ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 9/8 28-29 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “නාඳුනන ග්‍රහයා”
  • කැනඩාවේ ශීඝ්‍රයෙන් වෙනස්වන සාරධර්ම
  • විසිවන ශතවර්ෂ පෙර දැක්ම
  • ජපානයේ අපරාධ වැඩිවීම
  • රුධිර ප්‍රවේශන අවදානම්
  • වලස් ශරීර කොටස්
  • බ්‍රසීලයේ අන්තරායක සිටින සත්ව විශේෂ
  • ග්‍රහයා මත සිටින ජනයා
  • උසස් සබඳතා රහස වේ
  • සංකීර්ණ ජෛව ජාලය
    2001 පිබිදෙව්!
  • සොබාදහමට එරෙහිව මිනිසා
    2001 පිබිදෙව්!
  • මිහිතලයේ වෙසෙන සත්ව විශේෂ බේරාගත හැකිද?
    2001 පිබිදෙව්!
  • දස දෙසින්
    2012 පිබිදෙව්!
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 9/8 28-29 පි.

ලෝකය දෙස බැලීම

“නාඳුනන ග්‍රහයා”

පෙර දැන නොසිටි වඳුරු විශේෂ තුනක්, ඇමසන් වර්ෂා වනාන්තරයේ, අවුරුදු දෙකක් තුළදී සොයාගන්නා ලදි. ලෝක ව්‍යාප්තව, අලුත් කුරුලු විශේෂ තුනක සාමාන්‍යයක්, සෑම වසරකම සොයාගනු ලැබේ. පැනමාහි ගස් 19ක කරන ලද අධ්‍යයනයකදී, කුරුමිණි විශේෂ 1,200ක් පමණ සොයාගනු ලැබූ අතර, එයින් සියයට 80ක්ම කලින් දැන නොසිටි ඒවාය. යුනෙස්කෝ සෝර්සස් සඟරාව මෙසේ සටහන් කරයි: “විශාල ජීවීන් සංඛ්‍යාවක් අපෙන් සැඟවී පවතී.” නිදසුනක් වශයෙන්, “දකුණු අමෙරිකාවේ, තක්සේරු කරන ලද මිරිදිය මසුන් සියයට 40ක් පමණ තවමත් වර්ගීකරණය කර නැත. . . . තවත් අපි ගවේෂණය නොකරන ලද ගැඹුරු සාගරය තුළ කුමක් සොයාගනිමුද?” තවමත් සොයාගැනීමට තිබෙන බැක්ටීරියා, දිලීර, වට පණුවන්, අරක්නිඩා වංශීන්, කෘමීන් සහ පැළෑටි වැනි, විශාල කුඩා ජීවීන් සංඛ්‍යාව ගැන සලකා බලද්දී, ගැටලුව තවදුරටත් උත්සන්න වේ. නිදසුනක් වශයෙන්, “නිවර්තන පසේ එක ග්‍රෑමයක, බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවීන් මිලියන 90ක් පමණ අඩංගු විය හැක.” “මිලියන 200ක් පමණ තරම් ඉහළ” විශේෂ සංඛ්‍යාවක් පොළොව මත තිබිය හැකි බව සමහරුන් තක්සේරු කරන බව යුනෙස්කෝ සෝර්සස් පවසයි. පෘථුල ලෙස ගවේෂණය කර තිබුණද, පෘථිවිය තවමත් “නාඳුනන ග්‍රහයා” සේ පවතී.

