කෑරලුන් උන්ගේ බෙලි කඩා නොගන්නේ මන්ද?
කෑරලෙක් ගසක ගුල් හාරන ශබ්දය ඔබට කවදා හෝ ඇසී තිබෙනවාද? ලොව පුරා කෑරලුන්ගේ වර්ග විශේෂයන් 200ක් පමණ සිටින නිසා, ඌ නොනැවතී කොටන විට කුඩා කාලතුවක්කුවක හඬක් වැනි හඬක් නිකුත් වෙනවා ඔබට ඇසී තිබෙන්නට පුළුවන. ගසක පොත්තකට හොටෙන් කොටමින් සිටි උන්ගෙන් එකෙකු දුටු විට, මට මෙසේ කල්පනා කරන්නට සැලසුවා, එනම් ‘ඌ උගේ බෙල්ල කඩා නොගන්නේ හෝ මොළයට අනතුරු කරනොගන්නේ මන්ද?’ මිනිසුන් වන අප එවැනි ප්රචණ්ඩ ක්‍රියාවක නිරත වුවහොත්, නාඩි පද්ධතියේ දෝෂ නිසා ඇති වන වේදනාවට ප්‍රතිකාර කරන්නෙකුගේ [Chiropractor] හෝ මොළය පිළිබඳ ශල්‍ය විශේෂඥයෙකුගේ අවධානය අපට අවශ්‍ය වනු ඇත! එබැවින්, රහස කුමක්ද?
උදාහරණයක් වශයෙන් එක්සත් ජනපදයේ නැගෙනහිර කොටසෙහි දක්නට ලැබෙන රතු-උදරය සහිත කෑරලා ගැන සලකා බලන්න. බුක් ඔෆ් නෝත් අමෙරිකන් බර්ඩ්ස් (උතුරු අමෙරිකානු පක්ෂීන් පිළිබඳ පොත) මෙසේ සඳහන් කරයි: “බරෙන් යුතු එමෙන්ම නියනක-හැඩැති උගේ හොටෙන් ගසේ පොත්ත පතුරු ගසා එහි යට සිටින කෘමීන් අල්ලා ගනියි, ගුල් හාරන කුරුමිණියන්ව අල්ලා ගැනීමට ගුල් සාදයි, කැදැල්ල සඳහා ගුලක් හාරා ගන්නා අතරේදී ලී කුට්ටි පිටින් කපා දමයි.” ලී කුඩුවලින් ඌම ආරක්ෂා වන්නේ කෙසේද? “උගේ නාස්පුඩු කදිම කෙඳි සහිත පිහාටුවලින් යුත් කුඩා මුව වැස්මකින් හොඳින් ආවරණය වී තිබේ.”
එමෙන්ම හිස ප්‍රබල කම්පනයකට ලක්වීම ගැන කුමක් කිව හැකිද? “මොළයට අනතුරු වීම වළක්වා ගැනීමට . . . , ශක්තිමත් බෙල්ලක්, ඝන හිස්කබලක් සහ බරෙන් යුත් බාහිර පටලයෙහි හා මොළයෙහිම පිහිටි කොට්ටයක් සේ ක්‍රියාකරන හිදැසක් විශේෂ ආරක්ෂකයන් වශයෙන් ක්‍රියා කරයි.”
යුෂ උරා බොන කහ-උදරයෙන් යුත් තවත් කෑරලෙක්, යුෂ උරා බොනුවස් පිළිවෙළකට ගුල් පේළි හාරයි. කෘමීන් ඩැහැගැනීම සඳහා තුඩක් සහිත විශ්වාස කළ නොහැකි තරමටම දිග, සිලින්ඩරාකාර දිවක් තිබෙන රතු-උදරය සහිත කෑරලා මෙන් නොව, ඌට එනම් යුෂ උරා බොන්නාට යුෂ ලෙව කා බීමට ආධාර වන කදිම ලොම් සහිත වඩා කුඩා දිවක් තිබේ.
සැබවින්ම අති රමණීය වූ එවැනි විවිධ නිර්මාණයන්ගෙන්, නිර්මාතෘවරයෙකු ගැන, එනම් යෙහෝවඃවහන්සේ ගැන කදිමට කියාපායි. යටහත් පහත්භාවයෙන් යුතුව යෝබ්ගේ මෙම වචන ප්රතිනාද වීමට අප විසින් සැලැස්විය යුතුයි: “ඔබවහන්සේට සියල්ලම පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වලක්වන්ට බැරි බවත් දනිමි.” තවද දාවිත් මෙසේ ලිවීය: “ඔබගේ කර්මාන්ත ආශ්චර්යවත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.”—යෝබ් 42:2; ගීතාවලිය 139:14. g94 1/8
[27 හිමිකම් වඟන්තිය]
Leonard Lee Rue, 111/ H. Armstrong Roberts
Left: H. Armstrong Roberts වමේ: එච්. ඇර්ම්ස්ට්රොං රොබර්ට්ස්