වසර 40කට වැඩි කාලයක් කොමියුනිස්ට් තහනම යටතේ
යර්මිලා හලොවා පැවසූ පරිදි
වේලාව: 1952, පෙබරවාරි 4, මධ්‍යම රාත්‍රියෙන් පසු. ස්ථානය: ප්රාග්, චෙකොස්ලොවැකියාවෙහි පිහිටි අපගේ නිවසේදීය. දිගටම නාද වූ දොරේ සීනු හඬින් අපි අවදි වුණෙමු. ඉන්පසු පොලීසිය කඩා වැදුණහ.
මව, පියා, මාගේ බාල සහෝදරයා පැවල්, සහ මා විවිධ කාමරවල දමා මුරකරුවෙකු බැගින් තබා, පොලීසිය සියලුම දේ පරීක්ෂා කිරීමට පටන්ගත්හ. පැය 12කටත් වැඩි කාලයකට පසුවත් ඔවුහු තවමත් එය කරමින් සිටියහ. ඔවුන්ට සම්බ වූ සියලුම පොත් පත්වල ලැයිස්තුවක් සෑදීමෙන් පසු, ඔවුහු ඒවා පෙට්ටිවල ඇසුරූහ.
අනතුරුව, මෝටර් රථයට නඟින මෙන් මට අණ කර, කළු ඇස් කණ්ණාඩි කුට්ටමක් දමන ලදි. එය පුදුම යමක් මෙන් පෙනෙන්ට තිබුණත්, කණ්ණාඩිය මඳක් සකස් කර ඔවුන් මා ගෙන යන්නේ කොයිබටදැයි බලාගැනීමට මට හැකි විය. වීදි හුරුපුරුදු ඒවා විය. අප පැමිණීමට නියමිත ස්ථානය වූයේ, අපකීර්තිමත් රාජ්යාරක්ෂක මූලස්ථානයටයි.
ඔවුහු මා මෝටර් රථයෙන් එළියට තල්ලු කළෝය. කණ්ණාඩි කුට්ටම ඉවත් කිරීමෙන් අනතුරුව, මා අපිරිසිදු කාමරයක සිටිනවා දුටිමි. නිල ඇඳුමක් ඇඳගත් කාන්තාවක් මාගේ ඇඳුම් ගලවා වැඩ සඳහා අඳින ඝන කලිසමක් හා කමිසයක් ඇඳගැනීමට මට අණ කළාය. මාගේ ඇස් වැසීම පිණිස රෙදිකඩක් මාගේ හිස වටේ බැඳ, කාමරයෙන් ඉවතට මා ගෙන ගියේ පෙනෙන ලෙසට නොනිමි කොරිඩෝර දිගේය.
අවසානයේදී, මෙම ආරක්ෂක නිලධාරිනිය නැවතී, යකඩ දොරක අගුල් ඇර, මා ඇතුළට තල්ලු කළාය. රෙදිකඩ මගේ හිසෙන් ගලවනු ලැබූ අතර, පිටිපස වූ දොරෙහි අගුල් වැටිණ. මා සිටියේ සිර කුටියකය. මාගේ මෙන් වූ ඇඳුම් කට්ටලයකින් සැරසී මා දෙස ඕනෑකමින් බලා සිටි, එක් 40හැවිරිදි කාන්තාවක් එහි සිටියාය. එක් විදිහකින් විහිළුවක් සේ දැනී ගිය මෙය —අමුතු දෙයක් ලෙස මට පෙණුනද—සිනා නොවී සිටීමට නොහැකි විය. සිරගත කිරීම පිළිබඳ කිසිම අද්දැකීමක් නැති අවුරුදු 19ක තරුණ ගැහැනු ළමයෙකු ලෙස මම, සතුටු ස්වභාවයකින් සිටියෙමි. ඉක්මනින්ම, මගේ සතුට තවත් වැඩි වූයේ, අපේ පවුලේ වෙන කිසිම කෙනෙකු සිරගත කර නොමැති බව ප්රත්යක්ෂ වශයෙන් දැනගැනීමෙනි.
ඒ කාලයේ චෙකොස්ලොවැකියාවේ, එම වර්ෂවල යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වී සිටීම අනතුරුදායක විය. රට කොමියුනිස්ට් පාලනය යටතේ තිබුණු අතර, සාක්ෂිකරුවන්ව තහනම් කර තිබිණ. තහනම් කරන ලද සංවිධානයක් සමඟ අපගේ පවුල අතිශයින් සම්බන්ධ වූයේ කෙසේද?
අප සාක්ෂිකරුවන් බවට පත්වූ අන්දම
පියා, උපතින් ප්රාග් ප්‍රදේශයෙන් වූ අතර, රෙපරමාදු පසුබිමක් සහිත ඔහු ඔහුගේ ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් ඉතා අවංක වූවෙකි. ඔහුට මවව හමු වූයේ 1920 ගණන්වල ඇය වෛද්‍ය අධ්‍යයනයන් සඳහා ප්රාග්වලට පැමිණි විටය. ඇය බෙස්සාරේබියා නම් ප්‍රදේශයෙන් වූ අතර, ඇයගේ ළමාවියේදී එය රුසියාවේ කොටසක් විය. ඇය යුදෙව් ජාතියට අයත් වුවත් ඔවුන්ගේ විවාහයෙන් පසු, ඈ ඇගේ ස්වාමිපුරුෂයාගේ පල්ලියට බැඳුණාය. එහෙත් ඈ ඉන් තෘප්තියට පත් නොවූවාය.
