ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 7/8 26-27 පි.
  • විද්‍යාව සහ බයිබලය එකඟද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විද්‍යාව සහ බයිබලය එකඟද?
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රාතිහාර්යයන් අවිද්‍යාත්මකද?
  • බයිබලය විද්‍යාවට පටහැනිද?
  • උසස් උල්පතකින් එන දැනුම
  • විද්‍යාව ඔබට ප්‍රයෝජනවත්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වය සහ ජීවය බිහි වූයේ කෙසේද?
    2002 පිබිදෙව්!
  • මේ පොත විද්‍යාවට එකඟද?
    සියලුම ජනයා සඳහා පොතක්
  • 4. විද්‍යාත්මකව නිවැරදියි
    2007 පිබිදෙව්!
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 7/8 26-27 පි.

බයිබලයේ දෘෂ්ටිකෝණය

විද්‍යාව සහ බයිබලය එකඟද?

අහස් යානා සහ පරමාණු බෝම්බවල සිට ජානවලින් පාලනය කර ඇති සෛල සහ සර්වසම බැටළුවන් නිපදවීම දක්වා අපගේ 20වන සියවස විද්‍යාව මගින් පාලනය කරන යුගයක් බවට පත් කර තියෙනවා. විද්‍යාඥයන් මිනිසුන්ව සඳ මතට ගොඩ බැස්සුවා, වසූරිය මුලිනුපුටා දැමුවා, කෘෂිකාර්මික විප්ලවයක් ඇති කළා වගේම බිලියන ගණනකට ලෝක ව්‍යාප්ත ක්ෂණික සන්නිවේදන තාක්ෂණයත් ලබා දී තියෙනවා. ඒ නිසා විද්‍යාඥයන් යමක් ප්‍රකාශ කරද්දී මිනිසුන් ඒක පිළිගන්න එක පුදුමයක් නෙවෙයි. නමුත් විද්‍යාඥයන්ට බයිබලය ගැන යමක් කියන්න තියෙනවා නම්, ඔවුන්ට ඒ ගැන කියන්න තියෙන්නේ මොනවාද? අනිත් අතට විද්‍යාව ගැන බයිබලය අපිට කියනවාද?

ප්‍රාතිහාර්යයන් අවිද්‍යාත්මකද?

“විද්‍යාත්මකව හිතන අය ‘හේතුඵලවාදයේ’ සම්බන්ධයක් විශ්වාස කරනවා. හැම දෙයකටම සම්පූර්ණ ස්වාභාවික විග්‍රහයක් තියෙනවා කියල ඔවුන් විශ්වාස කරනවා” කියා නූතන විශ්වකෝෂයක් පවසනවා. බයිබල් ශිෂ්‍යයන් පවා ඔප්පු කරන ලද විද්‍යාත්මක මූලධර්ම පිළිගන්නවා. කෙසේවෙතත් වත්මන් දැනුමට අනුව විද්‍යාත්මකව පැහැදිලි කරන්න බැරි ප්‍රාතිහාර්යමය සිදුවීම් බොහොමයක් බයිබලයේ සාකච්ඡා කර ඇති බව ඔවුන් තේරුම්ගන්නවා. උදාහරණ හැටියට යෝෂුවාගේ දවසේදී හිරු නැවතීම සහ යේසුගේ දිය මත ඇවිදීම සඳහන් කළ හැකියි. (යෝෂුවා 10:12, 13; මතෙව් 14:23-34) කෙසේවෙතත්, මේ ප්‍රාතිහාර්යයන් දෙවිගේ බලය ස්වාභාවිකත්වය ඉක්මවූ ආකාරයකට ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයයි.

මේ කරුණ තීරණාත්මකයි. දිව්‍ය උපකාරයක් නැතුව මිනිස්සුන්ට දිය මත ඇවිදින්න පුළුවන් කියල හරි, කිසිම හේතුවක් නැතුව පෙනෙන විදිහට අහස හරහා කෙරෙන හිරුගේ ගමනට බාධා කරන්න පුළුවන් කියල හරි බයිබලය කිව්වා නම් එය විද්‍යාත්මක සත්‍යයන්වලට පටහැනි වෙන්න තිබුණා. කොහොමවුණත් බයිබලය එවැනි සිදුවීම් දෙවිගේ බලයට පවරද්දී, එම සාකච්ඡාව විද්‍යාවට තේරුම්ගන්න බැරි දිශාවකට යනවා මිසක් එය විද්‍යාව එක්ක එපමණ පටහැනි වෙන්නේ නැහැ.

බයිබලය විද්‍යාවට පටහැනිද?

