යෞවනයන් ආගම කෙරෙහි කොතරම් උනන්දුවක් දක්වනවාද?
ප්‍රංශයේ පිබිදෙව්! වාර්තාකරු විසින්
රැස්ව සිටි යෞවනයන් 7,50,000කට, එය ප්‍රීතියෙන් උද්දාමයට පත් වන සන්ධ්‍යාවක් වීමට තිබුණා. ඔවුන් කොඩි වනමින් හා ගී ගයමින් අත්පොළසන් දුන්නා. මල් වෙඩි සහ ආලෝක කදම්බ අහස සිසාරා පැතිර ගියා; සංගීතඥයන් රැස්ව සිටි පිරිසගේ හැඟීම් පුබුදුවාලනු ලැබුවා. මෙහි පැවති තත්වය “යෝධ ඩිස්කෝ සංදර්ශනයක්” හා සමාන වුණා. අන්තිමේදී, මහ හයියෙන් කෑ ගසමින් කරන අධික ප්‍රශංසා මැද, සෙනඟ බලාපොරොත්තුවෙන් සිටි තැනැත්තා වේදිකාව මතට පිය නැඟුවා.
එය රොක් සංගීත කණ්ඩායමක් විසින් ලෝක සවාරියක් ආරම්භයේදී සිදු කළ දෙයක්ද? නැහැ. එය ලෝක කතෝලික යොවුන් දිනය සැමරීම සඳහා අතිවිශාල ජන සමූහයකගේ සහභාගිත්වය ඇතුව පැරීසියේ පැවැත්වූ ආගමික රැස්වීමකි. සෙනඟ බලා සිටි තැනැත්තා වුණේ දෙවන ජුවාම් පාවුලු පාප් මිස වෙන කවුරුත් නොවෙයි!
යෞවනයන් මේ වගේ ආගමික උත්සව කෙරෙහි දක්වන උනන්දුව සමහර අයට අසාමාන්‍ය දෙයක් මෙන් පෙනෙන්න පුළුවන්. ඒ වුණත්, ආගම කෙරෙහි තරුණ අය අතර තිබෙන යළි පණගැන්වී තිබෙන උනන්දුව ගැන ජනමාධ්‍යය මේ කාලයේ කතා කරනවා.
පිටාතර පෙනුම
පිටතින් බලන විට ආගම සමෘද්ධිමත් තත්වයක තිබෙන බව පෙනෙන්න පුළුවන්. තමන් ආගමකට අයත්ව සිටිනවා කියා යුරෝපයේ වෙසෙන යෞවනයන්ගෙන් සියයට 68ක් පමණ පවසනවා. අයර්ලන්තයේ මේ සංඛ්‍යාව සියයට 90 ඉක්මවනවා. ඈත අතීතයේ විසූ මිනිසුන්ගෙන් ලැබුණු ශුද්ධ කෞතුක වස්තුවක් හැටියට කලක් බොහෝදෙනෙක් ආගම සැලකූ දේශයක් වන පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ ආමේනියාවේ පූජකයෙක්, කාලයක් පාළුවට ගොස් තිබූ පල්ලිවල දැන් සෙනඟ පිරී ඉතිරී සිටීම ගැන මෙසේ පැවසුවා: “තරුණ පරම්පරාව ආගමට ආකර්ෂණය වීම මට පුදුමයි.”
බොහෝ රටවල ජනමාධ්‍යය මගින් යෞවනයන් ආගමික නිකායන්ට හා ප්රාතිහාර්යයන් සිදු කරන කණ්ඩායම්වලට සම්බන්ධව සිටීම ගැන පුළුල් ලෙස ප්‍රචාරය කර තිබෙනවා. ආරම්භයේදී සඳහන් කළ ආගමික උත්සවය හා සමාන උත්සව ජනප්‍රියයි. කොහොමවුණත්, අපි මෙහි ඇතුල් පැත්ත බලන විට තත්වය කුමක්ද?
