ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 81 ලිපිය
  • කම්මැළිකමක් දැනෙනවා නම් . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කම්මැළිකමක් දැනෙනවා නම් . . .
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔයා දැනගෙන ඉන්න ඕන දේ
  • ඔයාට කරන්න පුළුවන් දේ
  • මගේ දරුවාට කම්මැළිකමක් දැනෙනවා නම් . . .
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • පාරාදීසයේ සදාකාල ජීවනය නීරස වෙයිද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය අධ්‍යයනයෙන් සතුටක් ලබන්නේ කෙසේද?
    2012 පිබිදෙව්!
  • සැමදා ජීවත් වෙන්න ඔබ කැමතිද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
යොවුන් සිතේ ගැටලු
ijwyp 81 ලිපිය
ගැජට් ළඟ තිබුණත් කම්මැළිකමේ උඩ බලාගෙන ඉන්න ළමයෙක්

යොවුන් සිතේ ගැටලු

කම්මැළිකමක් දැනෙනවා නම් . . .

හයියෙන් වහින දවසක ඔහේ ගෙදරට වෙලා ඉන්න වෙන එක තරම් කම්මැළි දෙයක් තවත් නැහැ කියලා ගොඩක් අය කියනවා. යෞවනයෙක් වන රොබට් කියන දේ බලන්න. “ඒ වගේ වෙලාවට ඉතිං මොනා කරන්නද? ඔහේ බලාගත්ත අතේ බලාගෙන ඉන්න තමයි වෙන්නේ.”

ඔයාටත් එහෙම හිතුණ වෙලාවල් තියෙනවාද? එහෙමනම්, මේ ලිපිය ඔයාට උදව් වෙයි.

  • ඔයා දැනගෙන ඉන්න ඕන දේ

  • ඔයාට කරන්න පුළුවන් දේ

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

ඔයා දැනගෙන ඉන්න ඕන දේ

  • ගැජට් එක අතට ගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ.

    ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දී කම්මැළිකම නැති කරගන්න පුළුවන් කියලා හිතුණත් ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. අරමුණක් නැතුව ඔහේ ඉන්ටර්නෙට් එක පාවිච්චි කරද්දී වෙන්නේ ඔයාගේ සිතීමේ හැකියාව අඩු වෙන එකයි. අලුත් දේවල් කරන්න ඔයාට තියෙන ආසාවත් අඩු වෙනවා. එහෙම බැලුවාම එකෙන් වෙන්නේ කම්මැළිකම තව වැඩි වෙන එකයි. අවුරුදු 21ක් වයස ජෙරමි කියන දේ බලන්න. “කරන්න දෙයක් නැති නිසා ඔහේ ෆෝන් එකේ එල්ලිලා හිටියා කියලා කම්මැළිකම නැති වෙන්නේ නෑ. ඒකෙන් වෙන්නේ ඔයාගේ නිර්මාණශීලි හැකියාව අඩු වෙන එක. මොකද ඔයාගේ මනස අලුත් දේකට යොදවන්නේ නැහැනේ.”

    යෞවනියක් වන එලේනාත් ඒ වගේ දෙයක් කියනවා. “ඉන්ටර්නෙට් එකේ ඉද්දී ඔයා ඉන්නේ වෙනම ලෝකෙක. ඕනෑවට වඩා නෙට් එකේ හිටියොත් ගෙදර කට්ටිය, යාළුවෝ ආශ්‍රය කරන එක වගේ දේවල් කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. අනික කොච්චර වෙලා කියලා ඉන්නද? ටික වෙලාවකට පස්සේ එපා වෙනවා. ඊටපස්සේ ඉතිං තවත් කම්මැළියි.”

  • දේවල් වෙනස් විදිහට දකින්න පුරුදු වෙන්න.

    වැඩ ගොඩක් දාගත්තා කියලා කම්මැළිකම නැති වෙන්නේ නැහැ. ඒකට කරන වැඩේට ආසාවක් ඇති කරගන්න ඕනේ. යෞවනියක් වන කෙරන් කියන දේ බලන්න. “ඉස්කෝලේ වැඩ ගොඩක් තිබුණාට මට ඒවා කරන්න ආසාවක් තිබුණේ නෑ. ආසාවක් නැත්නම් කොච්චර වැඩ තිබුණත් කම්මැළිකම නැති වෙන්නේ නැහැ.”

ඔයා දැනගෙන හිටියාද? කරන්න දෙයක් නැතුව ඉන්න එකෙත් හොඳ පැත්තක් තියෙනවා. මොකද අලුත් දෙයක් පටන්ගන්න ඒක හොඳ අවස්ථාවක්. ඒක හරියට අලුතින් දෙයක් වවන්න ලෑස්ති කරලා තියෙන පසක් වගේ.

