ශාක ප්‍රභේද අතුරුදහන් වෙයි—ඒ ඇයි?
චීනයේ තිරිඟු ප්‍රභේද 10,000කට ආසන්න ප්‍රමාණයක් 1949දී වගා කරනු ලැබුවා. කෙසේවෙතත්, 1970 ගණන් වන විට වගා කරමින් තිබුණේ 1,000ක් පමණයි. වාර්තා වන පරිදි, එක්සත් ජනපදයේ 1804 සහ 1904 අතර වකවානුව තුළ වගා කළ ඇපල් ප්‍රභේද 7,098න් සියයට 86ක් පමණ තවදුරටත් දක්නට නැහැ. මීට අමතරව, රිපෝට් ඔන් ද ස්ටේට් ඔෆ් ද ව’ල්ඩ්ස් ප්ලාන්ට් ජෙනෙටික් රිසෝසස් ෆෝ ෆූඩ් ඇන්ඩ් ඇග්රිකල්ච’ (ආහාර හා කෘෂිකර්මය සඳහා ලෝක ශාක ජාන සම්පත්වල තත්වය පිළිබඳ වාර්තාව) පවසන පරිදි, “ගෝවා වර්ගවලින් සියයට 95ක්ද, හේන්වල වගා කරන ඉරිඟුවලින් සියයට 91ක්ද, මෑ වර්ගවලින් සියයට 94ක්ද, තක්කාලි වර්ගවලින් සියයට 81ක්ද තවදුරටත් දක්නට නැති බව පෙනෙනවා.” ඒ හා සමාන සංඛ්‍යා විස්තර ලොව පුරා රටවලින් වාර්තා වෙනවා. හදිසි පහත වැටීමක් සිදු වී තිබෙන්නේ ඇයි? සමහරුන් පවසන පරිදි, මෙයට මූලික හේතුවක් නම්, නවීන වානිජ්‍යමය කෘෂිකර්මාන්තය ව්‍යාප්ත වීම හා කුඩා ගොවි පවුල් තුරන් වී යෑමයි; එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ, සම්ප්‍රදායික, විවිධාකාර ප්‍රභේදවලින් යුත් බෝග වර්ග විනාශ වී යෑමයි.
ශාක ප්‍රභේද විනාශ වී යෑම මගින් බෝග වැඩි ප්‍රමාණයක් ඵල නොදරන තත්වයට පහසුවෙන් පත් කළ හැකියි. උදාහරණයක් හැටියට, අයර්ලන්තයේ 1845-49 දක්වා කාලපරිච්ඡේදය තුළ අර්තාපල් හිඟය නිසා ඇති වූ විශාල සාගතය සලකා බලන්න; එහිදී ගස්වලට වැළඳෙන රෝගයක් මගින් අර්තාපල් අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් විනාශ වූ විට, මිනිසුන් 7,50,000ක් පමණ මියගියා. මේ ඛේදවාචකය සඳහා මුල් වූ ජීව විද්‍යාත්මක හේතුකාරකය? “ජාන ඒකාකාරත්වය” කියා එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පවසනවා.
ශාක ජාන සම්පත් එක්රැස් කර සංරක්ෂණය කිරීම සඳහා 1970 සහ 1980 ගණන්වලදී ලොව පුරා ජාන බැංකු 1,000කට වැඩි ප්‍රමාණයක් පිහිටුවනු ලැබුවා. නමුත් මේ ජාන බැංකු ගණනාවක්ම ශීඝ්‍ර පිරිහීමකට ලක් වෙමින් තිබෙන අතර, ඒවායින් කිහිපයක් දැනටමත් වසා දමා තිබෙනවා. වාර්තාවලට අනුව, ශාක බීජ දිගු කාලීනව ගබඩා කර තැබීම මෙන්ම සංරක්ෂණය කිරීම සඳහා දැන් යෝග්‍ය පහසුකම් තිබෙන්නේ රටවල් 30කට විතර පමණයි.
ක්‍රිස්තුස්ගේ රාජ්‍ය පාලනය යටතේදී, යෙහෝවා “සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් [පිළියෙළ කරන්න යනවා]” කියා බයිබලය පොරොන්දු වෙනවා. (යෙසායා 25:6) ‘මාංසමය වූ සියල්ලන්ට ආහාර දෙන තැනැත්තා’ මෙන්ම ජානවල විවිධත්වයේ මැවුම්කරු වන යෙහෝවා, මිනිසාගේ සියලුම ආහාර අවශ්‍යතාවන් සපුරාලන්න යෑම ගැන අපට මොනතරම් ස්තුතිවන්ත විය හැකිද!—ගීතාවලිය 136:25; උත්පත්ති 1:29.