ලෝකය දෙස බැලීම
දුම්පානය කරන ස්ත්‍රීන් අතර මරණ අනුපාතය ඉහළ යයි
කැනේඩියානු ස්ත්‍රීන් අතර දුම්පානය හා සම්බන්ධ මරණ 1985දී 9,009 සිට 1991දී 13,541ක් දක්වා වැඩි වූ බව, ද කැනේඩියන් ජර්නල් ඔෆ් පබ්ලික් හෙල්ත් සඟරාවේ ප්‍රකාශයට පත් වූ මෑත අධ්‍යයනයකින් සොයාගන්නා ලදි. වත්මන් ප්‍රවණතා දිගටම පැවතුණහොත්, වර්ෂ 2010 වන විට පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් වැඩි සංඛ්‍යාවක් දුම්පානය හේතුකොටගෙන මියයනු ඇති බව එම අධ්‍යයනය තක්සේරු කරයි. ද ටොරොන්ටෝ ස්ටාර්ට අනුව, 1991දී, දුම්පානය හේතුවෙන් තක්සේරු කරන ලද මරණ 41,408ක් (පුරුෂයන් 27,867ක් සහ ස්ත්‍රීන් 13,541ක්) සිදු විය. එක්සත් ජනපදයේ, 60ගණන් සහ 80ගණන් අතර කාලයේදී, දුම්පානය කරන ස්ත්‍රීන් අතර පෙනහලු පිළිකා මරණ හය ගුණයකින් වැඩි වී තිබෙන බව, අමෙරිකානු පිළිකා සංගමයේ වෛද්‍ය මයිකල් තූන් පවසයි. “එක්සත් ජනපදයේ වැළැක්විය හැකි අකල් මරණ සඳහා විශාලතම තනි හේතුවක් වශයෙන් බොහෝදුරට දුම්පානය නම් කළ හැක,” යනුවෙන් පර්යේෂකයන් නිගමනය කරන බව කැනඩාවේ, ටොරොන්ටෝහි ද ග්ලෝබ් ඇන්ඩ් මේල් වාර්තා කරයි.
ජර්මනියේ පාසැල්වල මත්ද්‍රව්‍ය
උතුරු ජර්මනියේ ශිෂ්‍යයන් 3,000කට අධික සංඛ්‍යාවක් අතර සිදු කරනු ලැබූ අධ්‍යයනයකින්, පාසැල්වල ඇබ්බැහි කරවන ද්‍රව්‍යයන්ගේ පුළුල් භාවිතය පිළිබඳව හෙළි විය. සතිපතා පුවත් සඟරාවක් වන ෆෝකස්ට අනුව, වයස අවුරුදු 17ක් වන ශිෂ්‍යයන්ගෙන් අඩක් පමණ නීති විරෝධී මත්ද්‍රව්‍ය පෞද්ගලිකව භාවිත කර තිබෙන අතර, තුනෙන් එකකට වඩා අධික සංඛ්‍යාවක් එය දැනටත් භාවිත කරමින් සිටිති. “උත්තේජක සහ ශාන්තිකර ද්‍රව්‍ය නිතරම මාරුවෙන් මාරුවට භාවිත කරන, වයස අවුරුදු 16 හෝ 17 පසු වන පාසැල් ශිෂ්‍යයන්ව, හැම්බර්ග්හි බොහෝ උසස් පාසැල්වල දැකිය හැකි” බව විශාරද පේටර් ෂ්ටෘක් පැහැදිලි කළේය. එහෙත් මත්ද්‍රව්‍ය මෙතරම් පුළුල් ලෙස භාවිත කරනු ලබන්නේ මන්ද? යෞවනයන් අතර මත්ද්‍රව්‍ය භාවිතය සඳහා බලපාන හේතු තුනක් විශාරද ක්ලවුස් හුරල්මාන් ඉදිරිපත් කළේය: එනම්, ජීවිතය එපාවීම, තමන් ඉටු කළ දේවල් සඳහා ප්‍රමාණවත් ලෙස අගය කරනු නොලැබීමේ හැඟීම සහ තුල්‍ය පීඩනයයි.
