ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • hdu 22 ලිපිය
  • බිහිරි අයවත් අමතක කරලා නැහැ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බිහිරි අයවත් අමතක කරලා නැහැ
  • ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ වීඩියෝ හදන්නේ කොහොමද?
  • බෙදාහරින්නේ කොහොමද?
  • යෙහෝවා දෙවි ඔවුන්ට දයාව පෙන්වා තිබෙනවා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ දෑතට යෙහෝවා ආශීර්වාද කළා
    යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා
  • ඔබේ බලප්‍රදේශයේ සිටින බිහිරි අයව සොයාගැනීමට වෑයම් කරන්න
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවියන් බිහිරි අයට ආදරෙයි
    තවත් ලිපි
තව තොරතුරු
ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
hdu 22 ලිපිය
සහෝදරියක් බයිබල් පදයක් සංඥා භාෂා වීඩියෝ එකකින් එයාගේ ටැබ් එකේ බලනවා.

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

බිහිරි අයවත් අමතක කරලා නැහැ

2022 ජූලි 1

යෙහෝවා දෙවියන්ට ඕනෙ හැම තරාතිරමකම ඉන්න මිනිස්සු ඔහු ගැනත් ඔහුගේ රාජ්‍ය ගැනත් දැනගන්නවා දකින්න. (1 තිමෝති 2:3, 4) ඒ නිසයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය සහ බයිබලය ඉගෙනගන්න උදව් වෙන ප්‍රකාශන පුළුවන් හැම කෙනෙක් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන්න උත්සාහ කරන්නේ. ඒක කරද්දී එයාලා බිහිරි අයවත් අමතක කරලා නැහැ. මේ වෙද්දී ප්‍රකාශන දහස් ගාණක් වීඩියෝ විදිහටa සංඥා භාෂා 100කට වඩා වැඩි ප්‍රමාණයකින් ලබාගන්න පුළුවන්. ඒත් මේ ප්‍රකාශන නිෂ්පාදනය කරන්නේ, බෙදාහරින්නේ කොහොමද? මේ වෙන කල් අපි මොන වගේ දියුණුවක්ද ලබලා තියෙන්නේ?

මේ වීඩියෝ හදන්නේ කොහොමද?

සංඥා භාෂා කණ්ඩායමක් එකතු වෙලා ප්‍රකාශනයක් සංඥා භාෂාවට පරිවර්තනය කරනවා.

විවිධ සංඥා භාෂාවලින් පොත් පත් පරිවර්තනය කරන කණ්ඩායම් ලෝකේ පුරාම ඉන්නවා. මුලින්ම පරිවර්තන කණ්ඩායම එකට එකතු වෙලා පරිවර්තනය කරන්න තියෙන ප්‍රකාශනය හොඳට අධ්‍යයනය කරනවා. ඊටපස්සේ ඒක සංඥා භාෂාවෙන් කියන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද කියලා හිතලා බලනවා. අන්තිමට ඒක වීඩියෝ එකක් විදිහට රෙකෝඩ් කරනවා. මේ වෙද්දී නොකඩවා හැම ප්‍රකාශනයක්ම පරිවර්තනය කරන සංඥා භාෂා කණ්ඩායම් 60කුත් අවශ්‍යතා අනුව පරිවර්තන වැඩවලට හවුල් වෙන කණ්ඩායම් 40කුත් ඉන්නවා.

ඉස්සර නම් සංඥා භාෂා වීඩියෝ හදන්න ලොකු වියදමක් ගියා. ඒ කාලේ කැමරා සහ අනිත් උපකරණ ගිනි ගණන්. ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝ රෙකෝඩ් කළේ ස්ටූඩියෝවල. සමහරවිට ඒ ස්ටූඩියෝ අපිටම හදන්න වුණා. එහෙම නැත්නම් තියෙන ගොඩනැඟිල්ලක් ස්ටූඩියෝ එකක් විදිහට වෙනස් කරන්න වුණා. ඒකටත් ලොකු වියදමක් ගියා. ඉතින් ඒ කාලේ පරිවර්තන කණ්ඩායමකට ඕනෙ කරන හැම දෙයක්ම දෙන්න ඩොලර් 30,000කටත්b වඩා වැඩියෙන් වියදම් වුණා.

