරතුරු ඕනම විදිහකින් තමන්ටම තුවාල කරගන්න අයට අදාළයි.

හරිද වැරදිද කියලා ලකුණු කරන්න.

  1. තමන්වම කපාගන්න පුරුද්ද තියෙන්නේ ගෑනු ළමයි අතරයි.

  2. “ඔබේ ශරීරය කපා නොගන්න” කියලා ලෙවී කතාව 19:28 තියෙන නිසා කෙනෙක් එයාගේ ඇඟ කපාගන්නවා නම් එයා ඒ ආඥාව කඩ කරනවා.

හරි උත්තර:

  1. වැරදියි. තමන්වම කපාගන්න පුරුද්ද වැඩිපුර තියෙන්නේ ගෑනු ළමයි අතරේ කියලා පේන්න තිබුණත් ඒ පුරුද්ද තියෙන පිරිමි ළමයිනුත් ඉන්නවා. එයාලා කපාගෙන හරි වෙන වෙන විදිවලින් හරි එයාලටම තුවාල කරගන්නවා.

  2. වැරදියි. ලෙවී කතාව 19:28 සඳහන්වෙන්නේ බොරු දෙවිවරුන් අදහපු අය ඉස්සර කාලේ කරපු චාරිත්‍රයක් ගැනයි. ඒ නිසා හිතේ වේදනාව නැති කරගන්න ඇඟ කපාගන්න එකට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒත් ඒබයිබල් පදෙන් අපිට වැදගත් කාරණයක් තේරුම්ගන්න පුළුවන්. ඒ තමයි අපි මොන විදිහකින් හරි අපිවම තුවාල කරගන්නවට අපිව නිර්මාණය කරපු යෙහෝවා දෙවියන් කැමති නැහැ කියන එක.—1 කොරින්ති 6:12; 2 කොරින්ති 7:1; 1 යොහන් 4:8.

එහෙම කරගන්නේ ඇයි?

මේකෙන් හරි අදහස කෝකද?

සමහරු එයාලවම කපාගන්නේ . . .

  1. දුක, කලකිරීම හා කේන්තිය නැති කරගන්නයි.

  2. සිය දිවි හානි කරගන්න හිතාගෙනයි.

හරි උත්තරේ: අ. හුඟක් අය තමන්වම කපාගන්නේ දිවි නහගන්න හිතාගෙන නෙමෙයි. එයාලට ඕන දුක, කලකිරීම හා කේන්තිය නැති කරගන්නයි.

තමන්වම කපාගන්න පුරුදු වෙලා හිටිය යෞවනයන් කිහිපදෙනෙකුගේ අදහස්.

සීල්යා: “ඒකෙන් මට පොඩි සහනයක් ලැබුණා.”

ටමාරා: “හිතට දැනෙන වේදනාවට වඩා ඇඟ කපාගත්තම දැනෙන වේදනාව හොඳයි කියලා මට තේරුණා. ඒ නිසා දුක නැති කරගන්න මම මාවම කපාගත්තා.”

කෙරී: “මම දුකෙන් ඉන්න ආස නැහැ. දුකෙන් ඉන්න වෙලාවට මාවම කපාගත්තම මට දැනෙන්නේ තුවාලේ කැක්කුම විතරයි. එතකොට මගේ හිතේ දුක දැනෙන්නේ නැතුව යනවා.”

ජෙරීන්: “මං මාවම කපාගනිද්දී ඒ වෙලාවට මගේ ප්‍රශ්න මට අමතක වෙලා යනවා.”

ඔයාත් ඒක කරන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒකෙන් ගොඩ එන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා උදව් ඉල්ලුවොත් ඒ පුරුද්ද අත්හරින්න පුළුවන් වෙයි. දෙවියන් “ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න” කියලා බයිබලයේ සඳහන් වෙනවා.—1 පේතෘස් 5:7.

මෙහෙම කරලා බලන්න: “පියාණෙනි මට උදව් කරන්න” කියලා යෙහෝවා දෙවියන්ට කෙටියෙන් යාච්ඤා කරන්න මුලින් පුරුදු වෙන්න. කාලයක් යද්දී ඔයාට පුළුවන් වෙයි “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවාට ඔයාගේ හිතේ තියෙන හැම දෙයක් ගැනම කියන්න.—2 කොරින්ති 1:3, 4.

දෙවියන්ට යාච්ඤා කිරීම නිකම්ම හිත සුව පිණිස කරන දෙයක් නෙමෙයි. යාච්ඤාව කියන්නේ අපිව නිර්මාණය කරපු දෙවි පියාණන් එක්ක කතාබහ කරන එකයි. “ඔබට පිහිට වන්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි” කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙන්නේ ඒ නිසයි.—යෙසායා 41:10.