දෙවන ලෝක යුද්ධය අතරතුරේදී, පියා කම්කරු කඳවුරක දමන ලද අතර, මව යුදෙව් සමුලඝාතනයෙන් යන්තමින් ගැළවුණාය. එම වසර කිහිපය අපට දුෂ්කර ඒවා වුවත්, අපි සියලුදෙනාම ගැළවුණෙමු. වර්ෂ 1947 මැද භාගයේදී, යුද්ධය අවසන් වී වසර දෙකකට පසු, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු බවට පත්වූ, පියාගේ වැඩිමහල් සහෝදරිය අපගේ පවුල සඳහා මුරටැඹ දායකයක් ගත්තාය. එය කියවීමට පටන්ගත්තේ මවයි, එහි වූ පණිවුඩය සත්‍යය වශයෙන් ඈ එකවරම වැලඳගත්තාය, මන්ද මේ සඳහා ඇය සොයමින් සිටි බැවිනි.
මුලින්ම, ඇය මේ සම්බන්ධව ස්වල්පයක්, ඉතිරි අප සියලුදෙනාට පැවසුවද, ඈ ප්‍රාග්හි රැස්වීම් පවත්වන්නේ කොතැනකදැයි දැන ඒවාට යෑමට පටන්ගත්තාය. මාස කිහිපයක් ඇතුළත 1948 වසන්ත සමයේදී, සාක්ෂිකරුවන්ගේ චාරිකා එක්රැස්වීමකදී ඇය බව්තීස්ම ලැබුවාය. පසුව ඈ, ඇය සමඟ රැස්වීම්වලට පැමිණෙන මෙන් අපටද ආරාධනා කළාය. අකමැත්තෙන් වුවද, පියා එකඟ විය.
මධ්‍යම ප්‍රාග්හි කුඩා ශාලාවක රැස්වීම් පවත්වන ලද අතර, පවුලක් වශයෙන් අපි එහි යෑමට පටන්ගත්තෙමු. කුතුහලය හා අවිශ්වාසය යන දෙකින්ම යුත් මිශ්‍ර හැඟීම් පියාට සහ මට තිබුණේය. මේ වන විටත් අපට හඳුන්වා දීමට අලුත් යහළුවන් මවට සිටීම ගැන අපි පුදුමයට පත්වුණෙමු. ඔවුන්ගේ උද්යෝගය හා සාධාරණකමද, ඔවුන්ගේ සහෝදරත්වය ඔවුන් කොතරම් දුරට අගය කරන්නේදැයි දැකීමෙන් මම පුදුමයට පත්වුණෙමි.
අපගේ ඒකාන්ත ප්‍රතිචාරය දැක, සාක්ෂිකරුවන් සමඟ සවිස්තර සාකච්ඡා පැවැත්වීම සඳහා ආරාධනා කිරීමට මව යෝජනා කළාය. අමරණීය ආත්මයක් නොමැති බවත්, ත්‍රිත්වයක් නොමැති බවත්, ඔවුන් අපේම බයිබලයෙන් පෙන්වීම මගේ පියාට සහ මට අදහාගත නොහැකි විය! ඔව්, දෙවියන්වහන්සේගේ නාමය විශුද්ධ කිරීමෙත්, උන්වහන්සේගේ රාජ්‍යය ඒමට ඉල්ලා යාච්ඤා කිරීමෙත්, ඇත්තෙන්ම අදහස් වන්නේ කුමක්දැයි කියා ඉගෙනගැනීම හද විවෘත කරවන්නක් විය.
සති කිහිපයකට පසු, පියා ඔහුගේ පල්ලියේ පූජකවරුන් කිහිපදෙනෙකුව අපගේ නිවසට ආරාධනා කළේය. ඔහු පැවසුවේ: “සහෝදරයා, මට ඔබ සමඟ ශුද්ධ ලියවිලිමය කාරණා සමහරක් සාකච්ඡා කිරීමට අවශ්‍යයි.” ඉන් අනතුරුව, පල්ලියේ මූලික ඉගැන්වීම් එකින් එක ඉදිරිපත් කර, මේවා බයිබලය සමඟ පටහැනි වන්නේ කෙසේදැයි සඳහන් කළේය. පූජකවරු ඔහු පැවසූ දේ ඇත්ත බව පිළිගත්තෝය. එවිට පියා මෙසේ අවසන් කළේය: “මම කතා කරන්නේ මගේ පවුල වෙනුවෙන්, මම තීරණය කළා පල්ලිය අත්හැරීමට.”
දේශනා කිරීමේ කාර්යය තහනම්
එක්දහස් නවසිය හතළිස්අටේ පෙබරවාරියේදී, පියා සහ මා රැස්වීම්වලට යෑමට පටන්ගැනීමෙන් වැඩි කලක් යන්ට මත්තෙන්, කොමියුනිස්ට් පක්ෂය රටේ පාලනය ලබාගත්තේය. සෙසු ශිෂ්‍යයන් ගුරුවරුන්ව ප්‍රසිද්ධියේ චෝදනා කිරීම මා දුටු අතර, ගුරුවරුන් ශිෂ්‍යයන්ගේ දෙමව්පියන්ට භය වූ සැටිත් මම දුටුවෙමි. සියලුදෙනාම එකිනෙකාගෙන් දුරස් වීමට පටන්ගත්හ. ඒ කෙසේවෙතත්, මුලින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සේවය මුළුමනින්ම පාහේ අවහිර නොවූ තත්වයක පැවතිණ.
