කාමාල් වර්ති | ජීවිත කතාව
“හැමෝටම එක වගේ සලකන්න ඕනෙ කියලයි හැම තිස්සේම මට දැනුණේ”
1973 අගෝස්තුවල මායි, මගේ නංගිලා දෙන්නායි එංගලන්තයේ ට්විකනම්වල තිබුණ “දිව්‍ය ජයග්‍රහණය” කියන ජාත්‍යන්තර සමුළුවට ගියා. එහෙදී අපිට ඉන්දියාවේ 1926 ඉඳන් මිෂනාරි සේවේ කරපු සහෝදර එඩ්වින් ස්කිනර්ව හම්බ වුණා. අපි පන්ජාබි භාෂාව කතා කරනවා කියලා එයා දැනගත්තාම අපිට කිව්වා “ඔයාලා මෙහේ මොනවාද කරන්නේ? ඉන්දියාවට එන්නකෝ” කියලා. ඉතිං අපි ඉන්දියාවට ගියා. ඒක තමයි පන්ජාබි භාෂාව කතා කරන ක්ෂේත්රයට උදව් කරන්න මං තිබ්බ මුල්ම අඩිය. ඉන්නකෝ මං ඉස්සෙල්ලාම කියලා ඉන්නම් සමුළුවට කලින් වුණේ මොනවාද කියලා.
මං ඉපදුණේ 1951 අප්‍රියෙල් මාසේ කෙන්යාවේ නයිරෝබිවල. මගේ දෙමාපියන් ඉන්දියාවේ අය. එයාලා ඇදහුවේ සීක් ආගම. මගේ තාත්තා අම්මාව බැන්දාට පස්සේ තාත්තාගේ නෑණාවත් බැන්දා. එයා වැන්දඹුවක්. එයාව බඳින එක ගැන අපේ අම්මාට මුකුත් කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ. අම්මාටයි, කුඩම්මටයි එකම කාලේදී වගේ තමයි ළමයි හම්බ වුණේ. ඉතිං මං හැදී වැඩුණේ සහෝදර සහෝදරියෝ හුඟදෙනෙක් එක්ක. 1964 මට 13ක් වෙද්දී තාත්තා නැති වුණා.
යුක්තිය සොයා
මං ටික ටික ලොකු වෙද්දී අපේ පවුල ඇතුලේ තිබුණ ප්‍රශ්න මං දැක්කා. සමහර අයට විශේෂ සැලකිලි ලැබුණා. පස්සේ කාලෙක මං බයිබලේ ඉගෙනගද්දී මට තේරුණා අපේ පවුලත් හරියට රාකෙල්ගෙයි, ලෙයාගෙයි පවුල වගේ කියලා. අපේ පවුලේ අය අපේ ගෙදර වැඩට හිටපු කෙන්යාවේ අයට අයුතු විදිහටයි සැලකුවේ. එයාලා අපිට වඩා පහත් කියලයි අපිට ඉගැන්නුවේ. අපේ තාත්තාට ඕන වුණේ අපේ අහළ පහළ ඉන්න යුරෝපයේ අයට අපි කිට්ටු වෙනවා දකින්නයි. එයා කිව්වා එයාලාගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් කියලා. හැබැයි අප්‍රිකාවේ අයට අපි කිට්ටු වෙනවාට තාත්තා කැමති වුණේ නෑ. එයා කිව්වා එයාලාගෙන් අපිට ඉගෙනගන්න දෙයක් නෑ කියලා. පකිස්තානයේ අයව අපි ආශ්‍රය කරනවාටත් එයා කැමති වුණේ නෑ. එයාලා අපේ හතුරෝ කියලයි තාත්තා කිව්වේ. හැබැයි මට හිතුණා තාත්තා හිතන විදිහ වැරදියි කියලා. හැමෝටම එක වගේ සලකන්න ඕනෙ කියලයි හැම තිස්සේම මට දැනුණේ.
