ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g00 12/8 10-12 පි.
  • පිළියම අත ළඟය!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පිළියම අත ළඟය!
  • 2000 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙමාපියෙනි ඔබේ වැඩ කොටස කරන්න
  • පිළියම දිව්‍යාණ්ඩුවකින්
  • ආදරණීය සැලකිල්ල ලැබීමට වටිනා අපගේ දරු සම්පත
    2000 පිබිදෙව්!
  • බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න
    පවුලේ සන්තෝෂයට රහස
  • ළදරු කාලයේ සිට දරුවන් පුහුණු කිරීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමට ඔබේ දරුවන්ව පුහුණු කරන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2000 පිබිදෙව්!
g00 12/8 10-12 පි.

පිළියම අත ළඟය!

සෑම දරුවෙකුටම සැබෑ අවධානයක්, සැබෑ ප්‍රේමයක් ලබා දෙන, ඔවුන්ට උපරිම මඟ පෙන්වීමක් සහ රැකවරණයක් ලබා දීමට අවංක ආශාවකින් කටයුතු කරන සැලකිලිමත්, ආදරණීය දෙමාපියන් සිටින ලෝකයක් කොතරම් ලස්සන වේවිද! සිතා බලන්න, කිසිම දරුවෙකු මානසික හෝ ශාරීරික ආබාධවලින් නොපෙළෙන, වීථි දරුවන් නොසිටින, ආර්ථික හේතු නිසා දරුවෙකුගේ ළමාවිය සොරාගන්නා මෙහෙකාරකමට ගොදුරු නොවන ලෝකයක් මොනතරම් ලස්සන වේවිද!

එය නිකම්ම සුරංගනා කතාවක්ද? එසේ නැත්නම් ඒවා ඉටු වෙයි කියා අපට විශ්වාස කළ හැකිද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එවන් ස්ථිර විශ්වාසයක් ඇති අතර, එසේ සිටීම සඳහා හොඳ හේතු දෙකක් ඇත.

දෙමාපියෙනි ඔබේ වැඩ කොටස කරන්න

දරුවන් මුහුණ දෙන ඇතැම් ගැටලු විසඳීමට හෝ ඇතැම් අවස්ථාවලදී ඒවා වළක්වාගැනීමට පවා වැඩිහිටියන්ට හැකි බව ඔබ පිළිගන්නවාට සැකයක් නැත. කෙසේවෙතත්, මෙවන් දෙයක් සිදු වන්නේ වැඩිහිටියන්ගේ සහයෝගය තුළින් පමණි. මින් පැහැදිලි වන්නේ දෙමාපියන් විසින්ද ඉටු කළ යුතු වැඩ කොටසක් ඇති බවය.

නිදසුනකට, බයිබලයෙහි මතු දැක්වෙන උපදේශය අනුගමනය කිරීමට වැඩිහිටියන් මනාපයක් දැක්විය යුතුය. “භාර්යාව පුරුෂයාගෙන් අහක්ව නොයේවා, . . . පුරුෂයාද තමාගේ භාර්යාව අත් නොහරීවා.” මෙම උපදෙසට අවනත වන දෙමාපියන්ගේ දරුවෝ, වෙන්වීම හෝ දික්කසාදය නිසා දෙකඩ වී ගිය නිවසක පැනනඟින ගැටලුවලින් පීඩා නොවිඳිති.—1 කොරින්ති 7:10, 11.

‘ඝෝෂාකාරිව හෝ බීමත්ව නොහැසිර, ඔබින ලෙස හැසිරීමට’ බයිබලය දී ඇති උපදේශය අනුගමනය කිරීමට කැමැත්තක් දක්වන වැඩිහිටියන්ගේ දරුවෝ මත්පැනට හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති දෙමාපියන් සිටීමේ පීඩාවෙන් වේදනා නොවිඳිති.—රෝම 13:13; එපීස 5:18.