වර්ෂ 1948දී, ප්‍රාග්හි පැවැත්වූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සමුළුව අපට විශේෂ අවස්ථාවක් විය. සැප්තැම්බර් 10-12 දක්වා දින තුළ 2,800කට වැඩි පුද්ගලයෝ ප්‍රමාණයක් පැමිණ සිටියහ. සති කිහිපයකට පසු, 1948, නොවැම්බර් 29 වන දින, රහස් පොලීසිය ශාඛා කාර්යාලයට වැද, එය වසා දැමුවෝය. පසුව පැමිණි අප්රියෙල්හිදී, අපගේ වැඩය සඳහා නිල තහනමක් දමන ලදි.
මෙවැනි ක්‍රියාමාර්ග කිසිවක් අපගේ පවුල බියනො ගැන්වූ අතර, 1949 සැප්තැම්බර්හිදී, ප්‍රාග්හි පිටත කැලයක පැවති විශේෂ වැඩසටහනක් සඳහා අපි සහභාගි වුණෙමු. සතියකට පසු, පියා සහ මම බව්තීස්ම ලැබුවෙමු. දේශනා සේවයෙහි පරීක්ෂාකාරි වීමට තැත් කර තිබියදීත්, ආරම්භයේදී සඳහන් කළ පරිදි, 1952 පෙබරවාරියේදී මා සිරභාරයට ගනු ලැබීය.
නැවත නැවත ප්‍රශ්න කිරීම්
කිහිප වතාවක්ම ප්‍රශ්න කිරීමකට භාජනය වීමෙන් පසුව, දීර්ඝ කාලයකට මා සිරභාරයෙහි සිටියි කියා මම නිගමනය කළෙමි. පුද්ගලයෙකු කිසිවක් කරන්ට බැරිව වැඩි වැඩියෙන් කාලය ගත කරත්ම, සහයෝගය දැක්වීමට තමා වඩා කැමතිවේයයි ප්‍රශ්න විචාරකයන් සිතූ බව පැහැදිලි විය. එහෙත් මගේ දෙමව්පියන්ගේ උපදෙස් නිතර මනසට පැමිණි අතර, ඒවා මා උසුලාගෙන සිටීමට උපකාරවත් වූයේය. ඔවුහු නිතර නිතර ගීතාවලිය 90:12 උපුටා දක්වා තිබූ අතර, ‘අපේ දවස් ගණින්ට’ එනම් ‘ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස’ ඒවායෙහි වටිනාකම ගණන් බැලීමටත්, ඒවායෙහි අගය තක්සේරු කිරීමටත්, මා ධෛර්යය කළහ.
එබැවින් මම මාගේ මනසින් මුලදී මා මතකයේ රඳවාගත්, ගීතාවලියේ සම්පූර්ණ ගීතිකා හා අනිකුත් බයිබල් කොටස් නැවත මතක් කළෙමි. සිරගත වීමට පෙර ඉගෙනගත් මුරටැඹ ලිපි මා මෙනෙහි කළ අතර, රාජ්‍ය ගීතිකා මම, මටම ගායනා කළෙමි. එපමණක්ද නොව, මා සිරභාරයේ සිටි පළමු මාසවලදී, කතා කිරීමට සහකාර සිරකරුවෝ සිටියහ. ඊට අමතරව, පාසැලේ මා ඉගෙනගත් කොටස්ද නැවත මතක් කිරීමට තිබිණ, මන්ද මා අවසන් විභාගයට පෙනී සිටියේ, මාස කිහිපයකට කලින් වූ බැවිනි.
තොරතුරු ලබා දෙන්නෙකු මාගේ බයිබල් පාඩම්වලින් එකකට සහභාගි වී, මාගේ දේශනා ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා කර තිබූ බව ප්‍රශ්න විචාරීම්වලින් මට ප්රත්යක්ෂ වූයේය. අපගේ නිවසින් අත් කරගනු ලැබූ යතුරු ලියනයකින් නිම කරන ලද බයිබල් ප්‍රකාශන පිටපත් සඳහා, මමද වගකිව යුතු බව බලධාරීහු නිගමනය කළහ. ඇත්තවශයෙන්ම යතුරු ලියනයෙන් ලියුවේ වයස අවුරුදු 15ක් වූ, මාගේ සහෝදරයාය.
ප්‍රශ්න විචාරකයන් විසින්, ටික වේලාවකට පසුව, මා කිසිම කෙනෙකුව පාවා දීමට නොයන බව දැන, එම නිසා මාගේ විශ්වාසයන් නිෂ්ඵලයි කියා මා අධෛර්යය කිරීමට උත්සාහයක් දරන ලදි. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයෙකු ලෙස මා දැන සිටි පුද්ගලයෙකුව පවා, ඔවුහු මට මුණගැස්සුවෝය. හිරකරුවෙකු වුවත් ඔහුද, හිරේ දමන ලද අන් සාක්ෂිකරුවන්ව ඔවුන්ගේ විශ්වාසයෙන් ඉවත් කරගැනීමට, කොමියුනිස්ට්වාදීන් සමඟ සහයෝගය දක්වමින් සිටියේය. ඔහු කෙතරම් කනගාටු උපදවන කෙනෙකු වූවාද! නිදහස් කරනු ලැබ වසර ගණනකට පසු, මත්පැනට ඇබ්බැහි වීමෙන් ඔහු මරුමුවට පත්වූයේය.
එකලාව සිර කොට තැබීම
මාස හතකට පසුව මා තවත් සිරගෙයකට මාරු කරන ලද අතර, එකලාව සිර කොට තබන ලදි. දැන් සම්පූර්ණයෙන්ම තනි වූ අතර, මාගේ කාලය මා කෙලෙස පාවිච්චි කරන්නේදැයි තීරණය කිරීම මා සතු විය. ඉල්ලීම පරිදි පොත් සපයනු ලැබූවත් සැබවින්ම, ආත්මික ආකාරයේ කිසිවක් නොවීය. ඉතින් මා ක්‍රියාකාරි කාලසටහනක් සෑදු අතර, මෙයට කියවීම සඳහා කාලපරිච්ඡේදයක් හා ආත්මික දේවල් මෙනෙහි කිරීම සඳහා කාලයද ඇතුළත් විය.