15වෙනි සියවසේ අගභාගයේදී නානාක් සාමි තමයි සීක් ආගම පටන්ගත්තේ. නානාක්ගේ ඉගැන්වීම් මාත් පිළිගත්තා. ඒ එක ඉගැන්වීමක් තමයි “ඉන්නේ එක සැබෑ දෙවි කෙනෙක්” කියන ඉගැන්වීම. හැබැයි සීක් අය අතරේ වෙන අසාධාරණකම් දැක්කාම මට හිතුණා මේ ආගමේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා.
හැබැයි මට තිබුණ ප්‍රශ්නේ ඒක විතරක් නෙමෙයි. සීක් ආගම පටන් අරන් ගෙවිලා තිබුණේ සියවස් ගාණක් විතරයි. ඉතිං මං කල්පනා කළා ‘මේකට කලින් මොකක්ද තිබ්බේ? දෙවියන් පිළිගන්න විදිහට මුලින්ම නමස්කාර කළේ කොහොමද’ කියලා. අපේ පවුලේ අය සීක් සාමිවරු දහදෙනෙක්ගේ පින්තූර තිබුණ කැලැන්ඩරයක් බිත්තියේ ගහගෙන හිටියා. ඉතිං මං කල්පනා කළා ‘මේ අය මොන වගේද කියලා අපි කොහොමද හරියටම දන්නේ? ඒ සාමිවරු කියන්නෙත් සැබෑ දෙවියන්ට විතරක් නමස්කාර කරන්න කියලා. එහෙනං ඇයි මේ මිනිස්සුයි, අපේ ගෙදර අයයි ඒ සාමිවරු ඉස්සරහා වැඳ වැටෙන්නේ?’
1965දී ඒ කියන්නේ මට 14ක් වෙද්දී අපේ පවුලේ අය ඉන්දියාවට ගියා. හැබැයි අපිට එච්චර සල්ලි බාගේ තිබුණේ නැති නිසා එහේ ජීවත් වෙන එක අපිට ටිකක් අමාරු වුණා. ඉතිං අපි අවුරුද්දකට විතර පස්සේ එක් කෙනා දෙන්නා ගාණේ එංගලන්තෙට යන්න පටන්ගත්තා. එහේ ගිහින් අපි ලයිසෙස්ටර් කියන පැත්තේ පදිංචි වුණා.
මට අවුරුදු 16ක් වෙද්දී මං එක එක විදිහේ රස්සා කරන්න පටන්ගත්තා. භාගෙට නවත්තපු මගේ ඉස්කෝලේ ගමන පටන්ගන්න මං රෑ පන්තිවලටත් ගියා. මං වැඩ කරන තැන අය සමහර අයට අසාධාරණ විදිහට සලකනවා මං දැක්කා. පිටරටවලින් ආපු අයට වඩා ඉංග්‍රීසි ජාතිකයන්ට එයාලා හොඳට ගෙවනවා. ඉතිං මං වෙන රටවල්වලින් ආපු කාන්තාවන්වත් එකතු කරගෙන වැඩ වර්ජනයක් කළා. අපේ ඉල්ලීම වුණේ හැමෝටම එකම ගාණ ගෙවන්න ඕනෙ කියලයි. මට ඕන වුණේ මුළු ලෝකෙම සාධාරණත්වය රජයන තැනක් කරන්නයි.
උත්තරේ හම්බ වුණා
මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හම්බ වුණේ 1968දී. ඒ, එයාලා අපේ ගෙදර දොරට තට්ටු කරපු වෙලාවේ. දේවරාජ්‍යයෙන් හැමෝටම එක වගේ සලකන කාලයක් ගේනවා කියන පොරොන්දුවට මගේ හිත ඇදිලා ගියා. එදා ආපු එක සාක්ෂිකරුවෙක් එයාගේ නෝනාත් එක්ක ආයේ සැරයක් මාව බලන්න ආවා. මායි, මගේ නංගි ජැස්වින්ඩයි, චානියි බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. පාඩම් හයක් කරද්දීම අපිට තේරුණා යෙහෝවා තමයි සැබෑ දෙවියන්, ඔහුගේ වචනය තමයි බයිබලය කියලා. ඒ වගේම දේවරාජ්‍යයට විතරයි පුළුවන් මේ හැම අසාධාරණකමක්ම නැති කරලා දාන්න කියලා.
