ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 10/8 21-24 පි.
  • මට සැබවින්ම ප්‍රේම කළ පවුල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මට සැබවින්ම ප්‍රේම කළ පවුල
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මගේ පවුල මා ප්‍රතික්ෂේප කරයි
  • දෙවන වරටත් පිටමං කරනු ලැබීම
  • එක් පොලඹවන ඉදිරිපත් කිරීමක්
  • තවත් පවුලක් සොයාගැනීම
  • මා ප්‍රතික්ෂේප කළ පවුලට උපකාර කිරීම
  • කලින් මම අකීකරු පුත්‍රයෙක්
    2006 පිබිදෙව්!
  • පියවරු දෙන්නෙක් අතර මගේ තේරීම
    1998 පිබිදෙව්!
  • තවදුරටත් පර්වතයක් හෝ දූපතක් නොවෙමි
    1995 පිබිදෙව්!
  • යෙහෝවඃ වහන්සේගේ ස්ථිරසාර උපකාරය උදෙසා කෘතඥපූර්වක වෙමි
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 10/8 21-24 පි.

මට සැබවින්ම ප්‍රේම කළ පවුල

දරුවෙකුට, ඕනෑම දරුවෙකුට, පවුලක් ඇත්තෙන්ම වැදගත් වේ. උණුසුම්, ප්‍රේමනීය පවුලක් දරුවෙකුගේ ශාරීරික හා මානසික අවශ්‍යතාවන් සපයාගැනීමට උපකාරවත් වේ. එය පුහුණුව, අධ්‍යාපනය හා වර්ධනය ආදී අංගයන්වල වැදගත් කොටසක් ඉටු කරයි. එය දරුවෙකුට සුරක්ෂිතභාවයේ හැඟීමක් ඇති කරයි. මට මෙන්, ඔබගේ පවුලෙන් ඔබව ප්‍රතික්ෂේප කිරීම කොතරම් අභාග්‍යසම්පන්න දෙයක් වේද!

නැඟෙනහිර නයිජීරියාවේ විශාල පවුලක මම ඉපදුණා. මගේ පියා ගෝත්‍රයක නායකයෙක් වූ අතර, ඔහුට භාර්යාවන් හත්දෙනෙකු සිටියා. ඔහු දරුවන් 30දෙනෙකුගේ පියා වූ අතර, මම ඉන් 29වෙනියා වුණා.

වර්ෂ 1965දී එක්දිනක, මට වයස අවුරුදු 10ක්ව සිටියදී, පාසැලෙන් මම නිවසට පැමිණි විට මගේ පියා ඉස්තෝප්පුවෙහි වාඩිවී සිටිනවා දුටුවා. මිනිසුන් දෙදෙනෙක් බ්‍රීෆ්කේස් රැගෙන අපගේ නිවසට පැමිණි අතර, උද්‍යෝගී ලෙස ආචාර කිරීමෙන් අනතුරුව, තමුන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බව හඳුන්වා දුන්නා. මගේ පියා ඔවුන්ට සාවධානව ඇහුම්කන් දුන්නා. ඔවුන් ඔහුට සඟරා ඉදිරිපත් කළ විට, මගේ පියා මා දෙස හැරී බලා ඒවා මට අවශ්‍යදැයි ඇසුවා. මම හිස සෙලවූ නිසා, ඔහු ඒවා මට ලබා දුන්නා.

සාක්ෂිකරුවන් නැවත බැහැදැකීමට පොරොන්දු වූ අතර, ඔවුහු එසේ කළා. ඉදිරි වසර දෙකක කාලයක් පුරා ඔවුහු මා සමඟ බයිබලය සාකච්ඡා කිරීමට පැමිණියා. කෙසේවෙතත්, මගේ ගමේ සිට ඔවුන් සිටි ස්ථානයට කිලෝමීටර දහයක් පයින් ගමන් කිරීමට තිබුණු නිසා ඔවුන්ගේ බැහැදැකීම් විධිමත්ව සිදුවූයේ නැහැ.

