ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g03 6/8 19 පි.
  • සාරධර්ම වෙනස් වීමට හේතු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාරධර්ම වෙනස් වීමට හේතු
  • 2003 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සාරධර්ම පිරිහෙමින් පවතීද?
    2003 පිබිදෙව්!
  • සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න
    2019 පිබිදෙව්!
  • 7 සාරධර්ම උගන්වන්න
    2018 පිබිදෙව්!
  • දිව්‍ය සාරධර්ම ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්
    2003 පිබිදෙව්!
තව තොරතුරු
2003 පිබිදෙව්!
g03 6/8 19 පි.

සාරධර්ම වෙනස් වීමට හේතු

“ජීවිතයේ වැදගත්ම දේ කුමක්ද?”

රටවල් 60ක විසූ 50,000දෙනෙකුට එම ප්‍රශ්නය යොමු කරනු ලැබුවා. ගැලප් සමීක්ෂණය පැවැත්වූවන් වාර්තා කරන්නේ “ප්‍රීතිමත් පවුල් ජීවිතයක්” ගත කිරීම සහ “හොඳ සෞඛ්‍යයක්” ඇතුව සිටීම ලොවේ දසත වෙසෙන්නන්ගෙන් වැඩිදෙනෙකුගේ ආශාව වූ බවයි.

ලොව වටා සිටින සියලුම ජනයාට එක සමාන උසස් සාරධර්ම මාලාවක් තිබෙන බව බැලූ බැල්මට පෙනෙන්න තිබෙයි. එහෙත්, තත්වය හිතන තරම් සතුටුදායක එකක් නම් නෙවෙයි. අතීතයේදී, ජනයාගේ සාරධර්ම පදනම්ව තිබුණේ සම්ප්‍රදායානුකූලව ගොඩනැඟී තිබෙන ආගමික හා සදාචාර ප්‍රමිති මතයි. කෙසේවුවත්, ශීඝ්‍රයෙන් දේවල් වෙනස් වෙමින් පවතියි. මාරිසා ෆේරාරි ඕක්යෝනේරෝ නම් පර්යේෂිකාව ඉතාලිය සම්බන්ධයෙන් මෙසේ පවසයි. “යෞවනයන් සාරධර්ම විදහාපාන්නේ දෙමාපිය, සාම්ප්‍රදායික හා ආගමික බලපෑම්වලින් එන්න එන්නම ඈත් වෙමිනුයි.” ලොව පුරා සිටින බාල මහලු සැම පිළිබඳවද එයම පැවසිය හැකියි.

ලෝක සාරධර්ම සමීක්ෂණය ලෙසින් නම් කෙරුණු පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රධාන සංවිධායකයා වූ මහාචාර්ය රොනල්ඩ් ඉංගල්හාට් මෙසේ පවසයි. “ලැබෙමින් තිබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ ලෝක දෘෂ්ටීන්වල සෑහෙන වෙනස් වීමක් සිදු වෙමින් පවතින බවයි.” එවැනි වෙනස් වීම් සිදුවීමට හේතු වන්නේ කුමක්ද? ඉංගල්හාට් මෙසේ ප්‍රකාශ කරයි. “සිදු වී ඇති ආර්ථික හා තාක්ෂණික වෙනස් වීම් මෙම වෙනස් වීම්වලට බලපා තිබෙනවා.”

උදාහරණයක් වශයෙන්, සමෘද්ධිමත් රටවල ජීවිතයේ වැදගත්ම දේවල් ලෙස සැලකූ ඒවා ලැයිස්තුගත කළ විට, රැකියාවට ලැබුණේ “සෑහෙන පහළ අගයක්” බව ගැලප් සමීක්ෂණයෙන් හෙළි කරනු ලැබුවා. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවල රැකියාව ලැයිස්තුවේ ඉහළින්ම තිබුණා! ඔව්, ජනයා දිලිඳුව සිටින විට ජීවිතය කෙසේ හෝ ගැටගසාගැනීම ඔවුන්ගේ ජීවිතයේ ප්‍රමුඛ තැනක් ගන්නවා. ආර්ථික වශයෙන් රටවල් සංවර්ධනය වන විට ජනයා මූලික අවධානයක් දෙන්නේ සෞඛ්‍යයට, ප්‍රීතිමත් පවුල් ජීවිතයට හා තමන්ට රිසි දේ කිරීමෙන් තෘප්තියක් ලැබීම වැනි දේවලටයි.

තාක්ෂණ විද්‍යාවේ දියුණුව නිසා අලුතෙන් ඇති වන මෙම සාරධර්ම, සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑමක් කරන බව නිසැකයි. ද ෆියුචරිස්ට් නම් සඟරාව මෙසේ අදහස් දක්වයි. “අපේ විශ්වාසයන් හා සාරධර්ම හැඩගැසෙන්නේ අප දකින හා අසන දේ මගිනුයි.” යෝධ ජනමාධ්‍යය මගින් බටහිර සාරධර්මවලට අතිවිශාල බලපෑමක් කර තිබෙනවා. ද ෆියුචරිස්ට් පවසන්නේ “මෙම ජනමාධ්‍යය අස්සක් මුල්ලක් නෑර මුළු ලෝකයටම බලපෑම් කරනවා” කියායි.

එබැවින් අප දකින්නේ ආකල්ප හා හැසිරීමෙහි කුමන වෙනස් වීම්ද? මෙම වෙනස් වන සාරධර්ම ඔබට හා ඔබේ පවුලට බලපාන්නේ කෙසේද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න