ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 4/8 28-29 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “නිහඬ සමූලඝාතනය”
  • දුම්වැටිවලටත් වඩා හානිදායකයි
  • සාක්ෂරතාව මව්වරුන්ට ඇති කරන බලපෑම
  • බිඳී ගිය විශ්වාසය
  • පවුල් ජීවිතය පිරිහෙමින්
  • ජාත්‍යන්තර මඟුල් කපුකමේ උවදුරු
  • චාලන රෝගය
  • වායු දූෂණය ප්‍රංශයේ වඩ වඩාත් දරුණු වේ
  • දරුවන් අතර කථික ආබාධ
  • කාන්තාවන් හා ඔවුන්ගේ වැඩ අගය කිරීම
    1998 පිබිදෙව්!
  • කඩුලු පැනීමේ තරඟයක් වැනි වූ මාතෘත්වය
    2002 පිබිදෙව්!
  • ළමුන් ආරක්ෂා කිරීමට වූ වෑයම්
    1994 පිබිදෙව්!
  • මිලියන ගණන් ජීවිත දුමට ගොදුරු වේ
    1995 පිබිදෙව්!
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 4/8 28-29 පි.

ලෝකය දෙස බැලීම

“නිහඬ සමූලඝාතනය”

ගාර්ඩියන් වීක්ලි නමැති බ්‍රිතාන්‍ය පුවත්පතකට අනුව, ප්‍රධාන පෙළේ සංවර්ධනීය සහන සේවා සංවිධානයක් වන ඔක්ස්ෆම්හි දෘෂ්ටියට අනුව, ලෝකයේ සිටින දිළිඳුන්ගේ දුක්වේදනා “නිහඬ සමූලඝාතනයක්” යනුවෙන් හැඳින්වීමට තරම් දරුණු එකකි. ලෝකයේ සිටින දිළිඳුන්ට උපකාර කිරීම සඳහා වසර පහක ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා වූ වාර්තාවක, ලෝකයේ ජනගහනයෙන් පහෙන් එකක් වඩාත්ම දිළිඳු රටවල් 50හේ වෙසෙන බව ඔක්ස්ෆම් මගින් සොයාගැනිණ. ලෝකයේ ආදායමෙන් ඔවුන්ට තිබෙන කොටස හුදෙක් සියයට 2ක් දක්වා වේගයෙන් පහත බැස තිබීම එම රටවලටම අද්දැකීමට සිදු වී තිබේ. රටවල් තුළ ධනවත් හා දිළිඳු අය අතර පරතරයද වැඩි වෙමින් පවතී. නිදසුනක් වශයෙන් මෙක්සිකෝවට දරුණු මූල්‍යමය අර්බුදයක් හා පුළුල්ව පැතිරුණු දිළිඳුභාවයකින් පීඩා විඳීමට සිදු වී ඇති නමුත්, ඒ සමඟම කෝටිපතීන්ගේ ශීඝ්‍රතම වැඩිවීමද එම රටම අද්දැක තිබේ. ඔක්ස්ෆම්හි නියෝජිකාවක් මෙසේ පවසයි: “ලෝක නායකයන් හා එ.ජා. . . . අතරමං වී තිබෙන බවක් පැහැදිලි වෙනවා. නව සහස්‍රයක් සඳහා නව එළඹීමක් අපට අවශ්‍යයි.”

