යේසුස් ක්‍රිස්තුස් කවරෙකු වීද?
අවුරුද්දේ මේ කාලයේදී ලොව පුරා බොහෝ රටවල නත්තල් උත්සව පැවැත්වෙයි. වසර 2,000කට පමණ පෙර දෙසැම්බර් 25වනදා යේසුස් ක්‍රිස්තුස් උපන් බවට මිලියන සියගණන් ජනයා විශ්වාස කරනවා. බිළිඳෙකු හැටියට ගව ඔරුවක ඔහු සිටින ආකාරය චිත්රවල හා මූර්තිවල විවිධාකාරව දක්වා තිබෙනවා. නමුත්, ඇත්තෙන්ම, ඔහු පුරුෂභාවයට පැමිණෙන තෙක් වැඩී, වසර 33 1/2ක් මිහිපිට ජීවත් වුණා.
වැඩිහිටියෙකුව සිටියදී යේසුගේ ශාරීරික පෙනුම කුමනාකාරයෙන් තිබෙන්න ඇද්ද කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? ඔහුට තිබුණ හමේ පාට කුමක්ද? ඔහු ශක්තිසම්පන්න, කඩවසම් කෙනෙක්ව සිටියාද? එසේ නැත්නම් සියවස් ගණනාවක් පුරා විවිධ චිත්‍ර ශිල්පීන් ඔහුව දැක්වූ ආකාරයට දුර්වල, රෝගී පෙනුමකින් යුත් කෙනෙක්ව සිටියාද? ඔහු සම්පූර්ණයෙන්ම රැවුල බාලා හිටියද නැත්නම් රැවුල වවලා හිටියද? ඔහුට තිබුණේ දිගු හිසකෙස්ද?
ඒ වගේම, සමහර චිත්‍ර ශිල්පීන් චිත්‍රයට නඟා තිබෙන ආකාරයට, ශුද්ධවන්ත පෙනුමක් ලබා දෙමින් යේසුගේ හිස වටේට රැස්වළල්ලක ආකාරයෙන් ආලෝකයක් විහිදුණාද? එහෙම නැත්නම් විශේෂයෙන් කැපීපෙනෙන අංග ලක්ෂණ නැතුව සෙනඟ අතරේ සාමාන්‍ය කෙනෙක් හැටියට සිටියා කියන එකද යථාර්ථය?
යේසුගේ පෙනුම සම්බන්ධයෙන් යුග ගණනාවක් පුරා ලෞකික ඉතිහාසඥයන් හා චිත්‍ර ශිල්පීන් එකිනෙකට පටහැනි අදහස් දක්වා තිබෙනවා. ඊට අමතරව, පළමු සියවසේ විසූ ඔහුගේ ඇසුරේ රැඳුණු බයිබල් ලේඛකයන් විසින් ඔහු ගැන ලියූ ඇසින් දුටු වාර්තාවල විශ්වාසවන්ත ඉඟි සපයා තිබෙනවා.
කෙසේවුවත්, ඔහුට මොන වගේ පෙනුමක්ද තිබුණේ යන්නට වඩා වැදගත් ප්‍රශ්න වන්නේ මේවායි: ඇත්තෙන්ම යේසුස් ක්‍රිස්තුස් කවරෙකු වීද? දෙවිගේ අරමුණ තුළ ඔහු දරන කාර්යභාරය කුමක්ද? ඔහු ඒ කොටස ඉටු කර තිබෙනවාද? අදදින ඔහුගේ තත්වය කුමක්ද? ඔහු ඉන්නේ කොහේද? සියලු මනුෂ්‍යවර්ගයාට, මියගොස් සිටින බොහෝදෙනාට පවා බලපාන බෙහෙවින් වැදගත් තත්වයක් ඔහු දරනවාද?
ප්‍රථමයෙන්ම, යේසුගේ පෙනුම සම්බන්ධයෙන් සාක්ෂිය අපි පරීක්ෂා කර බලමු. ඔහුට මොන වගේ පෙනුමක්ද තිබුණේ?