හැබැයි අපි බයිබලේ පාඩම් කරන එකට ගෙදරින් සෑහෙන්න විරුද්ධ වුණා. අපේ තාත්තා නැති වුණාට පස්සේ කුඩම්මාගේ පුතා තමයි පවුලේ මූලිකත්වය ගත්තේ. කුඩම්මාගේ බලපෑම නිසා එයා අපිට ගොඩක් නපුරු විදිහට සැලකුවා. සැරයක් එයා බූට් දෙකක් දාගෙන හිටපු වෙලාවක චානිටයි, ජැස්වින්ඩටයි පයින් ගැහුවා. ඒ සපත්තුවේ ඉස්සරහා හදලා තිබුණේ යකඩවලින්. මට අවුරුදු 18ක් නිසා එයා දැනගෙන හිටියා මට ගැහුවොත් එයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. හැබැයි නංගිලට මොනවා කළත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා එයා දැනන් හිටියා. සැරයක් එයා බයිබලේ පෙරළලා, ඒකේ පිටු ගිනි තියලා නංගිලාගේ මූණට දමලා ගැහුවා. ගහලා කිව්වා “පුළුවන් නං ඔයාලාගේ යෙහෝවාට කියනවා මේක නිවලා දාන්න කියලා.” ඒ වෙද්දී අපි ගිහින් තිබුණේ රැස්වීම් කීපයකට විතරයි. හැබැයි අපිට ඕන වුණේ දිගටම එකම සැබෑ දෙවි යෙහෝවාට සේවේ කරන්න. ඒත් අපි හිටපු තත්වේ නිසා ඒක කරගන්න අපිට පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ නිසා අපි ප්ලෑන් කළා ගෙදරින් පැනලා යන්න.
අපි හොරෙන් හොරෙන් අපිට කෑමට, බස් එකට දෙන සල්ලි ඉතුරු කරන්න පටන්ගත්තා. හරි නං මං මගේ පඩියම කුඩම්මාට දෙන්න ඕනේ. හැබැයි ඒකෙනුත් පංගුවක් කොහොමහරි මං තියාගත්තා. අපි සූට්කේස් තුනක් අරගෙන ඒක ගෙදරින් පිට තැනක හංගලා තිබ්බා. ඊටපස්සේ විටින් විට ගිහිල්ලා ඒකට අපේ ඇඳුම් දැම්මා. 1972 මැයි වෙද්දී ජැස්වින්ඩට අවුරුදු 18 ලබන්න ඔන්න මෙන්න තිබුණේ. ඒ වෙද්දී ඉතුරු කරගත්ත පවුම් 100ක් විතර අපේ අතේ තිබුණා. ඉතිං අපි එංගලන්තයේ නිරිතදිගට වෙන්න තිබුණ පෙන්සෑන්ස්වලට කෝච්චියක් ගත්තා. ඊටපස්සේ අපි එහෙට ගියාම එහේ ෆෝන් බූත් එකකින් ඒ පැත්තේ සාක්ෂිකරුවන්ට කෝල් එකක් ගත්තා. ඒ සහෝදරයෝ අපිව හරිම ආදරෙන් පිළිගත්තා. අපි එක එක විදිහේ රස්සා කළා. කොටින්ම කිව්වොත් අපි මාළුත් සුද්ද කළා. එතකොට අපිට පුළුවන්නේ ඒ පැත්තෙන් කුලියට තැනක් ගන්න.
හැරී සහ බෙටී කියන මහලු යුවළත් එක්ක අපි දිගටම බයිබලේ පාඩම් කළා. 1972 සැප්තැම්බර්වලදී ටෲරෝ නමස්කාර මධ්‍යස්ථානයේ තිබුණ පුංචි තටාකයක අපි බව්තීස්ම වුණා. ඒ වෙද්දීත් අපි ගෙදර අයගෙන් හැංගිලයි හිටියේ. ඊටපස්සේ චානි පුරෝගාමි සේවේ පටන්ගත්තා. ඉතිං මායි, ජැස්වින්ඩයි ජොබ් කරලා එයාගේ වියහියදම් පියවගන්න උදව් කළා.