මෙය කිවයුතුමය, එවිට මෙන් යෙහෝවඃවහන්සේට මාගේ යාච්ඤා තුළින් කිට්ටු වීම මා කිසිදාක අද්දැක නැත. අපගේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වය පිළිබඳ අදහස කිසිදාක මෙතරම් අනර්ඝ වූයේ නැත. මෙම විශේෂිත වූ මොහොතේ පොළොවේ විවිධ කොටස්වල ශුභාරංචිය කෙලෙස පැතිරයන්නේද කියා, සැමදා මම කල්පනා කිරීමට තැත් කළෙමි. මෙම සේවයෙහි මා හවුල්වෙනවාත්, බයිබල් ඉදිරිපත් කිරීම් කරනවාත්, මම සිතෙහි මවාගතිමි.
එහෙත්, මෙම ශාන්ත වාතාවරණයේදී, මම බලාපොරොත්තු නොවූ අන්දමට උගුලකට වැටුණෙමි. කියවීමට සැමවිටම ආශාව තිබුණු හෙයින්, පිටතින් දේවල් ලබාගැනීමට සිතෙහි ඇති වූ බලවත් ආශාව නිසා, සමහරවිට මා විශේෂ පොතක නියැලුණු අතර, ආත්මික කාරණා මෙනෙහි කිරීම සඳහා වූ කාලසටහනද මේ නිසා අතපසු විය. මෙය සිදුවූ පසු, මම නිතරම මහත් කනස්සල්ලෙන් පසුවුණෙමි.
මෙසේ, එක් උදෑසනක පැමිණිලිකරුගේ කාර්යාලයට මා ගෙන යන ලදි. විශේෂයෙන් කිසිම දෙයක් සම්බන්ධව කතා නොකරන ලදි—කලින් වූ ප්‍රශ්න විචාරීම් පිළිබඳ ප්‍රතිඵල පමණි. මාගේ නඩුව සඳහා පරීක්ෂණ දිනයක් නියම නොකර තිබූ නිසා මම කලකිරීමට පත්වුණෙමි. පැය භාගයකට පමණ පසුව, නැවත මම මගේ කුටිය තුළ වීමි. එහිදී මාගේ සිතේ තැන්පත්ගතිය නැති වී ගොස්, කඳුළු සලන්ට පටන්ගතිමි. මන්ද? එකලාව සිටි සති ගණනාව අන්තිමේදී මා මත පීඩාකාරි බලපෑමක් ඇති කරමින් තිබුණා.
මම මාගේ ගැටලුව විග්රහ කර බැලීමට පටන්ගත් අතර, හේතුව ඉක්මනින්ම හඳුනාගතිමි. කලින් දින, මුළුමනින්ම මා කියවීමෙහි නියැලී තිබුණු අතර, නැවත වරක් මා මාගේ ආත්මික වැඩකටයුතුවල නියැලී නොතිබිණ. නොසිතූ අන්දමින් ප්‍රශ්න කිරීම් සඳහා මා ගෙන යනු ලැබූ විට, යාච්ඤාව සඳහා මම සුදුසු මානසික තත්වයක නොසිටියෙමි. එවේලේම මා මාගේ හෘදය යෙහෝවඃවහන්සේට වගුරුවා, නැවත කිසිවිටක ආත්මික කාරණා අතපසු නොකිරීමට මම තීරණය කළෙමි.
එම අද්දැකීමෙන් පසු මම කියවීම මුළුමනින්ම නවතා දැමීමට තීරණය කළෙමි. එවිට මාහට වඩා හොඳ අදහසක් පහළ විණ. එනම් ජර්මන් භාෂාව කියවීමට මාවම බල කර සිටීමය. දෙවන ලෝක සංග්‍රාමයේ ජර්මානුවන්ගේ පාලනය යටතේ සිටි අතරතුරේ, අපහට පාසැලේදී ජර්මන් භාෂාව ඉගෙනගැනීමට සිදුවිය. එහෙත් ලෝක යුද්ධයට පසුව ප්රාග් අත්කරගත් අවස්ථාවේදී ජර්මානුවන් විසින් කරන ලද දරුණු ක්‍රියාවල් නිසා, ජර්මන් භාෂාව ඇතුළත් ජර්මානුවන්ගේ සියලුම දේ මට අමතක කිරීමට අවශ්‍ය විය. ජර්මන් භාෂාව ඉගෙනගැනීම සඳහා මම දැඩි ලෙස කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගතිමි. ඒ කෙසේවෙතත්, දඬුවමක් සේ තේරුණු දෙය ආශීර්වාදයකට හැරිණ. තේරුම් කිරීමට මට ඉඩ දෙන්න.
සමහර පොත්වල ජර්මන් හා චෙක් සංස්කරණයන් මට ලබාගැනීමට හැකි වූ හෙයින්, ජර්මන් භාෂාව චෙක්වලටත්, චෙක් භාෂාව ජර්මන්වලටත්, පරිවර්තනය කිරීමට මම මාව පුහුණු කිරීමට පටන්ගත්තෙමි. මේ ක්‍රියාව එකලාව සිර අඩස්සියේ තැබීමේ දුර්විපාකවලට ප්‍රතිකාරයක් පමණක් නොව, පසුව වෙනත් අරමුණු සඳහාද ප්‍රයෝජනවත් විය.