ලැබෙන සම්මාදම් සහ වැය වෙන කාලය ඉතුරු කරගෙන හොඳම විදිහට මේ වීඩියෝ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා සංවිධානය හොයලා බැලුවා. ඒ වෙනුවෙන් වැඩේට හොඳටම ගැළපෙන, හැබැයි එච්චර ගණන් නැති අලුත්ම තාක්ෂණික උපකරණ පාවිච්චි කරන්න තීරණය කළා. ඒ විතරක් නෙවෙයි ස්ටූඩියෝ එකකට ගිහිල්ලා රෙකෝඩ් කරනවා වෙනුවට එයාලගේම ඔෆිස් එකේ තියෙන ග්‍රීන් ස්ක්‍රීන් එකක් ඒ කියන්නේ කොළ පාට පසුබිමක් ඉස්සරහා රෙකෝඩ් කරන්නත් පටන්ගත්තා. වීඩියෝ එකක සහෝදර සහෝදරියන් කීපදෙනෙක් ඉන්නවා නම් එයාලට පුළුවන් එයාලගේ ගෙදරම එහෙම නැත්නම් ඔෆිස් එකේම ඉඳන් එයාලගේ කොටස් රෙකෝඩ් කරලා එවන්න. ඒ නිසා ස්ටූඩියෝ එකකට යන්න ඕනෙ වෙන්නෙත් නැහැ.

පරිවර්තන කණ්ඩායමක් සංඥා භාෂාවෙන් ප්‍රකාශනයක් රෙකෝඩ් කරනවා. වීඩියෝ එකේ ඉන්න සහෝදරයා ග්‍රීන් ස්ක්‍රීන් එකක් ඉස්සරහා ඉන්නවා.

මේ වීඩියෝ හදන්න උදව් වෙන සමහර සොෆ්ට්වෙයා සංවිධානයෙන්ම නිර්මාණය කළා. ඒ නිසා සංඥා භාෂා වීඩියෝ එකක් හදන්න දැන් යන්නේ කලින් ගත්ත කාලෙන් භාගයයි. මේ ලබපු දියුණුව සහෝදරයෝ ගොඩක් අගය කරනවා. බලන්න සහෝදර ඇලෙක්සැන්ඩර් ඒ ගැන කියන දේ. “දැන් වෙනදාටත් වඩා වැඩියෙන් සංඥා භාෂා වීඩියෝ අපිට ලැබෙනවා. මං හැමදාම ඒවා බලනවා. මං ඒවාට හරිම ආසයි.”

දැන් සංඥා භාෂා කණ්ඩායමකට අවශ්‍ය පහසුකම් දෙන්න වියදම් වෙන්නේ ඩොලර් 5,000කටත් වඩා අඩු ගාණක්. ඒ නිසා තව තවත් සංඥා භාෂාවලින් ප්‍රකාශන පරිවර්තනය කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.

බෙදාහරින්නේ කොහොමද?

පරිවර්තන වැඩ ඉවර වුණාට පස්සේ ඒ වීඩියෝ අනිත් අයට බෙදාහරින්නත් ඕනේ. ඉස්සර නම් ඒවා සහෝදරයන්ට දුන්නේ කැසට් සහ DVD විදිහට. හැබැයි ඒක ලොකු වියදමක්, ලොකු කාලයක් යන වැඩක්. ඒ වෙනුවෙන් සෑහෙන මහන්සි වෙන්නත් වුණා. ඊටපස්සේ පිට ආයතනයකට යවලා ඒ වීඩියෝවල කොපි හැදුවා. ඒ ඔක්කොම කළාට පස්සේ තමයි වීඩියෝ කැසට් සහ DVD සභාවලට යවන්න නැව්ගත කළේ. 2013 විතරක් ඒ විදිහට DVD හදන්න ඩොලර් 20,00,000ටත් වඩා වියදම් වෙලා තියෙනවා.

අතේ ගෙනියන්න පුළුවන් පොඩි DVD ප්ලේයර් එකක් සහ සංඥා භාෂාවෙන් තියෙන DVD කීපයක්.

