ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 73 ලිපිය
  • සයිබර් හිංසනයට ගොදුරු වුණොත් . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සයිබර් හිංසනයට ගොදුරු වුණොත් . . .
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔයා දැනගෙන ඉන්න ඕන දේ
  • ඔයාට කරන්න පුළුවන් දේ
  • අනිත් ළමයි මට අරියාදු කරනවා නම් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු
  • චණ්ඩි ළමයි මගේ දරුවාට හිරිහැර කළොත් . . .
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • ඉස්කෝලේ ළමයි මට කරදර කරනවා නම් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
  • මිදෙමු හිරිහැරයෙන්
    2003 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 73 ලිපිය
සයිබර් අරියාදුව නිසා මානසික පීඩනයට ලක් වෙලා ඉන්න තරුණයෙක්

යොවුන් සිතේ ගැටලු

සයිබර් හිංසනයට ගොදුරු වුණොත් . . .

  • ඔයා දැනගෙන ඉන්න ඕන දේ

  • ඔයාට කරන්න පුළුවන් දේ

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

ඔයා දැනගෙන ඉන්න ඕන දේ

ඉන්ටර්නෙට් එක නිසා අනිත් අයට හිරිහැර කරන එක දැන් ලේසි වෙලා. “අරියාදු කරන්නේ කවුද කියලා පේන්නේ නැති නිසා සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැති කෙනෙක් වුණත් අරියාදු කරන්න පෙලඹෙනවා” කියලා එක පොතක කියනවා.—CyberSafe.

ලේසියෙන්ම ඉලක්ක කරගන්නේ මේ වගේ අයයි. අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න, ලැජ්ජාශීලී, අනිත් අයට වඩා වෙනස්, තමන් ගැනම එච්චර හොඳ හැඟීමක් නැති අයව තමයි හිරිහැර කරන අය ටාගට් කරන්නේ.

සයිබර් හිංසනය කෙනෙක්ගේ ජීවිතයට ගොඩක් නරක විදිහට බලපාන්න පුළුවන්. ඒකට ගොදුරු වෙච්ච කෙනෙක්ට ලොකු මානසික පීඩනයක්, තනිකමක් දැනෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමහර අය තමන්ගේ ජීවිතය නැති කරගන්නත් පෙලඹිලා තියෙනවා.

ඔයාට කරන්න පුළුවන් දේ

මුලින්ම හිතන්න ඔයා ඇත්තටම මුහුණ දෙන්නේ අරියාදුවකටද කියලා. මොකද සමහර අය හිත රිදෙන විදිහට දේවල් කිව්වත් එහෙම කරන්නේ අරියාදු කරන අදහසින් නෙමෙයි. ඒ වගේ වෙලාවට බයිබලයේ තියෙන මේ උපදෙස මතක් කරගන්න.

“අමනාප වීමට ඉක්මන් නොවන්න. මන්ද සිත තුළ අමනාපයක් ඇති කරගන්නේ මෝඩයන්ය.”—දේශනාකාරයා 7:9.

ඒත් කෙනෙක් ඕනකමින්ම නෙට් එක හරහා තව කෙනෙක්ට අපහාස කරනවා නම්, හිරිහැර කරනවා නම්, තර්ජනය කරනවා නම් ඒක ඇත්තටම අරියාදු කිරීමක්.

ඔයා සයිබර් හිංසනයට මුහුණ දෙන කෙනෙක් නම් මේක මතක තියාගන්න. ඔයා ඒකට ප්‍රතිචාරය දක්වන විදිහෙන් එක්කෝ දේවල් හොඳ අතට හැරෙන්න පුළුවන් නැත්නම් තවත් දරුණු වෙන්න පුළුවන්. මේ යෝජනාවලින් එකක් හෝ කිහිපයක් ට්‍රයි කරලා බලන්න.

ගණන් ගන්න එපා. බයිබලයේ මෙහෙම කියනවා. “දිව පාලනය කරගන්න තැනැත්තා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේය. වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසා කලබල නොවන්නේය.”—හිතෝපදේශ 17:27.

ඒක හොඳ උපදෙසක් වෙන්නේ මේ නිසයි. “අරියාදු කරන අයට ඕනෙ එයාලා ගොදුරු කරගන්න අයව තරහ ගස්සන්න. එහෙම වුණොත් අරියාදු කරන අයට පුළුවන් තමන්ට ඕන විදිහට එයාලව නටවන්න” කියලා නැන්සි විලඩ් එයා ලියපු පොතක කියනවා.—Cyberbullying and Cyberthreats.

මේක මතක තියාගන්න: සමහර වෙලාවට කිසිම දෙයක් නොකර ඉන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.

එකට එක කරන්න එපා. බයිබලයේ මෙහෙම කියනවා. “නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකරන්න.”—1 පේතෘස් 3:9.