මගේ පවුල මා ප්‍රතික්ෂේප කරයි

මගේ පියා අසනීප වී මරණයට පත්වන විට, මට වයස අවුරුදු 12ක් වුණා. භූමදානයෙන් දින 8කට පසු, මගේ වැඩිමහල් සහෝදරයා පවුලම රැස් කෙරෙව්වා. විසිදෙනෙක් පමණ එහි සිටියා. අපි සියලුදෙනාම සිතුවේ ඔහු අවමංගල්‍ය වියදම් පිළිබඳ කතා කිරීමට යන බවයි. කෙසේවෙතත්, මම පුදුමයට පත්වූයේ, ඔහු මෙම රැස්වීමට කැඳවූයේ ඔහුගේ බාල සහෝදරයා වන මා පිළිබඳ සාකච්ඡා කිරීමටයයි පැවසූ විටය! මට කෑම දෙන්ට පවුලට මුදල් නැතුවා වාගේ, පැන්ස 4ක් සඳහා මා “හිඟමින්” එහේ මෙහේ ඇවිදීමට උනන්දු වූ බව ඔහු කියා සිටියා. ඔහු තවදුරටත් කීවේ, පැන්ස 4කට සඟරා ගෙයින් ගෙට ගොස් දීමෙන් පවුලේ නමට මඩගාන බවයි. මම අයිති විය යුත්තේ කාටදැයි මා තෝරාගත යුතු බව ඔහු මට පැවසුවා—සාක්ෂිකරුවන් හෝ මගේ පවුල.

මගේ මව මියගොස් සිටියා, නමුත් මගේ කුඩම්මලාගෙන් කෙනෙක් මා වෙනුවෙන් අඬා කන්නලව් කළා. ඔවුන් මාව මගේ උරුමයෙන් ඉවත් කිරීමට මෙය කාරණයක් කොට නොගන්නා මෙන් ඈ ආයාචනා කළා. එහෙත් ඔවුනට ගැහැනියකගේ මතය එතරම් වැදගත් වූයේ නැහැ. පවුලේ අය අයියාගේ පැත්ත ගෙන මගෙන් තීරණයක් බලයෙන් ඉල්ලා සිටියා.

මෙම ප්‍රශ්නය පිළිබඳ කල්පනා කිරීමට මම කාලය ඉල්ලා සිටියා. පසුවදා සැන්දෑව වන තුරු මට කල් දීමට ඔවුහු එකඟවුණා. මාගේ කාමරයේ තනියම සිට මම අඬන්ට පටන්ගත්තා. දුර්වල, ප්‍රතික්ෂේප කරනු ලැබූ බවක් හා බියක් මට හැඟුණා. මට කුමක් සිදුවේදැයි මම කල්පනා කළා.

එම අවස්ථාව වන තෙක්, මම කවරදාකවත් රාජ්‍ය ශාලාවකට ගොස් තිබුණේ නැහැ, ඒ වගේම මම කවරදාකවත් සාක්ෂිකරුවන් සමඟ දේශනා සේවයෙහි සහභාගි වී තිබුණෙත් නැහැ. බයිබල් ඉගැන්වීම් පිළිබඳ එතරම් දැනුමක් මට නොතිබුණු අතර, මට කතා කිරීමට මගේ ගමේ සාක්ෂිකරුවන් සිටියෙත් නැහැ.

මගේ ජීවිතයේ පළමුවරට මම යෙහෝවඃවහන්සේගේ නම කියා යාච්ඤා කළා. උන්වහන්සේ සැබෑ දෙවියන්වහන්සේ බව මම ඉගෙනගනිමින් සිටි බව උන්වහන්සේට කිව්වා. උන්වහන්සේ මා සමඟ සිට උන්වහන්සේව අසතුටු නොකරන නිවැරදි තීරණයක් ගැනීමට උපකාර කරන මෙන් මම කන්නලව් කළා.

පසුවදා සැන්දෑවේ පවුලම ආපසු එක්රැස් වී මගේ තීරණය බල කර ඉල්ලා සිටියා. මට ජීවිතය දුන් මගේ පියා, සාක්ෂිකරුවන් සමඟ මගේ පාඩමට මුලපුරා තිබූ බව මම පැහැදිලි කර දුන්නා. මගේ බයිබලයට සහ සඟරාවලට ඔහු මුදල් ගෙවා තිබුණා. මම සාක්ෂිකරුවන් සමඟ පාඩම් කිරීම ගැන ඔහු අමනාප වී සිටියේ නැති නිසා, මගේ වැඩිමහල් සහෝදරයා මෙය මට විරුද්ධව පාවිච්චි කරන්නේ මන්ද කියා මට තේරුම්ගත නොහැකි වුණා. ඔවුන් මට කුමක් කළත් මම එය ගණන් නොගන්න බවත්, මට යෙහෝවඃවහන්සේට සේවය කිරීමට අවශ්‍ය බවත් මම පැවසුවා.