අරුම පුදුම සංචාරකයෝ
සංචාරය කරන ඇල්බත්‍රසයෙකු දින 72ක් ඇතුළත කිලෝමීටර 26,000ක් පියාසර කළ අතර, අළු පැහැති සීල් සතෙක් මාස තුනක් ඇතුළත කිලෝමීටර 5,000ක් පීනුවේය. දරාගැනීමේ ශක්තිය සම්බන්ධයෙන් වූ මෙම පුදුමසහගත හාස්කම් ගැන සංරක්ෂක විද්‍යාඥයන් සොයාගත්තේ, චන්ද්‍රිකා මගින් උන්ගේ ගමන් මාර්ගය සෙවීම සඳහා, තෝරාගත් ඇල්බත්‍රසයන් සහ සීල් සතුන්ට කුඩා රේඩියෝ සම්ප්‍රේෂක සවි කිරීමෙන් අනතුරුවයි. එක් අවස්ථාවකදී ඇල්බත්‍රසයා දින හතරක් ඇතුළත දකුණු පැසිෆික් සාගරය හරහා කිලෝමීටර 3,000ක් පමණ පියාසර කළේය. සීල් සතා ස්කොට්ලන්තය සහ ෆරෝ දූපත් අතර දිනකට කිලෝමීටර 100ක් දක්වා පීනූ අතර, මහ මුහුද හරහා ඉතා නිවැරදිව ගමන් කිරීම සම්බන්ධයෙන් පුදුමසහගත හැකියාවක් නිරූපණය කළේය, යනුවෙන් ලන්ඩන්හි ද ටයිම්ස් සඳහන් කරයි. මෙම මැරතන් ගමන් දෙකට හේතු වූයේ කුමක්ද? ආහාර සොයා යෑම බව වාර්තාව සඳහන් කරයි.
“පණ නැති ලෝක මණ්ඩලයක්”
“එක්සත් ජාතීන්ගේ 50වන ජන්මෝත්සවයේදී ලෝක තත්වය සම්බන්ධයෙන් විශිෂ්ට කතා ඉදිරිපත් කිරීම සඳහා, සෑම මහාද්වීපයකම නායකයෝ පසුගිය සතියේදී දින තුනකට එක්රැස් වූහ,” යනුවෙන් ඉකුත් ඔක්තෝබර් මාසයේදී ද නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කළේය. කෙසේවෙතත්, පෙනෙනාකාරයට, එම “විශිෂ්ට කතා” රැසක එක් වැදගත් අංගයක් දක්නට නොලැබිණ—එනම් අවංකභාවයයි. “සෑම තැනකම වෙසෙන දේශපාලනඥයන් මෙන්, ඔවුහු ඉටු නොකරනු ඇති පොරොන්දු ඉදිරිපත් කළ අතර, තමන්ගේ අඩුලුහුඬුකම්වලට වෙන යමෙකුට දෝෂාරෝපණය කළහ” යයි ටයිම්ස් සඳහන් කළේය. තම රටේ ක්‍රියාවලට පටහැනි වූ වදන් ඉදිරිපත් කළ ජාත්‍යන්තර පාලකයන් අටදෙනෙකු උපුටා දැක්වීමෙන් පසුව, ඔවුන්ගේ බලපවත්වන පණිවුඩය මතු සඳහන වූ බව පුවත්පත නිගමනය කළේය: “ලෝකය, මා කරන දේවල් අමතක කරන්න; මා පවසන දෙයට සවන් දෙන්න.” එසේනම්, යූ.එස්.නියූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් මගින් එක්සත් ජාතීන්ව “පණ නැති ලෝක මණ්ඩලයක්” වශයෙන් හැඳින්වීම පුදුමයට හේතුවක් නොවේ.
