ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g03 6/8 31 පි.
  • ඉදිරියට ඇදී යන හමුදාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉදිරියට ඇදී යන හමුදාවක්!
  • 2003 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • තදබදයක් නැතුව ගමන් කරන කුහුඹුවන්
    නිර්මාණයක්ද?
  • දිව පිනවන පැණි ගබඩාවක්
    2011 පිබිදෙව්!
  • කෘමි ලෝකයේ නිපුණ කසළ ශෝධකයෝ
    2002 පිබිදෙව්!
  • කදිම පුංචි ගෘහ සේවකයෝ
    1994 පිබිදෙව්!
තව තොරතුරු
2003 පිබිදෙව්!
g03 6/8 31 පි.

ඉදිරියට ඇදී යන හමුදාවක්!

“අප ජීවත් වන්නේ සංවර්ධනය වෙමින් තිබෙන බෙලීසියන්හී ගම්මානයකයි. හතර වටේට ගස්කොළන්. එක දවසක් උදෑසන නමයට විතර අපේ නිවස හමුදාවක් විසින් වැටලුවා. ඒ කුහුඹු හමුදාවක්. කුහුඹුවන් වැලි වගේ දොර යටින් ඇවිල්ලා, ගොදුරු හොයාගෙන ගෙයි අහු මුලුවලට රිංගුවා. කුහුඹුවන් උන්ගේ සෝදිසි මෙහෙවර අවසන් කරන කල් පැයකට හෝ දෙකකට නිවසින් පිටතට යනවා මිසක් වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. අපි ආපසු එනකොට මේ කුහුඹුවන් ගෙයි හිටිය කෘමී සතුන් ඔක්කොම ටික කාලා ගිහිල්ලා.”

බෙලීස් වැනි නිවර්තන රටවල්වල ජීවත් වන බොහෝදෙනෙකුට මෙවන් දේ සාමාන්‍යයි. ඒ වගේම එය අප්‍රසන්න දෙයක්ද නොවෙයි. මෙය නිවෙස්වල සිටින කැරපොත්තන් හා අනෙකුත් හානිකර කෘමීන් පළවාහැරීමේ ක්‍රමයක්. එයින් ගේ අපිළිවෙළ වන්නෙත් නැහැ.

අප මෙහි කතා කරන කුහුඹුවන් හමුදා බල ඇණියකට හුරු ජීවන රටාවක් ගත කරන නිසා උන්ව හඳුන්වන්නේ හමුදා කුහුඹුවන් ලෙසයි.a මෙම තැනින් තැන යන දහස් ගණනින් යුත් හමුදා කුහුඹුවන් ගුල් හාරන්නේ නැහැ. ඒ වෙනුවට කුහුඹුවන් විශාල සංඛ්‍යාවක් තම පා එකිනෙකට යා කරමින් උන්ගේ කුහුඹු රැජින හා ඇගේ පැටවුන් වටා ජීවමාන තිරයක් ලෙසින් තාවකාලික කඳවුරක් බඳිනවා. ඉන්පසු ආහාර වශයෙන් කටුස්සන් වැනි කුඩා සතුන් සොයාගැනීම සඳහා එම කඳවුරේ සිට ප්‍රහාරක භට පිරිස් පේළි පේළි වශයෙන් පිටත් කර යවනවා. ගොදුර ඩැහැගැනීම සඳහා මෙම ප්‍රහාරක භට පිරිසේ හමුදාපතීන් පැති ප්‍රහාර දියත් කරයි. ගොදුර පිළිබඳ දැනෙන ඉව නැති වී ගිය විට පෙරමුණේ සිටින භටයින් ඉදිරියට ඇදී යෑම නවතා දමයි. නමුත් පසු පෙළේ සිටින භට පිරිස නොනවත්වාම ඉදිරියට ඇදී එන අතර, ඉදිරිපෙළ සහ පසුපෙළ එක පොදියට එක් වෙයි. පෙර කී ලෙස පැති ප්‍රහාර දියත් කරනු ලබන්නේ එවිටයි.

හමුදා කුහුඹුවන් ක්‍රියාත්මක වන්නේ දින 36කට වරක්. දින 16ක් පුරා ආක්‍රමණයන් දියත් කරන අතර ඉතුරු දින 20 පුරා කුහුඹු රැජින බිත්තර දමනවා. කුහුඹු රැළට කුසගිනි දැනෙන විට නැවත ගමනේ යනවා. ඔවුන් පේළි වශයෙන් ගමන් කරන විට එක පේළියක පළල මීටර 10ක් පමණ වෙනවා. උන් යන දෙපස පලායමින් සිටින මකුළුවන්, දිවිමකුළුවන්, කුරුමිනියන්, ගෙම්බන් සහ කටුස්සන්ව ගොදුරු කරගැනීමට කුරුල්ලන් පැමිණෙනවා. කුරුල්ලන් මෙම කෘමීන්ව ඩැහැගන්නවා මිසක උන්ගෙන් කුහුඹුවන්ට නම් අනතුරක් නැහැ.

හිතෝපදේශ 30:24, 25හි [NW] “සහජයෙන්ම නැණවත්” ලෙස විස්තර කර තිබෙන කුහුඹුවන් ඇත්තෙන්ම මවිතකර මැවිල්ලක්.

[පාදසටහන]

a මෙම ලිපියෙහි සාකච්ඡා කෙරෙන්නේ මධ්‍යම සහ දකුණු අමෙරිකාවේ සිටින එසිටන් ජීනස් කුහුඹුවන් පිළිබඳවයි.

[31වන පිටුවේ පින්තූරය]

හමුදා කුහුඹුවෝ

[හිමිකම් විස්තර]

© Frederick D. Atwood

[31වන පිටුවේ පින්තූරය]

තම පා එකට යා කරමින් පාලමක් තනමින්

[හිමිකම් විස්තර]

© Tim Brown/www.infiniteworld.org

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න