පෘථිවියේ නිමක් නැති ප්‍රභේද ඒවා මෙහාට ආවේ කොහොමද?
දැනට විද්වතුන් නම් තබා තියෙන සත්ව විශේෂ දශලක්ෂ 1.5කටත් වඩා වැඩි ගණනෙන් දශලක්ෂයක් විතර කෘමීන්. දන්නා හැම කෘමියෙක්ම ලැයිස්තුගත කරන්න විශ්වකෝෂයක පිටු 6,000ක් ඕනෙ වේවි! මෙම ජීවීන් ආරම්භ වුණේ කොහොමද? මෙතරම් නිමක් නැති ප්‍රභේද තියෙන්නේ ඇයි? මෙය කිසිම මඟ පෙන්වීමක් නැති අහඹු දෙයක් හින්දා, ස්වභාවධර්මයා අවස්ථා දශලක්ෂ ගණනාවකදීම “වාසනාවන්ත” වුණ හින්දා ඇති වුණ ප්‍රතිඵලයක්ද? එහෙම නැත්නං එය නිර්මාණයකින්ද සිදු වුණේ?
මුලින්ම, අපේ ග්‍රහයා මත සිටින වෙනත් ජීවීන්ගේ ප්‍රභේද අපි කෙටියෙන් සලකා බලමු.
මවිත කරවන කුරුල්ලෝ
පුදුමසහගත විදිහට නිර්මාණය කරලා තියෙන විවිධාකාර කුරුලු විශේෂ 9,000කටත් වඩා වැඩි ප්‍රමාණය ගැන මොනවද කියන්න පුළුවන්? ඇතැම් ගුමන කුරුල්ලෝ විශාල මී මැස්සන් තරම් පොඩියි; ඒත් උන් ඉතා දියුණු හෙලිකොප්ටරයකටත් වඩා නිපුණකමකින් සහ අලංකාරයකින් පියාසර කරනවා. සම්පූර්ණ ගමනටම කිලෝමීටර් 35,000ක් තරම් පියාසර කරන ආක්ටික් මුහුදු ලිහිණියා වැනි වෙනත් කුරුල්ලෝ, හැම අවුරුද්දකම කිලෝමීටර් දහස් ගණනක් සංක්‍රමණය කරනවා. පරිගණකයක්වත්, ගමනේ දිශාව තීරණය කරන්න උපකරණවත් නොතිබුණත්, ඌ උගේ ගමනාන්තය කරා නොවරදවාම ළඟා වෙනවා. මෙම සහජ හැකියාව පවතින්නේ අහම්බෙන්ද නැතහොත් නිර්මාණයකින්ද?
ශාකවල චිත්තාකර්ෂණීය ප්‍රභේද
ඊට අමතරව, ශාකවල අතිවිශාල ප්‍රභේද සහ අලංකාරය ගන්න පුළුවන්; ශාක විශේෂයන් 3,50,000කටත් වැඩිය තියෙනවා. මේවායින් දළ වශයෙන් 2,50,000ක් පමණ මල් හටගන්වනවා! පෘථිවියේ විශාලම ජීවීන් වන යෝධ සෙකුවා ගස් ශාක ගණයට වැටෙනවා.
ඔබේ වත්තේ හෝ ප්‍රදේශයේ විවිධාකාර මල් කොතරම් ප්‍රමාණයක් වැවෙනවාද? කුඩාම කාන්තාර මල, ඩේසි හෝ බට’කප්වල සිට සියුම් ප්‍රභේදවලින් යුත් උඩවැඩියා මල් දක්වා බැලුවොත්, මෙම මල්වල අලංකාරය, ඒවායේ සමමිතික සැකැස්ම මෙන්ම ඒවායේ සුගන්ධය යමෙකුව පුදුමයට පත් කරවනවා. නැවතත් අපි මෙහෙම අහනවා: ඒවා ඇති වුණේ කොහොමද? අහම්බෙන්ද නැතහොත් නිර්මාණයකින්ද?