උෂ්ණාධික මීමැස්සෝ
ජපානයේ මීමැස්සන් යෝධ බඹරාගෙන් පහර ලැබීමෙන් තමන්වම ආරක්ෂා කරගන්නේ, උන්ගේ ශරීරයේ උෂ්ණත්වයෙන් ඌව මරා දැමීමෙන් බව සයන්ස් නියූස් වාර්තා කරයි. බඹරෙකු දුටු විගස, මීමැස්සෝ තමන්ගේ සතුරාව උන්ගේ කූඩුවට උපායශීලීව ඇදගනිති, එහිදී වැඩකාර මීමැස්සන් සියගණනක් ඌට පහර දී ඌ වට කර ගුලියක් මෙන් සකස් වෙති. අනතුරුව, “මීමැස්සන් කම්පනය වීමෙන් එම ගුලියේ උෂ්ණත්වය විනාඩි 20කට පමණ 47° සෙ. [116° ෆැ.] දක්වා වැඩි කිරීමෙන් තත්වය මාරාන්තික එකක් බවට පත් කරගනිති,” යයි එම සඟරාව සඳහන් කරයි. ජපානයේ මීමැස්සන්ට සෙල්සියස් අංශක 50ක් පමණ දක්වා උෂ්ණත්ව දරාගත හැකි බැවින්, මෙම මෙහෙයුම උන්ට හානිදායක නොවේ. කෙසේවෙතත්, මීමැස්සාගේ උපායට හැම බඹරෙකුම හසු වන්නේ නැත. “පැය 3ක් ඇතුළත බඹරුන් 20 සිට 30ක් දක්වා සංඛ්‍යාවකට මීමැස්සන් 30,000ගෙන් යුත් මීමැසි සමූහයක් මරා දැමීමට හැකි බැවින්,” විශාල ප්‍රහාරයක් මෙහෙයවීමෙන් මීමැස්සන්ව යටපත් කිරීමට යෝධ බඹරුන්ට හැකිය. “එසේ සිදු වන විට, උන් කූඩුව ආක්‍රමණය කර මීමැස්සන්ගේ කීටයන් සහ පිලවුන්ව පැහැරගනිති,” යයි නියූස් පවසයි.
කුරුසිය—සාහසිකකමේ සලකුණක්ද?
කුරුසිය සාහසිකකමට සම්බන්ධ වී තිබෙන නිසා, එය ක්‍රිස්තියානි ධර්මයේ සංකේතයක් වශයෙන් භාවිත කිරීම සුදුසුද යන කරුණ ඇතැම් දේවධර්මාධිධාරීන් ප්‍රශ්නයට ලක් කරමින් සිටින බව ද ඩෙල්ලස් මෝර්නිං නියූස් වාර්තා කරයි. යේසුස්වහන්සේගේ මරණය වෙනුවට, උන්වහන්සේගේ ජීවිතය පිළිබිඹු කරන සංකේත භාවිත කිරීමට දේවධර්මාධිධාරීහු දිරිගන්වති. කුරුසිය “මරණ නමස්කාරයට අනුබල දෙයි” යනුවෙන් අ.එ.ජ. නිව් ජර්සිහි, මැඩීසන්වල පිහිටි ඩෲ විශ්වවිද්‍යාලයේ දේවධර්මාධිධාරි පාසැලේ දේවධර්මාධිවරියක වන කැතරින් කෙලර් පැවසුවාය. “ඇදහිල්ලේ ප්‍රධාන සංකේතයක් වශයෙන් විද්‍යුත් ආසනයක් හෝ තොණ්ඩුවක් භාවිත කිරීමට කිසි කෙනෙකු කැමති වන්නේ නැහැ, එහෙත් යේසුස්වහන්සේව දැන් පවතින රජය මගින් මරණයට පත් කරනු ලැබ තිබුණා නම් අප භාවිත කරනු ඇත්තේ එයයි.”