දුම්වැටිවලටත් වඩා හානිදායකයි

මෙය, දුප්පතාගේ දුම්වැටිය යනුවෙන්ද හඳුන්වනු ලබන බීඩි පිළිබඳව, ඉන්දියාවේ පාර්ලිමේන්තුව හා සම්බන්ධ කමිටුවක් මගින් ගන්නා ලද නිගමනය විය. පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් මිලියන හතරකට වඩා වැඩි පිරිසක්, ටෙන්ඩූ පත්‍රවල දුම්කොළ කුඩු ඔතා, නූලකින් බැඳීමෙන් දවසකට මිලියන 300කට වඩා අධික බීඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව තක්සේරු කර තිබේ. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා දක්වන පරිදි, දුම්වැටි මගින් ඇති වනවාට වඩා බීඩිවලින් පිළිකා ඇතිවීමට තිබෙන ඉඩ කඩ 2.5 ගුණයකින් වැඩි බවත්, එමගින් සිලිකෝසියාව හා ක්ෂයරෝගය ඇති කළ හැකි බවත්, එමෙන්ම තාර සියයට 36ක්ද නිකටින් සියයට 1.9ක්ද අඩංගු ඉන්දියාවේ පිළිගත් දුම්වැටිය හා සැසඳූ විට, එහි තාර සියයට 47ක්ද නිකටින් සියයට 3.7ක්ද අඩංගු වන බවත් මෑත වාර්තාවක් පෙන්නුම් කරයි. අවදානමට ලක් වන්නේ දුම්පානය කරන්නන් පමණක් නොවේ. එම බීඩි ඔතන මිලියන සංඛ්‍යාතයන් සනීපාරක්ෂක නොවන තත්වයන් යටතේ, එනම් අඩු වාතාශ්‍රයක් ඇති පැල්පත් තුළ දුම්කොළ කුඩු ආශ්වාස කරමින්, පැය ගණනාවක් වැඩ කිරීම සාමාන්‍යයෙන් දක්නට ලැබේ. විශේෂයෙන් එසේ දුක් විඳින්නේ කුලී වැඩ කරන දරුවන්ය.

සාක්ෂරතාව මව්වරුන්ට ඇති කරන බලපෑම

සංවර්ධනය වෙමින් පවතින රටවල සිටින දරුවන්ගේ මව්වරුන්ට සාක්ෂරතාව තිබේ නම්, එම දරුවන්ට බේරී ජීවත්වීම සඳහා වැඩි ඉඩ කඩක් තිබෙන බව මහජන සෞඛ්‍ය ප්‍රවීණයන් විසින් දිගු කලක් තිස්සේ විශ්වාස කර තිබේ—කෙසේවෙතත්, නිශ්චිත සාධකයක් හැටියට කියවීම පමණක් වෙන් කර දැක්වීමට ඔවුන්ට නොහැකි වී තිබේ. නිව් සයන්ටිස්ට් සඟරාවට අනුව, නිකරගුවාහි කරන ලද අධ්‍යයනයක් “ස්ත්‍රීන්ට අධ්‍යාපනය ලබා දීම ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍යය මත ඍජු බලපෑමක් ඇති කරන බව නිරූපණය කරන ප්‍රථම එක වේ.” එම අධ්‍යයනය මගින් 1979 සහ 1985 අතර කාලයේදී නිකරගුවාහි සාක්ෂරතාව පිළිබඳ දැවැන්ත වැඩසටහනේ වැඩිහිටියන් ලෙස සහභාගී වූ අකුරු නොදත් ස්ත්‍රීන්ව පරීක්ෂා කරන ලදි. වර්ෂ 1970 ගණන්වල අගභාගයේදී, අකුරු නොදත් මව්වරුන්ගේ දරුවන්ගේ මරණ අනුපාතය ජීව උපත් 1,000කට අජීව උපත් 110ක් පමණ විය. වර්ෂ 1985 වන විට, එම වැඩසටහන මගින් කියවීමට ඉගෙනගෙන තිබූ මව්වරුන්ගේ දරුවන් අතර මරණ අනුපාතය දාහට 84ක් දක්වා පහත බැසීය. ඔවුන්ගේ දරුවෝද වඩා හොඳින් පෝෂණය වී සිටියහ. සාක්ෂරතාව ඇති මව්වරුන්ගේ දරුවන් වඩා සෞඛ්‍යසම්පන්න වීමට හේතුව ගැන ප්‍රවීණයෝ තවමත් අවිනිශ්චිතව සිටිති.