තමන්වම කපාගන්න පුරුද්ද තිබුණු සමහර අයට ඒකෙන් ගොඩ එන්න උදව් වුණු තවත් දෙයක් තමයි අම්මා හරි තාත්තා හරි එක්ක ඒ ගැන කතා කරන එක. නැත්නම් විශ්වාසවන්ත වැඩිහිටියෙක් එක්ක ඒ ගැන කතා කරන එක. ඒ දේ කරපු යෞවනයන් තුන්දෙනෙකුගේ අදහස් දැන් අපි බලමු.

යෞවනයන්ගේ අදහස්

  • ඩයනා, වයස 21යි

  • කැතී, වයස 15යි

  • ලොරෙනා, වයස 17යි

ඔයා ඔයාවම කපාගන්න පටන්ගත්තේ වයස කීයෙදි විතරද?

ලොරෙනා: මම ඒක පටන්ගත්තේ වයස 14දියි.

ඩයනා: මම පටන්ගත්තේ වයස 18දී. සමහර වෙලාවට මම සතියක් දෙකක් එක දිගටම මාව කපාගත්තා. ඊටපස්සේ මාසයක් විතර ඒක නොකර හිටියා.

කැතී: මම ඒක පටන්ගත්තේ වයස අවුරුදු 14දියි.

එහෙම කරගන්න හිතුණේ ඇයි?

කැතී: මට මාවම එපා වෙලයි තිබුණේ. මාව යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න කවුරුත් කැමති වෙන එකක් නැහැ කියලා මට හිතුණා.

ඩයනා: මොනා කරත් මගේ දුක තුනී කරගන්න බැරි වෙලාවල් තිබුණා. ඒ වෙලාවට කරකියාගන්න දෙයක් නැතුව මම හිටියේ ලොකු පීඩනයකින්. මට හිතුණේ මගේ ඇඟ ඇතුළේ එළියට එන්න බලාගෙන ඉන්න මොකෙක්දෝ භයානක සතෙක් ඉන්නවා කියලයි. ඌව එළියට අරන් ඒ පීඩනයෙන් නිදහස් වෙන්න නම් මාවම කපාගන්න ඕන කියලා මට හිතුණා.

ලොරෙනා: මගේ හිතට ලොකු කලකිරීමක් දැනුණු වෙලාවල් තිබුණා. සමහර වෙලාවට මං හිටියේ තරහින්. මගෙන් කිසිම වැඩක් නැහැ කියලා හිතුණු වෙලාවලුත් තිබුණා. ඒ වෙලාවට මට මාවම එපා වෙන නිසා තුවාල කරගෙන මටම රිද්දවගත්තා. මට මේ විදිහට තුවාල වෙන එක තමයි වෙන්න ඕන කියලා මම හිතුවා.

ඔයාවම කපාගත්ත එකෙන් සහනයක් ලැබුණද?

ඩයනා: ඔව්. මට දැනුණේ ලොකු බරක් බිමින් තිබ්බා වගෙයි.

කැතී: ඒකත් හරියට අඬලා දුක නැති කරගන්නවා වගේ වැඩක්. සමහරු අඬලා දුක තුනී කරගන්නවා වගේ මට සහනයක් ලැබුණේ මාවම කපාගත්තමයි.

ලොරෙනා: හුළං පුරවපු බෝලෙකට කට්ටකින් ඇන්නම හෙමීට හුළං ටික යනවා වගේ මාවම තුවාල කරගත්තම මගේ හිතේ තියෙන දුක, පීඩනය ටිකෙන් ටික අඩු වෙලා යනවා කියලා මට දැනුණා.

ඔයාගේ ඒ පුරුද්ද ගැන කාට හරි කියන්න භයක් දැනුණද?

ලොරෙනා: ඔව්. ඒ ගැන කිව්වොත් අනිත් අය මං ගැන මොනවා හිතයිද කියලා මට භයක් දැනුණා. අනික මගේ පෞද්ගලික ජීවිතේ වෙන දේවල් ගැන අනිත් අය දැනගන්නවටත් මම කැමති වුණේ නැහැ.

ඩයනා: අනිත් අය හිතාගෙන හිටියේ මගේ හිත හයියයි කියලා. මම කැමති වුණේ ඒ අය දිගටම මං ගැන එහෙම හිතනවටයි. ඒ නිසා මගේ ප්‍රශ්නේ ගැන කියලා අනිත් අයගෙන් උදව් ඉල්ලන එක මදිකමක් කියලා මම හිතුවා.