දිය මැක්කෝ පිහිට වෙති
දූෂණය වූ අභ්‍යන්තර ජල මාර්ග ගැටලුවට ඉතා කුඩා දිය මැක්කාට විසඳුමක් සැපයීමට හැකි බව ලන්ඩනයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කරයි. දැනට ක්‍රියාත්මක වන යථා තත්වයට පත් කිරීමේ ව්‍යාපෘතියක් මගින් මේ බව ඇඟවේ. ප්‍රථමයෙන්, ජීවවිද්‍යාඥයෝ, එංගලන්තයේ නෝර්ෆෝක්හි ඕම්ස්බී බ්‍රෝඩ් විලෙන්, දිය මැක්කන් ආහාරයට ගත් මසුන් ටොන් 9.5ක් ඉවත් කළහ. මෙමගින් මැක්කන්ට හොඳින් බෝවී විල දූෂණය කළ ඇල්ගේ ගිල දැමීමට ප්‍රස්තාව උදා කරන ලදි. ඉන්පසුව දිය යට තිබූ සුප්ත බීජවලින් පැළෑටි ප්‍රරෝහණය වන්ට පටන්ගත් අතර, හංසයන් වැනි පක්ෂීහුද නැවත පැමිණීමට පටන්ගත්හ. අවසානයේදී, නැවතත් මසුන් ජලයට එක් කරනු ලබන අතර, වසර පහකින් මුළු පරිසර පද්ධතියම යථා තත්වයට පත් වනු ඇති බවට තක්සේරු කර තිබේ. යුරෝපයේ සිටින සංරක්ෂකයෝ මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵලය උනන්දුවෙන් බලා සිටිත්.
පාපය මඟහැරීම
“පාපයට සිදු වූයේ කුමක්ද?” යනුවෙන් නියූස්වීක් සඟරාව ප්‍රශ්න කරයි. “අමෙරිකානු සැහැල්ලු ආගමික රටාවෙහි, පෞද්ගලික පාප අවධානයට ලක්වීමේ හදිසිතාව මුළුමනින්ම පාහේ අතුරුදහන් වී තිබේ.” මීසමට අයිති ජනයා “තම ආත්ම අභිමානය අවුල් කළ හැකි දේශනාවලට සවන් දීමට අකමැති වෙති,” එමෙන්ම කතෝලිකයන් අතර, “නිතිපතා පූජකයෙකුට පාපොච්චාරණය කිරීම අතීතයේ චාරිත්‍රයක් බවට පත් වී තිබේ.” තරඟවදින පූජකයෝ තම රැළවල් තමුන්ගෙන් ඉවත් වේවියයි බිය වෙති. බොහෝදෙනෙක් “වර්ගවාදය [සහ] ස්ත්‍රී පුරුෂභාවය මත පදනම්ව වෙනස් ලෙස සැලකීම වැනි ‘විධිමත්’ කෲර සමාජ සිරිත් පුරුද්දක් වශයෙන් හෙළා දකිති,” යනුවෙන් එම ලිපිය සඳහන් කරයි. “එහෙත්—දික්කසාදය, උඩඟුකම, ගිජුකම සහ පෞද්ගලික කීර්තියට අධිකතර ආශාව වැනි, වඩාත් අදාළ වන විෂයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ හඬවල් පුදුමසහගත ලෙස මැඩපවත්වා තිබේ.”