බිඳී ගිය විශ්වාසය

කැනඩාවේ වයඹදිග ප්‍රදේශවල හඩ්සන් බොක්කේ චෙස්ටර්ෆීල්ඩ් කඩතොල්ලේ පිහිටි කුඩා නගරය, පාසැල් යන දරුදැරියන්ට අතවර කිරීමේ පුළුල් චෝදනා මගින් කැළඹී ඇත. මැක්ලීන්ස් සඟරාවට අනුව, 1950 හා 1960 ගණන්වල වසර 17ක කාලපරිච්ඡේදයක් පුරා, සර් ජෝසෆ් බර්නියර් ෆ්‍රෙඩ්‍රල් දිවා පාසැලේ හා කතෝලික පල්ලිය මගින් නඩත්තු කරන ලද ඊට යාබද නවාතැනෙහි ස්වදේශී එස්කිමෝ දරුවන්ට කරන ලද ලිංගික හා ශාරීරික අතවර සම්බන්ධ සිද්ධීන් ගැන ආණ්ඩුව මගින් මෑතක පළ කරන ලද ස්වාධීන වාර්තාවක සඳහන් විය. චෝදනා 236ක් සම්බන්ධයෙන් පොලීසිය මාස 21ක් පුරා පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව නඩු පැවරීමෙන් වැළකීමට තීරණය කළේය—සමහර අවස්ථාවලදී සීමාකර ව්‍යවස්ථාව අහෝසි වී තිබූ නිසාය; වෙනත් අවස්ථාවලදී වරද කළා යයි කියන ලද වරදකරුවන් වියපත්ව හෝ මියගොස් සිටි බැවිනි; තවත් අවස්ථාවලදී, පෙර සිසුන් සමහරදෙනෙකුට නිශ්චිත වශයෙන් වරදකරුවන්ව හඳුනාගැනීමට නොහැකි වූ නිසාය. මැක්ලීන්ස් සඟරාවේ මෙසේ සඳහන් විය: “ගෙවී ගොස් තිබෙන කාලය නිසා වරද කළායයි කියන ලද වරදකරුවන්ට දඬුවම් දීම පැහැදිලිවම වඩාත් දුෂ්කර කටයුත්තක් කර තිබෙන මුත්, ගොදුරුවූවන්ගේ වේදනාව ඉන් මැකී ගොස් නැත.”

පවුල් ජීවිතය පිරිහෙමින්

අදදින පවුල් ජීවිතයේ තත්වය කෙසේද? එක්සත් ජනපදයේ මහජන තොරතුරු දෙපාර්තමේන්තුවට අනුව, සාමාන්‍යයක් වශයෙන් ලොව පුරා සිටින පියවරුන් තම දරුවන් සමඟ දවසකට තනියෙන් ගත කරන්නේ, පැයකටත් වඩා අඩු කාලයකි—හොංකොංහි සාමාන්‍යය, විනාඩි හයක් පමණි. තනි දෙමාපියභාවය වැඩි වෙමින් පවතී. නිදසුනක් වශයෙන්, එක්සත් රාජධානියේ 1990දී දරු උපත් සියල්ලෙන් අඩක් පමණ සිදු වූයේ අවිවාහක ස්ත්‍රීන්ටය. පවුල් තුළ සාහසිකකම්ද වැඩි වෙමින් පවතී. එක්සත් ජනපදයේ හා බටහිර යුරෝපයේ වෙසෙන දරුවන්ගෙන් සියයට 4ක් සෑම වසරකම නිවස තුළ දී දරුණු සාහසිකකම් අද්දකින බව ගණනය කර තිබේ. වියපත් අයටද ගැටලු තිබේ. එක්සත් ජාතීන්ගේ වාර්තාවෙහි මෙසේ ප්‍රකාශ වේ: “යුරෝපියානු සංගමයේ (EU) ‘සංවර්ධිත’ යනුවෙන් හඳුන්වනු ලබන රටවල පවා, වියපත් අයගේ සංඛ්‍යාවෙන් පහෙන් එකක් ජීවත් වන්නේ සාපේක්ෂ වශයෙන් දිළිඳුභාවයෙනි, බොහෝවිට ඔවුහු තම පවුලේ හෝ කිට්ටු ඥාතීන්ගේ උපකාරය නොමැතිව ඔවුන්ගෙන් ඈත්ව ග්‍රාමීය මහලු මඩම්වල වෙසෙති.”