මෙම කතාවෙන් ඔවුන් සතුටට පත්වූයේ නැහැ. ඔවුන්ගෙන් කෙනෙකු මෙසේ පැවසුවා: “අපට මෙසේ කතා කිරීමට මේ කුඩා මීයා කවුද?” එකවරම මගේ සහෝදරයා වහාම මගේ කාමරයට දුව ගොස් මගේ ඇඳුම්, මගේ පොත් සහ මගේ කුඩා කාඩ්බෝඩ් සූට්කේසය රැගෙන පිටතට විසි කළා.

ගමේ ජීවත්වූ පාසැලේ මිතුරෙකුගේ නිවසෙහි මට ඉඳුම් හිටුම් ලැබුණු අතර, මම ඔහුගේ පවුලේ අය සමඟ මාස 5ක් පමණ නැවතී සිටියා. මේ අතරතුර, ඔහු සමඟ සිටීමට මට ආරාධනා කළ ලාගෝස්හි සිටි මගේ මාමාට ලියුමක් ලිව්වා.

මාස කිහිපයකට තාල ගස්වල බීජ එකතු කිරීමෙන් හා විකිණීමෙන් මම මුදල් ඉතිරි කරගත්තා. මා වෙනුවෙන් කතා කළ මගේ කුඩම්මාද මට මුදල් ටිකක් දුන්නා. ප්‍රමාණවත් මුදල් ලැබුණු විට මම ලාගෝස් බලා පිටත්වුණා. ගමනින් අඩක් පමණ ගියේ වැලි ගෙන යන්නාවූ ට්‍රක් රථයක පිටිපස්සේය.

දෙවන වරටත් පිටමං කරනු ලැබීම

මම ලාගෝස්ට පැමිණි විට, මගේ මාමා සාක්ෂිකරුවන් සමඟ ඉගෙනගන්නා බව දැනගැනීමෙන් මම සතුටට පත්වුණා. රාජ්‍ය ශාලාවේ සභා රැස්වීම්වලට පැමිණීමට මම වහාම පටන්ගත්තා. කෙසේවෙතත්, මගේ වැඩිමහල් සහෝදරයා බැහැදැකීමට පැමිණීමෙන් පසු, යෙහෝවඃවහන්සේට සේවය කිරීමට මගේ මාමාට තිබූ උනන්දුව ඉක්මනින්ම නැතිවී ගියා. මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ දිගටම ආශ්‍රය කළ නිසා, මට කිසිම උදව්වක් නොකිරීමත්, පාසැලට යෑමට අවසර නොදීමත්, පවුලේ තීරණය වූ බව ඔහු මගේ මාමාට පැවසුවා. ඔහු මගේ මාමා බියගන්වා නැවත ගෙදර ගියා.

මගේ සහෝදරයා පිටවී යෑමෙන් සතියකට පසුව, මගේ මාමා මා මධ්‍යම රාත්‍රියෙහි අවදි කර යම්කිසිවක් ලියන ලද කඩදාසියක් මා දෙසට වැරෙන් යොමු කළා. පෑනක් මගේ අතට දී මගේ නම අත්සන් කිරීමට ඔහු බලෙන් ඉල්ලා සිටියා. ඔහුගේ මුහුණේ තිබූ රෞද්‍ර පෙනුම දැකීමෙන් පසු, මෙය යම් බරපතළ දෙයක් බව දැනගත්තා. “මාමා, උදයේ මෙයට අත්සන් කිරීමට මට අවසර නොදෙන්නේ ඇයි?” කියා මම ඇසුවා.

මම ඔහුට “මාමා” කියා අඬගසන්නේ නැතුව මෙම කඩදාසියෙහි වහාම අත්සන් කළ යුතු බව ඔහු මට පැවසුවා. මිනීමරුවෙකුට පවා ඔහුට විරුද්ධව කරන ලද චෝදනා දැනගැනීමේ අයිතිය තිබෙන බව මම පිළිතුරු දුන්නා. ඇත්තෙන්ම, අත්සන් කිරීමට පෙර එම කඩදාසිය කියවීමට මට අයිතිය තිබුණා නොවේද?

