ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 42 ලිපිය
  • කටින් පිට වෙන්නේ නරක වචනමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කටින් පිට වෙන්නේ නරක වචනමද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හිතලා බලන්න
  • ඒ ගැන හිතලා බලන්න ඕන ඇයි?
  • ඔයාට කරන්න පුළුවන් දේ
  • අලුත් භාෂාවක් ඉගෙනගනිමු!
    2007 පිබිදෙව්!
  • “අපි අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නැහැ”
    2005 පිබිදෙව්!
  • ඔයාගේ කතාබහ ගැන යෙහෝවා සතුටු වෙනවාද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • මගේ කතාබහ ගෞරවනීයද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 42 ලිපිය
ගෑනු ළමයි කට්ටියක් නරක වචන කියනවා පිරිමි ළමයෙක්ට ඇහෙනවා.

යොවුන් සිතේ ගැටලු

කටින් පිට වෙන්නේ නරක වචනමද?

“නරක වචන ඇහිලා ඇහිලා දැන් මං ඒකට හුරු වෙලා. හැමෝම ඒක කරනවානේ. ඒකේ වරදක් නෑ.”—ක්‍රිස්ටෝෆර්, 17යි.

“මීට ටික කාලෙකට කලින් මං හුඟක් නරක වචන පාවිච්චි කෙරුවා. ඒවා ලේසියෙන්ම මතක හිටිනවා. පුරුදු වුණාට පස්සේ ඒකෙන් මිදෙන්න ලේසි නෑ.”—රෙබෙකා, 19යි.

  • හිතලා බලන්න

  • ඒ ගැන හිතලා බලන්න ඕන ඇයි?

  • ඔයාට කරන්න පුළුවන් දේ

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

හිතලා බලන්න

  • අනිත් අය කියන නරක වචන ඇහෙද්දී ඒක ඔයාට බලපාන්නේ කොහොමද?

    • මට ඒක දැනෙන්නෙවත් නෑ. ඒක සාමාන්‍ය දෙයක්නේ.

    • මට නං ඒවා අල්ලන්නේ නෑ. ඒත් මොනවා කරන්නද?

    • මට නං ඒවා ඇහෙනකොටත් කේන්තියි.

  • කොච්චර සැරයක් ඔයා නරක වචන පාවිච්චි කරනවාද?

    • කොහොමටවත් නැහැ

    • ඉඳලා හිටලා

    • නිතරම

  • ඔයා හිතන්නේ නරක වචන පාවිච්චි කෙරුවාට කමක් නැහැ කියලද?

    • එච්චරම වැරදි නැහැ

    • කොහොමටවත් හොඳ නැහැ

ඒ ගැන හිතලා බලන්න ඕන ඇයි?

නරක වචන පාවිච්චි කරන එක බරපතළයි කියලා ඔයා හිතනවාද? ‘ඒක එච්චර ලොකුවට හිතන්න දෙයක් නෙමෙයි. ඔයිට වඩා කොච්චර ලොකු ප්‍රශ්න තියෙනවාද හිතන්න? හැමෝම කතා කරන්නේ එහෙමනේ’ කියලා ඔයා කියයි. ඒක ඇත්තද?

ඔයා සමහරවිට දන්නේ නැතුව ඇති හුඟදෙනෙක් අසභ්‍ය භාෂාව පාවිච්චි කරන්නේ නැහැ කියලා. හිතන්නේ බලන්නේ නැතුව නරක වචන පාවිච්චි කරන අය හිටියත් හුඟදෙනෙක් එහෙම නොකරන්නේ හොඳ හේතු ඇතුවයි. මේ උදාහරණ බලන්න.

  • ඔයා මොන වගේ කෙනෙක්ද කියලා හෙළි වෙනවා. ඔයාගේ කටින් පිට වෙන දෙයින් ඔයාගේ හිතේ තියෙන දේ හෙළි වෙනවා. කුණුහරුප පාවිච්චි කරනවා නම් ඔයා අනිත් අයගේ හැඟීම් ගැන හිතන්නේ නැති කෙනෙක් කියලා පෙනෙයි. ඔයා ඒ වගේ කෙනෙක්ද?

    බයිබලේ දෙන උපදෙස: “නමුත් කෙනෙකුගේ කටින් පිට වන දේ නික්මෙන්නේ ඔහුගේ සිතිනුයි.”—මතෙව් 15:18.

    කර්මාන්ත ශාලාවකින් විස දුම පිට වෙනවා වගේ යෞවනයෙක්ගේ කටින් නරක වචන පිට වෙනවා. එතකොට අනිත් අය අප්පිරායාවෙන් එයාගෙන් ඈත් වෙනවා.

    වචනවලින් මුළු පරිසරයම දූෂණය වෙනවා. ඔයාව හරි අනිත් අයව හරි ඒකට ගොදුරු කරවන්නේ ඇයි?

  • ඔයා ගැන හොඳ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. පොතක මෙහෙම කියනවා. “අපිත් එක්ක ආශ්‍රය කරන්න කැමති කොයි වගේ අයද, අපේ පවුල්වලින්, අපි එක්ක වැඩ කරන අයගෙන් අපිට ගෞරවය, සැලකිල්ල ලැබෙයිද, අනිත් අය එක්ක හොඳ බැඳීමක් තියාගන්න පුළුවන් වෙයිද, අපිට අනිත් අයගේ පිළිගැනීමක් ලැබෙයිද, අපි බලාපොරොත්තු වෙන රැකියාව හරි උසස් වීම හරි ලැබෙයිද, පළවෙනි වතාවට මුණගැහෙන අමුත්තන් අපිට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එක තීරණය වෙන්නේ අපි කතා කරන විදිහෙන් වෙන්න පුළුවන්.” ඒ පොතේම මෙහෙමත් කියනවා. “නරක වචන පාවිච්චි කෙරුවේ නැත්නම් මගේ බැඳීම් මීට වඩා ශක්තිමත් වෙයි නේද කියලා ඔයාම හිතලා බලන්න.”—Cuss Control.