සමීප බැල්මක් හෙළීම
වර්ෂ 1967දී ප්‍රංශයේ වෙසෙන තරුණ අයගෙන් සියයට 81ක් දෙවි කෙරෙහි විශ්වාස කළත්, 1997දී ඒ ප්‍රතිශතය භාගයකටත් වඩා අඩු වූ බව සමීප බැල්මක් හෙළන විට අනාවරණය වෙනවා. සමස්තයක් හැටියට යුරෝපයේ, පෞද්ගලිකත්වයකින් හෙබි දෙවිකෙනෙකුව විශ්වාස කරන්නේ යෞවනයන් සියයට 28ක් පමණයි. එසේනම්, යුරෝපයේ වෙසෙන තරුණ අයගෙන් නිතර යාච්ඤා කරන්නේ සියයට 12ක් පමණක් වීම පුදුමයට කරුණක් නොවෙයි. තරුණ අය ආගම දෙස බලන ආකාරය මගින් මෙය පිළිබිඹු වන්නේ කොහොමද?
තමන් ජාතික පල්ලියට අයත් බව ඩෙන්මාර්කයේ යෞවනයන්ගෙන් සියයට 90ක් පවසනවා. එහි ක්‍රියාශීලී සාමාජිකයන් හැටියට තමන්ව හඳුන්වා දෙන්නේ සියයට 3ක් පමණයි. ආගම තමන්ගේ ජීවිතවලට කිසිම සැබෑ බලපෑමක් ඇති කරන්නේ නැහැ කියා ප්‍රංශයේ තරුණ අයගෙන් සියයට 70ක් පිළිගන්න බව ප්‍රංශයේ කතෝලික පුවත්පතක් වන ලා කෘවා මගින් 1997දී සිදු කළ ජනමත විමසුමකදී පෙනී ගියා. ඔවුන්ගෙන් හතරෙන් තුනක්ම ආගමික ඉගැන්වීම්වලට වඩා පෞද්ගලික අද්දැකීම් වඩාත් වැදගත්කොට සැලකුවා. යුරෝපයේ වෙනත් රටවල් බොහොමයක තත්වයද ඊට සමානයි.
යෞවනයන් පල්ලිය හැර යමින් සිටින්නේ ඇයි? ප්‍රධාන පෙළේ ආගම් ඔවුන්ගෙන් බොහෝදෙනෙකු තුළ විශ්වාසයක් ඇති කර නැහැ. උදාහරණයක් හැටියට, ප්‍රංශයේ තරුණ අයගෙන් වැඩිදෙනෙක් සිතන්නේ, ආගම කියන්නේ ලෝකය තුළ බෙදීම් ඇති කරන හේතු සාධකයක් කියායි. ඒ විතරක් නොවෙයි, ස්පාඤ්ඤයේ කතෝලිකයෙකු වන පහළොස් හැවිරිදි යූඩිත්ට හැඟුණු ආකාරයටම තරුණ අයට හැඟීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. ඈ මෙසේ පැවසුවා: “සදාචාරය ගැන ආගම කියන දෙය එක්ක මම එකඟ වෙන්නේ නැහැ.” ඒ හා සමානව, තායිවානයේ ජීවත් වන 20 හැවිරිදි ජෝසෆ් සිතන්නේ ආගම “සම්ප්‍රදායන්ට බර” බවයි. ඒ වුණත්, බොහෝ යෞවනයන් තමන්ගේ ආගමේ ඉගැන්වීම් සමඟ එකඟ නොවෙනවා නම්, ඔවුන් මොනවාද විශ්වාස කරන්නේ?
තමාට රිසි ආගමක්
මේ කාලයේ යෞවනයන් පොදුවේ ආගමික විශ්වාසයන් තෝරාගන්නේ, කෑම වට්ටෝරුවක තිබෙන කෑම තෝරාගන්නවා හා සමානවයි. ආගම අදහන්නේ “කෑම වට්ටෝරුවක් තෝරන විදිහටයි” කියා එක් සඟරාවක් එය හැඳින්වූවා. කතෝලික සඟරාවක් එයට යොමු දැක්වූයේ “ආගමික සාප්පු සවාරියක්” ලෙසයි. යල්පනිමින් තිබූ අදහස් දැන් බහුලව ක්‍රියාත්මක වෙනවා. මේ අනුව, යුරෝපයේ යෞවනයන්ගෙන් සියයට 33ක් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරනවා; සියයට 40ක් ශාස්ත්‍ර කියන අයට අනාගතය ගැන කලින්ම කියන්න පුළුවන් කියා විශ්වාස කරනවා; මිනිසුන්ගේ ජීවිතවලට තරු බලපානවා කියා සියයට 27ක් විශ්වාස කරනවා. පුනර්භවය වැනි සංකල්ප දැන් යුරෝපයේ වෙසෙන යෞවනයන්ගේ ඇදහිලිවල කොටසක් වෙලා තිබෙනවා.
