ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 4/8 25 පි.
  • ඔබ දත්මිටි කනවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දත්මිටි කනවද?
  • 1998 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මුතු කැට වන් දත් මවයි සුන්දර සිනහ
    2005 පිබිදෙව්!
  • දන්ත වෛද්‍යවරයාව හමු විය යුතුද?
    2007 පිබිදෙව්!
  • ගල්පර එක්ක හැප්පෙන්න තරම් හයිය ඇති කාවාටියාගේ දත්
    නිර්මාණයක්ද?
  • 2—හොඳ පුරුදු
    2011 පිබිදෙව්!
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 4/8 25 පි.

ඔබ දත්මිටි කනවද?

පුරාණ කාලයේ සිටම මිනිසුන් මානසික පීඩනයට ලක් වූ අවස්ථාවලදී දත්මිටි කනවා. බලවත් කෝපය හා සංවේගය ඇඟවීම සඳහා බයිබලය බොහෝ අවස්ථාවලදී දත්මිටි කෑම යොදාගන්නවා. (යෝබ් 16:9; මතෙව් 13:42, 50) අදදින කෝපයෙන් හා පීඩනයෙන් පිරුණු ලෝකයේ ජීවත් වන මිනිසුන් දශලක්ෂ ගණනක් ඇත්තටම දත්මිටි කනවා; ඔවුන්ගෙන් බොහෝදෙනෙක් එසේ කරන්නේ නොදැනුවත්වයි. ඔවුන්ගේ දත්වලට හානි පමුණුවාගන්නවා වෙන්න පුළුවන්.

සමහර අය දත්මිටි කන්නේ ඇයි? මීට බලපාන හේතු සංකීර්ණ වන අතර, තවමත් ඒවා ගැන සම්පූර්ණ දැනුමක් ලබා නැහැ. නමුත් සමහර සිද්ධීන්වලදී චිත්තවේගීය පීඩනය ඊට හේතු වන බව පෙනෙන්න තිබෙනවා. යූසී බ’ක්ලි වෙල්නස් ලෙට’ මෙසේ පෙන්වා දෙනවා: “විවාහ ජීවිතයේ ගැටලු හෝ මුදල් දුෂ්කරතා, අවසන් විභාගවලට පෙනී සිටින අවස්ථා, තමන්ගේ රැකියාව අහිමි වී යෑමේ බිය හෝ වෙනත් ආකාරයේ පීඩනයන් යනාදි තත්වයන්වලට මුහුණ දෙමින් සිටින බව දත්මිටි කන අය බොහෝ අවස්ථාවලදී වාර්තා කරනවා.” බලපෑ හැකි අනිකුත් හේතු සාධකවලට පහළ හා ඉහළ හනුවල දත් වැරදි ලෙස ස්පර්ශ වීම, නින්ද නොයෑම හෝ මත්පැන් පානය කිරීම ඇතුළත් වෙනවා. එනිසා මත්පැන් ගැනීම අඩු කිරීම, උණුසුම් ජලයෙන් ස්නානය කිරීම වැනි දේවල් කිරීම, නින්දට යෑමට කලින් විවේක ගැනීමට සරල විධි අනුගමනය කිරීම හෝ මිතුරෙකු නැත්නම් විශ්වාසවන්ත උපදේශකයෙකු සමඟ මානසික පීඩනයන් ඇති කරන ගැටලු කතා කිරීම යනාදි දේවල් කරන්න මෙයින් වේදනා විඳින අය උත්සාහ කළ යුතු බව වෙල්නස් ලෙට’ යෝජනා කරනවා.

ඔබ ඔබේ දත් එකිනෙක මත සූරනවා හෝ අතුල්ලනවා හෝ දහවල් කාලයේදී අද්දකින්න පුළුවන්. ඒත් ඔබ නිදාගනිමින් සිටින විට ඔබ මෙසේ කරනවාද කියා ඔබට දැනගන්න පුළුවන් වන්නේ කොහොමද? සමහර අවස්ථාවලදී, බ්‍රක්සිසම් යනුවෙන් හඳුන්වන දිගුකලක සිට සිදු වන දත්මිටි කෑම මගින් එකම කාමරයේම නිදාගෙන සිටින කෙනෙකුව අවදි කිරීමට තරම් මහත් හඬක් නිපදවිය හැකියි. ඔබේ නළලේ කෙළවරේ වේදනාවක් හෝ ඔබේ හනුවලින් සිහින් හඬක් නිකුත් වීම නිසා ඔබ අවදි වෙන්න පුළුවන්.a ඔබේ දත්වලට විශාල හානියක් සිදු වී තිබීම ඔබේ දන්ත වෛද්‍යවරයාගේ සැලකිල්ලට ලක් වෙන්න පුළුවන්. රාත්‍රි කාලයේදී ඔබේ දත්වලට යම් ආලේපයක් ගැල්වීම වැනි ඇතැම් ප්‍රතිකාර සඳහා යම් ක්‍රම ඔහු නිර්දේශ කරන්න පුළුවන්. මුව ආරක්ෂා කරගත හැකි වුවත්, මේ වගේ දේවල් සාදා තිබෙන්නේ ඔබේ දත්මිටි කෑම නැවැත්වීමට නොවෙයි; තවදුරටත් හානිවීමෙන් ඔබේ දත් ආරක්ෂා කරගන්න ඒවාට පුළුවන්. තත්වය මොකක් වුණත් විවේක ගන්න! ඔබ සිත්තැවුලට පත්වීම අඩු කරගන්න තරමට ඔබේ දත්මිටි කෑමද අඩු විය හැකියි.

[පාදසටහන]

a වැඩි විස්තර සඳහා කරුණාකර 1991 ජූනි 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) කලාපයේ 20-2 පිටු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න