ලෝකය දෙස බැලීම
අද්විතීය ග්‍රහයෙක්
වෙනත් ග්‍රහයන් මත ජීවීන් පවතින බව, විද්‍යාඥයන් බොහෝ කාලයක සිට අනුමාන කර තිබෙන දෙයකි. පොළොවේ ජීවත් වීමට හැකි කරවන තත්වයන්ට සමාන තත්වයන්, විශ්වයේ පවතින බිලියන ගණන් මන්දාකිණිවල යම් තැනක පවතින බව උපකල්පනය කරන ලදි. කෙසේවෙතත්, ල නූවෙල් ඕප්සෙර්වැට්‍යුර් යන ප්‍රංශ සඟරාව පවසන්නේ, “පොළොව මත මනුෂ්‍යයන්ගේ පැවැත්මට පෙර බලාපොරොත්තු නොවූ ආශ්චර්යවත් සිදුවීම් බොහොමයක් සිදුවූ බවත්,” විශ්වය සහ පොළොව සම්බන්ධ කාලීන සොයාගැනීම් තුළින් පැහැදිලිවම පෙනෙන්ට තිබෙන්නේ, මෙම ක්‍රියාවලියම තවත් ස්ථානයක සිදුවීමේ “දැනටමත් බෙහෙවින් කුඩා වූ සම්භාව්‍යතාව බොහෝසෙයින් අඩු කරන බවටයි.” වෙනත් ග්‍රහයෙක් මත සමාන තත්වයන්, දළ වශයෙන් පැවතීමේ ගණිතමය නොහැකියාව ගැන අදහස් පළ කරමින්, එම සඟරාව සටහන් කරන්නේ, එක ග්‍රහයෙක් මත, එනම්—අපගේ ග්‍රහයා මත, ජීවීන් පවතින බව විද්‍යාඥයන් සහතික වශයෙන්ම දන්නා බවයි.
නිවැරදි ප්‍රවෘත්ති සඳහා රූපවාහිනියද නැතහොත් පුවත්පත්ද?
ඕස්ට්‍රේලියාවේ, රූපවාහිනී ප්‍රවෘත්ති කෙරෙහි පවතින විශ්වාසය නැති වී යන අතර, පුවත්පත්වල එය වැඩිවෙමින් පවතී. දි ඕස්ට්‍රේලියන්, පුවත්පතේ පළ වූ එක් මාධ්‍යය වේදියෙකුගේ අධ්‍යයනයකට අනුව, “එක්තරා විෂයක් මත ‘හොඳ කතාවක්’ ගොඩනැඟීමේ අවශ්‍යතාව නිසා රූපවාහිනිය [මගින්] නිරවද්‍යතාව, විශ්වාසය සහ සාධාරණත්වය ප්‍රතික්ෂේප කර තිබේ.” උදාහරණයක් වශයෙන්, වඩා උද්වේගකර වාර්තාවක් ගොඩනැංවීමට, තැන්පත් කර තිබෙන පැරණි වීඩියෝ පට, සමහර රූපවාහිනී ප්‍රවෘත්තිවලට යොදාගැනේ. විග්‍රහ කර තිබුණු ප්‍රවෘත් ති වාර්තා 500න්, 260ක්ම තැන්පත් කළ වාර්තා යොදාගත් බව එම අධ්‍යයනය සොයාගත්තේය. රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාවක තැන්පත් කළ වීඩියෝ පට ඇතුළත් කර තිබේ නම්, ඒ බව සඳහන් කිරීම, මනුෂ්‍යයන් විසින් බලාපොරොත්තු වුවත්, එය සැමවිටම එසේ නොකරනු ලැබේ. එම වාර්තාව සඳහන් කරන්නේ: “රේ මෝර්ගර්න් පර්යේෂණ මධ්‍යස්ථානයේ සමීක්ෂණයකට අනුව . . . පෙන්නුම් කරන්නේ ‘නිරවද්‍ය සහ විශ්වාසදායක ප්‍රවෘත්ති’ සපයන හොඳම මාධ්‍යය රූපවාහිනිය බව විශ්වාස කළ මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාව සියයට 12කට වඩා අඩු වීමෙන්, එම සංඛ්‍යාව 1986දී සියයට 53.7ක උපරිමයක් සිට 1993දී සියයට 41.5ක් දක්වා පහත බැස තිබේ.”