අනිත් අතට, මිනිසුන්ගේ ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් හෝ පැළෑටි සහ සතුන්ගේ පහව යෑම හෝ ස්වාභාවික ආශ්චර්යයන් වැනි දේ බයිබලයේ සාකච්ඡා කරද්දී ඒ ගැන මොනවද කියන්න පුළුවන් වෙන්නේ? පවසන ලද දෙයෙහි අවට පාඨ සම්බන්ධය සලකා බලද්දී, ඔප්පු කරන ලද විද්‍යාත්මක සත්‍යයන්ට බයිබලය පටහැනි බව ඔප්පු කරන උදාහරණ නැතිවීම සිත්ගන්නා කරුණක්.

නිදසුනක් හැටියට, අවුරුදු දහස් ගණනාවකට කලින් ජීවත් වූ මිනිසුන්ට හැඟුණු ආකාරය පිළිබිඹු කරන විට බොහෝවිට බයිබලය කාව්‍යමය භාෂාවක් පාවිච්චි කරනවා. “වාත්තු කැඩපතක් මෙන් සවි ඇති” අහස තළනවා කියා යෙහෝවා ගැන යෝබ් පොත කතා කරද්දී, දීප්තිමත් දිස්නයක් දෙන ලෝහ කැඩපතක් හැටියට එය බොහොම උචිත ලෙස අහස ගැන පැහැදිලි කරනවා. (යෝබ් 37:18) පොළොවේ ‘අත්තිවාරම් දැමීම’ හෝ ‘කොනේ ගල තැබීම’ වැනි නිදර්ශන ඇති සැටියෙන්ම ගන්නේ නැහැ වගේ මේ නිදර්ශනයත් ඇති සැටියෙන්ම ගන්න අවශ්‍යතාවක් නැහැ.—යෝබ් 38:4-7.

මේක වැදගත්, මොකද බොහෝ අදහස් දක්වන්නන් එවැනි නිදර්ශන මතුපිටට පෙනෙන විදිහෙන්ම ගන්නවා. (2 සාමුවෙල් 22:8 සහ ගීතාවලිය 78:23, 24 බලන්න.) පහත සඳහන් දි ඇන්කර් බයිබල් ඩික්ෂනරි මගින් උපුටා ගත් කොටසට අනුව බයිබලය මේ විදිහට උගන්වනවා කියලා ඔවුන් නිගමනය කර තියෙනවා.

“මිනිසුන් ජීවත් වන පොළොව රවුම්, ශක්තිමත් ගෝලයක්; සමහරවිට අනන්ත දියේ පාවෙන තැටියක් කියලයි හිතාගෙන හිටියේ. පහළින් ඇති ජල කඳට සමාන්තරව ඉහළින් ඒ හා සමාන දෙවන අනන්ත ජල කඳක් ඇති අතර, ඒ අහස් ජලාශය සිදුරු කරගෙන ඒ සිදුරුවලින් සහ දිය පාරවල්වලින් ජලය ගලාගෙන වැස්ස ලෙස වැටෙනවා. පොළොවට ඉහළින් ඇති ආරුක්කුවක හැඩය ඇති ව්‍යූහයක ඉර, සඳ සහ අනෙකුත් ආලෝකයන් සවි කර තියෙනවා. මෙම ව්‍යූහය පූජක විස්තර කිරීමට අනුව කවුරුත් දන්නාවූ ‘කවාකාර අහස්කුසයි’ (රාකියාʹ).”

පැහැදිලිවම, නූතන විද්‍යාව සමඟ මේ විස්තර කිරීම පෑහෙන්නේ නැහැ. නමුත් මෙය අහස සම්බන්ධයෙන් බයිබල් ඉගැන්වීම ගැන සාධාරණ තක්සේරුවක්ද? කොහෙත්ම නැහැ. දි ඉන්ට’නැෂනල් ස්ටෑන්ඩඩ් බයිබල් එන්සයික්ලොපීඩියා කියන්නේ හෙබ්‍රෙව්වරු විශ්වය ගැන කරන විස්තරයේ “යථාර්ථය ගත් කල, එය අඳුරු යුගයේ යුරෝපයේ පැතිර තිබූ අදහස් මත මිස ප[රණ] ගි[විසුමේ] සැබෑ කියමන් මත පදනම් වුණේ නැහැ” කියලයි. මේ මධ්‍යකාලීන අදහස් පැමිණියේ කොහෙන්ද? ද බිගිනිං ඔෆ් වෙස්ටන් සයන්ස්හි ඩේවිඩ් සී. ලින්ඩ්බ’ග් පැහැදිලි කරන්නේ, ඒවා පුරාණ ග්‍රීක් දාර්ශනික ඇරිස්ටෝටල්ගේ විශ්ව විද්‍යාව මත විශාල වශයෙන් පදනම්ව ඇති බවත්, ඔහුගේ වැඩ බොහෝ මධ්‍යකාලීන ඉගැන්වීම් සඳහා පදනම් කරගෙන ඇති බවත්ය.