නානාප්‍රකාර ආගමික ඇදහිලි මොනතරම් තියෙනවාද කිව්වොත් තමන්ගේ මනාපයට ගැළපෙන විදිහට යෞවනයන්ට ආගමක් තෝරාගන්න පුළුවන්. සත්‍යය වන්නේ එක ආගමක් පමණයි කියා විශ්වාස කරන්නේ අතළොස්සයි. යෞවනයන් තමන්ට රිසි සේ තෝරගන්න නිසා, ඔවුන්ගේ ආගමික විශ්වාසයන් අතර තිබෙන වෙනස අඩු වෙමින් පවතිනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට, විධිමත් ආගමික විශ්වාසයන්වල “වේගවත් පිරිහීමක්” නැතහොත් “විශාල සෝදාපාළුවක්” සිදුවීම ගැන සමාජ විද්‍යාඥයන් කතා කරනවා. මේ ආගමික වාතාවරණය මැද, සම්ප්‍රදායික ආගම් ප්‍රතිචාරය දක්වමින් සිටින්නේ කොහොමද?
තරුණ අයව ඉලක්ක කරගෙන ආගම කරන ගවේෂණය
තරුණ අයව ආකර්ෂණය කරගැනීමේදී ආගම් අභියෝගයකට මුහුණපානවා. පැරීසියේ පැවැත්වූ ලෝක කතෝලික යොවුන් දින උත්සවයට පැමිණ සිටි පිරිස ගැන ප්‍රංශ පූජකයෙක් මෙසේ ඇසුවා: “මේ යෞවනයන් පැමිණෙන්නේ කොහෙන්ද? මම යන පල්ලිවලට තරුණයන් එන්නේ නැහැ. මම කවදාවත් මේ අයව දකින්නේ නැහැ.” තරුණ අයව ආකර්ෂණය කරගෙන ඔවුන්ගේ අවධානය පල්ලිය කෙරෙහි යොමු කර තබාගැනීම සඳහා කතෝලික පල්ලිය සිදු කරන ගවේෂණයේදී, පල්ලියට සිදු වී තිබෙනවා එය ඉදිරිපත් කරන පණිවිඩය හා කටයුතු කරන ආකාරය වෙනස් කරන්න.
“පල්ලිය එහි රටාව වෙනස් කරයි” කියා ලා ෆිගාරෝ නම් ප්‍රංශ පුවත්පත ප්‍රකාශ කළා. පැරීසියේ පැවැත්වූ 12වන ලෝක යොවුන් දින උත්සවයේ ඉදිරිපත් කිරීම් අධීක්ෂණය කිරීම සඳහා, රොක් සංගීත ප්‍රසංග සංවිධානය කිරීම ගැන පළපුරුද්දක් තිබෙන ආයතන පල්ලිය යොදාගත්තා. රටවල් 100කට වැඩි ගණනකින් පැමිණ සිටි යෞවනයන්ව පිනවීම සඳහා සංදර්ශන 300කට වැඩි ප්‍රමාණයක් පැවැත්වුවා. පූජකයන් සඳහා විශේෂ ඇඳුම් පිළියෙළ කර තිබුණා.
