ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/07 3 පි.
  • යෞවනයන් සහ අන්තර්ජාලය!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෞවනයන් සහ අන්තර්ජාලය!
  • 2007 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • දරුවා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඔබට කළ හැකි දේ
    2008 පිබිදෙව්!
  • ඔබේ දරුවා සහ අන්තර්ජාලය
    2008 පිබිදෙව්!
  • දරුවා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඔබ දැන සිටිය යුතු දේ
    2008 පිබිදෙව්!
  • උගුලට අසු නොවීමට යෞවනයන්ට උපකාර
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 3/07 3 පි.

යෞවනයන් සහ අන්තර්ජාලය!

ඔබේ දරුවා රාත්‍රි කාලයේදී තනිවම පාරේ ඇවිදිනවා කියා සිතන්න.

නැතහොත් ඔබට නොදන්වා ඔබේ නිවසේදීම සාදයක් පැවැත්වීමට සැලසුම් යොදනවා කියා සිතන්න.

එසේත් නැත්නම් ඔබේ නිවසට ඇතුල් වන දොරේ යතුරු කීපයක් කපා නන්නාඳුනන පුද්ගලයන්ට දෙනවා කියා සිතන්න.

ඔබේ දරුවා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඊට සමාන දේවල්ම සිදු විය හැකියි. “අන්තර්ජාලය හරහා මංමාවත්වල ගමන් කළ හැකියි. නානාප්‍රකාර පුද්ගලයන්ව හමුවීමට පුළුවන්. වෙබ් අඩවිවලට පිවිසීමෙන්, ක්ෂණික ඉලෙක්ට්‍රොනික පණිවුඩ යැවීමෙන් හා විශේෂ මාතෘකා යටතේ ඇති සංවාද කුටිවලට පිවිසීමෙන් ඔවුන්ව හමුවීමට හැකි” බව සයන්ස් නිව්ස් සඟරාව පවසනවා.

යෞවනයන් ඉතා ඉක්මනින්ම අන්තර්ජාලය භාවිතයට හුරු වුණා. වර්ෂ 2004දී එක්සත් ජනපදයේ වයස අවුරුදු 12ත් 17ත් අතර පසුවෙන සෑම දහදෙනෙකුගෙන්ම නවදෙනෙක්වත් එයට පිවිසී තිබෙනවා. අද එය නැති තැනක් නැති තරම්.

අන්තර්ජාලයෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙන බවට හුඟදෙනෙක් එකඟ වෙයි. ඒත් එහි අනතුරුදායක පැත්ත ගැනත් ඔවුන් දැන සිටිය යුතුයි. උදාහරණයකට, බොහෝ යෞවනයන් එය භාවිත කරන්නේ කාගෙවත් අධීක්ෂණයක් නැතුවයි. මෙය හරියට රාත්‍රියේදී පාරේ තනියෙන් ඇවිද ඇවිද ඉන්නවා වගේ දෙයක්. තවත් සමහරු ගෙදරට වැද්දගන්නේවත් නැති අයව අන්තර්ජාලය හරහා මිතුරන් කරගන්නවා.

එහි හානිය මොන තරම්දැයි නොදන්නා ඇතැම් යෞවනයන් තමන් ගැන හැම තොරතුරක් පමණක් නොව තමන්ගේ ඡායාරූපය පවා ඒ හරහා යවනවා. නිව් යෝර්ක්හි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂොං යෑන් පවසන්නේ මේ යෞවනයන් “දෙන තොරතුරු හුඟදෙනෙකුට විතරක් නෙවෙයි කාමාතුරයන්ටත් ලබාගන්න පුළුවන්” බවයි.

බොහෝ යෞවනයන් එය භාවිත කරන්නේ කුමක් ලබාගන්නද? මේ ලිපි පෙළෙන් ඒ ගැන විස්තර කෙරෙනවා. දරුවන් සොයන දේ සහ ඔවුන්ට අත්‍යවශ්‍ය දේ ගැනත්, සිදු විය හැකි හානි හා ඉන් වැළකිය හැකි ආකාරය ගැනත් අපි මෙහිදී කතා කරනවා. මේ අසීරු කාලවලදී දෙවිට විශ්වාසවන්තව සිටීමට වෑයමක් දරන ක්‍රිස්තියානි දරුවන්ටත් මෙම තොරතුරු උපකාරයක් වේවි.—2 තිමෝති 3:1-5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න