කැනඩාවේ ශීඝ්‍රයෙන් වෙනස්වන සාරධර්ම

“වෙළඳ ලෝකයේ හා සමාජය තුළ සහනය හා පිළිවෙළ සපයා තිබූ පල්ලියේ, රජයේ සහ ඒකාධිකාරවල හා කතිපයාධිකාරවල අධිකාරය, කැනඩානු ජාතීන්—ඉංග්‍රීසි සහ ප්‍රංශ දෙකොටස—විසින් පරම්පරාවකට අඩු කාලයක් තුළදී ප්‍රතික්ෂේප කොට තිබෙන බව” ද ටොරොන්ටෝ ස්ටාර් වාර්තා කරයි. ඒ මන්ද? ඔවුන්ට ක්ෂණික ද්‍රව්‍යමය පිනවීම අවශ්‍යයි. “සෑමදෙයක්ම දැන්” ලබාගැනීම සඳහා ප්‍රයත්නයක් තිබේ. යුදෙව්-ක්‍රිස්තියානි සදාචාර නීති සංග්‍රහය වෙනුවට ලෞකික මානවවාදයද, කතෝලික ඔර්තඩොක්ස් ඉගැන්වීම වෙනුවට ද්‍රව්‍යමය සුඛපරමවාදයද යොදා ඇත. “තම මහලුවියටවත්, මතු ජීවිතයටවත්, තම පිනවීම කල්දැමීමට බහුතරයක් අකමැති බව” ස්ටාර් තවදුරටත් පවසයි. තවදුරටත් දෙවියන්වහන්සේව ස්වභාවිකත්වය ඉක්මවූ කෙනෙකු ලෙස සලකන්නේ නැත. එබැවින්, කිසි බියක් හෝ වැරදිසහගතබවක් නැත. ද්‍රව්‍යමය ලෝකයේ වස්තු රැස් කිරීමට සියලු උත්සාහයන් යොදන විට, ආත්මික අවශ්‍යතාවන් අතපසු වේ.

විසිවන ශතවර්ෂ පෙර දැක්ම

රථවාහන, බහුජන ප්‍රවාහන සේවා, විද්‍යුත් සංගීතය, ෆැක්ස් යන්ත්‍ර වැනි නවීන-දින සංවර්ධනයන් ගැන, පසුගිය ශතවර්ෂයේ ජීවත්වූ කෙනෙකුට සිතන්ට හැකිද? අරෞවුන්ඩ් ද වර්ල්ඩ් ඉන් 80 ඩේස් සහ 20,000 ලීග්ස් අන්ඩර් ද සී, වැනි කෘති සඳහා සුප්‍රකට වූ, ජූල්ස් වර්න් නම් ප්‍රංශ ජාතික නවකතා රචකයා 1863දී, මෙවැනි සංවර්ධනයන් සහ තව බොහෝ ඒවා, කලින් ප්‍රකාශයට පත් නොකරන ලද, පැරිස් ඉන් ද 20 සෙන්චරි නම් නවකතාවේ පුරෝකථනය කළේය. වර්න්ගේ ප්‍රකාශකයා එය යථාර්ථයෙන් දුරස් සහ විශ්වාස කළ නොහැක්කක් ලෙස ප්‍රතික්ෂේප කර තිබුණත්, මෑතකදී සොයාගන්නා ලද මෙම කෘතිය, විසිවන ශතවර්ෂය තුළ අපගේ ජීවිතය ඇතුළත්ව දියුණු කළ යුද්ධෝපකරණ, විදුලි පුටුව, පරිසර දූෂණය සහ වාහන තදබදය පිළිබඳ පුදුමාකාර නිවැරදි චිත්‍රයක් ඉදිරිපත් කරයි. සම්භාවනීය අත්කරගැනීම් සහ සංස්කෘතිය පිළිබඳ උනන්දුවෙන් අඩුවූ, පීඩා විඳින ජනගහනයක්ද, වාණිජ්‍යවාදයට වහල් වූ සහ තාක්ෂණයට ඇබ්බැහි වූ සමාජයක්ද, වර්න් විසින් පෙර දක්නා ලදි. පැරීසියේ ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියූන් මෙසේ සටහන් කළේය: “වර්න් නවීන තාක්ෂණයේ බොහෝ දක්ෂ ක්‍රියාවන් පුරෝකථනය කළා පමණක් නොව, ඉතා භයංකර ඵලවිපාක සමහරක්ද විචාර බුද්ධියෙන් වටහාගත්තේය.”