    බයිබලේ දෙන උපදෙස: “නින්දාසහගත කතා . . . දුරස් කරන්න.”—එෆීස 4:31.

  • නරක වචන පාවිච්චියෙන් ඔයා හිතන තරම් විනෝදයක් ලැබෙන්නේ නැහැ. වෛද්‍ය ඇලෙක්ස් පැකර් ලියපු පොතක (How Rude!) මෙහෙම කියනවා. “කෙනෙක් හැම තිස්සෙම නරක වචන පාවිච්චි කරද්දී අනිත් අයට ඒක වදයක්. වචන මාලාවේ තියෙන්නේ අසභ්‍ය වචන විතරක් නම් ඒ කෙනා බුද්ධිමත් කෙනෙක්, දයාව කරුණාව තියෙන කෙනෙක් කියලා කොහොමටවත් පෙන්වන්නේ නැහැ. ඔහේ එකම වචන ටිකක් හැම වෙලාවෙම හැම තැනකදිම පාවිච්චි කරනවා නම් ඔයා හිතන්නේ බලන්නේ නැතුව කතා කරන කෙනෙක්.”

    බයිබලේ දෙන උපදෙස: “ඔබේ මුවින් කිසි අසභ්‍ය වචනයක් පිට වීමට ඉඩ නොදෙන්න.”—එෆීස 4:29.

ඔයාට කරන්න පුළුවන් දේ

  • ඉලක්කයක් තියාගන්න. මාසයක් වගේ කාලයක් නරක වචන පාවිච්චි නොකර ඉන්න උත්සාහ කරන්න. ඔයාගේ දියුණුව චාට් එකක හරි කැලැන්ඩරයක හරි සටහන් කරන්න. හැබැයි එතනින් නවතින්නේ නැතුව දිගටම ඒ විදිහට කරන්න නම් සමහර පැතිවලින් පරෙස්සම් වෙන්න වෙයි. මේ උදාහරණ බලන්න.

  • නරක වචන ඇතුළත් විනෝදාංශවලින් වළකින්න. බයිබලේ කියන්නේ “නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි” කියලයි. (1 කොරින්ති 15:33) “ආශ්‍රය” කියන එකෙන් පුද්ගලයන්ව ඇසුරු කරන එක විතරක් අදහස් කරන්නේ නැහැ. මොකද චිත්‍රපටි බලනකොටත් වීඩියෝ ගේම්ස් ගහනකොටත් සින්දු අහනකොටත් ආශ්‍රිතයන්ව මුණගැහෙනවා. වයස අවුරුදු 17ක් වන කෙනෙත් මෙහෙම කියනවා. “තාලේ ලස්සන හින්දා නරක අදහස් තියෙන සින්දු වුණත් දන්නෙම නැතුව කියවෙනවා.”

  • අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙක් විදිහට වැඩ කරන්න. සමහර යෞවනයෝ නරක වචන පාවිච්චි කරන්නේ තමන් වැඩිහිටියන් කියලා පෙන්නන්න. ඒත් ඇත්ත මේකයි. අවබෝධයෙන් වැඩ කරන අය ‘තම වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වෙලා ඉන්නවා’ කියලා බයිබලේ කියනවා. (හෙබ්‍රෙව් 5:14) ඒ අය අනිත් අය ඉදිරියේ “කැපිලා පේන්න” තමන්ගේ ප්‍රමිති බාල කරන්නේ නැහැ.

කෙනෙක් නරක වචන පාවිච්චි කරද්දී එයාගේ (වගේම අනිත් අයගෙත්) සිතුවිලි නරක් වෙනවා. දැනටමත් මේ ලෝකේ තියෙන නරක දේවල් මදිද? එක පොතක මෙහෙම කියනවා. “ඒ ගොඩට තවත් එක් කරන්න එපා. හොඳ වචන පාවිච්චි කරලා, ඇති වෙලා තියෙන නරක වාතාවරණය හොඳ අතට හරවන්න ඔයාගේ කොටස කරන්න. එතකොට ඔයාට ඔයා ගැනම හොඳ හැඟීමක් ඇති වෙයි. අනිත් අයටත් ඔයා ගැන හොඳ හැඟීමක් ඇති වෙයි.”—Cuss Control.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

ජැරඩ්

“නරක වචන දාන්නේ නැතුව එක වාක්‍යයක්වත් කතා කරන්න ඔයාට බැරි නම් ඔයා වචන කීපයකට කොටු වෙලා කියන එක අනිත් අයට පෙනෙයි. එතකොට ඔයාගේ සැබෑ තත්වය පේන්නේ නැහැ.”—ජැරඩ්.

ජෙනිෆර්

“තමන් පාවිච්චි කරන්නේ මොන වචනද කියලා තෝරන්නේ තමන්මයි. ඒ නිසා කතා කරන්න කලින් හිතලා බලන්න ඕනේ. නරක වචන පාවිච්චි කරන පුරුද්ද අයින් කරගන්න පුළුවන් එකක්.”—ජෙනිෆර්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න