මල් පෝච්චියක ගිටාර් එකක්, චිත්‍ර අඳින්න පාවිච්චි කරන දේවල් සහ පෑන් පැන්සල් තියෙනවා

කරන්න දෙයක් නැතුව ඉන්න එක අලුත් දෙයක් පටන්ගන්න හොඳ අවස්ථාවක්. ඒක හරියට අලුතින් දෙයක් වවන්න ලෑස්ති කරලා තියෙන පසක් වගේ

ඔයාට කරන්න පුළුවන් දේ

ජීවිතේට විවිධත්වයක් එක් කරගන්න. අලුත් යාළුවෝ ඇති කරගන්න එක, අලුත් විනෝදාංශයක් පටන්ගන්න එක, අලුත් විෂයන් අධ්‍යයනය කරන එක වගේ විවිධ දේවල් කරද්දී ඔයාට දැනෙන කම්මැළිකම අඩු වෙයි. එතකොට අනිත් අයටත් ඔයා එක්ක ඉද්දී කම්මැළිකමක් දැනෙන එකක් නැහැ.

බයිබල් ප්‍රතිපත්තිය: “ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න.”—දේශනාකාරයා 9:10.

“මං චීන භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. වෙලාවක් ලැබුණ ගමන් අලුත් වචන ඉගෙනගන්නවා. එහෙම හැම වෙලේම කරන්න වැඩක් තියෙනවා නම් කම්මැළිකමක් දැනෙන්නේ නැති තරම්. මට දැනුණේ මං මගේ කාලය ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරනවා කියලා.”—මෙලින්ඩා.

ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න. ඔයා කරන්න යන දෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන හිතනවා නම් ඔයාට ඒක කරන්න තියෙන ආසාවත් වැඩි වෙයි. ඉස්කෝලේ වැඩ කරද්දී වුණත් ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න. එතකොට ඒක කම්මැළි දෙයක් වෙන්නේ නැහැ.

බයිබල් ප්‍රතිපත්තිය: ‘මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මා දැක නැත.’—දේශනාකාරයා 2:24.

“විභාගේ ළං වෙද්දී මිස් වුණ ඒවා අල්ලගන්න මට වැඩිපුර පාඩම් කරන්න වුණා. ඒක කම්මැළි වැඩක් කියලා තමයි හිතුණේ. ඒත් පාඩම් කරලා විභාගේ පාස් වෙන එක ගැන හිතද්දී කම්මැළි නැතුව ආසාවෙන් ඒක කරන්න මට පුළුවන් වුණා.”—හැනා.

දේවල් වෙනස් වුණත් සතුට නැති කරගන්න එපා. ඔයා ගොඩක් ආසාවෙන් කරන දෙයක් වුණත් ආයේ ආයේ කරනකොට කම්මැළි හිතෙන්න පුළුවන්. ඒ වගේම ඔයා සැලසුම් කරගෙන හිටපු දෙයක් හදිස්සියේ වෙනස් වුණොත් ඒ වෙලාවේ කරන්න වෙන වැඩක් නැති නිසා ඔයාට කම්මැළිකමක් දැනෙන්න පුළුවන්. ඒ වගේ ඔයාට වෙනස් කරන්න බැරි දේවල් වෙද්දී මූඩ් ගහලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව කම්මැළිකම යවාගන්න වෙන මොනවා හරි දෙයක් කරන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි.”—හිතෝපදේශ 15:15.

“දවසක් මගේ යාළුවෙක් මට මෙහෙම කිව්වා. ‘යාළුවෝ නැත්තං සතුටින් ඉන්න බැහැ කියලා හිතන්න එපා. එහෙම හිතුවොත් යාළුවෝ නැති වෙලාවට ලොකු පාළුවක් දැනෙයි. තනියම ඉද්දී වුණත් සතුටින් ඉන්න පුරුදු වෙන එක ඔයාගේ ජීවිතේට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.’”—අයිවි.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

හැනා

“සමහර අය ඔහේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව එක එක දේවල් කරනවා. මං හිතන්නේ නැහැ එයාලට කවදාවත් කම්මැළිකමක් දැනෙනවා කියලා. ඉතිං මාත් අලුත් හොබී එකක් පටන්ගත්තා. එක එක විෂයන් ගැන හොයන්න කාලය ගත්තා. එහෙම කරද්දී මගේ දැනුම වැඩි වුණා විතරක් නෙමෙයි කම්මැළිකමත් අඩු වුණා.”—හැනා.

කේලබ්

“පොඩි කාලේ මම හිතුවේ වීඩියෝ ගේම් ගහන එකෙන් කම්මැළිකම නැති කරගන්න පුළුවන් කියලා. ඒත් පස්සේ මට තේරුණා ගේම් ගහන එකෙන් ලැබෙන දෙයක් නැහැ කියලා. ඇත්තටම වෙන්නේ කාලේ නාස්ති වෙන එක විතරයි. ඉතිං මං මගේ කාලේ ප්‍රයෝජනවත් දෙයක් වෙනුවෙන් පාවිච්චි කරන්න පටන්ගත්තා.”—කේලබ්.

මැකේලා

“ඉස්සර නම් මට හිතුණේ මගේ ජීවිතේ හරිම බෝරිං කියලා. ඒ නිසා මං අලුත් යාළුවෝ ඇති කරගත්තා. ඒකට මුල් පියවර ගන්න ඕනෙ මම, යාළුවෝ මං ළඟට එන කල් ඉඳලා හරි යන්නේ නැහැ. දැන් නම් කම්මැළි හිතෙන වෙලාවල් ගොඩක් අඩුයි.”—මැකේලා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න