ජපානයේ අපරාධ වැඩිවීම

මෑතක් වන තුරු ජපානය සාපේක්ෂ වශයෙන් අපරාධවලින් තොර බව සලකනු ලැබුවත්, ආර්ථික පසුබැස්ම, ඉහළ නඟින නීති විරෝධී තුවක්කු ගෙන්වීම සහ සංවිධානාත්මක අපරාධවල බලය අඩුවීම නිසා අපරාධ වැඩිවීමක් අද්දකින බව පොලිසිය චෝදනා කරයි. පොලිස් නිලධාරී ටාකාජී කුනීමාට්සූට අනුව, තුවක්කු හා සම්බන්ධ අපරාධ වාර්තාගත ඉහළ මට්ටමක් කරා ළඟාවී ඇති අතර, එය නොසලකා හැරියොත්, එය ජපානයේ “මහජන ක්‍රමවත්බවෙහි අඩිතාලම බිඳ හෙළීමට” හැක. මයිනිචි ඩේලි නිව්ස් පුවත්පතට අනුව, “සාමාන්‍ය ජනතාව” විසින් සිදු කරනු ලබන අපරාධද ඉහළ නඟිමින් තිබේ, “තදබද වූ නාගරික ජීවිතයෙන් නොකඩවා පවතින දැඩි පීඩාවද” මෙයට තරමක් දුරට හේතුවී ඇත. නගර වාසීන්ට අපරාධවලින් බේරීමට උපකාර කිරීම සඳහා, සමාජවේදීය මහාචාර්ය සූසූමූ ඕඩා පහත සඳහන් යෝජනා ඉදිරිපත් කළේය: ආචාර කිරීම් පිළිගැනීම, සුදුසු අවස්ථාවලදී “මට සමාවන්න” යයි පැවසීම සහ “ඇතිවිය හැකි වෛරයේ හැඟීම් පහ කිරීමට” සිනහ මුසු මුහුණෙන් සිටීම වැනි මූලික ආචාරධර්මයන් පවත්වාගන්න. කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමේ කලාව ඉගෙනගන්න. දොරවල ආරක්ෂක දම්වැල් පාවිච්චි කිරීමට පුරුදුව සිටින්න. පොලීසිය මිතුරන් ලෙස සලකන්න. ආත්මාරක්ෂක සටන් ක්‍රම, අපරාධයෙන් ඔබව ආරක්ෂා කිරීමට මාධ්‍යයක් ලෙස නොසලකන්න—එය බොහෝදුරට කෙනෙකුව දරුණු ලෙස තුවාල කළ හැක.

රුධිර ප්‍රවේශන අවදානම්

“කැනඩාවේ රුධිර සැපයුම දැන් සිට සහස්‍ර වර්ෂයකට පරීක්ෂා කළත්, රුධිර ප්‍රවේශන අවදානම් තවමත් පවතිනු ඇතැයි,” ද ටොරොන්ටෝ ස්ටාර් පුවත්පත වාර්තා කළේය. කැනඩාවේ රුධිර සැපයුමේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන්, නියෝජිත මණ්ඩලයක් ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් කරමින්, සාන්ත මයිකල් රෝහලේ, වෛද්‍ය විලියම් නෝබල් මෙසේ ප්‍රකාශ කළේය: “ඒවා (අවදානම්) පවතී, ඒවා සැමවිටම පවතී”. රුධිර ප්‍රවේශන අවදානම්වලට “පරිත්‍යාග කරන ලද රුධිරයෙන්, අසාත්මික ප්‍රතික්‍රියාවන් ඇතිවීම සිට ඒඩ්ස් රෝගය බෝවීම දක්වා සෑමදෙයක්ම ඇතුළත් වන බව” ද ස්ටාර් පුවත්පත පවසයි. අදදින වැඩි වැඩියෙන් රෝගීන්, රුධිරයෙන් ඒඩ්ස් රෝගය බෝවීම ගැන බියවන බව, රුධිර ප්‍රවේශන ලබා දෙන ප්‍රවීණයෝ ප්‍රකාශ කර සිටිති. වෛද්‍ය නෝබල් මෙසේ පවසයි: “‘ප්‍රවේශනයක් මා දිය යුතුද, නැද්ද?’ කියා අප සාකච්ඡා නොකරන්නාවූ දිනයක් ගතවන්නේ නැත.”

