ඔබ දන්නවාද?
(මෙහි සඳහන් කර ඇති බයිබල් පදවලින් පහත දක්වා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකි අතර, පිළිතුරු පිටු අංක 19හි සපයා ඇත. අමතර කරුණු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන “ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය” [ඉංග්‍රීසියෙන්, it] නමැති පොත බලන්න.)
1. බැත්-ෂෙබා සමඟ කළ පාපය වසාගැනීම සඳහා දාවිත් අවසන් උපක්‍රමය වශයෙන් යොදාගත්තේ කුමක්ද? (2 සාමුවෙල් 11:15-17) සටනේදී උරියාව මැරෙන්න සැලැස්වීම
2. මුල් ස්ත්‍රියව සෑදුවේ කුමකින්ද? (උත්පත්ති 2:22) ආදම්ගෙන් ගත් ඉළ ඇටයකින්
3. “ධර්මිෂ්ඨකමේ මාර්ගය” අත්හැර යන අය විසින් ගනු ලබන ක්‍රියා මාර්ගය යම් සතුන් වර්ග දෙකක් විසින් කරන ක්‍රියාවක් සමඟ පාවුල් සංසන්දනය කළේය. ඒ සතුන් වර්ග දෙක කුමක්ද? (2 පේතෘස් 2:21, 22) බල්ලා සහ ඌරා
4. “[යෙහෝවාගේ] නාමය” නිකරුණේ භාවිත කිරීමට පටන්ගත්තේ කාගේ දවස්වල සිටද? (උත්පත්ති 4:26) ඒනොෂ්ගේ දවස්වල සිට
5. ඉශ්‍රායෙල්හි පළමුවන රජු කවුද? ඔහුගේ පියාගේ නම කුමක්ද? (ක්‍රියා 13:21) සාවුල්, කීෂ්
6. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කිරීම සඳහා අඩුම තරමින් සාක්ෂිකරුවන් කීදෙනෙකුගේවත් සාක්ෂි අවශ්‍ය වූවාද? (ද්විතීය කථාව 17:6) දෙදෙනෙකුගේවත්
7. “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු පවුල් තමන්ගේ නම වෙනුවෙන් ණයගැතියි” කියා පැවසූ අවස්ථාවේදී පාවුල් සඳහන් කළේ කා ගැනද? (එපීස 3:14, 15, NW) ‘පියා’ වන යෙහෝවා දෙවි ගැන
8. ලාමෙක්ගේ පුතුන් වූ යාබල් හා යූබාල් ප්‍රසිද්ධව සිටියේ කුමකටද? (උත්පත්ති 4:20, 21) යාබල් අහිකුණ්ඨක ගොපල්ලන්ගේ පියා වන අතර, යූබාල් සංගීත භාණ්ඩ වාදනය කරන්නන්ගේ පියා වේ
9. යාකොබ් සහ පේතෘස් සහතික කොට පැවසුවාක් මෙන් දෙවිගේ “මහත් කරුණාව [NW]” ලබන්නේ කවුද? (යාකොබ් 4:6; 1 පේතෘස් 5:5) ‘යටහත් අය’
10. පාවුල් කුම්භකාරයා සහ ඔහුගේ අතේ තිබෙන මැටි පිළිබඳ උපහැරණය භාවිත කළ අවස්ථාවේදී, දුෂ්ටයන්ව හා ධර්මිෂ්ඨයන්ව හැඳින්වීම සඳහා යොදාගත් ප්‍රකාශයන් දෙක කවරේද? (රෝම 9:22-24) “උදහසේ භාජන” හා “දයාවේ භාජන”
11. පාවුල් අභියාචනයක් ඉදිරිපත් කළ කායිසර් කවුද? (ක්‍රියා 25:11, 21) නීරෝ
12. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, සතෙකුව පවිත්‍රයි කියාද ආහාරයට සුදුසුයි කියාද වර්ග කිරීමට පදනම් වූ ලක්ෂණ දෙක කුමක්ද? (ලෙවී කථාව 11:2, 3) වමාරා කෑම හා කුරය දෙකට බෙදී තිබීම
13. හෙබ්‍රෙව් හෝඩියේ මුල් අකුර කුමක්ද? (ගීතාවලිය 119, ඉහළින් ලියා තිබෙන අකුර) ආලෙෆ්
14. යෙහෝවාට සේවය කරන ශුද්ධ ජාතියක් වශයෙන් වෙනත් අයගෙන් වෙන් කර හඳුනාගැනීම සඳහා ඉශ්‍රායෙල්වරුන් විසින් අඳින ලද වස්ත්‍රවල වාටියේ කුමක් තිබිය යුතු වූවාද? (ගණන් කථාව 15:38-41) වාටියේ දාවල්ල පිට නිල් පටියක් ඇල්ලිය යුතු විය
15. යෙහෝවා දුන් මඟ පෙන්වීමට අනුව කටයුතු කරමින් ආබ්‍රහම් කානාන් දේශය බලා යාමට පිටත් වුණේ කුමන නගරයේ සිටද? (උත්පත්ති 15:7) කල්දිවරුන්ට අයත් වූ ඌර් නගරයේ සිට
16. ස්ත්‍රියක් යේසුස්ගේ පාද සිඹිමින් සුවඳ තෙල් ආලේප කළ අවස්ථාවේදී, ඵරිසිවරයෙකු වූ සිමියොන් ඊට තම අකමැත්ත ප්‍රකාශ කළේ ඇයි? (ලූක් 7:37-39) ඇය දුරාචාර ජීවිතයක් ගත කළ පව්කාර ස්ත්‍රියක් ලෙස ප්‍රසිද්ධව සිටියාය. එහෙත් තමාට අතගැසීමට යේසුස් ඇයට ඉඩහැරියේය