අද සිටින යෞවනයන්ව නුහුරු නිසාත්, ඔවුන්ව දිනාගන්නා පිණිස සකස් වීමේ අවශ්‍යතාව හැඟෙන නිසාත්, බොහෝ ආගම් ඕනෑම ඇදහිල්ලක් පිළිගන්න තත්වයකට පත් වෙමින් තිබෙනවා. මේ ප්‍රතිපත්තිය පෙනෙන්න සලස්වමින්, ප්‍රංශයේ පැවැත්වූ ලෝක යොවුන් දින උත්සවය සංවිධානය කළ පූජකයා වන මයිකල් ඩ්යූබෝ මෙසේ පැවසුවා: “ඇත්තටම මම කැමතියි බව්තීස්ම වූ හැමදෙනාම ක්‍රිස්තුස්ට විශ්වාසවන්ත ලෙස සේවය කරනවා නම්. ඒ වුණත් ඒ අය එහෙම කරන්නේ නැතත්, පල්ලිය තුළ ඔවුන්ට හිමි තැන තියෙනවා.”
පිළිතුරු සඳහා තරුණ අයගේ ගවේෂණය
පිළිතුරු සඳහා යෞවනයන් කරන ගවේෂණය ඇත්තෙන්ම සැබෑ එකක් බව අවධාරණය කරමින්, පැරීසියේ පැවැත්වූ ආගමික උත්සවයට යෞවනයන්ගේ පැමිණීම, එක් පුවත්පතක් විස්තර කළේ, “ඇදහිල්ල පිළිබඳ මොරගැසීමකට වඩා ඇදහිල්ල වෙනුවෙන් කරන මොරගැසීමක්” ලෙසයි. එවැනි මොරගැසීම්වලට කතෝලික පල්ලිය පිළිතුරු දී තිබෙනවාද?
ආගමික උත්සවවල දකින “දෘශ්‍ය මායාව” ලෙස එක් කතෝලික පුවත්පතක් හැඳින්වූ දෙය පරීක්ෂා කර බලන විට ඉතුරු වෙන්නේ මොනවාද? ඇතුළතින් තිබෙන “සැබෑ ගුණයේ ඌනතාව” ගැන ප්‍රංශ පුවත්පතක් වන ල මොන්ඩ් අදහස් දැක්වුවා.
දීසියේ තිබෙන ආහාර වර්ග සිත්ගන්නාසුලු ආකාරයෙන් තිබීම වැදගත් දෙයක් වුණත්, ඒවා පෝෂ්‍යදායක නැත්නම් වැඩක් නැහැ. ජීවිතයේ අර්ථය සම්බන්ධයෙන් යෞවනයන් තුළ මතු වන ප්‍රශ්නවලට ආත්මික ලෙස පෝෂ්‍යදායී උත්තර අවශ්‍යයි. සිත්ගන්නාසුලු වුණත් කිසිම ගුණයක් නැති උත්තරවලින් යෞවනයන්ට සංග්‍රහ කිරීම මගින් ඔවුන් සෑහීමට පත් වෙන්නේ නැහැ.
කලින් සඳහන් කළ ආගමික උත්සවය වැනි සැබෑ ගුණයක් නොමැති දේවල් යෞවනයන්ට කල්පවතින බලපෑමක් ඇති කරමින් තිබෙනවාද? ප්‍රංශ සමාජ විද්‍යාඥයෙකු වන ඩැන්යෙල් හ’ව්‍යූ ලෙසා මෙසේ නිරීක්ෂණය කළා: “සමාජයට කල්පවතින බලපෑමක් ඇති කරන්න මෙම චිත්තාකර්ෂණීය උත්සවවලට හැකියාවක් නැති තරම්.” එහෙමනම්, තමන්ගේ ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන උත්තර යෞවනයන්ට සොයාගත හැක්කේ කොතැනින්ද?