ජාත්‍යන්තර මඟුල් කපුකමේ උවදුරු

නැඟෙනහිර යුරෝපය සිට බටහිර යුරෝපය දක්වා ගමන් කිරීම සඳහා වැඩි වූ නිදහසත් සමඟම අප්‍රසන්න අතුරු-ඵලයක්ද පැමිණ තිබේ: එනම් ජාත්‍යන්තර මඟුල් කපුකමය. වර්ෂ 1991 සිට, තැපැල් ඇණවුම් මණාලියන් වශයෙන් ස්ත්‍රීන් 15,000ක් පමණ සංඛ්‍යාවක් නැඟෙනහිර යුරෝපයෙන් බටහිර යුරෝපය වෙතට ගොස් තිබේ. බොහෝ ස්ත්‍රීහු දිළිඳුකමින් ජීවත් වන අතර, වඩා යහපත් ජීවිතයක් ගැන සිහින මවති, එමනිසා මංගල යෝජනා නියෝජිතායතනයක් මගින් නිකුත් කළ දැන්වීමකට ඔවුහු පිළිතුරු සපයති. නිතරම පාහේ, ස්ත්‍රියක් විදේශ රටක කුරිරු ස්වාමිපුරුෂයෙකුට හසු වී තනි වී සිටින විට, එම සිහිනය ත්‍රාසජනක සිද්ධියක් බවට පත් වෙයි. එක් පෝලන්ත මණාලියක් ජර්මනියේදී ඇගේ ස්වාමිපුරුෂයා අතින් කොතරම් ගුටි බැට කෑවාද කිවහොත්, එනිසා ඈ වනයට පලා ගොස් අධික සීතලේ දවස් දෙකක් සැඟවී සිටියාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇයට තුෂාර ඩැසිය හටගත් අතර, ඇගේ වම් කකුලේ කොටසක් හා දකුණු කකුල කපා ඉවත් කිරීමට සිදු විය. ගාර්ඩියන් වීක්ලි නමැති ඉංග්‍රීසි පුවත්පතේ මෙලෙස සඳහන් විය: “මඟුල් කපුකමේ නියෝජිතායතන බොහොමයක් ගණිකා ව්‍යාපාර ලෙසද ක්‍රියා කරයි. පිටරට සිටින ස්ත්‍රීන්ව ඔවුහු වශී කරගත් පසුව, ඔවුන්ව ගණිකා මඩම්වලට බලෙන් ගෙන යති. ඊට විරෝධය පාන අයව සාමාන්‍යයෙන් මරනු ලබයි.”

චාලන රෝගය

ඔබ චාලන රෝගය (ගමනේ යෙදෙන විට ඔක්කාරය හටගැනීම) අද්දකින පුද්ගලයෙක්ද? එසේනම්, එසේ සිදු වන්නේ ඔබට පමණක් නොවේ. සෑම දසදෙනෙකුගෙන් නවදෙනෙකුම විවිධාකාර මට්ටම්වල චාලන රෝගයට ගොදුරු වීමට ඉඩ ඇත, යනුවෙන් ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබ්‍යුන් වාර්තා කරයි. බල්ලෝ, විශේෂයෙන් බලු පැටව්, පහසුවෙන් ඊට ගොදුරු වෙත්. රළු මුහුදු ඔස්සේ බෝට්ටුවල ගෙනයනු ලබන විට මසුන්ටද චාලන රෝගය හටගනී! පිළියම කුමක්ද? බොහෝදෙනෙක් සාමාන්‍යයෙන් ඕනෑම ඖෂධාලයකින්ම පාහේ ලබාගත හැකි ඖෂධවල පිහිට පතති. උපකාරවත් විය හැකි තවත් යෝජනා මෙන්න: ගමන් කරන වාහනයක් තුළදී පොත් පත් කියවීමෙන් වළකින්න. අඩුම චලනය සිදු වන—එනම් නිදසුනක් වශයෙන් රථයේ ඉදිරි ආසනයේ හෝ ගුවන් යානයක නම් තටු පිහිටි ප්‍රදේශයේ අසුන් ගන්න. ක්ෂිතිජය බඳු ඉතා ඈතින් පිහිටි වස්තූන් වෙත නෙත් යොමු කරන්න. එසේ කිරීමට ඔබ අකමැති නම්, ඔබගේ ඇස් වසාගන්න.