මැණික්වල “ඇඟිලි සලකුණු”
බ්‍රිතාන්‍ය කාන්තාවන් ඩොලර් බිලියන 17.5ක් පමණ වටින දියමන්ති ආභරණ කැබලි මිලියන 39කට අයිතිවාසිකම් කියන අතර, ඉන් ඩොලර් මිලියන 450ක් වටින ආභරණ සෑම වසරකම සොරකම් කෙරේ. මෙයාකාරයට අහිමි වන ආභරණ වැඩි ප්‍රමාණයක් නැවත සම්බ නොවේ. දියමන්ති අල්ලා තිබෙන ලෝහ ආධාරකය ඉක්මණින් දිය කරනු ලැබේ. අනතුරුව දියමන්ති වෙනත් ආධාරකයකට සවි කෙරේ. කෙසේවෙතත් දැන්, මධ්‍යම පරිගණකයක් උපයෝගී කරගනිමින්, සෑම ගලකටම අද්විතීය වූ දෝෂ සියල්ලක්ම සංඛ්‍යාංක මතකයේ තැන්පත් කිරීමට ආභරණ වෙළඳුන්ට හැකි වනු ඇත. මෙම “ඇඟිලි සලකුණු” සොයාගනු ලබන්නේ, සෑම ගලකම දෝෂ සෝදිසි කරන අඩු ඝනත්වයේ ලේසර් කිරණයක් මාර්ගයෙනි—කිසිම ගල් දෙකක් එක හා සමාන නොවේ. ආරක්ෂක පද්ධතිය සොරුන්ට මඟහැරිය හැකි එකම ක්‍රමය වන්නේ ගල් නැවත කැපීමය, මෙය මිල අධික ක්‍රියාවලියක් වන අතර, ඉන් ගල්වල වටිනාකමද අඩු වේ, යනුවෙන් ලන්ඩනයේ ද සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
ගිනි කෙළි අවදිය
“ගිනි කෙළි හා සම්බන්ධ තුවාල වීම් හේතුවෙන්, පුද්ගලයන් 12,000ක් පමණ එ.ජ. හදිසි අනතුරු අංශවල ප්‍රතිකාර ලබන” බව නිලධාරීහු වාර්තා කරතියයි මෝර්බිඩිටි ඇන්ඩ් මෝර්ටැලිටි වීක්ලි රිපෝට් (MMWR) වාර්තා කරයි. ගිනි කෙළි හේතුවෙන් සිදු වූ තුවාල සියල්ලෙන් සියයට 20ක් ඇස්වලට සිදු වූ ඒවා බව වර්ෂ 1990-1994 සඳහා පාරිභෝගික භාණ්ඩ ආරක්ෂක නියෝජ්‍ය මණ්ඩලය මගින් සකසන ලද වාර්තාව තක්සේරු කරයි. මේවා “බොහෝවිට බරපතළ තුවාල වන අතර, ස්ථිර ලෙස දෘෂ්ටි තිව්‍රතාවේ අඩුවීමක් හෝ අන්ධභාවයක් ඉන් ඇති විය හැකි” බව MMWR සඳහන් කරයි. තවද ගිනි කෙළියේ සහභාගීවූවන්ට වඩා පැත්තකට වී බලා සිටි අයට, ඇස්වල තුවාල ඇති වූ බව සැලකිය යුත්තකි.
“පිපිරිය හැකි කාලබෝම්බයක්”
ලෝකයේ ජනගහනයෙන් සියයට 45ක් පමණ දැනට නගරවල වෙසෙන අතර, වසර 2000 වන විට ජනගහනයෙන් අඩක් නගරවල වෙසෙන අය බවට පත් වනු ඇතැයි තක්සේරු කර තිබෙන බව ෆෝකස් සඟරාව වාර්තා කරයි. උතුරු යුරෝපයේ, ඉතාලියේ සහ නැඟෙනහිර එක්සත් ජනපදයේ විශාල ප්‍රදේශයක සැලකිය යුතු තරම් ජනගහන ඝනත්වයක් තිබෙන අතර, චීනයේ, ඊජිප්තුවේ, ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකාවේ ග්‍රාමීය පිටිසරබද ප්‍රදේශ මැද ජනාකීර්ණ වූ නගර තිබේ. කෙසේවෙතත් පෘථිවියෙන් සියයට 3ක් හෝ 4ක් පමණක් නාගරීකරණය වී ඇති බව චන්ද්‍රිකා අනුරූප කිරීම්වලින් දැන් හෙළි වේ. එනමුත්, “නගරවලට ඒවායේ ජනගහන තරමටම වේගයෙන් වැඩි විය නොහැකි” බැවින්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල, වාර්ෂිකව මිලියන 61දෙනෙකු නගරවල පදිංචියට යෑම නිසා මෙම නගරබද ප්‍රදේශවල ජනගහන ඝනත්වය වැඩි වන බව ෆෝකස් සඳහන් කරයි, එය තවදුරටත් මෙසේ පවසයි: “තත්වය පිපිරිය හැකි කාලබෝම්බයක් මෙනි.”