ඒක හොඳ උපදෙසක් වෙන්නේ මේ නිසයි. “අපි තරහ අරන් වැඩ කළොත් අපිට අරියාදු කරන කෙනා ඒක දකින්නේ අපේ දුර්වලකමක් විදිහටයි. එතකොට එයා අපිට තවත් අරියාදු කරන්න පෙලඹෙනවා” කියලා එක පොතක සඳහන් වෙනවා. (Cyber-Safe Kids, Cyber-Savvy Teans) එකට එක කළාම ඔයායි, අරියාදු කරන කෙනායි අතර වෙනසක් නැහැ වගේ පේන්නත් පුළුවන්.

මේක මතක තියාගන්න: ගින්නට පිදුරු දාන්න එපා.

තත්වය පාලනය කරන්න. බයිබලයේ මෙහෙම කියනවා. “නපුරු දේවලට ඔබව පරාජය කරන්න ඉඩ නොදෙන්න.” (රෝම 12:21) දේවල් දුර දිග යවන්නේ නැතුව තත්වය පාලනය කරන්න ඔයාට පුළුවන්.

උදාහරණයකට:

  • මෙසේජස් එවන කෙනාව බ්ලොක් කරන්න. “ඔයා මෙසේජ් එක කියෙව්වේ නැත්නම් ඔයාගේ හිත රිදෙන්නෙත් නැහැ” කියලා එක පොතක සඳහන් වෙනවා.—Mean Behind the Screen.

  • මෙසේජ් එක කියෙව්වේ නැතත් සාක්ෂි හැම එකක්ම සේව් කරන්න. තර්ජනාත්මක ටෙක්ස්ට් මෙසේජ්, ඉන්ස්ටන්ට් මෙසේජ්, ඊ-මේල්, ඔයාගේ වෙබ් පේජ් එකක නැත්නම් සමාජ වෙබ් අඩවියක අනිත් අය දාපු මෙසේජ්, වොයිස් මෙසේජ් වගේ ඕනෑම දෙයක් මේකට ඇතුළත්.

  • අරියාදුව කරන කෙනාට ඒක නවත්වන්න කියන්න. තරහක්වත් දුකක්වත් පෙන්නන්නේ නැති ඍජු පණිවිඩයක් යවන්න. ඒක මේ වගේ වෙන්න පුළුවන්:

    • “මට ආයේ මෙසේජ් එවන්න එපා.”

    • “ඔයා දාපු දේ අයින් කරන්න.”

    • “මේක මෙතනින් නතර වුණේ නැත්නම් ඒක නතර කරන්න මම පියවර ගන්නවා.”

  • ආත්ම විශ්වාසය වැඩි කරගන්න. ඔයාට බැරි දේවල් ගැන හිතහිත ඉන්නවා වෙනුවට ඔයාට පුළුවන් දේවල් ගැන හිතන්න. (2 කොරින්ති 11:6) ශාරීරික හිරිහැර කරන අය වගේම සයිබර් අරියාදු කරන අයත් ලේසියෙන් අහු වෙන අයට තමයි හිරිහැර කරන්නේ.

  • වැඩිහිටියෙක්ට කියන්න. මුලින්ම ඔයාගේ අම්මලාට කියන්න. අරියාදු කරන කෙනා පාවිච්චි කරන වෙබ් සයිට් එකට හෝ වෙනත් සේවාවන්ට දැනුම් දෙන්නත් පුළුවන්. තත්වය බරපතළයි නම් ඔයායි, ඔයාගේ දෙමාපියනුයි ඔයාගේ පාසැලට හරි පොලීසියට හරි ඒ ගැන දැනුම් දෙන්න ඕනේ. නීතිඥයෙකුගේ උපදෙස් පතන්නත් පුළුවන්.

මේක මතක තියාගන්න: හිරිහැරය නතර කරන්න, එහෙමත් නැත්නම් ඒකෙන් ඔයාට වන බලපෑම අඩු කරන්න ඔයාට කරන්න පුළුවන් දේවල් තියෙනවා.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

නැටලි

“ඔයා පාවිච්චි කරන වෙබ් සයිට් එක හරහා කෙනෙක් ඔයාට අරියාදු කරනවා නම් ඒ වෙබ් සයිට් එකට යන්නේ නැතුව ඉන්න බැරිද? වෙබ් සයිට් එකට යන එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජනයට වඩා සිදුවන හානිය වැඩිද කියලා හිතලා බලන්න. ඒ පුද්ගලයාව බ්ලොක් කරන්න බැරිද? ඒ තත්වයෙන් මිදෙන්න ඔයාට කරන්න පුළුවන් මොනවා හරි දෙයක් තියෙනවා කියලා මතක තියාගන්න.”—නැටලි.

ඩේරියස්

ඔයාට කවුරු හරි සයිබර් අරියාදු කරනවා නම් වැඩිහිටියෙකුට කියන්න. ඔයා ‘බබෙක් වගේ,’ නැත්නම් ‘බයගුල්ලෙක්’ කියලා එයාලා කියයි කියලා බය වෙන්න එපා. බය නැතුව වැඩිහිටියන්ට ඒ ගැන කියන්නේ ශක්තිමත්, කොන්ද පණ තියෙන අයයි.—ඩේරියස්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න