නිදහස් කිරීම හා නිරන්තර දේශනා කිරීම
අවසානයේදී, එකලාව සිරගත කිරීමෙන් මාස අටකට පසු, මාගේ නඩුව විභාග කිරීම සඳහා අවස්ථාව පැමිණියේය. විප්ලවකාරි ක්‍රියාකාරකම් සඳහා මා වරදකාරියක බව පෙන්වා දුන් අතර, වසර දෙකක සිරභාරයට නියම කරන ලදි. ඒ වන විටත් මම මාස 15ක්ම නිම කර තිබූ නිසා, නව ජනාධිපතිවරණයෙන් පසු ඇති කරන ලද පොදු සමාව දීමක් යටතේ මාව නිදහස් කරන ලදී.
මාගේ පවුලේ අය මා පිළිබඳ කනස්සල්ලෙන් පසු නොවන ලෙස සිරභාරයේදී මා යාච්ඤා කර තිබිණ, තවද මම නිවසට පැමිණි විට, මාගේ එම යාච්ඤාවට පිළිතුරු ලැබී ඇති බව දැනගත්තෙමි. පියා වෛද්‍යවරයෙකු වූ අතර, ඔහුගේ බොහෝ රෝගීන්ට බයිබලය ඉගෙනගැනීමට ඔහු උනන්දු කළේය. ප්‍රතිඵලයක් ලෙස, මව සතිපතා බයිබල් පාඩම් 15ක් පමණ පවත්වමින් සිටියාය! ඊට අමතරව, පියා මුරටැඹ සඟරාවෙන් කණ්ඩායම් පාඩමක් පැවැත්වුවේය. ඔහු වොච් ටවර් සමිතියේ සමහරක් පොත් ජර්මන් භාෂාවේ සිට චෙක් භාෂාවට පරිවර්තනය කරමින් සිටි අතර, මාගේ සහෝදරයා යතුරු ලියනයකින් අත්පිටපත් ලියුවේය. ඉතින් මම එකවරම ආත්මික කටයුතුවල නිමග්නව සිට, ඉක්මනින්ම බයිබල් පාඩම්ද පැවැත්වූයෙමි.
නව පැවරුමක්
එක්දහස් නවසිය පනස්හතරේ නොවැම්බරහි වැසිබර පස්වරුවක, නිවසෙහි සීනුව නාද විය. වතුරෙන් තෙමී ගිය තද අළුපාට ප්ලාස්ටික් වැහි කබායක් පැළඳ සිටි, කොන්ස්ටන්චින් පැව්කෙර්ට් නම් දේශනා සේවයෙහි පෙරමුණගන්නන්ගෙන් කෙනෙක් එහි සිටගෙන සිටියේය. සාමාන්‍යයෙන් ඔහුට කතා කිරීමට අවශ්‍ය වන්නේ පියාට හෝ මගේ සහෝදරයා පැවල්ටය, නමුත් මේ වතාවේ ඔහු මගෙන් මෙසේ ඇසීය: “කෙටි දුරක් ඇවිදින්න ඔබට එන්න පුළුවන්ද?”
අපි නිහඬව ටික වේලාවක් පයින් ගමන්කරන්නන් කිහිපදෙනෙකු පසු කර ඇවිද්දෙමු. වීදියේ විදුලි බුබුළුවල අඳුරු ආලෝකය, යන්තමින් තෙත් සහිත වූ කළු පදික වේදිකාව මතුපිට පිළිබිඹු විය. කොන්ස්ටන්චින් පිටුපස හැරී බැලීය; අපට පිටුපස වීදිය අප්‍රාණික තත්වයක විය. “තිබෙන වැඩ ටිකකට ඔබට උපකාර කළ හැකිද?” ඔහු එකවරම ඇසීය. බලවත් සේ මවිත වී, මම එකඟ වීමට හිස සෙලවීමි. “සමහරක් පරිවර්තනයන් කරගැනීමට අපට අවශ්‍යයි,” ඔහු තවදුරටත් පැවසුවේය. “ඔබ වැඩ කිරීමට යම් ස්ථානයක් සොයාගැනීමට අවශ්‍යයි, නමුත් නිවසෙහි හෝ පොලීසිය දන්නා කිසිවෙකු සමඟ හෝ නොවේ.”
දින කිහිපයකට පසු, එතරම් දන්නා හඳුනන්නේ නැති වැඩිහිටි විවාහක යුවළකට අයිති කුඩා මහල් නිවසක ලියන මේසයක් ළඟ මම වාඩි වී සිටියෙමි. ඔවුහු පියාගෙන් ප්‍රතිකාර ගන්නාවූ, මීට ටික කලකට පෙර බයිබල් පාඩමක් පටන්ගත්තාවූ අය වූහ. අප අපගේ පොත් පත් ජර්මන් භාෂාවේ සිට චෙක් භාෂාවට පරිවර්තනය කරද්දී, සිරභාරයේදී ජර්මන් භාෂාව ඉගෙනීම ප්‍රයෝජනදායක වූ බව ප්රත්යක්ෂ විය.
සති කිහිපයකට පසු, සහෝදර පැව්කෙර්ට් ඇතුළත් සේවයෙහි පෙරමුණගන්නා ලද ක්‍රිස්තියානි සහෝදරයන්ව සිරගත කරන ලදි. එහෙත්, අපගේ දේශනා සේවය නතර නොවීය. බයිබල් පාඩම් කණ්ඩායම් හා අපගේ ක්‍රිස්තියා නි සේවය රැකබලා ගැනීමට මව සහ මා ඇතුළත්ව, කාන්තාවෝ උපකාර කළහ. මාගේ සහෝදරයා පැවල්, තවමත් නහඹර වියේ පසුවුවත්, පොත් පත් හා සංවිධානාත්මක උපදෙස් රටේ චෙක් භාෂාව කතා කරන කොටසට බෙදාහරින්නෙකු ලෙස ක්‍රියා කළේය.
