ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g01 3/8 22 පි.
  • අපගේ පාඨකයන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ පාඨකයන්ගෙන්
  • 2001 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2000 පිබිදෙව්!
  • යොවුන් සිතේ ගැටලු - නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 2වෙනි කොටස
    යොවුන් සිතේ ගැටලු
  • අන්ත්‍රාවයි! පරිහරණය කළොත් විනාසයි
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇයි මේ හැම තැන කාමුක දර්ශන?
    2003 පිබිදෙව්!
තව තොරතුරු
2001 පිබිදෙව්!
g01 3/8 22 පි.

අපගේ පාඨකයන්ගෙන්

අන්තර් ජාලය ඔස්සේ එන කාමුක දර්ශන “අන්තර් ජාලය ඔස්සේ එන කාමුක දර්ශන—එයින් අනතුරක් එල්ල වේද?” යන ලිපි මාලාවෙන් යුත් 2000 ජූනි 8 කලාපය මට ලැබුණා. එය මගේ ජීවිතයට මොනතරම් බලපෑමක් ඇති කළාද! එය ලැබෙන්න මාසයකට විතර කලින් මගේ ස්වාමිපුරුෂයා කොම්පියුටරයෙන් අසභ්‍ය පින්තූර බලනවා මම දැක්කා. කොම්පියුටරය ගෙදරට ගෙනාවෙත් එදාමයි! මම හදිසියේම දොර අරිනකොට ඔහු මහා ජරා පින්තූරයක් බලනවා මගේ අතටම අහු වුණා. මේ සිද්ධිය අපේ සම්බන්ධයට කොයිතරම් බලපෑවද කියලා කියන්න මා ළඟ වචන නැහැ. ඔහු කොච්චර සමාව ඉල්ලුවත් ඔහු විවාහය හෑල්ලු කළා කියන එක මගේ හිතේ තියෙනවා.

එල්. කේ., එක්සත් ජනපදය

මම මෙම ලිපි මාලාවට ස්තුති කරන්න කැමතියි. මම අවුරුදු අටක් තිස්සේ අසභ්‍ය පින්තූර බලන පුරුද්ද මඟ හරවාගන්න පොරබදිනවා. මෑතකදී මේ පුරුද්ද නතර කරන්න උපකාර ඉල්ලලා මම යාච්ඤා කෙරුවා. ඒ දවසේම තමයි මට මේ ලිපි මාලාව ලැබුණේ.

එල්. එම්., එක්සත් ජනපදය

මාස කිහිපයකට ඉස්සර අහම්බෙන් වගේ අන්තර්ජාලයේ කාමුක දර්ශන පෙන්වන වෙබ් අඩවියක් මට හම්බ වුණා. ඊට පස්සේ මම මේ වගේ දර්ශන පෙන්නන වෙනත් වෙබ් අඩවි බලන්න පටන්ගත්තා. අන්තිමේදී ආත්මික දේවල් සඳහා තිබුණ මගේ ආශාව ක්‍රමක්‍රමයෙන් අඩු වුණා. ඒ වගේම අනිත් අයත් එක්ක තියෙන ආශ්‍රය ටිකෙන් ටික අඩු කළා. ඒ පින්තූරු බැලීමට ඇබ්බැහි වෙන එක හරි ලෙහෙසියි. ඒත් දැන් මම මේ පුරුද්ද නතර කරන්න දැඩි උත්සාහයක් දරනවා.

එම්. ජී., එක්සත් ජනපදය

ටයි පටිය “ටයි පටියේ ඉතිහාසය” (2000 ජූනි 8) යන සිත්ගන්නාසුලු ලිපියට මම ස්තුති කරන්න කැමතියි. මම දරුවෝ තුන්දෙනෙක් සිටින මවක්. මම මගේ දරුවන්ට යෙහෝවාට ප්‍රේම කරන්න උගන්වනවා. මගේ ලොකු පුතාට වයස අවුරුදු 13යි. පුතාට දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කතාවක් දෙන්න තිබුණා. හැබැයි, ටයි එකක් දාගන්න එයා දැනගෙන හිටියෙත් නැහැ, මම දැනගෙන හිටියෙත් නැහැ. මගේ ස්වාමිපුරුෂයා ඇදහිලිවන්තයෙක් නෙමෙයි. එයා කවමදාකවත් ටයි එකක් දාන්නේ නැහැ. ටයි එක දාන පහසු ක්‍රමයක් පෙන්වා දුන්නාට ස්තුතියි.