වායු දූෂණය ප්‍රංශයේ වඩ වඩාත් දරුණු වේ

ඊට එරෙහිව සටන් කිරීමට සම්මත ප්‍රයත්න තිබියදීත්, වායු දූෂණය වඩ වඩා දරුණු වෙමින් පවතින අතර, පැරිස් සහ වෙනත් ප්‍රංශ නගරවල වෙසෙන මිලියන සංඛ්‍යාතයන්ට බරපතළ සෞඛ්‍ය තර්ජනයක් එල්ල කරයි. පසුගිය කාලයේදී බැර කර්මාන්තය ප්‍රධාන හතුරා වුවත්, අදදින නගරයේ වායු දූෂණයෙන් සියයට 80කට වගකිව යුත්තේ රථ වාහනයි. වර්ෂ 1970 සිට ප්‍රංශයේ තිබෙන රථ වාහනවල සංඛ්‍යාව දෙගුණ වී ඇත, එය මිලියන 12 සිට මිලියන 24 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, පැරීසියේ පමණක් මිලියන 3.2ක් ඇත. පැරීසියේ විෂ සහිත වායු වර්ගවල සාන්ද්‍රණය සම්බන්ධයෙන් සෑම වැඩිවීමකටම, ස්වසන පද්ධතියේ රෝග නිසා මරණ හා රෝහල්ගත වීම්වල සංඛ්‍යාවේ අනුරූප වැඩිවීමක් තිබූ බව ල මොන්ඩේ නමැති පැරිස් පුවත්පත වාර්තා කරයි. නිශ්චිත පියවර ගෙන තිබෙන්නේ අල්ප වශයෙනි. බලපෑමෙන් යුක්ත වන ආකාරයේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන්, රථ ධාවනයේ යෙදෙන තම ඡන්දදායකයන්ව අසතුටට පත් කළ හැකි බවට දේශපාලනඥයන් බිය වන බව පෙනේ.

දරුවන් අතර කථික ආබාධ

පෙර පාසැල් වයසේ පසු වන දරුවන් හතරදෙනෙකුගෙන් එක්කෙනෙකුට කථික ආබාධයක් තිබෙන බව ජර්මනියේ මෙයින්ස්හි පිහිටි, අදහස් හුවමාරු කිරීමේ ආබාධ සඳහා විශ්වවිද්‍යාලීය චිකිත්සාගාරයේ පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ. “ගණන අහලා මට අදහගන්න බැරි වුණා” යනුවෙන් චිකිත්සාගාරයේ අධ්‍යක්ෂ, මහාචාර්ය මැන්ෆ්‍රෙඩ් හෙයින්මන් ප්‍රකාශ කළේය. වෛද්‍ය කාර්යමණ්ඩලය වයස අවුරුදු තුනත් හතරත් අතර දරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අතර, ඔවුන්ගෙන් සියයට 18ත් 34ත් අතර ප්‍රතිශතයකට කථික ආබාධ තිබූ බව සොයාගත්හ. වර්ෂ 1982දී ඊට අනුරූප වූ සංඛ්‍යාව සියයට හතරක් පමණි. එම වැඩිවීමට හේතුව කුමක්ද? “පවුල්, රූපවාහිනිය වැඩියෙන් නරඹයි, අඩුවෙන් කතා කරයි,” යනුවෙන් ජර්මන් පුවත්පතක් වන ඩර් ශ්ටීගර්වෝල්ට්-බෝටේ වාර්තා කරයි. වීඩියෝ පටි, රූපවාහිනිය සහ පරිගණක ක්‍රීඩා මගින් බොහෝ පවුල්වල දෙමව්පියන්ගේ භූමිකාව පැහැරගන්නා බවක් පෙනෙන්ට තිබේ. යන්තමින් පවා කතා කිරීමට දුෂ්කරතා අද්දැක්ක ඇතැම් දරුවන් පරිගණක ක්‍රීඩා සම්බන්ධයෙන් ‘ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ’ බව පර්යේෂකයෝ නිරීක්ෂණය කළහ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න