ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/08 26 පි.
  • පුංචි ඇසේ අරුමය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පුංචි ඇසේ අරුමය
  • 2008 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • “ඇසකට ඇසක්” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • නෙත් යුවළක මාහැඟි බලේ
    2012 පිබිදෙව්!
  • අරුම පුදුම කෘමී ලෝකය
    2000 පිබිදෙව්!
  • ඔබේ ඇස සරලව තබාගන්න
    2004 අපගේ රාජ්‍ය සේවාව
2008 පිබිදෙව්!
g 3/08 26 පි.

නිර්මාණයක්ද?

පුංචි ඇසේ අරුමය

◼ බොහෝ කෘමීන් සතු සංයුක්ත ඇස ගැන කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලූක් ලී පවසන්නේ මෙසේයි. එහි “සෑම ස්තරයක්ම ඉතාමත් නිවැරදි මෙන්ම අනුපිළිවෙළට සැකසී තිබෙනවා.”

මේ ගැන සිතා බලන්න: මීමැස්සා හා බත්කූරා වැනි කෘමීන්ට හිමි සංයුක්ත ඇසක සෑම පැත්තක්ම දැකිය හැකි කුඩා කාච සමූහයක් තිබෙනවා. මෙම කාච තනි තනි ඇස් ලෙස ක්‍රියා කරමින් දකින රූපයේ කොටසක ප්‍රතිබිම්බයක් සාදනවා. අවසානයේ මෙම කොටස් සියල්ලම එක්වීමෙන් කෘමියාට සම්පූර්ණ රූපයම දැකගත හැකියි. එම කුඩා කාච නිසා අතිශය සියුම් සෙලවීමක් පවා සැණෙකින් හඳුනාගන්න උන්ට හැකියි.

විද්‍යාඥයන් විසින් සංයුක්ත ඇසක සැකැස්ම උපයෝගී කරගනිමින් සෑම පැත්තක්ම දැකගත හැකි කැමරා හා ඉක්මනින් තොරතුරු ග්‍රහණය කරගත හැකි රැහැන් රහිත සියුම් උපකරණ නිපදවීමට බලාපොරොත්තු වෙනවා. මෙම උපකරණ බොහෝ පරීක්ෂණ සඳහා භාවිත කළ හැකි වෙනවා. නිදසුනකට උදරයේ අභ්‍යන්තරයද පරීක්ෂා කළ හැකියි. මේ සඳහා පළමුව රෝගියා විසින් මෙම සියුම් උපකරණය ගිලින්න අවශ්‍යයි. ඉන්පසු එහි ඇති සංයුක්ත ඇස මගින් උදරය පරීක්ෂා කර තොරතුරු සපයනු ලබනවා.

ජීව විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් දැනටමත් කාච 8,500කට වඩා වැඩි ගණනකින් යුත් ඇල්පෙනිති හිසක් තරම් කුඩා සංයුක්ත ඇසක් නිපදවා තිබෙනවා. කෙසේවෙතත් කෘමියෙකු සතු සංයුක්ත ඇස සමඟ සසඳන විට නම් එය කිසිත් නැති තරම්. නිදසුනකට පුංචි බත්කූරෙකුගේ ඇසක මෙවැනි කුඩා කාච 30,000ක් පමණ අන්තර්ගතයි.

කල්පනා කර බලන්න: ‘මෙවැනි කෘමීන්ගේ පුංචි ඇස් දෙකේ අරුමයන් මගින් කියා පාන්නේ එය අහම්බෙන් සිදු වූවක් බවද? නැත්නම් එය නිර්මාණයක් බවද?

[26වන පිටුවේ පින්තූරය]

මීමැස්සෙකුගේ ඇසක පැතිකඩක් අන්වීක්ෂයකින් දිස්වෙන අයුරු

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Background: © Stephen Dalton/​Photo Researchers, Inc.; close-up: © Raul Gonzalez Perez/​Photo Researchers, Inc.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න