එම්. බී., එක්සත් ජනපදය

මට වයස අවුරුදු 11යි. එම ලිපියේ රූපසටහන් දිහා බලලා මම කොහොම හරි මගේ ටයි එක දාගන්න ඉගෙනගත්තා. දැන් මට මගේ අල්මාරියේ තියෙන ඔක්කෝම ටයි පාවිච්චි කරන්න පුළුවන්!

ඒ. පී., ඉතාලිය

පරිණාමවාදය “පරිණාමවාදය තර්කානුකූලද?” (2000 ජූනි 8) යන ලිපිය පරිණාමවාදය ගැන යම් සුබවාදී සාකච්ඡාවකට බාධාවක්. ‘මිනිසාට තවමත් තේරුම්ගැනීමට නොහැකි වී තිබෙන මෙවන් සංකීර්ණ නිෂ්පාදන ශිල්ප ක්‍රමයක් මකුළුවා විසින්ම ක්‍රමානුකූලව දියුණු කරගත් බව සිතාගැනීමටත් හැකිද’ කියා එම ලිපියෙහි සඳහන් වී තිබුණා. විද්‍යාඥයන් හැම දෙයක් ගැනම දැනුම රැස් කරගෙන නැති නිසා ඔවුන්ට තවම පැහැදිලි කර දෙන්න බැරි දේවල් තියෙනවා. ඒ නිසා එහෙම තර්ක කිරීම තර්කානුකූල නැහැ.

සී. ඩබ්., ඕස්ට්‍රේලියාව

මකුළුවෙකු විසින් සිල්ක් නිෂ්පාදනය කිරීම සිතාගත නොහැකි විස්මිත ක්‍රියාවලියක්. විද්‍යාඥයන්ට දශක ගණනාවක් පුරා පර්යේෂණ කළ පසුවත් මෙය තේරුම්ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒත් ඔවුන් තරයේ කියා සිටින්නේ, එය පරිණාමයේ මහිමයක් කියායි. මෙම නිදසුන මෙන්ම වෙනත් බොහෝ නිදසුන් මාර්ගයෙන් පරිණාමවාදය කොතරම් තර්කානුකූල නොවන එකක්ද කියා පැහැදිලි වෙනවා. එවැනි නියමයක් පිළිගැනීම මගින් සිදු වන්නේ විද්‍යාවට වඩා අන්ධ විශ්වාසයන්ට ඇලී සිටීමක්.—සංස්.

පරිණාමවාදයේ තර්කය බිඳ දමන එක් කරුණක් ගැන කවදාවත්ම මට කියවන්න ලැබිලා නැහැ. ඒ කරුණ තමයි, අපේ මුතුන් මිත්තන් (ඔවුන් හිටිය තත්වය කුමක් වුණත්) කොහොමද ගැහැනු පිරිමි හැටියට බෙදුණේ කියන එක. මේක සිද්ධ වුණේ අවුරුදු මිලියන ගණනකට කලින් නිසා පැහැදිලි කරන්න අමාරුයි කියලා පවසනවා. මේ ගැන ටිකක් හිතන්න. ගැහැනියෙක් කවදා හරි ටිකෙන් ටික ගැබිණියක් බවට පත් වෙලා තියෙනවාද?

එච්. ආර්., එක්සත් ජනපදය

අපේ පාඨකයා හොඳ තර්කයක් ඉදිරිපත් කරන බව පැවසිය යුතුයි. අපගේ 1997 මැයි 8 කලාපයේ “පරිණාමයේ අත්තිවාරම නැති වෙලාද?” යන ලිපියෙහි අප මෙසේ සඳහන් කළා. ‘අලුත් විශේෂයේ අඛණ්ඩ පැවැත්ම සඳහා, එකම අවස්ථාවේදී පිරිමි සහ ගැහැනු සතෙක් අහම්බෙන් වගේ පරිණාමය මගින් බිහි වූ බව විශ්වාස කරන්න එය අපෙන් අපේක්ෂා කරනවා. පිරිමි සහ ගැහැනු සතා එකම කාලයේදී පමණක් නොව, එකම ස්ථානයේදී පරිණාමය වුණා කියලා විශ්වාස කරන්නත් එය අපෙන් අපේක්ෂා කරන එක, මෙය විය නොහැකි දෙයක් බවට තවදුරටත් සනාථ කරනවා! හමුවීමක් නැත්නම්, ජනිත වීමක් නැහැ!’—සංස්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න