මහලු අයට ව්‍යායාමය ප්‍රයෝජනවත් ද?
“වයසට යෑමේ ක්‍රියාවලිය වෙනස් කිරීමට ව්‍යායාමයට හැකි ද?” වසර පහකට පමණ පෙර එය ද න යෝක් ටයිම්ස් හි ශීර්ෂ පාඨයක් විය. ලිපිය වාර්තා කළේ මෙසේ ය: “[බොස්ටන් හි] ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාඥයන් සොයා ගෙන තිබෙන්නේ වයස අවුරුදු 90ක පමණ සිටින අය ව බර ඉසිලීමේ දැඩි කාල සටහනක නිරත කළහොත් වඩා වැඩි ශක්තියකින් යුතු වීමටත්, එපමණක් නොව ඔවුන්ගේ මාංස පේශීන්ගේ ප්‍රමාණය වැඩි කිරීමටත් හැකි බවයි.”
මහලු අයට ඇත්තෙන් ම ව්‍යායාමයෙන් ප්‍රයෝජන ලැබිය හැකි බවට සාක්ෂි දිගට ම වැඩි වන්නට විය. එක්දහස් නවසිය අනූවේ අධ්‍යයනයක් පිළිබඳ ව 1991 පෙබරවාරි හවාඩ් හෙල්ත් ලෙටර් කලාපයේ පළ වූ වාර්තාවක මෙසේ පැවසේ: “වයස අවුරුදු 87 සහ 96 අතර [සාත්තු නිවාසයේ පදිංචි] නව දෙනෙක්, අධි වේගයෙන් බර ඉසිලීමේ ශාරීරික ව්‍යායාම පුහුණු වීමෙහි මාස දෙක සම්පූර්ණ කළහ.” මෙම අධ්‍යයනය සම්බන්ධයෙන්, මායෝ ක්ලිනික් න්යූවෂන් ලෙටර් පැහැදිලි කළේ මෙසේ ය: “එහා මෙහා සෙලවීම සිදු කරන පරීක්ෂණයන්වල දී සහභාගි වූවන්ගේ පාදවල මාංස පේශිවල ශක්තිය දෙගුණයකින් පමණ වැඩි වූ අතර කලවේ මාංස පේශිවල ප්‍රමාණය සියයට 9කින් වැඩි දියුණු විය.
පර්යේෂකයන් වාර්තා කළේ මෙසේ ය: “ඔවුන්ගේ මහලු වයස, අතිශයින් එක්තැන් වී සිටීමේ පුරුදු, විවිධ නිදන්ගත රෝග, ක්‍රියා කිරීමේ දුබලතාවයන් සහ පෝෂ්‍යදායී ඌනතාවයන් සම්බන්ධයෙන් සලකා බලද්දී, ශක්තිමත් කිරීමේ පුහුණුව පිළිබඳ අපගේ විෂයන්ට පක්ෂ ව ලැබුණු ප්‍රතිචාරය අති විශිෂ්ට ය.” ව්‍යායාමයේ වටිනාකම යළි යළිත් ප්‍රයෝජනවත් බව ඔප්පු වී තිබේ.
උදාහරණයක් ලෙස, එක්දහස් නවසිය හැත්තෑ නවයේ දී අංශභාග රෝගයෙන් පෙළුණු 90-වියැති ජැක් සීබර්ට් ගැන සලකා බලන්න, ඔහුගේ දකුණු පැත්ත පණ නැති වීමෙන්, ඔහුට ආධාරකයක උපකාරයක් නොමැති ව ඇවිදීමට නොහැකි විය. වසර දහයකට වඩා සෑම උදෑසනක ම පාහේ ඔහු ඇඳෙහි දිගා වී, පණ ඇති සිය වම් පාදය උස්සමින්, කෙනෙක් පාපැදියක් පදින ආකාරයට විනාඩි 20ක් පමණ එය සොලවන්නේ ය. ඇතැම් අවස්ථාවල දී ඔහු (පින්තූරයේ පෙනෙන පරිදි) වම් පාදය මත පණ නැති දකුණු පාදය තබා දෙක ම එකට කරකවන්නේ ය. මෙම ක්රමික ව්‍යායාමය ඔහුගේ පාදවල මාංස පේශි ශක්තිමත් කරන බැවින් ඔහුට තවදුරටත් ආධාරකයකින් ඇවිදීමට හැකි වනවා පමණක් නොව නමුත්, සිය හෘද්වාහිනී පද්ධතිය පවත්වාගෙන යාමට එය ඔහුට උපකාරවත් වී ඇති අතර ඔහු ව මානසික ව ද අවදියෙන් තබා ඇත.
එබැවින්, ව්‍යායාම පටන් ගැනීමට කිසිවිටෙකත් ප්‍රමාද වැඩි වීමක් නැති බව මතක තබා ගන්න. වයස අවුරුදු 82ක් වූ ජෝන් කෙලි 1990 දී කළාක් මෙන්, පැය පහකුත් විනාඩි පහකින්, සැතපුම් 26, යාර 385ක බොස්ටන් මැරතන් ධාවන තරඟයක ඔබ කිසිදාක නොදුවන බව සැබෑවකි. වයස 84ක් වූ මේවිස් ලින්ඩ්ග්‍රන් මුත්ත ආච්චි 1991 දී සිදු කළාක් මෙන්, එම දුර ප්‍රමාණය පැය හතකුත් විනාඩි නවයකින් සම්පූර්ණ කිරීමට පවා ඔබට නොහැකි විය හැක. කෙසේ නමුත්, හෘදය පිළිබඳ අමෙරිකානු සංගමයේ සඟරාවක් වන සර්ක්යූලේෂන්, ඉකුත් වසරේ උදක් ම ඉල්ලා සිටියේ මෙසේ ය: “ක්‍රියාශීලී වීමට මාර්ග සෙවීමේ පුරුද්ද ඇති කරගැනීම වැදගත් දෙයකි.”
සඟරාව පැහැදිලි කළේ මෙසේ ය: “වේගය අඩු ක්‍රියාවලියන් පවා දින පතා කරන විට දිගු කාලීන සෞඛ්‍ය ප්රයෝජනයන් ලබා ගත හැකි අතර හෘද්වාහිනී රෝගයේ අවදානම ද අඩු කර ගත හැක. එවන් ක්‍රියාකාරකම්වලට ඇතුළත් වන්නේ ආස්වාදය-සඳහා ඇවිදීම, මල් ආදිය වැවීම, මිදුලේ වැඩ, ගෙදර වැඩ, නැටීම සහ නිර්දේශ නිවාස ව්‍යායාමය යනාදි දෑ ය.”
g93 10/22
[23 පිටුවෙහි ඇති පින්තූර]
හදිසි ආබාධයට ගොදුරු වූ මෙම 90-වියැති තැනැත්තා මෙන් ආබාධිත මහලු පුද්ගලයෙකුට ව්‍යායාමයෙන් ප්‍රයෝජන ලැබිය හැක