ප්‍රචාරකයන් අඩු පැත්තක
හැරීයි, බෙටීයි 90ට කිට්ටු කරලා හිටියත් එයාලා නිතර නිතර එංගලන්තයේ නිරිතදිගට වෙන්න තිබුණ සිසිලි දූපත්වලට සේවේ කරන්න ගියා. එයාලාගේ ඒ ආදර්ශය අපේ හිතෙත් ලොකු ආසාවක් ඇති කළා එයාලා වගේම සේවේ කරන්න. ඉතිං මං අර මුලින්ම කිව්වා වගේ 1973 සහෝදර ස්කිනර් එක්ක කරපු කතාබහෙන් පස්සේ අපිට තේරුම් ගියා අපි මොකක්ද ඊළඟට කරන්න ඕනෙ කියලා.
1974 ජනවාරිවල අපි ඉන්දියාවේ නවදිල්ලිවලට ගියා. එහේ හිටපු සහෝදර ඩික් කෝට්රිල් එහේ මිෂනාරි නිවාසෙක අමුත්තෝ විදිහට නවතින්න අපිට ඉඩ දුන්නා. චානි නං දිගටම ස්ථාවර පුරෝගාමි කරගෙන ගියා. මායි, ජැස්වින්ඩයිත් අපේ සේවේ වැඩි කළා.
ටික කාලයක් ගියාම අපිට කිව්වා පන්ජාබ්වල සේවේ කරන්න කියලා. ඉතිං අපි එහේ චන්දිගාර් කියන නගරේ මිෂනාරි නිවාසෙක තමයි ගිහින් නැවතුණේ. ඊටපස්සේ අපි වෙන තැනක් කුලියට ගත්තා. මං 1974 සැප්තැම්බර්වල ස්ථාවර පුරෝගාමි පටන්ගත්තා. ඊටපස්සේ 1975දී මට විශේෂ පුරෝගාමි කරන්න ආරාධනාවක් ලැබුණා. සේවේ යද්දී මට තේරුණා පන්ජාබි භාෂාවෙන් අපේ ප්‍රකාශන තිබුණා නං ඒක කොච්චර වටිනවාද කියලා. එතකොට යෙහෝවාගේ ආදරේ, යුක්තිය ගැන තව හුඟදෙනෙක්ට දැනගන්න පුළුවන්. 1976දී ඉන්දියාවේ ශාඛා කාර්යාලය අපෙන් ඇහුවා පන්ජාබි භාෂාවෙන් අපේ ප්‍රකාශන පරිවර්තනය කරන්න උදව් කරන්න පුළුවන්ද කියලා. ටයිප්රයිටරයක්වත් කොම්පියුටරයක්වත් නැතුව ඒ වැඩේ කරන එක එච්චර ලේසි නෑ. අපි පරිවර්තනය කරද්දී හැම දෙයක්ම ලිව්වේ අතින්. ඒවායේ හරි වැරදිත් බැලුවා. පස්සේ අපි ඒ පැත්තේ තිබුණ මුද්රණාලෙකට ගියා. ඒකේ තිබුණේ පරණ තාලේ මැෂින්. ඒ මැෂින්වලින් ප්‍රින්ට් කරන්න අකුරෙන් අකුර අතින් සෙට් කරන්න ඕනේ.
ඉන්දියාවේ චන්දිගාර් සභාවේ අය එක්ක
අසනීප මැද සතුටින්
අපේ තත්වයන් හරි ඉක්මනට වෙනස් වුණා. ජැස්වින්ඩ බැඳලා මහත්තයාත් එක්ක කැනඩාවට ගියා. චානිත් ඇමරිකාවෙන් ආපු ජර්මන් සහෝදරයෙක්ව බැඳලා එහෙට ගියා. මටත් හොඳටම අසනීප වුණා. ඉතිං 1976 ඔක්තෝබර්වල මං ආයේ එංගලන්තෙට ගියා. අම්මායි, මගේම මල්ලියි මට එයාලත් එක්ක නවතින්න කිව්වා. ඒ දෙන්නා සත්‍යයට විරුද්ධ නෑ. එංගලන්තෙට ගියාම හොයාගත්තා මට තියෙන්නේ හරිම කලාතුරකින් හැදෙන ලෙඩක් කියලා. ඒකෙන් වෙන්නේ මගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගේම රුධිර සෛල මරණ එක. ඒ නිසා මට එක එක විදිහේ ප්‍රතිකාර කරන්න වුණා. ආමාශයට ඉහළින් තිබුණ ප්ලීහාව කියන අවයවෙත් අයින් කළා. මට පුරෝගාමිත් නවත්තන්න වුණා.