කෝපාන්විතව මට එය කියවීමට දීමට ඔහු එකඟවුණා. එය ආරම්භ වූයේ මෙයාකාරයටයි: “යූ. යූ. උඩෝ වන මම, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු නොවීමට පොරොන්දු වී සිටිමි. මම මගේ බෑග් සහ පොත් පුලුස්සා දැමීමට එකඟ වන අතර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ කවරදාකවත් කිසිම සම්බන්ධතාවක් තබා නොගන්නා බවට පොරොන්දු වෙමි. . . . ” පළමු වාක්‍යය කිහිපය කියවීමෙන් පසු, මම සිනාසීමට පටන්ගත්තා. මම ඔහුට අගෞරව කිරීමට අදහස් නොකළ නමුත්, මෙවැනි ලියවිල්ලකට මට අත්සන් කිරීමට නොහැකි බවත් ඉක්මනින්ම තේරුම් කර දුන්නා.

මගේ මාමා ඉතා කෝපවී මට ගෙදරින් පිටවන ලෙස අණ කළා. මම නිශ්ශබ්දව මගේ ඇඳුම් සහ පොත් මගේ සූට්කේසයේ අහුරා නිවසින් පිටත කොරිඩෝරයට ගොස් නිදාගැනීමට බිම දිගා වුණා. මම එහි සිටිනවා මගේ මාමා දුටු විට, ඔහු ගෙවන කුලියට කොරිඩෝරයත් ඇතුළත් වන බව පැවසුවා, මෙම ගොඩනැඟිල්ල අතහැර යෑමට මට සිදුවුණා.

එක් පොලඹවන ඉදිරිපත් කිරීමක්

මම ලාගෝස්හි සති දෙකක කාලයක් පමණක් සිටි බැවින් කොහේ යන්නදැයි නොදැන සිටියා. මාව රාජ්‍ය ශාලාවට ගෙන යන සහෝදරයා ජීවත්වන්නේ කොහේදැයි මම නොදැන සිටියා. එසේ පාන්දර වූ විට, මට උපකාර කරන මෙන් යෙහෝවඃවහන්සේට යාච්ඤා කරමින් මම ඇවිදීමට හා තැනින් තැන යෑමට පටන්ගත්තා.

දවස අවසානයේදී ඉන්ධන පිරවුම් හලක් අසල මම සිටිනවා දුටුවා. මම අයිතිකරු වෙත ගොස් මගේ සූට්කේසය රාත්‍රියෙහි හොරු රැගෙන නොයන පරිදි, ඔහුගේ කාර්යාලය තුළ දමා අගුල් දැමිය හැකිදැයි ඇසුවා. මම ගෙදර නොගියේ මන්දැයි ඇසීමට මෙම ඉල්ලීම ඔහුගේ කුතුහලය ඇවිස්සීමට ප්‍රමාණවත් වුණා. මගේ කතාව මම ඔහුට කිව්වා.

එම පුද්ගලයා අනුකම්පාසහගත වූ අතර, ඔහුගේ සේවකයා ලෙස මා යොදවාගැනීමට ඉදිරිපත් වුණා. ඔහුගේ නිවසේ වැඩකටයුතුවලට උදව් කළහොත් මාව පාසැලකටද යවන බවත් ඔහු පැවසුවා. මෙය පොලඹවනසුලු ඉදිරිපත් කිරීමක් වුවත්, සේවකයෙකු ලෙස සෑමදාම උදෑසන සිට බොහෝ රෑ වන තෙක් වැඩ කිරීම මෙයට අදාළ බව මා දැන සිටියා. තවද, සොරුන් සමඟ නිවස කොල්ලකෑමට කුමන්ත්‍රණය කරයි යන බිය හේතුවෙන් නිවසින් පිටත අය සමඟ ආශ්‍රය කිරීමට සේවකයන්ව අධෛර්යය කර තිබුණා. හොඳම තත්වයන් යටතේ වුවත්, මට පෙනෙන ලෙසට මසකට එක ඉරිදාවක් පමණක් නිවාඩු තිබේවි. එමනිසා මම අවංකවම ඔහුගේ සැලකිල්ලට ස්තුති කළත්, ඔහුගේ ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළා. මම සේවකයෙකු ලෙස වැඩ කළහොත් රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට යෑමට මට අපහසු වන බව ඔහුට පැවසුවා.