සෑහීම ගෙන දෙන උත්තර
ල ප්වන් නමැති ප්‍රංශ සඟරාව යෞවනයන් මුහුණපාන දුෂ්කරතා ගැන ලිපියක් 1997දී පළ කළා. යෞවනයන් තුළ තිබෙන පොදු ප්‍රශ්නයක් වන ජීවිතයේ අර්ථය පිළිබඳව තිබෙන ප්‍රශ්නයට අමතරව, අපරාධ හා සාහසිකකම් සමඟ සාර්ථකව කටයුතු කරන ආකාරය ගැන ප්‍රශ්නද ඔවුන්ට තිබෙනවා. මේවා ජයගන්න පුළුවන්ද? එම සඟරාවේ පළ වූ ලිපියේ මෙසේ පැහැදිලි කළා: “මත්පැන්, මත්ද්‍රව්‍ය හා සාහසිකකම් යනාදිය මගින් තමාගේ සිරුරට සිදු වී තිබෙන හානි ගැන වයස අවුරුදු 30දී ඩේවිඩ් කනගාටු වෙන්න පටන්ගත්තා. වැරදි අත්හැරීම සඳහා ඔහුගේ බලාපොරොත්තුවලට පිළිතුරක් ඇතුව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔහුගේ නිවසේ දොරට තට්ටු කළා. ඔහු පාඩම් කළා. ඔහු හැරුණා. සූදුවට ඇබ්බැහි වූ කාලයේ තිබූ ණය ගෙවා දැම්මා; කාඩ් සෙල්ලම් කරද්දී තමන්ගේ මුදල් වංචා කළා කියා දැනගෙන සිටියේ නැති අයට පවා ඔහු ආපසු ඒ මුදල් දුන්නා. ඔහු දුම්පානය කරන්නේ නැහැ; මත්පැන් පානය කරන්නේ නැහැ; ඔහු දැන් ගහගන්න යන්නේ නැහැ.”
යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කළ වෙනත් යෞවනයන් ගැන එම ලිපියේ තවදුරටත් මෙසේ සඳහන් වුණා: “තමන්ගේ සෑම ප්‍රශ්නයකටම ඔවුන් උත්තර සොයාගෙන තිබෙනවා.” සාක්ෂිකාර යෞවනයෙක් සරලව මෙසේ ප්‍රකාශ කළා: “බයිබලය අවුරුදු දෙදහක කාලයක ඉඳන් සත්‍යය කතා කරනවා; ඉතින් මම මොකටද මඟ පෙන්වීම සොයාගෙන වෙනත් තැන්වලට යන්නේ?”
යෞවනයන් සඳහා පණිවිඩයක් දේවවචනයේ අඩංගු වෙනවා. එය සපයන ප්‍රායෝගික අවවාදානුශාසනා අද තිබෙන ගැටලු සමඟ සාර්ථකව කටයුතු කරන්න ඔවුන්ට උපකාර කරමින්, සාමකාමී හා සහෝදරත්වය පවතින අනාගතයක් කෙරෙහි විශ්වාස කිරීම සඳහා ශක්තිමත් පදනමක් ඔවුන්ට සපයනවා. නිරතුරුවම වෙනස් වෙන ලෝකයක, බයිබලය සපයන බලාපොරොත්තුව, ස්ථිරත්වයක් හා සැනසිල්ලක් ලබා දෙන ‘සත්තක වූ ස්ථිර වූ නැංගුරමක්.’ (හෙබ්‍රෙව් 6:19) යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පෞද්ගලිකව පාඩම් කිරීම මගින් තමන්ගේ ජීවිතවලට සැබෑ අර්ථයක් ලැබෙන බව සියදහස් ගණන් යෞවනයන් අද්දැක තිබෙනවා. බයිබලය ඉතා ගැඹුරින් කාවදින වෙනස්කම් සිදු කරන ආකාරය ඔවුන් පෞද්ගලිකව අද්දැක තිබෙනවා. බයිබලය සපයන පිළිතුරු පිළිගැනීමෙන් සැබෑ ඇදහිල්ල සඳහා කෙරෙන තමන්ගේ ගවේෂණය විපාකදායක එකක් බව යෞවනයන් අද්දකිනවා.
[25වන පිටුවේ පින්තූරය]
පැරීසියේ දහස් ගණන් යෞවනයන් ආගමික උත්සවයට ආකර්ෂණය වෙයි
[26වන පිටුවේ පින්තූරය]
පැරීසියේ පැවැත්වූ ලෝක යොවුන් දිනය—සැබෑ ආගමික උනන්දුව යළි පණගැන්වීමක්ද?