ප්‍රේමවන්ත සහයකයෙක්
වර්ෂ 1952දී සිරභාරයට ගෙන වසර 15ක් සඳහා නඩු තීන්දු කළ යරොස්ලාව් හාලා නම් සාක්ෂිකරුවෙකු, එක්දහස් නවසිය පනස්හත අවසාන භාගයේදී, වෛද්‍ය ප්‍රතිකාර සඳහා තාවකාලිකව සිරෙන් නිදහස් කරන ලදි. පැවල් වහාම ඔහුව හමුවූ අතර, ඉක්මනින්ම යරොස්ලාව්, සහෝදරයන්ට උපකාර කිරීමට සම්පූර්ණයෙන්ම සහභාගි විය. භාෂාවන් හොඳින් දැන සිටි බැවින්, පරිවර්තන කටයුතු බොහොමයක්ම කිරීමට ඔහු පටන්ගත්තේය.
එක්දහස් නවසිය පනස්අට මැද භාගයේදී එක් සැදෑවක, යරොස්ලාව් පැවල්ට හා මට ඇවිදින්ට යෑමට ආරාධනා කළේය. සාමාන්‍යයෙන් සංවිධානාත්මක කටයුතු සාකච්ඡා කිරීමට නොහැකි වන පරිදි, අපගේ නිවසෙහි සිදුවන දේවල් රහසින් ඇසීමට කුඩා මයික්රෆෝනයක් සඟවා තිබු බැවින්, මෙසේ කිරීම සාමාන්‍ය දෙයක් විය. එහෙත් පැවල් සමඟ පෞද්ගලිකව කතා කිරීමෙන් පසු, උද්‍යානයේ බංකුවක් මත වාඩි වී සිටින මෙන්, ඔහුට පවසා අපි දෙදෙනා ඇවිදින්ට වීමු. මාගේ ක්‍රියාකාරකම් පිළිබඳ කෙටි සාකච්ඡාවකින් පසු, තම හානි වූ සෞඛ්‍ය තත්වය හා අවිනිශ්චිත අනාගතය නොසලකා, මා ඔහු සමඟ විවාහ වීමට කැමතිදැයි ඇසීය.
මා ඉතා අගය කොට සැලකු කෙනෙකුගෙන් පැමිණි අවංක ඍජු යෝජනාවෙන් මා පුදුමයට පත්වූ අතර, එය කිසි සැකයකින් තොරව භාරගත්තෙමි. අපගේ විවාහ ගිවිසගැනීම ආලේප ලත් ක්‍රිස්තියානියෙකු වන යරොස්ලාව්ගේ මව සමඟ මා කිට්ටු සම්බන්ධතාවකට ගෙන ආවේය. එක්දහස් නවසිය විසි ගණන්වල අගභාගයේදී, ප්‍රාග්හි සිටි පළමු සාක්ෂිකරුවන් අතර ඈද, ඇගේ ස්වාමිපුරුෂයාද සිටියහ. දෙවන ලෝක යුද්ධ සමයේදී ඔවුන් දෙදෙනාවම නාට්සිවරුන් විසින් සිරගත කරන ලද අතර, 1954දී ඇගේ පුරුෂයා කොමියුනිස්ට් බන්ධනාගාරයක මියගියේය.
අප විවාහ වීමට පෙර, කතාවට ඇමතූ යාරාව, අධිකාරීන් විසින් කැඳවන ලදි. ඒ කාලයේදී රුධිර ප්‍රවේශනයක් ලබාගැනීමට සිදුවන්නාවූ නිදන්ගත ප්ලුරා ප්‍රදාහය සඳහා, ශල්‍යකර්මයකට යටත් වීමට ඔහුට සිදුවන බව හෝ එසේ නැතහොත් ඉතිරී වී ඇති කාලය පුරා, සිර දඬුවම විඳීමට ඔහුට සිදුවන බව ඔවුහු පැවසුහ. ඔහු ශල්‍යකර්මය ප්‍රතික්ෂේප කළ බැවින්, සම්පූර්ණයෙන්ම පාහේ, වසර දහයක පමණ කාලයක් සිරභාරයෙහි සිටීමට ඔහුට සිදුවිය. එහෙත් ඔහු වෙනුවෙන් බලා සිටීමට මම තීරණය කළෙමි.
පරීක්ෂා කිරීමේ හා ධෛර්යය වීමේ කාලයක්
එක්දහස් නවසිය පනස්නවයේ මුල් කාලයේදී යාරාව බන්ධනාගාරයට ගෙන යන ලද අතර, ඉන්පසු ඉක්මනින්ම, ඔහු හොඳ සතුටු ස්වභාවයකින් සිටින බව දන්වමින් අපි ලිපියක් ලැබීමු. ලිපියක් ලැබීමට පෙර සෑහෙන කාලයක් ගත වූ අතර, ලිපිය ලද විට එයින් අපට සෑහෙන පහරක් ගෙන දිණ. ස්නායු භංගත්වයකින් යාරා පීඩා විඳින බව දැනීමට සලස්වමින් එහි පසුතැවිල්ල, දුක හා බිය ප්‍රකාශ විය. “මෙය වෙන කෙනෙකු විසින් ලියන ලද්දක්,” යනුවෙන් ඔහුගේ මව පැවසීය. එහෙත් එය ඔහුගේ අත් අකුරුවලින් විය!
