ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g03 1/8 3-4 පි.
  • මතභේදය ඉස්මතු වූ සැටි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මතභේදය ඉස්මතු වූ සැටි
  • 2003 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ගැටුම උත්සන්න වූ ආකාරය
  • ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කතා කිරීමේ නිදහසට පක්ෂව තීන්දුවක්
    2003 පිබිදෙව්!
  • ජයගත යුතු මුල්ම කඩුල්ල—ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියෙහි වාචිකව තර්ක ඉදිරිපත් කිරීම
    2003 පිබිදෙව්!
  • ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් අධිකරණයේ පෙනී සිටියි
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය භාරගනී
    2003 පිබිදෙව්!
තව තොරතුරු
2003 පිබිදෙව්!
g03 1/8 3-4 පි.

මතභේදය ඉස්මතු වූ සැටි

අමෙරිකා එක්සත් ජනපදයේ ඔහයෝහි ස්ට්‍රැටන් යනු ඔහයෝ සහ බටහිර වර්ජිනියා ජනපදවල මායිම වන ඔහයෝ ගඟ අසබඩ පිහිටි කුඩා ප්‍රජාවකි. එය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ගමක් ලෙසය. එමෙන්ම එහි නගරාධිපතිවරයෙක්ද සිටියි. තුන්සියයකට අඩු පිරිසකගෙන් සෑදුණු මෙම කුඩා ප්‍රජාව 1999දී ක්ෂණයකින් මතභේදයකට මැදි විය. එවන් දෙයක් සිදු වූයේ තම බයිබල් පණිවිඩය රැගෙන ගම්වාසීන්ගේ නිවෙස්වලට යෑමට පෙර අවසර පත්‍රයක් ලබාගත යුතු බව එම ගමේ බලධාරීන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හා වෙනත් අයටද බල කර සිටි විටය.

මෙය සාකච්ඡාවට භාජන කළ යුතු විෂයක් වන්නේ මන්ද? අපගේ මෙම වාර්තාව කියවාගෙන යද්දී ආණ්ඩුව විසින් පනවන ලද මෙවැනි ආඥා පනතක් මගින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පමණක් නොව එක්සත් ජනපදයේ වෙසෙන සියලුදෙනාගේම කතා කිරීමේ නිදහස හා සම්බන්ධ අයිතිවාසිකම් සීමා කරනු ලබන බව ඔබට දැකගත හැකි වේ.

ගැටුම උත්සන්න වූ ආකාරය

ළඟපාතක පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වෙල්ස්විල් සභාවේ දේවසේවකයන් වසර ගණනාවක් පුරා ස්ට්‍රැටන් ගම්මානයේ වැසියන් වෙතට ගොස් තම පණිවිඩය ප්‍රකාශ කර තිබිණ. වර්ෂ 1979 පටන් මෙසේ ගෙයින් ගෙට ගොස් කරන සේවය සම්බන්ධයෙන් ගමේ බලධාරීන් අතළොස්සකගෙන් ඔවුන්ට යම් ප්‍රශ්න ගැටලුද ඇති වී තිබිණ. එක්දහස් නවසිය අනූගණන්වල මුල් භාගයේදී, ගමේ පොලිස් නිලධාරියෙක් සාක්ෂිකරුවන් කණ්ඩායමක් ගමෙන් පන්නා දමමින් මෙසේ පැවසීය. “ඔයගොල්ලන්ගේ අයිතිවාසිකම් ගැන මට කියන්න එන්න එපා.”

මෙම ප්‍රශ්නය ඔඩු දුවන්නට පටන්ගත්තේ 1998දීය. එම අවස්ථාවේදී ස්ට්‍රැටන්හි නගරාධිපතිම පෞද්ගලිකව ගොස් යෙහෝවාගේ සාක්ෂිකාරියන් හතරදෙනෙකුව මුණගැසීය. ඔවුන්ව මුණගැසුණේ බයිබලය මත පදනම් සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කළ ගම්වාසීන් කිහිපදෙනෙකු සමඟ කතා කිරීමෙන් අනතුරුව ඔවුන් ගමෙන් පිටත්ව යමින් සිටියදීය. එතැන සිටි ස්ත්‍රීන්ගෙන් එක් අයෙකු පැවසුවේ ඔවුන් පුරුෂයන්ව සිටියා නම්, ඔවුන්වත් සිරභාරයට ගනු ලබන බවට නගරාධිපති කියා සිටි බවය.

මෙම අලුත් ගැටුමට තුඩු දුන්නේ ගමේ නිකුත් වූ ආඥා පනතකි. “ආරාධනයක් නොමැතිව පෞද්ගලික දේපොළකට ඇතුල් වී තොරොම්බල්කාරයෙකු මෙන් බඩු විකිණීම සහ යම් අනුග්‍රහයක් ලබාගැනීමට තැත් කිරීම පාලනය කිරීමේ” අරමුණෙන් එය සම්මත කර තිබූ අතර, ඒ හේතුවෙන් ගෙයින් ගෙට ගොස් කරන යම් වැඩක නිරත වූ ඕනෑම කෙනෙකුට ඒ සඳහා කලින්ම ගාස්තුවක් නොගෙවා නගරාධිපතිගෙන් අවසර පත්‍රයක් ලබාගත යුතු විය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙම ආඥා පනත සැලකුවේ කතා කිරීමේ නිදහස, ආගමක් ඇදහීමට තිබෙන නිදහස සහ තොරතුරු දැනුම් දීමේ නිදහස උල්ලංගනය කිරීමක් ලෙසය. එමනිසා මෙම ආඥා පනත ක්‍රියාත්මක කළ ආකාරය සකස් කරන මෙන් ඉල්ලා සිටි විට ගමේ බලධාරීන් එය ප්‍රතික්ෂේප කළ විට ඔවුහු ෆෙඩරල් උසාවියට ගොස් සිවිල් නඩුවක් දැමූහ.

වර්ෂ 1999 ජූලි 27වන දින දකුණු ඔහයෝ ප්‍රාන්තයේ එ.ජ. දිසා අධිකරණ විනිසුරු ඉදිරියෙහි නඩු විභාගයක් පවත්වන ලදි. ගමේ ආඥා පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟ බව හෙතෙම තීන්දු කළේය. ඉන් අනතුරුව 2001 පෙබරවාරි 20වන දින හයවන චාරිකාවට අයත් එ.ජ. ඇපැල් අධිකරණයෙහි එම ආඥා පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟ බවට ගත් තීන්දුව නිවැරදි බව දන්වන ලදි.

ඉස්මතු කරන ලද ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝක් හා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වෙල්ස්විල් සභාව එ.ජ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුව පුනරීක්ෂණය කරන ලෙසටය.

[3වන පිටුවේ සිතියම⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

ලොස් ඇන්ජලිස්

නිව් යෝක්

ඔහයෝ

ස්ට්‍රැටන්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න