‘වේශ්‍යාකමින් වැළකීමට’ බයිබලය දී ඇති උපදේශය අනුගමනය කිරීමට කැමති වැඩිහිටියෝ, එක දෙමාපියෙකු පමණක් සිටින, නිසි සැලකිල්ලක් නොලබන දරුවන් බිහි කිරීමේ අවදානම අඩු කරගනිති.—1 තෙසලෝනික 4:3; මතෙව් 19:9.

තවද “නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න” යන බයිබල් උපදේශය හා ‘දරුවන්ට ප්‍රේම කරන්න’ යන උපදේශය අනුගමනය කරන වැඩිහිටියෝ, තම දරුවන්ට ශාරීරිකව හෝ මානසිකව පීඩා නොකරති.—කොලොස්සි 3:21; තීතස් 2:4.

සාරාංශයක් වශයෙන් ගත් කල, සියලුම වැඩිහිටියන් යේසුස් දුන් මතු දැක්වෙන බයිබල් උපදේශය අනුගමනය කිරීමට කැමැත්තක් දැක්විය යුතුය. “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න.” (මතෙව් 7:12) එසේ කළහොත්, නිසි ප්‍රේමයක් සහ අවධානයක් නොලබන මිලියන ගණන් දරුවන් අප අතර සිටීවිද?

ඇත්තෙන්ම ඉහත සඳහන් උපදෙස අනුගමනය කිරීමට කැමැත්තක් දක්වන වැඩිහිටියන් බොහෝදෙනෙකු සිටීම සතුටට කරුණකි. එනමුත්, කනගාටුදායක ලෙස සියලුදෙනාම එසේ නොකරති. ගැටලුවලට හේතුව මෙයයි. ඇරත්, එසේ කිරීමට කැමැත්තක් දක්වන අයගේ ප්‍රයත්නයට බොහෝවිට මිනිස් අසම්පූර්ණත්වය සහ ඔවුන්ට පාලනය කළ නොහැකි වෙනත් ගැටලු හරස් වේ. මින් පැහැදිලි වන්නේ, දරුවන්ගේ ගැටලුවලට පිළියම මනුෂ්‍යයන්ට යම් දුරකට සැපයිය හැකි වුවත්, සම්පූර්ණ පිළියමක් සපයාගැනීමට අප වෙන දිශාවක් දෙස බැලිය යුතු බවයි.

පිළියම දිව්‍යාණ්ඩුවකින්

කලින් ලිපියේ සඳහන් කළ ලේඛක ජොන් රස්කින් තරයේ විශ්වාස කළේ “රජයේ පරම යුතුකම වන්නේ, තම දේශ සීමාව තුළ ඉපදෙන සෑම දරුවෙකුටම ඔවුන් වැඩිහිටියන් වන තුරු ප්‍රමාණවත් ඉඳුම් හිටුම්, ආහාර පාන, ඇඳුම් පැළඳුම් සහ අධ්‍යාපනයක් සැපයීම” බවයි. කෙසේවෙතත්, “මෙවන් දෙයක් ඉටු කිරීමට තිබිය යුතු අධිකාරිය ගැන අද අපට සිතාගැනීමටවත් නොහැකිය” කියා රස්කින් පිළිගත්තේය.

රස්කින් සඳහන් කළ ආකාරයේ දයාන්විත බල අධිකාරයක් හෙබවිය හැක්කේ දිව්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ආණ්ඩුවකට පමණි. මෙවැනි ආණ්ඩුවක් පැමිණෙන බවට පොරොන්දුවක් දී තිබේ. යේසුස් මතෙව් 6:9, 10හි සඳහන් කළේද එම ආණ්ඩුව ගැනය. දෙවිගෙන් වූ මේ ආණ්ඩුව, පොළොවේ කටයුතු භාරගන්නා විට, සියලු ජනයා කෙරෙහි ආධිපත්‍යයක් දරනු ඇත. දරුවන් ඇතුළු සියලු යටත්වැසියන්ට, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, ආහාර පාන සහ අධ්‍යාපනය එමගින් සපයනු ලැබේ. (යෙසායා 65:17-25) එනමුත් මෙම පරිපූර්ණ ආණ්ඩුවේ කාර්යය එතකින් නතර වන්නේ නැත.