වලස් ශරීර කොටස්

“කැනඩාවෙන් නීති විරෝධීව කළු වලස් ශරීර කොටස් ප්‍රවාහනය කිරීම, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළඳාමේ හවුල්වීමට වඩා ලාභ ඉපදවිය හැකි,” බව ද ටොරොන්ටෝ ස්ටාර් පුවත්පත කියා සිටී. චීනය, දකුණු කොරියාව, ජපානය, තායිවානය සහ හොංකොං වැනි සම්ප්‍රදායික වෙදකම් කරන ධනවත් ආසියාතික රටවල, කළු වලසාගේ පිත්තාශය සහ පාද සඳහා අසාමාන්‍ය ඉල්ලුමක් ඇත. “වලසාගේ පිත, එළදෙනුන්ගේ හෝ ඌරන්ගේ පිත සමඟ ‘එකතු කිරීමත්’ (මිශ්‍ර කිරීමත්) සමඟම, ආසියාවේ වලස් ආශයේ එක් කිලෝග්‍රෑමයක ‘අවසාන වටිනාකම’ (අවසාන පාවිච්චි කරන්නා ගෙවිය යුතු මිල), (එ.ජ.) ඩොලර් මිලියන 1කට වඩා ඉහළ නැඟ ඇති බව කැලිෆෝනියාවේ බලය ලත් නිලධාරියෙක් තක්සේරු කර ඇති බව”, ස්ටාර් පුවත්පත ප්‍රකාශ කරයි. සැසඳීමක් වශයෙන්, “ටොරොන්ටෝ පුරවරය අවට, කොකෙන්වල අවසාන වටිනාකම, කිලෝග්‍රෑමයක් ඩොලර් 10,00,00ක් වූ බව තක්සේරු කරන ලදි.” කැනඩාවේ/ජගත් වනජීවී අරමුදලේ, උපද්‍රවවලට ලක්වූ සත්ව විශේෂ පිළිබඳ විශේෂඥ කැරොල් සැන් ලෝරාන් මෙසේ පවසන්නීය: “එය යෝධ ව්‍යාපාරයකි.” වලස් ශරීර කොටස්වලට ඉල්ලුම දිගටම වැඩිවනු ඇති බවට බියක් ඇත. ආසියාවේ වලස් ජනගහනය දැනටමත් විශාල ලෙස වඳවී ඇත.

බ්‍රසීලයේ අන්තරායක සිටින සත්ව විශේෂ

“වෙන කිසි රටකට වඩා බ්‍රසීලය සතු නිවර්තන වනාන්තර ප්‍රමාණය තුන්ගුණයකින් වැඩිය, තවද ජීවවිද්‍යාත්මක විවිධත්වය අතින් එය ලෝකයෙහි පෙරමුණ ගනී, එයට තවමත් වැඩිම විවිධත්වයකින් යුත් ක්ෂිරපායී සතුන් සිටී, එනම් විශේෂ 460කි” යනුවෙන්, ඕ එස්ටාඩෝ ඩි සා. පාවුලු පුවත්පත ප්‍රකාශ කරයි. “එහෙත් බ්‍රසීලය, තර්ජනයට ලක්වී සිටින සත්ව විශේෂ ඉහළම සංඛ්‍යාව ඇති රට වන අතර, එම විශේෂ 310න්, 58ක්ම ක්ෂීරපායී සතුන්ය.” කිසි ක්ෂීරපායී සත්වයෙක් අද වෙන තුරු වඳවී නැති වුවත්, බ්‍රසීලියානු ක්ෂීරපායී සතුන් සියයට 12ක්ම අන්තරා තත්වයක පවතී, උදාහරණයකට “බ්‍රසීලයේ පමණක් පවතින සිංහ ටැමරින් නම් ලේන වඳුරු විශේෂය,” වැනි සතුන් ගත හැක. ඇතැම් තර්ජනයට ලක්වී සිටින සත්ව විශේෂ “මෙවැනි සීමා කරන ලද ප්‍රදේශවල ජීවත්වන බැවින්, ඔවුන්ගේ පරිසරයට යම් බාධාවක් පැමිණියහොත්, එය ඔවුන්ගේ වඳවීමට හේතුවිය හැක.” පුවත්පත පවසන අන්දමට, වසර 50ක කාලයක් පසුවී ඒ වර්ගය සොයාගත නොහැකි වුවහොත්, ඒ විශේෂය වඳවී ඇති බවට සලකනු ලැබේ.