ඔහුගේ මව සහ මම, අපි දෙදෙනාම දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ දැඩි විශ්වාසය ප්‍රකාශ කොට ඔහුව දිරිගන්වා ලියුවෙමු. සති කිහිපයකට පසු, ප්‍රහේලිකාව තවත් වැඩි කරමින් ලියුමක් පැමිණියේය. “ඔහු මෙය නොලියන්ට ඇති,” ඔහුගේ මව නැවතත් කීවාය. එහෙත් අත් අකුරු ඔහුගේම වූ අතර, ඔහු සාමාන්‍යයෙන් පාවිච්චි කරන යෙදුම් එහි තිබිණ. ලියුම් තවදුරටත් නොලැබුණු අතර, බැහැදැකීම්වලටද අවසර නොලැබිණ.
පෙනෙන ලෙස, යාරාටද කළඹවනසුලු ලිපි අපෙන් කියා ලැබී තිබිණ. ඔහුගේ මවගේ ලිපිවලින් ඇයව මහලුවියේ අතහැර යෑම නිසා ඔහුට බැණවැදුණු අතර, මාගේ ලිපිවලින් මෙතරම් දීර්ඝ කාලයක් ඔහු සඳහා බලා සිටීම පීඩාවක් බවද පෙන්නුම් කළේය. මෙහිදීද අපගේ අත් අකුරු හා අදහස් ප්‍රකාශ කිරීමේ ක්රමයද සම්පූර්ණයෙන්ම ගැළපිණ. මුල් අවස්ථාවේදී ඔහුද කැළඹී සිටි අතර, ඉන්පසු ඔහු මෙම ලිපි අප විසින් ලියනු නොලැබූ බවට ඒත්තුගත්තේය.
එක් දවසක් කවුදෝ දොර ළඟ පෙනී සිට, කුඩා පාර්සලයක් මා අතට දී, ඉක්මනින් ගියේය. එතුළ සෑහෙන ගණනක් සිගරට් කොල තිබිණ, ඒවාවල හැකි තරම් කුඩා වූ අත් අකුරු ලියා තිබිණ. ඔහු විසින් ඇත්තෙන්ම ලියන ලද ලිපි ගණනාවක්ද, අප විසින් ලියනු ලැබුවායයි සිතු ලිපිද, යාරා පිටපත් කර තිබිණ. සාක්ෂිකරුවෙකු නොවූ, නිදහස් කරනු ලැබූ සිරකරුවෙකු විසින් හොරෙන් පිටතට ගෙන ආවාවූ මෙම ලිපි ලැබීමෙන් පසු, ලැබූ සහනයෙන් අප කොතරම් යෙහෝවඃවහන්සේට ස්තුතිවන්ත වූවාද! අපගේ අඛණ්ඩතාව බිඳහෙළීමට මේ යක්ෂාකාර ක්‍රියාව මෙහෙයවනු ලැබුවේ කෙසේද හෝ එසේ කළේ කවුද කියා මේ වන තෙක් අපි නොදනිමු.
පසුව, යාරාගේ මව ඔහුව බැහැදැකීමට අවසර ලැබුවාය. මෙවැනි අවස්ථාවලදී, සිරකඳවුරේ ගේට්ටුව තෙක් ඇය කැටුව ගොස් එම කුඩා, බෙලහීන කාන්තාව මහත් ධෛර්යය උපදවන ක්‍රියා කරන අන්දම මම බලා සිටියෙමි. මුරකරුවන් බලා සිටියදීම, ඈ ඇගේ පුත්‍රයාගේ අත ගෙන ඉතා කුඩා ඡායාරූප කරන ලද පොත් පත් ඒ මත තැබුවාය. අසු වුවහොත් විශේෂයෙන්ම ඇයගේ පුතාට දැඩි දඬුවම් ලැබෙන බව දැන දැනත් ඇය යෙහෝවඃවහන්සේ මත රඳා සිටියේ, ආත්මික සෞඛ්‍යය සැමවිටම පළමු වැදගත්කමක් ලෙස ඇය අවබෝධ කරගෙන සිටි බැවිනි.
පසුව, 1960දී, වැරදිකරුවන්ට ලැබෙන පොදු සමාව දීමක් ප්‍රකාශ කිරීමෙන්, සාක්ෂිකරුවන්ගෙන් බොහෝදෙනෙකුව සිරභාරයෙන් නිදහස් කරන ලදි. යාරා නිවසට පැමිණ සති කිහිපයකට පසු, අපි අලුත විවාහ වූ සන්තෝෂවත් යුවළක් වීමු.
මාගේ ජීවිත ක්‍රමය වෙනස් කිරීම
යාරා සංචාරක සේවයෙහි පැවරුම් ලැබූ අතර, රට පුරා සහෝදරත්වයේ අවශ්‍යතා සඳහා ඔහු සේවය කළේය. වර්ෂ 1961දී රටේ චෙක් භාෂාව කතා කරන කොටස්වල රාජ්‍ය සේවා පාසැල සංවිධානය කිරීමට හා ඉන්පසු පන්ති බොහොමයක් පැවැත්වීමටද ඔහු පැවරුම් ලැබීය.
