ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g02 9/8 15 පි.
  • අංක ඔබේ ජීවිතයට බලපානවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අංක ඔබේ ජීවිතයට බලපානවාද?
  • 2002 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඔබ මඟ පෙන්වීම පතා අංක දෙස බැලිය යුතුද?
    2002 පිබිදෙව්!
  • අංකවල ආකර්ෂණය
    2002 පිබිදෙව්!
  • බයිබලයේ සඳහන් අංකවලට අර්ථයක් තියෙනවාද? අංකවලින් සාස්තර කියන එක බයිබලයේ අනුමත කරලා තියෙනවාද?
    බයිබලයෙන් උත්තර
  • B14-B මුදල් සහ බර මනින ඒකක
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
තව තොරතුරු
2002 පිබිදෙව්!
g02 9/8 15 පි.

අංක ඔබේ ජීවිතයට බලපානවාද?

අංකවල සැඟවුණු අරුත් තිබේද? “ඔව්, ඇත්තෙන්ම තිබෙනවා!” කියා පවසමින් සමහරු එයට හොඳ නිදසුනක් හැටියට 2001 සැප්තැම්බර් 11වනදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගෙනහැර දක්වති.

“ඒ ගැන මට දැනගන්න ලැබුණු වේලාවේදී මම බැලුවා දිනය මොකක්ද කියලා. ඒ දිනය තමයි 2001-9-11” කියා සංඛ්‍යා ශාස්ත්‍රඥයෙක් පැවසුවේය. සංඛ්‍යා ශාස්ත්‍රඥයන් විසින් සාමාන්‍යයෙන් අංක 11 සලකනු ලබන්නේ යමක් සිදුවීමේ හැකියාව වැඩි “සුවිශේෂ” අංකවලින් එකක් ලෙසයි. එමනිසා සංඛ්‍යා ශාස්ත්‍රය ගැන අධික උනන්දුවක් දක්වන්නන් “සුවිශේෂ අංකයක්” වන 11 දක්වන දිනයේදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හා සම්බන්ධ විවිධ දේවල් ඇතුළත් ලැයිස්තුවක් පිළියෙළ කර ඇත. මෙහි දැක්වෙන්නේ ඔවුන් සොයාගත් දේවලින් බිඳක් පමණයි.

▪ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ දිනය 9/11. . . . 9 + 1 + 1 = 11.

▪ සැප්තැම්බර් 11 එම වසරේ 254වන දවස විය. . . . 2 + 5 + 4 = 11.

▪ උතුරු කුලුනට පහර දුන් ගුවන් යානයේ අංකය වූයේ 11ය.

▪ එම ගුවන් යානයේ සිටි මඟීන් පිරිස 92කි. . . . 9 + 2 = 11.

▪ දකුණු කුලුනට පහර දුන් ගුවන් යානයේ සිටි මඟීන් ගණන 65කි. . . . 6 + 5 = 11.

▪ නිවුන් කුලුනු අංක 11ට සමානකමක් දක්වයි.

▪ “New York City” යන ඉංග්‍රීසි නමට තිබෙන අකුරු ගණන 11කි.

සංඛ්‍යා ශාස්ත්‍රයේදී ඉලක්කම්වලට සහ ඒවා එකිනෙකට සම්බන්ධ වන ආකාරයට මෙන්ම ඒවායේ එකතූන්වලට විශේෂ වැදගත්කමක් දෙනු ලැබේ. මෙය අප්‍රිකා, ආසියා හා අමෙරිකා මහාද්වීපවල පුළුල් ලෙස පැතිරී පවතී. මේ තරම් විශාල ජන පිරිසක් මෙයට ඇදී යන්නේ මන්ද? සංඛ්‍යා ශාස්ත්‍රයේ එක් ජනප්‍රිය අංගයක් වන්නේ නම්වල සඳහන් අක්ෂරවල අන්තර්ගත ගුප්ත අර්ථය අනාවරණය කරගැනීමයි. එක් වෙබ් අඩවියක සඳහන් වන පරිදි මෙම ක්‍රමය මගින් “පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය, ස්වභාවය, ගුණාංග හා අඩුපාඩුකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාගත හැකියි.” එම මූලාශ්‍රයේම සඳහන් වන ආකාරයට අපේ “උපන් දිනය [අධ්‍යයනය කිරීම] මගින් අපේ ජීවිත ගමනේදී අද්දකින සැප, දුක හා සතුට කලින් දැනගත හැකියි.”

එම ප්‍රකාශයන්වල සත්‍යයක් තිබේද? අංක යොදාගනිමින් කරනු ලබන මෙම අද්භූත අධ්‍යයනයේ සැඟවුණු අනතුරු තිබිය හැකිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න