ජීවීන්ගෙන් ගහන වූ සාගර
ඒ වගේම ලෝකයේ ගංගා, විල් සහ සාගරවල සිටින ජීවීන් ගැන මොනවාද කියන්න තියෙන්නේ? දන්නා මිරිදිය මසුන් විශේෂ 8,400ක් පමණ හා කරදිය මසුන් 13,300ක් පමණ ඉන්නවා කියලා විද්වතුන් කියනවා. මෙයින් පොඩිම මත්ස්‍යයා, ඉන්දියන් සාගරයේ හොයාගන්න පුළුවන් වැලිගොව්වයි. උගේ දිග සෙන්ටිමීටරයක් විතරයි. ලොකුම මත්ස්‍යයා මීටර් 18ක් දක්වා දිගින් වැඩි වන තල්මස් මෝරයි. විශේෂයන් සඳහා සපයා තියෙන මෙම සංඛ්‍යාවලට අපෘෂ්ඨවංශීන් (පිට කොන්දක් නැති) හෝ තවමත් සොයා නැති විශේෂ ඇතුළත් වෙලා නැහැ!
අදහාගන්න බැරි තරමේ මොළය
ඒ සියල්ල අබිබවා, අඩුම තරමින් නියුරෝන බිලියන දහයක් පමණ තියෙන මිනිස් මොළය අදහාගන්න බැරි තරමේ දෙයක්; සමහරවිට නියුරෝනයකට උපාගම නොහොත් වෙනත් ස්නායු සෛල එක්ක සම්බන්ධ වන ස්පර්ශක ලක්ෂ්‍යයන් 1,000කට වැඩිය තියෙනවා. ස්නසාවේදී වෛද්‍ය රිචඩ් රෙස්ටැක් මෙහෙම කියනවා: “මොළයේ නියුරෝන පද්ධතියේ පුළුල් ජාලය තුළ තියෙන සම්බන්ධක සංඛ්‍යාවේ මුළු එකතුව ඇත්තෙන්ම හිතාගන්න බැරි තරම් විශාලයි.” (ද බ්‍රේන් [මොළය]) ඔහු තවදුරටත් මෙහෙම කියනවා: “මොළයේ උපාගම ට්‍රිලියන දහයක සිට ට්‍රිලියන සීයක් දක්වා තියෙන්න පුළුවන්.” ඊළඟට ඔහු යෝග්‍ය ප්‍රශ්නයක් අහනවා: “සෛල බිලියන දහයක සිට සෛල බිලියන සීයක් දක්වා අඩංගු මොළය වැනි අවයවයකට කොහොමද පුළුවන් වෙන්නේ තනි සෛලයකින්, එනම් ඩිම්බ සෛලයකින් වර්ධනය වෙන්න?” මොළය, කිසිම මෙහෙයවීමක් නැතුව ස්වභාවධර්මයා තුළ සිදු වන විකාර සහ අහඹු සිදුවීම්වල ප්‍රතිඵලයක්ද? එහෙම නැත්තං ඒ සියල්ල පිටිපස්සේ බුද්ධිමත් නිර්මාණයක් තියෙනවාද?
ඔව්, ජීවීන්ගේ සහ නිර්මාණයේ නිමක් නැහැයි වගේ පේන මෙම විවිධත්වය පැමිණියේ කොහොමද? මෙය නිකම්ම අහඹු සිදුවීමක, තත් වරද ක්රමයක, කණා පොල්ලෙන් ගහන වැඩක, කිසි මඟ පෙන්වීමක් නැති පරිණාමවාදී ලොතරැයියක ප්‍රතිඵලයක් කියලා ඔබට උගන්වලා තියෙනවාද? එහෙමනං, ජීව විද්‍යාවේ අත්තිවාරම හැටියට හඳුන්වා තියෙන පරිණාමවාදය ගැන සමහර විද්වතුන් අවංකවම අහන ප්‍රශ්න මොනවාද කියලා දිගටම කියවලා බලන්න.
[4වන පිටුවේ රූප සටහන]
සරල කැමරාවක් හදන්න නිර්මාතෘවරයෙක් ඕනෙ නං, ඊටත් වඩා සංකීර්ණ මිනිස් ඇස ගැන මොනවද කියන්න පුළුවන්?
කාචය අවට ප්‍රදේශය
(විශාල කොට)
අම්මය රසය
කනීනිකාව
ස්වච්ඡ මණ්ඩලය
කාචය
තාරා මණ්ඩලය
ප්‍රතියෝජක දේහය
සම්පූර්ණ ඇස
දෘෂ්ටික ස්නායුව
කාච රසය
දෘෂ්ටි විතානය
රුධිරග්‍රාහිය
ශ්වේතඝන ස්තරය