එක්දහස් නවසිය හැටඅටේදී සිදුවූ දේශපාලන වෙනස්කම් නිසා ඊළඟ වසරේදී ජර්මනියෙහි නියුරෙම්බර්ග්හි පැවති යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “පොළොව මත සාමය” නම් ජාත්‍යන්තර එක්රැස්වීමට යෑමට අප කිහිපදෙනෙකුට හැකි විය. කෙසේවෙතත් යාරාට රටින් පිටවී යෑමට බලධාරීන් ඉඩ දුන්නේ නැත. මෙම විශේෂ සමුළුව මුළුල්ලේ ස්ලයිඩ් පිංතූරු ගැනීමට අප කිහිපදෙනෙකුට හැකි වීම නිසා, මෙම පිංතූරුවල ඇති ඇදහිල්ල ශක්තිමත් කරන්නාවූ වැඩසටහනක් රට පුරා ඉදිරිපත් කිරීමට යාරා වරප්‍රසාද ලැබුවේය. බොහෝදෙනා මෙම වැඩසටහන නැවත නැවතත් නැරඹීමට කැමති වුහ.
සහෝදරයන්ව බැහැදැකීමට යාරා යන අවසාන වතාව මෙයයි කියා අපි කිසිවිටකත් නොසිතුවෙමු. එක්දහස් නවසිය හැත්තෑවේ මුල් කාලයේදී, ඔහුගේ සෞඛ්‍ය තත්වය පුදුම ලෙස පිරිහී ගියේය. බොහෝ කලක් තිස්සේ වේදනාව දරාගැනීමට ඉගෙනගෙන තිබූ නිදන්ගත ප්‍රදාහය ඔහුගේ වකුගඩුවලට බලපෑම් ඇති වීමෙන් වකුගඩු ක්‍රියාවිරහිත වීම මරණින් කෙළවර විය. අවුරුදු 48දී ඔහු මියගියේය.
යෙහෝවවහන්සේගේ උපකාරයෙන් දරා සිටීම
මම අධික ලෙස ප්‍රේම කළ පුද්ගලයාගේ මරණයෙන් දුකට පත්වීමි. එහෙත් ඉක්මන් උපකාර දෙවියන්වහන්සේගේ සංවිධානය මගින් සපයන ලද්දේ, බයිබල් පොත් පත් පරිවර්තනය කිරීමට හවුල් වීමට මට අවසර දීමෙනි. හරියට සහය දිවීමේ ධාවන තරඟයකදී මෙන් මාගේ පුරුෂයා කරමින් සිටි වැඩයෙන් කොටසක් කරගෙන යෑම පිණිස ඔහු මට බැටන් පොල්ල දී තිබෙන්නාක් මෙන් මට හැඟිණ.
නැඟෙනහිර යුරෝපයේ අපි බොහෝදෙනෙක් කොමියුනිස්ට් තහනම යටතේ වසර 40කට වැඩි කලක් පුරා යෙහෝවඃවහන්සේට සේවය කළෙමු. ඉන්පසු, 1989දී යකඩ තිරය ඉවත් වීමත් සමඟම මෙහි ජීවිතය පුදුමසහගත ලෙස වෙනස් වීමට පටන්ගත්තේය. ප්‍රාග්හි දැවැන්ත ස්ට්රාහොෆ් ක්‍රීඩාංගනයේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවක් පැවැත්වීම පිළිබඳ මා සිහින මවා තිබුණත්, මෙම සිහිනය සැබෑ වේයයි කිසිම දිනක මම විශ්වාස නොකළෙමි. එහෙත්, 1991 අගෝස්තුවල 74,000කට වැඩි ප්‍රමාණයක් ප්‍රීතියෙන් නමස්කාරය සඳහා එක්රැස්වීමෙන්, මෙය ආශ්චර්යවත් ලෙස සිදුවිය.
එක්දහස් නවසිය අනූතුන ජනවාරි සිට, චෙක් සමූහාණ්ඩුව සහ ස්ලෝවැකියාව යනුවෙන් රටවල් දෙකකට බෙදීමෙන් චෙකොස්ලොවැකියාව තවදුරටත් නොපැවතිණ. එක්දහස් නවසිය අනූතුන සැප්තැම්බර් 1දින චෙක් සමූහාණ්ඩුව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සඳහා නිල පිළිගැනීමක් ප්රදානය කිරීමෙන් අපි කොපමණ සතුටු වුණෙමුද!
අපි යෙහෝවඃවහන්සේට අපගේ දවස් ගණින්ට ඉගැන්වීමට අවසර දෙන්නෙමු නම්, උන්වහන්සේ සැමවිටම අප සඳහා ආශීර්වාද බහුල ලෙස සැපයීමට යන බව මාගේ ජීවිත අද්දැකීමෙන් මම දනිමි. (ගීතාවලිය 90:12) ඉදිරියේදී දෙවියන්වහන්සේගේ නව ලොවෙහි ගණන් කළ නොහැකි දවස්වල උන්වහන්සේගේ සන්තෝෂවත් සේවකයන් අතර, මටත් සිටිය හැකි වන පිණිස, මේ දේවල පිළිවෙළෙහි මගේ ඉතිරි දවස් ගණන් කරන ආකාරය මට උගන්වන්න කියා, මම උන්වහන්සේට නිරතුරුවම යාච්ඤා කරමි. g95 4/22
[19වන පිටුවේ පින්තූරය]
මාගේ මව සහ පියා
[21වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1949 තහනම යටතේ කැලෑවක රැස්වීමක්: 1. මගේ සහෝදරයා පැවල්, 2. මව, 3. පියා, 4. මම, 5. සහෝදර හාලා
[22වන පිටුවේ පින්තූරය]
මාගේ පුරුෂයා, යාරා සමඟ
[23වන පිටුවේ පින්තූරය]
යාරාගේ මව සහ ඇය නීති විරෝධීව ඔහුට දුන් ඡායාරූපගත පොත් පත්
[24වන පිටුවේ පින්තූරය]
ප්‍රාග්හි ශාඛා කාර්යාලයේ අද සේවය කිරීම