දෙවිගේ රාජ්‍යය යටතේ දරුවන්ව සමබර ආකාරයකින් ඇති දැඩි කිරීමට ඉවහල් වන කදිම වාතාවරණයක් පවතී. (යෝබ් 33:24-26) එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රකාශයේ දක්වා ඇති දෙය ඉටු කරවමින්, සමාදානයේ සහ විශ්ව සහෝදරත්වයේ පරිසරයක් තුළ දරුවන්ව ඇති දැඩි කිරීමට දෙවිගේ ආණ්ඩුවට හැකි වේ. (ගීතාවලිය 46:8, 9) ජාත්‍යන්තර ළමා වසරක් හෝ දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සමුළු පැවැත්වීම සඳහා අවශ්‍යතාව නැවතත් ඉස්මතු නොවනු ඇත.

දෙමාපියන්ට සහ ආබාධිත දරුවන්ට පරිපූර්ණ සෞඛ්‍යයක් ලබා දීම එම ස්වර්ගික ආණ්ඩුවේ රජ වන ක්‍රිස්තුස් යේසුස්ට දුෂ්කර කාර්යයක් නොවේ. යේසුස් මිහිපිට සිටියදී සිදු කළ ප්‍රාතිහාර්යයන් මීට කදිම සාක්ෂියක් වේ. (ලූක් 6:17-19; යොහන් 5:3-9; 9:1-7) ඇත්තෙන්ම මරණය මගින් ගිල දමනු ලැබූ දරුවන් සහ දෙමාපියන්ව නැවත-නැඟිටුවීම පවා යේසුස්ට පහසු කාර්යයක් වනු ඇත.—මතෙව් 9:18-26අ.

මෙලොවේ වෙසෙන දරුවන් වෙනුවෙන් දෙවි මැදිහත් වන කාලය අත ළඟ බව දැනගැනීම මොනතරම් සතුටට හේතුවක්ද!

[12වන පිටුවේ කොටුව⁄පින්තූර]

යොවුන් පරපුරට ප්‍රායෝගික උපකාර

යොවුන් පරපුරට දැන් සිටම ඔවුන්ගේ ගැටලු මඟහරවා ගැනීමටත්, මඟහරවා ගත නොහැකි ගැටලු සමඟ සාර්ථකව කටයුතු කළ හැකි ආකාරය පෙන්වා දීමටත් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බෙහෙවින් උනන්දු වෙති. එමනිසා, වසර ගණනාවක් පුරා කුඩා දරුවන්ගේ සිට නහඹර වියේ දරුවන් දක්වා යෞවන පරපුරේ සැමදෙනාගේ අවශ්‍යතා පිරිමැසීමේ අටියෙන් ඔවුන් ආධාරක පොත් පත් රැසක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම ප්‍රකාශනවලට මගේ බයිබල් කතන්දර පොත සහ යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන පොත්ද, යෞවන අය අසති—මට සැබෑ මිතුරන් ඇති කරගත හැක්කේ කෙසේද? (ඉංග්‍රීසියෙන්) යන වීඩියෝ පටියද ඇතුළත්ය. මේවා ලබාගැනීමට ඔබේ ප්‍රදේශයෙහි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමුවීමට හැකිය. එසේ නැතහොත් මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලිපියක් එවිය හැකිය.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම දරුවන් කෙරෙහි ඉමහත් සැලකිල්ලක් දක්වන්නේ ඔවුන්ට නිසි ප්‍රේමය සහ අවධානය දීමෙන් හා නිතරම ඔවුන්ගේ ගැටලු ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙනි. තම දරුවන්ට ප්‍රගතිශීලී මෙන්ම නිතිපතා පදනමකට අනුව අවශ්‍ය පුහුණුව ලබා දීමට ඔවුහු බොහෝදුරට ඉහත සඳහන් පොත් ආධාරක සේ යොදාගනිති. ඔබේ දරුවන් සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට ඔබත් කැමති විය හැක!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න