ඒ සැපයුම් අපේ බිහිරි සහෝදර සහෝදරියන් හුඟක් අගය කරනවා. හැබැයි හැම වෙලාවෙම ඒවා පාවිච්චි කරන එක ලේසි නැහැ. විශේෂයෙන්ම කැසට්, DVD ගොඩ ගැහෙද්දී. සමහර වෙලාවට එක බයිබල් පොතක් වුණත් කොටස් කොටස් විදිහට වෙන වෙන තැටිවල තමයි රෙකෝඩ් කරලා තියෙන්නේ. බ්‍රසීලයේ ඉන්න සහෝදර ජිල්නේ කියන දේ බලන්න. “ඉස්සර බයිබල් පදයක් කියවන්න ඕනෙ වුණාම මුලින්ම හරි කැසට් එක හොයාගන්න ඕනේ. එතකොට එපා වෙනවා.” සහෝදරි හෆායිනී මෙහෙම කියනවා. “පෞද්ගලික අධ්‍යයනය කරද්දී බයිබලේ කියවන්න, සඟරා පොත් පත් කියවන්න ලොකු වෙලාවක් යනවා. අධ්‍යයනය කරලා ඉවර වෙද්දී හොඳ පණ ගිහින් ඉවරයි.” අපේ සහෝදර සහෝදරියන්ට මේවා සේවේදී පාවිච්චි කරන්නත් ලේසි වුණේ නැහැ. මොකද එයාලට සිද්ධ වෙනවා සේවේ යද්දී කැසට්, DVD අරන් ගිහින් උනන්දුව පෙන්නන කෙනාගේ ටීවී එකේ දාලා ඒවා පෙන්නන්න. සමහර වෙලාවට සහෝදරයෝ එයාලගේ DVD ප්ලේයර් එකත් සේවේ යද්දී උස්සන් යනවා. හැබැයි වැඩි කල් යන්න කලින් ලේසියෙන්ම අතේ ගෙනියන්න පුළුවන් පොඩි DVD ප්ලේයර් වෙළඳපොළට ආපු නිසා හුඟක් සහෝදරයන් ඒවා පාවිච්චි කරන්න ගත්තා. ඇමරිකාවේ ඉන්න සහෝදර බොබී කියන දේ බලන්න. “බයිබල් පදයක් පෙන්නන්න හැට පැයක් යනවා. මොකද එක බයිබල් පදයක් පෙන්නලා තව එකක් පෙන්නන්න නම් ඒ DVD එක අරගෙන තව එකක් දාන්න ඕනේ. ඉතින් බයිබල් පදයක් පෙන්නන්න හැට පැයක් යනවා. ඒ නිසා සේවේදී බයිබලේ පාවිච්චි කරන්න හිතෙන්නෙත් නෑ.”

2013දී සංවිධානයෙන් ‘JW ලයිබ්‍රරි සංඥා භාෂාව’ කියන ඇප් එක මුදාහැරියා. ඒ නිසා සහෝදරයන්ට එයාලගේම ටැබ් එකෙන්, ෆෝන් එකෙන් සංඥා භාෂා වීඩියෝ බලන්න අවස්ථාව ලැබුණා. මුලින්ම ඒ ඇප් එක තිබුණේ ඇමරිකානු සංඥා භාෂාවෙන් විතරයි. හැබැයි 2017දී අනිත් හැම සංඥා භාෂාවකම වීඩියෝ ඒකට ඇතුළත් කළා. ඒ ගැන ලෝකේ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ට දැනුණේ කියාගන්න බැරි සතුටක්. බලන්න බ්‍රසීලයේ ඉන්න සහෝදර ජුසෙලීනෝ කියන දේ. “ඒක දැක්කාම මට අදහාගන්න බැරි වුණා. පාලක මණ්ඩලේ සහෝදරයන් මං වගේ බිහිරි අයට කොච්චර ආදරෙයිද කියලා මට දැනුණා. කතා කරන්න පුළුවන් අය වගේම අපිත් සත්‍යය තුළ දියුණු වෙනවා දකින්නයි එයාලට ඕනේ. මේ ඇප් එක බයිබලේ ගැන අධ්‍යයනය කරන්න මගේ හිතේ තිබුණ ආසාව තවත් වැඩි කළා.”

