ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g05 12/8 16 පි.
  • ඔබ දන්නවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දන්නවාද?
  • 2005 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඔබ දන්නවාද?
    2000 පිබිදෙව්!
  • ඔබ දන්නවාද?
    2003 පිබිදෙව්!
2005 පිබිදෙව්!
g05 12/8 16 පි.

ඔබ දන්නවාද?

(පහත දක්වා ඇති ප්‍රශ්නවලට එහි සඳහන් කර ඇති බයිබල් පදවලින් පිළිතුරු සොයාගත හැකි අතර සියලුම පිළිතුරු ඇතුළත් ලැයිස්තුවක් පහත සඳහන් වේ. අමතර තොරතුරු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද “ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය” නමැති පොත බලන්න. [it, සිංහලෙන් නැත])

1. හිත්තීය එඵ්‍රොන්ගෙන් මක්පේලාහි ගුහාව සොහොන් භූමියක් කොට මිලේට ගත්තේ කවුද? එහි කීදෙනෙකුව තැන්පත් කළාද? (උත්පත්ති 49:30-33; 50:13)

2. පිලිස්තියයන් සමඟ සටන් වැදීමට තමන් සමඟ නොඑන්න කියා දාවිත්ගේ මනුෂ්‍යයන් දාවිත්ට කිව්වේ ඇයි? (2 සාමුවෙල් 21:15-17)

3. සලමොන්ගේ ගීතිකාවේ පමණක් සඳහන් වන්නේ ප්‍රසන්න සුවඳක් ඇති කුමන පැළය ගැනද? (සලමොන්ගේ ගීතිකාව 1:14; 4:13; 7:11)

4. යෙහෝවා ගිඩියොන් මාර්ගයෙන් ඊශ්‍රායෙල් ගලවන බවට දුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා ගිඩියොන් යොදාගත්තේ කුමක්ද? (විනිශ්චයකාරයෝ 6:36-40)

5. සලමොන්ගේ දේවමාලිගාවේ මළුවේ පූජකයන්ට සේදීම සඳහා සාදා තිබුණ සුවිශාල පිත්තල භාජනය හඳුන්වන්නේ කුමන නමින්ද? (2 ලේකම් 4:6)

6. හෙබ්‍රෙව් ජාතිකයන් බර සහ මුදලේ වටිනාකම මැන්න විශාලතම ඒකක මොනවාද? (එස්රා 8:26)

7. දේවරාජ්‍යයේ උපත සමඟම ස්වර්ගයේ හටගත්තේ කුමක්ද? (එළිදරව් 12:7)

8. “ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වනවාට වඩා” ඔටුවෙකුට කුමක් තුළින් යෑම පහසුයි කියාද යේසුස් පැවසුවේ? (මතෙව් 19:24)

9. ලියන්නන් සහ පරිසිවරුන් බොරු ඉගැන්වීම් මාර්ගයෙන් සෙනඟව නොමඟ යැවූ විට යේසුස් ඔවුන්ව කවරෙකු ලෙසද හැඳින්වූයේ? (මතෙව් 15:14)

10. අෂූර්හි රජුගේ උපකාර පැතීමට තරම් ආහාස් රජුව භයගන්වමින් යුදයේ නගරයක් වන ඒලත්වලින් යුදෙව්වන්ව එළවා දැමුවේ කුමන රජද? (2 රාජාවලිය 16:6, 7)

11. දාවිත් රජුට ඉත්රෙයාම් නම් පුතාව බිහි කර දුන්නේ කුමන භාර්යාවද? (2 සාමුවෙල් 3:5)

12. තම සහෝදරයන් පසුපස ගොස් නැති වූ කුසලාන සොයාගෙන ඒමට දාවිත් සේවකයෙකුව යැවූ විට එය තිබුණේ කොහෙද? (උත්පත්ති 44:12)

13. දෙවි විසින් මරණයට පත් කළ මෙන්ම කාලෙබ්ගේ වංශයෙන් පැමිණි කුහක, නපුරු, බෙලියල්ගේ මනුෂ්‍යයෙකු වූ මෝඩ තැනැත්තා කවුද? (1 සාමුවෙල් 25:3, 17, 25, 36-38)

14. මෝවබ් දේශයේ 24,000කට මරු කැඳවූ වසංගතය නැවැත්වීම සඳහා පීනෙහාස් සිම්රී සහ කොස්බීට ඇන්නේ හෙබ්‍රෙව් ජාතිකයන් භාවිත කළ කුමන ආයුධයෙන්ද? (ගණන් කතාව 25:6-15)

15. ආගුර්ට නොතේරුණ, ඔහුව ඉතා පුදුමයට පත් කළ කාරණා හතර මොනවාද? (හිතෝපදේශ 30:18, 19)

16. තම දරුවන් කෙරෙහි දෙමාපියන්ට අධිකාරියක් තිබෙන බව සංකේතවත් කිරීමට බයිබලයේ යොදා තිබෙන්නේ කුමක්ද? (හිතෝපදේශ 29:15)

17. වල් පැළ ඉවත් කිරීමට ඊශ්‍රායෙලිතයන් යොදාගත්තේ කුමන ආයුධයද? (යෙසායා 7:25)

පිළිතුරු

1. ආබ්‍රහම්. හයදෙනෙක්: සාරා, ආබ්‍රහම්, ඊසාක්, රෙබෙකා, යාකොබ් සහ ලෙයා

2. ඔහු ක්ලාන්ත වූ නිසා හා පිලිස්තීය යෝධයෙක් වූ ඉෂ්බිබෙනොබ් අතින් මරණයට පත්වීමට ඉඩ තිබූ නිසා

3. මරතොණ්ඩි

4. ලොම් මිටියක්

5. “මුහුද”

6. තලෙන්තය

7. යුද්ධය

8. “ඉඳිකටුවක සිදුර”

9. “අන්ධ මඟ පෙන්වන්නෝ”

10. රෙශින්

11. එග්ලා

12. “බෙන්යමින්ගේ ගෝණියෙහි”

13. නාබල්

14. හෙල්ල

15. “අහසේ රාජාලියෙකුගේ මාර්ගය; පර්වතයක් පිට සර්පයෙකුගේ මාර්ගය; මුහුද මැද නැවේ මාර්ගය; කන්‍යාවක සමඟ පුරුෂයෙකුගේ මාර්ගය”

16. ඉපල

17. උදැල්ල

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න