දෙමාපිය/දරු සබඳතාව?
තම දරුවන් තුල්‍යයන් ලෙස දෙමව්පියන් සැලකිය යුතුද? සා. පාවුලූ විශ්වවිද්‍යාලයේ ශික්ෂකයකු වන ලිසැන්ඩ්‍ර මරියා කොස්ටෙලෝ බ්‍රාන්කෝ, ඕ එස්ටාඩෝ ඩ එස්. පාවුලූ නම් බ්‍රසීලියානු පුවත්පතක පැවසුවේ: “දෙමව්පියන් තම දරුවන්ට කවරදාකවත් සමාන නොවේ, මෙය පැහැදිලි කළ යුතු දෙයකි. අධිකාරය දැරීමක් සිදු නොවීමෙන් එම දරුවා මඟ පෙන්වීමක් නැති, අත්හැර දැමූ, අනාථයකුට සමාන වේ. දෙමව්පියන් විසින් පුද්ගලයෙකුට නිසි අධ්‍යාපනය ලබා දීමේ වගකීමක් ඇතුව සිටීම දරුවෙකු බලාපොරොත්තු වන දෙයකි.”
සීසර් සැත්කම් වැඩි වේ
ඉල් මෙසාජේරෝ, නම් රෝමයේ පුවත්පතක් වාර්තා කරයි, “නාරිවේදීහු දස දහස්දෙනෙක් ඉතාලිය වෙත ඇඟිල්ල දික් කරමින් සීසර් සැත්කම් වැඩි බව, චෝදනා කරති.” සීසර් සැත්කමින් උපත ලබන සංඛ්‍යාවෙන් යුරෝපයේ ප්‍රථම ස්ථානය ඉතාලිය දරන අතර, මුළු ලෝකයෙන්ම එය, තුන්වන ස්ථානය ගනී, එක්සත් ජනපදය සහ බ්‍රසීලය ඊට ඉදිරියෙන් සිටියි. වර්ෂ 1980 සිට ඉතාලියේ සීසර් සැත්කම් දෙගුණ වී ඇති අතර, උපදින දරුවන් හතරදෙනෙකුගෙන් එක්කෙනෙක්, සීසර් ක්‍රමයෙන් ප්‍රසූත වේ. මෙසේ වැඩි වීමට හේතුව කුමක්ද? ඉල් මෙසජේරෝට අනුව, වෛද්‍යමය හේතුන්ට අමතරව මෙයට හේතු දෙකක් තිබේ: වේදනාකාරි ප්‍රසූතයන් වැළැක්වීමේ ස්ත්‍රීන්ගේ අවශ්‍යතාව සහ නඩු දැමීමේ භීතියට වෛද්‍යවරු අනතුරු රහිත ක්‍රියා පිළිවෙළකට, වඩා කැමති වෙති. සීසර් සැත්කම් අනතුරු රහිත බව බොහෝ කලක සිට සලකා තිබුණත්, මෙය දැන් වුවමනාවට වඩා වැඩියෙන් සහ හොඳ හේතුන් මත සිදු නොකරන බව බොහෝ වෛද්‍යවරු විශ්වාස කරති. රෝමයේ ලා සාපියෙන්ට්සා විශ්වවිද්‍යාලයේ කාර්ලෝ සින්‍යෝරෙලි පැවසුවේ: “සීසර් සැත්කම් සහ උපතේදී සිදුවන මරණ අතර කිසිම අන්තර්සම්බන්ධයක් නැති බව පෙනෙන්ට තිබේ.” බොලොග්නාවේ එස්. ඕර්සෝලා රෝහලේ ලූසියානෝ මෝවීසෙලි ප්‍රකාශ කළේ: “අනතුරු රහිතභාවයකට සීසර් සැත්කම් සමාන කිරීමේ වැරදි අදහස දැන් ඉවත් කළ යුතුය, එය සම්පූර්ණයෙන්ම අසත්‍යය”.
