ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g00 8/8 31 පි.
  • එක් විස්මිත අධිරාජයෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එක් විස්මිත අධිරාජයෙක්
  • 2000 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මිහිකතගේ ජෛව ජාලයට නැතුවම බැරි සන්නිවේදනය
    2003 පිබිදෙව්!
  • අසාමාන්‍ය ජෝඩුවක්
    2005 පිබිදෙව්!
  • අපූරු ඇසුරුමක් සහිත බිත්තරය
    2011 පිබිදෙව්!
2000 පිබිදෙව්!
g00 8/8 31 පි.

එක් විස්මිත අධිරාජයෙක්

පෙන්ගුවින් අධිරාජයා පෙන්ගුවින් කුලය අතුරින් යෝධයෙකි. උගේ දේහ ප්‍රමාණය උස අඩි හතරක් හා බර රාත්තල් 85කි. දකුණු ඇන්ටාක්ටිකාවේ ඉතා අධික ශීත ඍතුවෙන් බේරීමට අනිකුත් පෙන්ගුවින්ලා විශේෂයන් උතුරුකරය බලා ගමන් කරන විට මෙම අධිරාජයන් දකුණට එනම් ඇන්ටාක්ටිකාව බලාම ගමන් කරති. ඒ මන්ද? පැටව් බිහි කිරීමටය.

පෙන්ගුවින් රැජින බිත්තරය දැමූ විගස පිරිමි සතා අයිස් මත ඇති බිත්තරය ගෙන තම පාද දෙක මත තබාගනී. ඉන්පසු උගේ උදරයේ පහත කොටසේ සමින් සෑදුණු පැස තුළ බිත්තරය හොවා රකින්න පටන්ගනී. මේ අතර ගැහැනු සතා ආහාර සොයමින් ඈත දියඹට යයි. පිරිමි සතා බිත්තර රැකීමේ ක්‍රියාවලිය දින 65ක් පුරා දිගටම කරගෙන යන්නේ උගේ ශරීරයේ තැන්පත් වූ මේද ස්තරයෙන් පෝෂණය වෙමිනි. පැයට සැතපුම් 120ක වේගයෙන් හමන ඝන හිම කුණාටු ප්‍රහාරවලදී තම ශරීර උෂ්ණත්වය රැකගැනීම සඳහා උන් විශාල රංචු පිටින් සිටිති. මේ දක්ෂ කුරුල්ලන් සුළඟ දරාගෙන සිටින්නේ එකිනෙකා සුළඟට පිටුපා සිටීමෙනි.

බිත්තරය පිපිරී පැටියා එළියට එන මොහොතේදී ගැහැනු සතා එතැනට පැමිණීම අදහාගන්නත් බැරි තරම්ය. නමුත් ඌ දහසක් එවුන් අතුරින් ඇගේ සහකරු සොයාගන්නේ කෙසේද? පෙම්කෙළියෙහි නිරත වූ මුල් කාලයේදී දෙදෙනාම මිහිරි ගීතයක් මුමුණා තිබිණ. ඒ ගීතය සුන්දර මතකයක් කරගෙන ඇය පැමිණි විට දෙදෙනාම මේ මිහිරි ගීතය යළිත් මුළු හදින්ම ගයති. මිනිස්සුන්ට මේ හඬ ව්‍යාකූල කරවන්නක් වුවත්, පෙන්ගුවින් අධිරාජයාට විගස තම සහකාරිව සොයාගැනීමට එය උපකාරයක් වේ. බිත්තරයෙන් එළියට ආ පැටවාව අකමැත්තෙන් වුවද තම සහකාරියට භාර දීමෙන් පසු, හාමතින් පෙළෙන පිරිමි සතා අයිස් තට්ටුව මත සැතපුම් 45ක් පමණ දුරක් ගමන් කරන්නේ ජලය සහ ආහාර සොයාගැනීම සඳහාය.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

John R. Peiniger අනුග්‍රහයෙනි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න