ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 11/8 3 පි.
  • පොතක් ලොව කම්පිත කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පොතක් ලොව කම්පිත කරයි
  • 1995 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පරිණාමවාදයේ බලපෑම්
    1995 පිබිදෙව්!
  • පරිණාමවාදය නඩු විභාගයකට ලක්වේ
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කතෝලික පල්ලිය සහ පරිණාමය
    1997 පිබිදෙව්!
  • පරිණාමය හා ඔබ
    1995 පිබිදෙව්!
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 11/8 3 පි.

පොතක් ලොව කම්පිත කරයි

පොත: ජාති සම්භවය. මානව විද්‍යාඥ ඇෂ්ලී මොන්ටෙගූ පැවසූ පරිදි, “බයිබලයට පසු තවත් කිසිදු කෘතියක් මෙතරම් බලපෑමක් කර නැත.”

කර්තෘ: එවකට විසූ ඇතමුන් විසින් “එංගලන්තයේ වඩාත්ම භයානක මිනිසා” ලෙස හඳුන්වනු ලැබූ චාර්ල්ස් ඩාවින්.

විෂය: පරිණාමවාදය. “ස්වාභාවික වරණය,” “උචිතෝන්නතිය” හා “පරිණාමය” වැනි වචන හා යෙදුම් දැන් හොඳින් ස්ථාපිත කර තිබේ. එහෙත් මෙම මතයේ බලපෑම ඔබේ භාෂාවට පමණක් සීමා වී තිබේද?

චාර්ල්ස් ඩාවින් රචනා කළ දි ඔරිජින් ඔෆ් ස්පිසීස් (ජාති සම්භවය) 1859දී මුදාහැරීමත් සමඟම, එය විද්‍යාත්මක හා ආගමික ක්ෂේත්‍ර තුළ තදබල විවාදයකට තුඩු දුන්නේය.a එම විවාදය ආර්ථික හා සමාජීය විෂයන් තුළට පිවිසි අතර, අවුරුදු 136කට පමණ පසු, අදදින පවා දිගටම පවතී.

ඒ ස්ටෝරි අවුට්ලයින් ඔෆ් එවලූෂන් (පරිණාමය පිළිබඳ කතා සැකිල්ලක්) යන පොතෙහි, සී. ඩබ්. ග්‍රයිම්ස්, ඩාවින්ගේ ජාති සම්භවය පිළිබඳව මෙසේ ලීවේය: “මුද්‍රණය කර තිබෙන වෙනත් කිසිදු පොතක්, කල්පනා කරන ජනයා අතර මෙතරම් මතභේදයකට හේතු පාදක වී නැත. මතක ඇති කාලයකට, පරිණාමය තරම් වෙනත් විෂයක් මගින් සම්ප්‍රදායික විශ්වාස මෙතරම් අභියෝගයකට ලක් කොට නැත, ස්වභාව ධර්මයා මෙතරම් විපර්යාසයකට භාජන කොට නැත, තවද මිනිස් චින්තනය හැඩගස්වා, කැටි කොට ඊට නිශ්චිත ස්වරූපයක් දී නැත.”

ඩාවින් පරිණාමවාදයේ මූලාරම්භකයා නොවන බව සැබෑය; මෙම සංකල්පය පුරාතන ග්‍රීසිය දක්වා විහිදී යන බව සොයාගත හැක. ජාති සම්භවයේ පුළුල් පිළිගැනීමට මඟ පෑදූ 18වන සියවසේ ඩාවින්ගේ පූර්වගාමිකයෝ කිහිපදෙනෙක්ද සිටියහ.

කෙසේවෙතත් නවීන පරිණාමවාදී චින්තනයේ පදනම බවට පත්වූයේ ඩාවින්ගේ පොතය. එය ලොව බියගැන්වීය, ඇත්තෙන්ම කම්පිත කළේය, මන්දයත් ඔහුගේ පරිණාමවාදී මතය ජීව විද්‍යාව තුළ ඉමහත් විපර්යාසයකට තුඩු දුන් බැවිනි. සමාජයේ අඩිතාලම් වන ආගම, විද්‍යාව, දේශපාලනය, ආර්ථික විද්‍යාව, සමාජීය ජීවිතය, ඉතිහාසය හා අනාගතය පිළිබඳ දෘෂ්ටියට එය කුණාටුවක් මෙන් පහර දුන්නේය.

දැන් සියවසකටත් වඩා වැඩි කාලයක් පුරා මෙම මතය ලොවට බලපා තිබෙන්නේ කෙසේද? එය ඔබේ ජීවිතයට බලපා තිබෙන්නේ කෙසේද? ඇත්තටම එහි උරුමය කුමක්ද? මෙම ප්‍රශ්න මතු ලිපිවල විමසිල්ලට භාජන කරනු ලැබේ.

[පාදසටහන]

a ඩාවින්ගේ පොතේ සම්පූර්ණ මාතෘකාවේ පරිවර්තනයක් වූ කලි, ස්වාභාවික වරණය මගින් සිදුවන ජාති සම්භවය, නැතහොත් ජීවන සටනේ වාසි සහිත ප්‍රභේදන නොනැසී පැවතීම හා සම්බන්ධයෙනි යන්න වේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න