කැතී: මම ඇත්ත කිව්වොත් මගේ ඔළුව අවුල් වෙලා කියලා මිනිස්සු හිතයි කියලා මම භය වුණා. එහෙම වුණොත් මට මාවම තවත් එපා වෙයි කියලා මම හිතුවා.

ඔයාව කපාගන්න පුරුද්ද අත්හරින්න පුළුවන් වුණේ කොහොමද?

ලොරෙනා: මම අම්මට ඇත්තම කිව්වා. ඊටපස්සේ දොස්තර කෙනෙකුගෙනුත් උදව්ගත්තා. මගේ හිතට දුකක්, කලකිරීමක් දැනුණම ඒ හැඟීම් පාලනය කරගන්න පුළුවන් කොහොමද කියලා ඒ දොස්තර පැහැදිලි කළා. මගේ අතින් ඉඳලා හිටලා ආයෙත් ඒ දේ වුණත් මම බයිබලේ ගැන අධ්‍යයනය කරන්න මගේ හිත යොමු කළා. ඒ වගේම දිගටම දේවසේවයෙත් හවුල් වුණා. මම වටින්නේ නැති කෙනෙක් කියන හැඟීම විටින් විට මගේ හිතට ආවත් මම ඒ හැඟීමට මාව පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. මම කොහොමහරි ඒ හැඟීම පාලනය කරගන්නවා.

කැතී: අපේ සභාවේ හිටපු මට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල් සහෝදරියකට තේරුණා මට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. එයා ඒ ගැන ඇහුවම මම එයාට මගේ පුරුද්ද ගැන කිව්වා. එතකොට එයා මට කිව්වා කලින් එයාටත් ඒ පුරුද්ද තිබුණා කියලා. එයා එහෙම කිව්වට පස්සේ මගේ ඒ පුරුද්ද ගැන එයත් එක්ක කතා කරන්න මට භයක් දැනුණේ නැහැ. මම දොස්තර කෙනෙකුගෙනුත් උපකාර ලබාගත්තා. ඒ දොස්තර මගේ දෙමව්පියන්ටත් මගේ තත්වේ තේරුම්ගන්න උදව් කළා.

ඩයනා: මට හුඟක් හිතවත් එක පවුලක් හිටියා. දවසක් රෑ ඒඅය එක්ක හිටිය වෙලාවක ඒ දෙන්නට තේරුණා මම ඉන්නේ හිතේ අමාරුවෙන් කියලා. මගේ ප්‍රශ්නේ එයාලට කියන්න කියලා ඒ අංකල් මට කිව්වා. ඒ ගැන කියද්දී එයාගේ නෝනා මගේ ළඟින් ඉඳගෙන මං පුංචි කාලේ අම්මා ආදරෙන් මාව තුරුළු කරගත්තා වගේ මාව තුරුළු කරගත්තා. ඒ වෙලාවේ මට ඇඬුණා. එයාටත් ඇඬුණා. මාවම කපාගන්න පුරුද්ද ගැන ඒ දෙන්නට කියන එක ලේසි වුණේ නැහැ. ඒත් අමාරුවෙන් හරි එදා ඒ ගැන කියපු එක ගැන මම අද සතුටු වෙනවා.

ඒ පුරුද්ද අත්හැරගන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වුණේ කොහොමද?

ඩයනා: මට මගේම උත්සාහයෙන් ඒ පුරුද්ද අත්හැරගන්න බැහැ කියලත් ඒකට යෙහෝවා දෙවියන්ගේ උපකාරය මට ඕනෙ කියලත් මම තේරුම්ගත්තේ බයිබලෙන්.—හිතෝපදේශ 3:5, 6.

කැතී: බයිබලේ කියවද්දී මට දැනෙන්නේ පුදුම සහනයක්! මොකද ඒකෙ තියෙන්නේ දෙවියන්ගේ පණිවිඩය කියලා මම දන්නවා.—2 තිමෝති 3:16.

ලොරෙනා: බයිබලේ කියවද්දී මොකක් හරි පදයක් මගේ හිතට කාවැදුණම මම ඒක පොතක ලියාගන්නවා. එතකොට වෙන වෙලාවක ඒ පද ආපහු කියවලා ඒ ගැන හිතන්න මට පුළුවන්.—1 තිමෝති 4:15.

මොන බයිබල් පදේද ඔයාගේ හිතට වැඩියෙන්ම කාවැදුණේ?

ඩයනා: හිතෝපදේශ 18:1 කියනවා “නිතරම අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි. ඔහු සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි” කියලා. ඒ පදේ මගේ හිතට හුඟක් කාවැදුණා. සමහර වෙලාවට අනිත් අය එක්ක කතාබහ කරලා ආශ්‍රය කරන්න මට ටිකක් අමාරුයි. ඒත් ඒ පදේ කියෙව්වම මට තේරුණා මම තනි වෙලා ඉන්න හදන එක හොඳ නැහැ කියලා.