බයිබලය, 20වන සියවසේ සිටින විද්‍යාඥයෙකුගේ සිත්ගන්න භාෂාවකින් දෙවි ඉදිරිපත් කර තිබුණා නම්, එය බාධාවක් සහ නිරර්ථක යමක් වෙන්න තිබුණා. විද්‍යාත්මක සූත්‍ර වෙනුවට බයිබලය මුලින්ම ලියූ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයෙන් ලබාගත් විවිධ නිදර්ශනවලින් බයිබලය ප්‍රාණවත් වෙලා තියෙනවා—අදට පවා බලපෑම් කරන එක්තරා කාලයකට විතරක් සීමා නොවූ සප්‍රාණික විචිත්‍රවත්බවක් එහි තියෙනවා.—යෝබ් 38:8-38; යෙසායා 40:12-23.

උසස් උල්පතකින් එන දැනුම

කෙසේවෙතත් සිත්ගන්නා ලෙස, එවකට ජීවත් වූ මිනිසුන්ට නොතිබුණාවූ විද්‍යාත්මක දැනුමක් පිළිබිඹු කරන යොමු දැක්වීම් බයිබලයේ අඩංගු වෙනවා. දෙවි ‘ගුවන්තලය මතුයෙහි උතුරු ප්‍රදේශය දිගහරින්නේය. පොළොවද අවකාශයෙහි එල්ලා තබන්නේය’ කියා යෝබ් විස්තර කරනවා. (යෝබ් 26:7) පොළොව ‘කිසිවක් මත එල්ලා නැහැ’ කියන අදහස, අලියන් සහ මුහුදු ඉබ්බන් මත එය තබා තියෙනවා කියා බොහෝ පුරාණ මිනිසුන් විශ්වාස කළ මිථ්‍යාවට වඩා බොහෝ වෙනස්. සනීපාරක්ෂාව සම්බන්ධයෙන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ අඩංගු වූ අවශ්‍යතා එවකට තිබූ වෛද්‍ය දැනුමට වඩා ඉතාමත් දියුණුයි. ලාදුරු තියෙනවායයි සැක කරන රෝගීන්ව වෙන් කර තැබීමට තිබූ නීතිය සහ මළ සිරුරු ස්පර්ශ කිරීමට එරෙහිව තිබූ තහනම බොහෝ ඉශ්‍රායෙල්වරුන්ගේ ජීවිත ගළවනු ලැබූ බවට කිසිම සැකයක් නැහැ. (ලෙවී කථාව 13; ගණන් කථාව 19:11-16) ඊට මුළුමනින්ම පටහැනිව, අෂූර්වරුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය විස්තර කරන්නේ “ආගමේ, පේන කීමේ සහ භූත විද්‍යාවේ මිශ්‍රණයක්” ලෙස මෙන්ම එම ප්‍රතිකාර සඳහා බලු අසූචි සහ මිනිස් මුත්‍රා ඇතුළත් වුණා කියලයි.

සමහරවිට යමෙක් බලාපොරොත්තු වන විදිහට, මැවුම්කාරයාගෙන් ආනුභාවය ලැබූ පොතක් වන බයිබලයේ ඉතා උසස් විද්‍යාත්මකව නිවැරදි තොරතුරු අඩංගු වුණත්, පුරාණ මිනිසුන්ව ව්‍යාකූල කරන්න හැකිව තිබූ තේරුමක් නැති විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලින් එය කොහෙත්ම බර වෙන්නේ නැහැ. ඔප්පු කරන ලද විද්‍යාත්මක සත්‍යයන්ට පටහැනි කිසිවක් බයිබලයේ අඩංගු වෙන්නේ නැහැ. හැබැයි, පරිණාමවාදය වැනි ඔප්පු කර නැති මත සමඟ එකඟ නොවන කරුණු රාශියක් බයිබලයේ අඩංගු වෙනවා.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පොළොව “අවකාශයෙහි එල්ලා” ඇති බවට යෝබ් කී දෙයින් අඟවන්නේ, ඔහුගේ සමකාලීනයන්ට නොතිබුණාවූ දැනුමක්

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

NASA

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න