මං යෙහෝවාට ඕනකමින් යාච්ඤා කරලා කිව්වා සේවේ කරගන්න පුළුවන් තරමට මට හොඳ වුණොත් මං අනිවාර්යයෙන්ම ආයේ පුරෝගාමි පටන්ගන්නවා කියලා. ඉතිං කියපු විදිහටම මං ඒක කළා. සැරින් සැරේ මගේ අසනීපේ ආයේ උඩට ආවත් මං 1978 වොල්වර්හැම්ටන් කියන පැත්තට ගියා. එහේ පන්ජාබි භාෂාව කතා කරන අය සෑහෙන්න හිටපු නිසා මං පුරෝගාමි කළා. අපි රැස්වීම්වලට ආරාධනා කරන්න පත්‍රිකා අතින්ම ලියලා ඒවා කඩවල්වලට දීලා කොපි ගහගත්තා. පස්සේ පන්ජාබි භාෂාව කතා කරන අයට ඒවා බෙදලා බයිබල් දේශනයට ආරාධනා කළා. දැන් බ්‍රිතාන්‍යයේ පන්ජාබි භාෂාව කතා කරන සභා පහකුත් කණ්ඩායම් තුනකුත් තියෙනවා.
ඉන්දියාවේදී මං පන්ජාබි භාෂා පරිවර්තකයෙක් විදිහට කරපු වැඩ ගැන බ්‍රිතාන්‍ය ශාඛා කාර්යාලය දැනන් හිටියා. ඉතිං 1980 ගණන්වල අන්තිම හරියේදී බ්‍රිතාන්‍ය ශාඛා කාර්යාලය මට කතා කළා. පස්සේ මං ලන්ඩන් බෙතෙල් එකට උදව් කරන්න පටන්ගත්තා. මට තිබුණේ ගුර්මුකි අක්ෂර අපේ ප්රකාශනවලට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ෆොන්ට් සහ සොෆ්ට්වෙයා හදන එක. ඔය කාලේ මට වැඩ කන්දරාවක් තිබුණා. මොකද අපේ අම්මා හිටියේ ටිකක් ඈතින් නිසා මං එයාව සැරින් සැරේ බලන්න යන්නත් ඕනේ. බෙතෙල් එකට යන්න එන්නත් ඕනේ. හැබැයි බෙතෙල් එකේ වැඩවලට සම්බන්ධ වෙන්න ලැබුණ එක මට ලොකු සතුටක්.
1980 ගණන්වල අග ලන්ඩන් බෙතෙල් එකේදී පුහුණුවක් ලබනවා
1991 සැප්තැම්බර්වල මට බෙතෙල් පවුලේ සාමාජිකයෙක් විදිහට සේවේ කරන්න එන්න කියලා කිව්වා. මට තිබුණේ අපේ ප්‍රකාශන පන්ජාබි භාෂාවට පරිවර්තනය කරන්න. මේක මං හීනෙකින්වත් හිතපු නැති දෙයක්. ඒත් මට හිතුණා මං මේ පැවරුමට සුදුසු නෑ කියලා. මොකද මට අසනීපයක් තිබුණා. අනිත් එක, අලුත් බෙතෙල් සාමාජිකයෙක් වෙන්න තිබුණ වයසත් මං පහු කරලයි හිටියේ. කොහොමවුණත් යෙහෝවා මට මේ විශේෂ අවස්ථාව දුන්නා. මං බෙතෙල් එකේ හරිම සතුටින් සේවේ කළත් මගේ අසනීපේ නං එහෙම්මම තිබුණා. කීමෝතෙරපියි, අනිත් ප්‍රතිකාරයි කරද්දී මට කීප සැරයක්ම ලේ ප්‍රශ්නේ ආවා. ඒත් මට ටික ටික හොඳ වෙන එක ගැන ලේ සම්බන්ධයෙන් මට ප්‍රතිකාර කරපු වෛද්‍යවරු හුඟක් පුදුම වුණා. එයාලා මට ලන්ඩන්වල ලොකු ඉස්පිරිතාලෙක සම්මන්ත්‍රණයකට එන්න කිව්වා. ඒකට විශේෂඥයන් 40ක් විතර ආවා. මං ලේ ගන්නේ නැත්තේ ඇයි කියලා විනාඩි 10ක් විතර මට ඒකෙදී පැහැදිලි කරන්න පුළුවන් වුණා. ඊටපස්සේ රෝහල් තොරතුරු අංශයේ සහෝදරයෙක් එයාලත් එක්ක ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් කළා.