එම මනුෂ්‍යයා මට මෙසේ පැවසුවා: “ඔබට නැවතී සිටීමට ස්ථානයක් නොමැතිව ඔබ රැස්වීම් පිළිබඳ කතා කරන්නේ කොහොමද?” රැස්වීම්වලට නොයෑමට මා කැමති වුවහොත්, මට මගේ පියාගේ නිවසෙහි ජීවත්විය හැකියයි මම ඔහුට පිළිතුරු දුන්නා. මාව නිවසින් පලවා හැරීමට හේතු වූයේ මගේ ආගමයි. ඔහුගෙන් මට අවශ්‍ය වූයේ මගේ සූට්කේසය තැබීමට ස්ථානයක් පමණි. ඉන්පසු එය ආරක්ෂා සහිතව තැබීමට ඔහු එකඟවුණා.

තවත් පවුලක් සොයාගැනීම

මෙම පිරවුම් හලින් පිටත දවස් තුනක් මම නිදාගත්තා. ආහාර ගැනීමට මට මුදල් නොතිබුණු බැවින්, එම කාලය අතරතුරේදී මට සම්පූර්ණයෙන්ම වාගේ කෑමට කිසිවක් නොතිබුණා. සතරවන දින මම එහෙ මෙහෙ ඇවිදිමින් සිටියදී, වීදිය දිගේ සිටි මිනිසුන්ට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරමින් සිටින තරුණ පුද්ගලයෙකුව මා දුටුවා. ප්‍රීතියෙන් යුතුව ඔහු වෙතට දිව ගොස් සහෝදර ගොඩ්වින් ඉඩේව හඳුනනවාදැයි මා ඇසුවා. මම එසේ ඇසුවේ මන්දැයි ඔහුට දැනගැනීමට අවශ්‍ය වූ බැවින්, ඉතින් මම මට සිදුවූ සියල්ල පැහැදිලි කර දුන්නා.

මා අවසන් කළ පසු, ඔහු එකවරම ඔහුගේ සඟරා බෑගය තුළ දමා මෙසේ ඇසුවා: “ලාගෝස්හි දහස් ගණන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සිටින විට ඔබ මෙසේ පීඩා විඳින්නේ ඇයි?” ඔහු කුලී මෝටර් රියක් නවත්වා මගේ සූට්කේසය ගැනීමට පිරවුම් හල වෙත මා ගෙන ගියා. ඉන්පසු ඔහුගේ නිවසට මා ගෙන ගොස් ආහාරයක් මට පිළියෙළ කළා. පසුව ඒ ළඟපාත ජීවත්වූ සහෝදර ඉඩේ වෙත ඔහු පණිවිඩයක් යැව්වා.

සහෝදර ඉඩේ පැමිණි පසු, මා නවාතැන් ගත යුත්තේ ඔවුන්ගෙන් කවරෙකු ළඟදැයි යන්න පිළිබඳ ඔවුහු තර්ක කළා. දෙදෙනාටම මා අවශ්‍ය වුණා! යථාකාලයේදී ඔවුන් මා බෙදාගැනීමට තීරණය කළා—ටික කලක් එක්කෙනෙකු සමඟත්, ටික කලක් අනික් එක්කෙනා සමඟත් මට ගත කරන්ට සිදුවුණා.

මට වැඩි කාලයක් නොගොස් පණිවිඩකරුවෙකු ලෙස රැකියාවක් ලැබුණා. මගේ පළමු වේතනය ලද විට, මා මෙම සහෝදරයන් දෙදෙනා සමඟ කතා කර ආහාර හා කුලිය උදෙසා මම සම්මාදම් කිරීමට ඔවුන්ට කොපමණ ප්‍රමාණයක් අවශ්‍යදැයි ඇසුවා. ඔවුහු සිනාසී මට කිසිම දෙයක් ගෙවීමට අවශ්‍ය නැති බව පැවසුවා.