තත්වය රැකගැනිම
විවාහ සහ අවමංගල්‍ය උත්සව වලදී ඇති තරම් ඥාතීන් සහ මිත්‍රයන් නොමැති ජපන් ජාතික පුරුෂයෙකු, තම තත්වය රැකගැනීම සඳහා කුමක් කළ යුතුද? පිළිතුර: ඔවුන් කුලියට ගන්න. සාමාන්‍යයෙන් මණාලිය සහ මණාලයා තමුන් ආරාධනා කරන ආගන්තුකයන් සංඛ්‍යාව, එක සමාන වීමට උත්සාහ කරති. කෙසේවෙතත් එම කණ්ඩායම් දෙකේ සංඛ්‍යාව අසමාන නම් හෝ හොඳ තත්වයක් රැකගැනීමට තරම් කුඩා වුවහොත්, මණාලිය හෝ මණාලයා විසින්, බෙන්රීය එනම් වචනානුසාරයෙන් “ප්‍රයෝජනවත් පුද්ගලයන්ව” රහසිගතව කැඳවනු ලබති. ඥාතීන් සහ මිත්‍රයන් වෙනුවෙන් පෙනී සිටීම සිට නානාප්‍රකාර කාර්යයන් බෙන්රීය අය විසින් කරනු ලැබේ. උදාහරණයක් වශයෙන්, අවමංගල්‍යය උත්සවවලදී ඔවුන්ව කුලියට ගන්නේ වෘත්තීය ශෝකවන්නන් ලෙස නොව, නමුත් මළ තැනැත්තාගේ සේවක සහකරුවන් සහභාගි නොවුවහොත්, එය අසල්වැසියන්ට අනාවරණය නොවන සේ ආදේශකයන් ලෙසය. එක් සමාගමක විධායෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ බෙන්රීය සමාගමක අයිතිකරුවෙකු පැවසූ දේ, මයිනිචි ඩේලි න්‍යුස්හි වාර්තා කර තිබෙන්නේ, පැමිණ සිටි පුද්ගලයන් 100දෙනාගෙන්, 60දෙනෙකු පමණ බෙන්රීය වූ බවටයි. “එම පවුල විසින් බෙන්රීය සමාගම් 3ක් හෝ 4ක් කැඳවන්ට ඇති” බව ඔහු පැවසුවේය.
ගුරුවරුන්ව ප්‍රසිද්ධ කරවන්නේ කුමක්ද?
නාසැඋෂෙ නෝයිඑ ප්‍රෙසේ නම් ජර්මානු පුවත්පත වාර්තා කරන්නේ, “බොහෝවිට ළමයින් පාසැල පිළිබඳ පැමිණිලි කළත්, ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට ප්‍රියතම ගුරුවරයෙක් සිටියි”. ඒකාන්තයෙන්ම, ගැහැනු ළමයින්ගෙන් සියයට 91ක් සහ පිරිමි ළමයින්ගෙන් සියයට 83කටම ප්‍රියතම ගුරුවරයෙක් සිටිති. ගුරුවරයන් තම ශිෂ්‍යයන් අතරේ ප්‍රසිද්ධ වීමට, කුමන ගුණාංග අවශ්‍යදැයි අනාවරණය කිරීම සඳහා, වයස අවුරුදු 7 සිට 16 දක්වා ශිෂ්‍යයන් 2,080ක් සමඟ පැවති සමීක්ෂණයකදී, උත්සාහ දරන ලදි. “ගෙදර වැඩ ස්වල්පයක් දෙන ගුරුවරයෙක්” නියත වශයෙන්ම ප්‍රියතම වීමට හේතුවක් නොවන බව දැනගැනීම බොහෝදෙනෙකුව මවිතයට පත් කළ හැක. ඊට වඩා වැදගත් වන්නේ ගුරුවරයෙක් සාධාරණ වීම, සිනහ උපදවන දේ කීමෙහි දක්ෂ වීම සහ පාඩම් සිත්ගන්නා ආකාරයට කිරීමයි. තවදුරටත් ශිෂ්‍යයන් අගය කරන්නේ, හොඳ ආකාරයකින් කාරණා විස්තර කළ හැකි, සන්සුන් සහ සැලකිල්ලක් දක්වන ගුරුවරුන්ටය.
