ඔබ නින්දේදී ගොරවන්නෙහිද?
ඔබ නින්දේදී තදින් ගොරවන්නෙක්ද? සමහරුන් තදින් ගොරවන අතර ඒ ගැන දන්නේවත් නැත. මෙබැවින්, තමන් දුර්වලව හා කෙඩෙත්තු ගතියෙන් අවදිවන්නේ මන්දැයි ඔවුහු නොදනිති. ඔවුන්ගේ ආබාධය හඳුන්වන්නේ නිදා ඇප්නියාව වශයෙනි. මෙම ආබාධයෙන් පෙළෙන පුද්ගලයෙකු නිදන අතරතුරේදී, ශ්වසන මාර්ග විවෘතව තබන උගුරේ පේශි ශ්වසන මාර්ග වැසෙන තරමටම ප්‍රසාරණය වේ. හුස්ම ගැනීම සඳහා පුද්ගලයා මුඛය ඇරීමට පෙර විනාඩියක් පමණ ගත විය හැකි අතර සුළු වේලාවකට අවදි වේ. ඇප්නියාවෙන් පෙළෙන වැඩි දෙනෙකු තමන්ගේ නින්දට බාධාවන බව දන්නේ නැත. හෝඩුවාවක් ලැබිය හැක්කේ, ගෙරවීමෙන් බොහෝවිට අවදිවන කාමරයේ එකට වෙසෙන මිතුරාගෙන් පමණි. මෝටර් රථ හා රැකියා අනතුරුවලට ඇප්නියාව දායක වන බවට ප්‍රවීණයන් විශ්වාස කරන අතර, එය ආඝාත හා හෘදාබාධවලට සාධකයක් විය හැක.
විසඳුමක් තිබේද? (වෛද්‍යවරුන්ගේ හා ශල්‍ය වෛද්‍යවරුන්ගේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ) කම්ප්ලීට් හෝම් මෙඩිකල් ගයිඩ් මෙසේ උපදෙස් දෙයි: “බොහෝ විට ස්ත්රීන්ට වඩා 20 ගුණයකට වැඩියෙන් පුරුෂයන්ට මෙය බලපායි. මෙයින් පෙළෙන අයගෙන් අඩකටත් වඩා වැඩිදෙනෙක් මහත අයයි. එය තවදුරටත් වාතයේ සාමාන්‍ය ගලා ඒම අඩු කරයි. එබැවින්, බර අඩු කිරීම ප්‍රතිකාරයේ වැදගත් කොටසකි.” එම මූලාශ්‍රයේම යෝජනා කරන්නේ රෝගී තත්ත්වය ඉතා උග්‍ර අයට, ශ්වසන මාර්ගයේ බාධකය අඩු කිරීමට සැත්කමක් කිරීම සුදුසු විය හැකි බවය. 94 9/8