ග්‍රහයා මත සිටින ජනයා

එජාජඅහි (එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල), සංඛ්‍යා ලේඛනවලට අනුව, 1994 මැදභාගය වන විට, ග්‍රහයා මත සිටින ජනයාගේ ගණන, බිලියන 5.66ක් කරා ළඟාවිය. අනාගතය පිළිබඳ උපකල්පන තක්සේරු කරන්නේ, මෙම ගණන 1998 වන විට බිලියන 6 දක්වාද, 2025 වන විට බිලියන 8.5 දක්වා සහ 2050 වන විට බිලියන 10ක් දක්වා වැඩිවන බවත්, මෙම වර්ධනයේ සියල්ලක්ම වාගේ ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් අමෙරිකාවේ සිදුවන බවත්ය. සියයට 2.9ක වාර්ෂික ජනගහන වර්ධනයක් ඇති අප්‍රිකාව, ලෝකයේ වඩාත් ශීඝ්‍රයෙන් වර්ධනය වන ප්‍රදේශයකි. සියයට 0.3ක අවම සංඛ්‍යාවක් ඇත්තේ යුරෝපයේය. දැන් සිට වසර පහකට පසු එනම් මෙම සියවසේ අවසානය වන විට, ලෝකයේ ජනයාගෙන් අඩක්, නාගරික ප්‍රදේශවල ජීවත්වන බව, එජාජඅ තවදුරටත් ප්‍රකාශ කරයි. අදදින නගර 125 සමඟ සසඳන විට, එවිට සංවර්ධනය වන රටවල නගර 300කම, මිලියන එකකට වඩා අධික ජන සංඛ්‍යාවක් සිටිනු ඇත.

උසස් සබඳතා රහස වේ

“නහඹරයන් මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිත කරයිද හෝ හැසිරීමේ ගැටලු තිබේද කියා, අඟවන්නේ පවුලේ ආකාරය නොව—නමුත් නහඹරයන් විසින් පවත්වන සබඳතාවන්” බව ද ටොරොන්ටෝ ස්ටාර් පවසයි. ඇබ්බැහිවීම් පිළිබඳ පර්යේෂණ පදනම විසින්, ඔන්ටේරියෝහි යෞවනයන් 2,057දෙනෙකු අතරේ කරන ලද අධ්‍යයනයක හෙළි වූයේ, “පවුල් සබඳතාවල ස්වභාවය, පවුලේ ව්‍යූහයට වඩා ප්‍රබල බලපෑමක් කළ බව” යයි විද්‍යාඥ එඩ් ඇඩ්ලැෆ් ප්‍රකාශ කළේය. කදිම පවුල් සබඳතා තුළ සිටින නහඹරයෝ, හදාගත් හෝ සුළු දෙමාපියන් හෝ තනි මාපියන් සමඟ සිටියත්, දුර්වල සබඳතා පවතින, වෙන් නොවූ පවුල් තුළ සිටින අයට වඩා හොඳින් සිටිති. “තම ගැටලු සම්බන්ධයෙන්, දෙමාපියන් සමඟ නිතර කතා කරන්නන් අතරේ අපචාරීකම වඩාත් පහත් අනුපාතයක තිබුණු” බව ද ස්ටාර් ප්‍රකාශ කරයි. “තම මව හෝ පියා සමඟ තම ගැටලු කිසිදාක සාකච්ඡා නොකරන අය අතරේ, අධික ලෙස මත්පැන් පානය, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ අපචාරීකම උපරිම අනුපාතයක තිබිණ.” නහඹරයෙක් තම පවුල් සමඟ ගත කරන කාලය, සබඳතාවල ගුණය සහ දෙමාපියෙකු විසින්, දරුවාගේ යන එන තැන් සහ ක්‍රියාකාරකම් වැනි දේ ගැන සාවධානව සිටීම ගැටලු අඩු කිරීමට මූලික සාධක වේ. ඇඩ්ලැෆ් මෙසේ පැවසුවේය: “දරුවන් සමඟ කාලය ගත කිරීම සහ ඔවුන් සමඟ ගත කිරීමට කාලය සොයාගැනීම වැදගත්ය.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න