මේ අමාරු කාලේ පුරාවටම ජැස්වින්ඩයි, චානියි දිගටම මාත් එක්ක ඉඳලා මට උදව් කළා. බෙතෙල් පවුලේ අයයි, මගේ අනිත් යාළුවෝයි උදව් කරපු විදිහත් මට අමතක නෑ. මේ හැම අමාරුකමක්ම මැද්දේ දිගටම මගේ පැවරුම කරන්න යෙහෝවා මාව ශක්තිමත් කළා.—ගීතාවලිය 73:26.
අපිව පොහොසත් කරන යෙහෝවාගේ ආශීර්වාදය
බෙතෙල් එකේ සේවේ කරපු අවුරුදු 33 පුරාවටම මං යෙහෝවා කොච්චර “යහපත්ද කියලා රස බලලා දැනගත්තා.” (ගීතාවලිය 34:8; හිතෝපදේශ 10:22) විශ්වාසවන්තව ඉන්න මහලු අයගේ ආදර්ශය මට ලොකු දිරිගැන්වීමක්. ආපස්ස හැරිලා බලද්දී මාත් එක්ක බයිබලේ පාඩම් කරපු අය යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න විදිහ දැක්කාම මට ලොකු සතුටක් දැනෙනවා. දැන් මට මගේ පවුලේ අය එක්කත් හොඳ බැඳීමක් තියෙනවා. මගේ අම්මායි, මල්ලියි සාක්ෂිකරුවෝ නෙමෙයි. හැබැයි අම්මා නිතරම මට කියනවා “ඔයා ඇත්තටම දෙවියන්ට කැප වුණ කෙනෙක්” කියලා. අම්මාව බලාගන්න ඕන නිසා මං බෙතෙල් එකෙන් එන්න හදද්දී මල්ලිත් කිව්වේ “ඔයා කරකර ඉන්න වැඩේ නියමයි. ඒක නවත්තන්න එපා” කියලා. අම්මා ඉන්නේ බෙතෙල් එකෙන් ටිකක් ඈත වැඩිහිටි නිවාසෙක වුණත් පුළුවන් හැම වෙලාවෙම මං එයාව බලන්න යනවා.
මං ජීවිතේ මොකක් හරි ප්‍රශ්නෙකට මූණ දෙද්දී මං මටම කියාගන්නවා ‘කාමාල්, බය වෙන්න එපා. යෙහෝවා ඔයාට පලිහක් වෙනවා. ඔයාට ගොඩක් ආශීර්වාද ලැබෙනවා’ කියලා. (උත්පත්ති 15:1) “යුක්තිය ඉටු කරන දෙවි” යෙහෝවා තරුණ කාලේම මාව තෝරගෙන මට කරන්න අර්ථවත් වැඩ දුන්න එකට මං ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. (යෙසායා 30:18) “කවුරුත් ‘මම අසනීපෙන්’” කියලා කියන්නේ නැති කාලේ එන කල් මං හරිම ආසාවෙන් බලන් ඉන්නවා.—යෙසායා 33:24.
චෙම්ස්ෆෝර්ඩ් බෙතෙල් එකේදී