ඉක්මනින්ම සන්ධ්‍යා කාලයේ පන්ති හා ඒ සමඟම පෞද්ගලික පාඨමාලා සඳහාද මම ලියාපදිංචි වූ අතර, යථාකාලයේදී මගේ මූලික අධ්‍යාපනය මම සම්පූර්ණ කළා. මට මූල්‍යමය වශයෙන්ද කාරණා දියුණු වුණා. ලේකම් කෙනෙකු ලෙස වඩාත් හොඳ රැකියාවක් මට ලැබුණු අතර, කාලයත් සමඟම මටම කියා ස්ථානයක් මම අත්කරගත්තා.

වර්ෂ 1972දී මම බව්තීස්ම වුණා. එවිට මට වයස අවුරුදු 17ක් වුණා. යෙහෝවඃවහන්සේ මට කර ඇති සියල්ලටත්, විශේෂයෙන් එම දුෂ්කර කාලපරිච්ඡේදයේදී කළ උපකාරවලටත්, මගේ අගය උන්වහන්සේට පෙන්වීම පිණිස පුරෝගාමී සේවයට ඇතුල්වීමට මට අවශ්‍ය වුණා. මට හැකි අවස්ථාවල මම තාවකාලික පුරෝගාමී සේවය කළත්, එහි ස්ථිරව පිහිටා සිටීමට මට වසර ගණනාවක් ගතවුණා. අවසානයේදී, මම 1983දී ස්ථාවර පුරෝගාමියෙකු ලෙස සේවයට බැඳුණා.

ඒ වන විට මම මගේ ආත්මික පවුල සම්පූර්ණයෙන්ම අගය කළා. යේසුස්වහන්සේගේ මෙම වචන ඇත්තෙන්ම සත්‍යය බව මට තහවුරු වුණා: “සැබවක් නුඹලාට කියමි—දෙවියන්වහන්සේගේ රාජ්‍යය නිසා ගෙය හෝ භාර්යාව හෝ සහෝදරයන් හෝ දෙමවුපියන් හෝ දරුවන් හෝ අත්හැරිය කවරෙක් නුමුත්, මේ කාලයේදී ඊට බොහෝ වැඩියෙන්ද පරලොවදී සදාකාල ජීවනයද නොලැබ නොසිටින්නේය.” —ලූක් 18:29, 30.

සාක්ෂිකරුවෝ ඇත්තෙන්ම මට ප්‍රේමය හා සැලකිල්ල පෙන්වා තිබුණා. මුදල් නොමැති විට පවා, ඔවුන් මට ඉඳුම් හිටුම් ලබා දුන්නා. ඔවුන්ගේ උපකාරය හා මගේ ස්වර්ගික පියාණන්ගේ උපකාරය ඇතුව මම ආත්මිකව දියුණු වුණා. ලෞකික අධ්‍යාපනය ලබාගත්තා පමණක් නොව, යෙහෝවඃවහන්සේගේ මාර්ගයද මම ඉගෙනගත්තා.

මගේ ස්වාභාවික පවුලේ අය මට පීඩා කළේ මෙවැනි පුද්ගලයන්ව ප්‍රතික්ෂේප කිරීමටයි. මම එයට එකඟ නොවූ විට මගේ පවුල මා ප්‍රතික්ෂේප කළා. ආත්මික සහෝදරයන් හා සහෝදරියන් දැන් මගේ ස්වාභාවික පවුලේ අයව ප්‍රතික්ෂේප කිරීමට මට උනන්දු කළාද? කොහෙත්ම නැත. බයිබලය උගන්වන්නේ මෙසේය: “මනුෂ්‍යයන් විසින් නුඹලාට යම්සේ ක්‍රියාකරනවාට නුඹලා කැමතිද, නුඹලාත් ඔවුන්ට එසේම කරපල්ලා.”—ලූක් 6:31.

මා ප්‍රතික්ෂේප කළ පවුලට උපකාර කිරීම

මා නිවසින් පිටවූවාත් සමඟම, නයිජීරියානු සිවිල් යුද්ධය ආරම්භ වුණා. මගේ ගම විනාශ වී ගියා. මගේ මිත්‍රයන්ගෙන් හා නෑදෑයන්ගෙන් බොහෝදෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර, මෙයට මා වෙනුවෙන් කන්නලව් කළ මගේ කුඩම්මාද ඇතුළත් වුණා. ආර්ථිකය විනාශ වී තිබුණා.