අත්හරිනු ලැබූ දරුවෝ
තව තවත් වැඩිවන ඕස්ට්‍රේලියානු දෙමව්පියෝ සේවයේ හෝ අනික් වැඩ කටයුතුවල නිරතවෙමින්, තම කුඩා දරුවන් තමන්වම රැක බලාගැනීමට නිවසේ තනිවම දැන් තබා යති. මෙම දුක්ඛිත තත්වය විශේෂයෙන්ම අනාවරණය වී ඇත්තේ, දරුවන් වෙනුවෙන් ජාතික දුරකථන සේවාවක් පිහිටුවීමෙන් පසුවය. එය දැනට සිත් තැවුලෙන් පීඩිත වූ යෞවනයන්ගෙන්, සතියකට දුරකථන ඇමතුම් 35,000ක් පමණ ලබමින් සිටියි. සිඩ්නිහි, ද සන්ඩේ ටෙලිග්‍රාෆ් අනුව, එම දුරකථන සේවාවේ අධ්‍යක්ෂකවරයා පවසන්නේ: “අන්ත අසරණ තත්වයක සිටින දරුවන්ගෙන් අඛණ්ඩව දුරකථන ඇමතුම් අපට ලැබේ—ආහාර හෝ කිසිම දෙමාපිය සැලකිල්ලක් නොමැතිව, ඒ දරුවෝ තනිවී සිටිති.” එම පුවත්පත ප්‍රකාශ කළේ: “අප දන්නා පරිදි [මෙය] නවීන පවුල් ජීවිතයට දෝෂාරෝපණයකි.” සැබවින්ම, සමහර දරුවන් බිළිඳන්ට වඩා ටිකක් වයසින් වැඩිය; හදිසි ඒකකයට කතා කළ එක් ඇමතුමක් පැමිණියේ, බියට පත්වූ අවුරුදු හතරක් වයසැති කුඩා දැරියකිනි.
අපගේ කසළ කතා කරයි
අපගේ කසළ පවසන්නේ කුමක්ද? අප අනුගමනය කරන්නේ කුමන මානව හැසිරීමේ රටාවන්ද කියා එය පෙන්නුම් කරයි. අප පරිභෝජනය කරන සහ නාස්ති කරන දේ කුමක්ද කියා කසළ තුළින් අනාවරණය වේ. ද ටරොන්ටො ස්ටාර් පවසන්නේ, “ඒකාකාරි දින චර්යාවක් සහ නිශ්චිත ජීවිතයක් ගත කරන අය මිලදී ගන්නේ, අත්‍යවශ්‍යම සහ පරිභෝජනය කරන දේ පමණක් වන නිසා අඩුවෙන් නාස්ති කරන්නේ, ඔවුන්ය.” පුදුමයට කාරණය නම් යම් කිසි දෙයක හිඟයක් ඇති අවස්ථාවේදී, “මනුෂ්‍යයන්, එය බහුලව පවතිනවාට වඩා වැඩියෙන් නාස්ති කරන බව”, ස්ටාර් තවදුරටත් ප්‍රකාශ කළේය. මෙය මෙසේ වන්නේ ඇයි? මනුෂ්‍යයෝ රැස් කරති. ඔවුහු අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මිල දී ගෙන, පසුව පාවිච්චි නොකරන ඒවා නාස්ති කරති. හොට් ඩොර්ග්ස් නමැති ආහාරය තෙත් කසළවල වැඩියෙන් දකින්ට තිබෙන දෙයකි. ගොඩ කරන ලද ස්ථානවල, කඩදාසි, කඩදාසිවල බහුලත්වයක්, විශේෂයෙන්ම ප්‍රවෘත්ති පත්‍ර, දකින්ට තිබේ. පරිගණක යුගය විසින්, අපගේ කසළ ගොඩට කඩදාසි වැඩියෙන් එකතු කර තිබේ. අපගේ කසළවල සමස්ත පණිවුඩය නම්, අප නාස්ති කරන සමාජයක ජීවත් වන බවයි.