සහෝදරියක් “JW ලයිබ්‍රරි සංඥා භාෂාව” ඇප් එකෙන් “විශ්වාසයෙන් දිවි ගෙවූ දානියෙල් - 2වෙනි කොටස” කියන වීඩියෝ එක බලනවා.

සහෝදරියක් ‘JW ලයිබ්‍රරි සංඥා භාෂාව’ ඇප් එක පාවිච්චි කරනවා

මේ වෙද්දී සංඥා භාෂාවෙන් හදන හැම වීඩියෝ එකක්ම අපේ වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි සංඥා භාෂාව’ ඇප් එකෙන් බලන්න පුළුවන්. ඒ නිසා සංඥා භාෂා ප්‍රකාශන පරිවර්තනය කරන්න, රෙකෝඩ් කරන්න සහ බෙදාහරින්න ඉස්සර වගේ මාස ගණන්, අවුරුදු ගණන් යන්නේ නැහැ. ඒ නිසා අනිත් සහෝදරයන්ට ප්‍රකාශන ලැබෙන වෙලාවේදීම බිහිරි සහෝදරයන්ටත් එයාලගේ ප්‍රකාශන ලැබෙනවා.

යෙහෝවාගේ සංවිධානය අපේ බිහිරි සහෝදර සහෝදරියන් වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන එයාලට හැඟෙන්නේ කොහොමද කියලා අපි ටිකක් අහලා බලමු. සහෝදරි ක්ලේසියා මෙහෙම කියනවා. “බිහිරි අපිට ඕනෙ පෝෂණය දැන් හරිම ලේසියෙන් ගන්න පුළුවන්. යෙහෝවාගේ සංවිධානය තරම් බිහිරි අය ගැන සැලකිලිමත් වෙන තවත් සංවිධානයක් මේ ලෝකේ තියෙනවාද?” ව්ලැඩිමියර් මෙහෙම කියනවා. “කතා කරන්න පුළුවන් අයට විතරක් නෙවෙයි කතා කරන්න බැරි අපි වගේ අයටත් යෙහෝවා දෙවියන් ගොඩක් ආදරෙයි කියලා මට දැනුණා.”

අපේ හැම සංඥා භාෂා වීඩියෝ එකකම මෙහෙම සඳහන් වෙලා තියෙනවා. “මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි.” ඔව්, බයිබලය සහ බයිබලය ඉගෙනගන්න උදව් වෙන සංඥා භාෂා ප්‍රකාශන ඇතුළු හැම ප්‍රකාශනයක්ම මිනිස්සු අතරට යන්නේ ඔයාලා සතුටු සිතින් දෙන සම්මාදම් නිසයි. donate.jw.org කියන වෙබ් අඩවිය හරහාත් වෙනත් විදිවලිනුත් ඔයාලා දෙන ඒ සම්මාදම්වලට ඔයාලට ගොඩක් ස්තුතියි!

a සංඥා භාෂාවෙන් අදහස් හුවමාරු කරගන්නේ අත් දෙක සහ මුහුණේ ඉරියව් පාවිච්චි කරලා නිසා සංඥා භාෂා ප්‍රකාශන තියෙන්නේ වීඩියෝ විදිහට.

b මේ ලිපියේ ඩොලර් කියලා කියන්නේ ඇමරිකානු ඩොලර්වලටයි.

මෙතෙක් ආ දුර

1992: සංඥා භාෂාවෙන් පළවෙනි වීඩියෝ කැසට් එක මුදාහරියි

2002: සංඥා භාෂාවෙන් පළවෙනි DVD එක මුදාහරියි

2013: ‘JW ලයිබ්‍රරි සංඥා භාෂාව’ ඇප් එක මුදාහරියි

2017: ‘JW ලයිබ්‍රරි සංඥා භාෂාව’ ඇප් එකට හැම සංඥා භාෂාවකම වීඩියෝ ඇතුළත් කරයි

2020: ලෝකේ මුල්ම වතාවට ඇමරිකානු සංඥා භාෂාවෙන් ශුද්ධ බයිබලය ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න