යුද්ධය අවසන් වූ පසු, මම නිවස බලා පිටත්වී, මා බාලව සිටි කාලයේදී මාව ගෙදරින් පිටමං කිරීමට පංගුකාර වූ මගේ වැඩිමහල් සහෝදරයන්ගෙන් කෙනෙකු බැහැදැකීමට ගියා. ඔහුගේ භාර්යාව හා දියණියන් දෙදෙනා අසනීප වී රෝහල්ගත කර තිබුණා. ඔහුට මගේ කනගාටුව ප්‍රකාශ කර උපකාර කිරීමට මට කුමක් කළ හැකිදැයි ඇසුවා.

සමහර විට ඔහුට දොස්නැගූ ඔහුගේ හෘදයසාක්ෂිය නිසා, ඔහුට අවශ්‍ය කිසිවක් නැතැයි ඔහු මට පැවසුවා. පවුලේ අය මට කළ දෙයට මම පළිගැනීමට සොයනවායැයි නොසිතිය යුතු බව මම ඔහුට පැහැදිලි කළා. ඔවුන් එසේ ක්‍රියා කළේ නොදැනුවත්කම හේතුවෙන් බව මම දන්නා නිසා, ඇත්තෙන්ම ඔහුට උපකාර කිරීමට මට අවශ්‍ය බව මම පැවසුවා.

ඔහු කඳුළු සලන්ට පටන්ගත් අතර, ඔහුට මුදල් නොමැති බවත්, ඔහුගේ දරුවන් දුක් විඳින බවත් ප්‍රකාශ කළා. මම ඩොලර් 300කට (එ.ජ.) සමාන මුදලක් ඔහුට දී ලාගෝස්හි රැකියාවක් කිරීමට ඔහු කැමතිදැයි ඇසුවා. මම නැවත ලාගෝස්ට පැමිණි විට ඔහුට රැකියාවක් මම සොයාගත් අතර, පැමිණ මා සමඟ ජීවත්වීමට ඔහුට ආරාධනා කළා. නිවසෙහි භාර්යාවට හා දරුවන්ට මුදල් යැවීමට ඉපයීම පිණිස ඔහු මා සමඟ වසර දෙකක් සිටියා. එම කාලය තුළදී ඔහුගේ කාමරයට හා ආහාරවලට මම සතුටින් මුදල් ගෙව්වා.

යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සැබෑ ආගම අනුගමනයකරන්නන් ලෙස ඔහු දැන සිටි බව පැවසුවා. ඔහු මෙතරම් දුරට ලෝකයේ අය සමඟ නොගොස් සිටියා නම්, ඔහුද සාක්ෂිකරුවෙකු වන බව තවදුරටත් පැවසුවා. ඔහුගේ භාර්යාවට හා දරුවන්ට බයිබල් පාඩමක් සඳහා කටයුතු පිළියෙළ කරන බවට ඔහු පොරොන්දු වුණා.

වර්ෂ 1987දී, චාරිකා වැඩ භාරගැනීමට මට ආරාධනා කරනු ලැබුවා. 1991 අප්‍රියෙල්වල මම සාරා උක්පොංග් සමඟ විවාහ වුණා. වර්ෂ 1993දී, චාරිකා වැඩය අතහැර නයිජීරියාවේ ශාඛා කාර්යාලයේ සේවය කිරීමට අපට ආරාධනා කරනු ලැබුවා. අපි එම ආරාධනාව පිළිගෙන මගේ බිරිඳ ගර්භිණී වන තෙක් එහි සේවය කළා.

මගේ යෞවන කාලයේදී මගේ පවුලේ අය මා ප්‍රතික්ෂේප කළත්, දෙමව්පියන්, සහෝදරයන්, සහෝදරියන් හා දරුවන් ඇතුළත් ආත්මික පවුලක් මගින් මාව වැලඳගනු ලැබුවා. මම ඇත්තෙන්ම ප්‍රේම කරන සහ ඇත්තෙන්ම මට ප්‍රේම කරන මෙම අසහාය ලෝක ව්‍යාප්ත පවුලට අයිති වීම කොපමණ ප්‍රීතියක්ද!—උඩොම් උඩෝ පැවසූ පරි

[23වන පිටුවේ පින්තූරය]

උඩොම් සහ සාරා උඩෝ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න