“ලාභදායී නොවන” ඒඩ්ස් එන්නත
ඒඩ්ස් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඖෂධ ලබාගැනීම සඳහා, ඒඩ්ස් එන්නතක් සෙවීම ආර්ථික හේතුන් මත සමහර ඖෂධ පරීක්ෂණාගාර අත් හැර තිබෙන බව ජගත් සෞඛ්‍ය සංවිධානයේ, පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂක, වෛද්‍ය. ප්යෝ, නිවේදනය කර ඇත. ප්‍රබල ඒඩ්ස් එන්නතක් නිපදවුවහොත්, ආණ්ඩුව විසින් මෙම නිෂ්පාදනය මහජනයාට දීමට බල කර සිටිනු ඇති අතර, මෙයින් ඔවුන්ට ලාභ ලබාගැනීමට අවස්ථාවක් නොලැබෙන බැවින් පරීක්ෂණාගාර දැන් බියෙන් පසු වන බව වාර්තා කර ඇත.
දෙමාපිය මඟ පෙන්වීම අවශ්‍යයි
පරිගණක තුළින් අදහස් හුවමාරු කිරීමෙන්, ලිංගික ඉඟි හෝ ලිංගික සම්බන්ධතාවලට ඍජු ආරාධනාවලින් පිරී තිබෙන පණිවුඩ දරුවන්ට බොහෝවිට ලැබෙති. ඔවුන්ට, විරුද්ධ ලිංගික අයගේ ඇඳුම් අඳින, එයාකාරයට හැසිරෙන අය සහ සමලිංගික ක්‍රියාවේ යෙදෙන අය සමඟ අදහස් හුවමාරු කළ හැක. බෝම්බ සෑදීමට, ණයවර පත් අංක සොරකම් කිරීම සහ අනික් පරිගණක පද්ධති තුළට ඇතුල් වී අපරාධ ක්‍රියාවන්හි යෙදීමට ඉගෙනගත හැක. සමහර පරිගණක ක්‍රීඩා, දරුවන්ව සැබෑ තත්වයන්ගෙන් ඈත් කරන අතර, සමහරදෙනෙක් මෙයට ඇබ්බැහි වෙති. සමහරු පවසන්නේ “මෙයට විසඳුම ඇත්තේ වඩාත් භාරදූර කාර්යයක් මතය: එනම් සාරධර්ම ඉගැන්වීම”, මත බව ද වොෂිංටන් පෝස්ට් නැෂනල් වීක්ලි එඩිෂන් පෙන්නුම් කරයි.
අවුරුදු 62දී මවක්
ඉතාලි ජාතික ස්ත්‍රියක් වයස අවුරුදු 62දී, දරුවෙකු ප්‍රසූත කළාය. රාත්තල් 7ක් සහ අවුන්ස 3ක් බරැති එම පිරිමි දරුවා සහ මව සුවෙන් සිටිති. මෙම ප්‍රීතිමත් අවස්ථාවට සුභ පැතීමත් සමඟම, ආචාර්ය ධර්ම ක්ෂේත්‍රයේ මහත් කැළඹීමක් ඇති විය. ඇයි? මේ මව ගර්භිණී වූයේ කෘත්‍රිම ලෙස ශුක්‍රධාතු තැන්පත් කිරීමෙනි. ප්‍රසූතයට උපකාර කළ නාරිවේදී වෛද්‍ය විශේෂඥ, සේවේරිනෝ අන්ටිනෝරි ප්‍රකාශ කළේ: “මෙය මහත් කැළඹීමක් ඇති කරන බව මම දනිමි, නමුත් මෙය අන්ත පියවරක් ලෙස සැලකිය යුතුය.” g95 4/22