ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g02 8/8 18 පි.
  • මකුළු දැල ඇතුලේ කොළයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මකුළු දැල ඇතුලේ කොළයක්!
  • 2002 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • කුහුඹු වෙස් ගන්නා මකුළුවෙක්
    2002 පිබිදෙව්!
  • පනින මකුළුවාගේ බොඳ වූ පෙනීම
    2013 පිබිදෙව්!
  • අලවන්නත් පහසුයි ගලවන්නත් පහසුයි
    2014 පිබිදෙව්!
  • දිය නොරැඳෙයි නෙළුම් කොළේ
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2002 පිබිදෙව්!
g02 8/8 18 පි.

මකුළු දැල ඇතුලේ කොළයක්!

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසිනි

වියළි මෙන්ම දිග නොඇරෙන සේ රෝල් වී තියෙන කොළය ඔබට පේනවාද? බලන්න ඒක එල්ලෙන්නේ මකුළු දැල ඇතුලෙයි. බැලූ බැල්මට මේ කොළය හුළඟට පාවී ඇවිත් මකුළු දැලේ රැඳෙන්න ඇති කියා එකපාරටම සිතෙන්න පුළුවන්. නමුත් ඒ කොළයේ ඊට වඩා වැඩි විශේෂත්වයක් තිබෙනවා.

ඔබ මේ දකින්නේ කොළ රෝල් කරන මකුළුවාගේ අද්විතීය නිවහනයි. ඌ ඇත්තෙන්ම පුදුම සතෙක්. තම නිවස තනද්දී, කොළයක් රෝල් කර, එහි ඇතුල් ස්තරය සිල්ක් තන්තුවලින් ආවරණය කරන්නේ මේ මකුළුවා පමණයි. දැල වියන්නත් ඌ යොදාගන්නේ එම ද්‍රව්‍යමයි. ඒත් අහම්බෙන් මකුළු දැලට පාවී එන කොළයක්මද මකුළුවා භාවිත කරන්නේ? ඒ වගෙයි පේන්න තියෙන්නේ. නමුත් කිට්ටුවෙන් පරීක්ෂා කර බලද්දී පැහැදිලි වෙනවා ස්ථිරසාර සැලසුමක් තිබෙන බව. මකුළුවා පරෙස්සමින් තෝරාගන්නේ සමහරවිට පොළොවේ වැටී තිබෙන කොළවලින් එකක් වෙන්න පුළුවන්. දඟරයක් වන සේ කොළය රෝල් කළාට පස්සේ එය නැවතත් දිග නොඇරීමට සිල්ක් තන්තුවලින් එය ශක්තිමත් කරයි.

කොහොමවුණත්, මේ මකුළුවන් ගස්වල කොළවලින් විතරක් නොවෙයි නිවෙස් තනන්නේ. නගරබද පිළිකන්නවල්වල අහක දමා තිබෙන පත්තර කෑලි, සැහැල්ලු කාඩ්බෝඩ් හෝ විසි කරන ලද ටිකට් පත් වැනි දෑත් ඌ භාවිත කරනවා. පුදුම දෙයක් වන්නේ, උන් හිස් ගොළුබෙලි කටු පවා තෝරාගැනීමට ඉඩ කඩ තිබීමයි. එවන් අවස්ථාවකදී මකුළුවා, තමා මෙන් හය ගුණයක් බර කටුව තම දැල වෙත ඇදගෙන ගොස් එහි ජීවත් වෙයි!

දැන් අපි සැරසෙන්නේ අපේ මකුළුවා උගේ නිවහනේ සිටිනවාද කියා සෝදිසි කර බැලීමටයි. අපි හෙමින් සීරුවේ කොළයට තට්ටු කර බලමු. ඔය ඉන්නේ! ඔබට පේනවාද? පුංචි වෛවර්ණ මකුළුවා කොළයෙන් පිට වී සිල්ක් තන්තුවක් දිගේ බිමට බසිනවා. භය වෙන්න එපා! අපිට හානියක් වෙන්නේ නැහැ. සමහරවිට ඔබ ඌට කරදර කළොත් ඔබේ ඇඟිල්ල යන්තම් විකන්න ඉඩ තිබෙන නමුත් මේ මකුළු වර්ගයෙන් මිනිසාට හානියක් සිදු නොවෙයි.

කොළ රෝල් කරන මකුළුවා සාමාන්‍යයෙන් දිවා භාගයේදී විවේකීව තම කොළ නිවසේ වෙසෙයි. එනමුත් රාත්‍රියේදී බොහෝ කෘමීන් එහා මෙහා සැරිසරන නිසා ඌ තම කොළයේ දොරටුව අසල වකුටු වී ඉන්නා සැටි ඔබට දැකගන්න පුළුවන් වේවි. එම දෘෂ්ටිකෝණයෙන් බලන කල, ඌ බොහොම පරෙස්සමින් නිරීක්ෂණය කරමින් එක් පාදයක් ‘විදුලි රැහැනක්’ මත තබාගෙන සිටියි. එය කොළයේ සිට දැලේ කේන්ද්‍රය දක්වා දිවෙන විශේෂ සිල්ක් නූලක්. යම් හෙයකින් වෙනත් කෘමියෙක් දැලට පහරක් ගැසුවොත් මකුළුවා වහාම ඌ වෙතට ගොස්, ඌව මෙල්ල කර කා දමයි.

මේ අතිදක්ෂ පුංචි ගොඩනැඟිලිකරුවා ඕස්ට්‍රේලියානු කැලෑවේ වෙසෙන බොහෝ අපූරු සත්වයන්ගෙන් එකෙක් පමණයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න