කැතී: මම හුඟක් ආස බයිබල් පද දෙකක් තමයි මතෙව් 10:29 හා 31. පුංචි ගේකුරුල්ලෙක් ගැන යෙහෝවා දෙවි කොච්චර සැලකිලිමත්ද කියනවා නම් උන්ගෙන් එකෙක් හරි මැරුණොත් දෙවියන් ඒකත් දන්නවා කියලා යේසුස් කිව්වා. ඊටපස්සේ යේසුස් කිව්වේ මෙහෙමයි. “ඔබ ගේකුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා වටින්නේ නැද්ද? එමනිසා කිසිම දෙයකට බිය නොවන්න.” අදටත් ඒ බයිබල් පද කියවද්දී යෙහෝවා දෙවිට මාව කොච්චර වටිනවද කියලා මට මතක් වෙනවා.

ලොරෙනා: යෙසායා 41:9 හා 10 තියෙන පොරොන්දුවට මම කැමතියි. එතන දෙවියන් කියලා තියෙන්නේ “භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. . . . මම ඔබව ශක්තිමත් කරන්නෙමි” කියලයි. ඒ පදේ කියවද්දී යෙහෝවා දෙවි මට කොච්චර ආදරෙයිද කියලත් දෙවි මාත් එක්කම ඉන්නවා කියලත් මට මතක් වෙන නිසා මට දැනෙන්නේ ලොකු ශක්තියක්.

මේ ගැන හිතුවද?

  • ඔයාගේ ප්‍රශ්නේ ගැන කාට හරි කියලා උදව් ඉල්ලන්න ඕන කියලා හිතුණොත් ඔයා ඒක කියන්නේ කාටද?

  • ඔයාගේ ප්‍රශ්නේ ගැන දෙවියන්ට යාච්ඤාවෙන් කියන්න පුළුවන් මොන වගේ දේවල්ද?

  • ඔයාටම රිද්දවගන්නේ නැතුව හිතට දැනෙන දුක, කලකිරීම, පීඩනය නැති කරගන්න, කරන්න පුළුවන් දේවල් දෙකක් මොනවද?

මතක තියාගන්න ඕන බයිබල් පද

මෙහෙම කරලා බලන්න: බයිබලේ කියවද්දී යෙහෝවා දෙවි ඔයාට කොච්චර ආදරෙයිද කියලා පෙන්නන බයිබල් පද දැක්කම, නැත්නම් ඔයාගේ හැඟීම් පාලනය කරගන්න උදව් වෙන බයිබල් පද දැක්කම ඒවා පොතක ලියාගන්න. ඒත් එක්කම ඒ පදේ ඔයාගේ හිතට කාවැදුණේ ඇයි කියලත් එතනින් ලියාගන්න. ඒක කරන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න කැතීගෙයි, ඩයනගෙයි, ලොරෙනගෙයි හිතට වැඩියෙන්ම කාවැදුණු බයිබල් පද මොනවද කියලා බලමු.

  • රෝම 8:38, 39

    “මට තවත් නම් දරාගන්න බැහැ කියලා හිතෙන තරමටම මම දුකෙන්, කලකිරීමෙන් හිටියත් යෙහෝවා දෙවියන් තාමත් මට හුඟක් ආදරෙයි කියලා ඒ බයිබල් පද මට මතක් කරලා දෙනවා.”—ඩයනා.

  • ගීතාවලිය 73:23

    “ඒ වගේ බයිබල් පද කියවද්දී මම තනි වෙලා නැහැ කියලත් යෙහෝවාදෙවියන් මගේ ළඟින්ම ඉන්නවා කියලත් මට ස්ථිරයි.”—කැතී.

  • 1 පේතෘස් 5:10

    “එකපාරටම අපේ ප්‍රශ්න නැති වෙලා සහනයක් ලැබෙන එකක් නැහැ. සමහරවිට අපිට ‘ටික කාලයක් දුක් විඳින්න’ වෙයි. ඒත් ඒකෙන් යෙහෝවා දෙවි අපිව ශක්තිමත් කරන නිසා ඕනම දේකට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය අපිට ලැබෙනවා.”—ලොරෙනා.

මේ බයිබල් පද ගැනත් හිතන්න

  • ගීතාවලිය 34:18

  • ගීතාවලිය 54:4

  • ගීතාවලිය 55:22

  • යෙසායා 57:15

  • මතෙව් 11:28, 29

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න